Monday, October 17, 2011

මා මළ පසු සිහිවන්නට සොබා සුමිතුරෙක් වෙනු මැන....



අද උදේ මා විශ්වවිද්‍යාලයට යන්න පෙර, හදිසියේ බ්ලොග් එකට ආවා.
එතකොට මම කතන්දර මාමගෙ අලුත් ලිපියක් දැක එය බලන්න ගියා,
එහිදීයි මට පෙනුණේ ගැජට් එකක් හරහා "ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි".

මම හිතුවා මේක  කාගේ හරි මරණයක් ගැන වග.
පින්තූරෙන් පෙණුනා එය කතන්දර ශූරීන්ගේ පියාණන් හෝ වෙනත් කාගෙ හරි පියාණන් කෙනෙක් ගැණ කියලා.
අන්තිමට බැලුවම කතන්දර මාමගෙ අප්පච්චි ගැන.
මට සංවේගයක් ඉපදුනා අනේ මටත් මෙහෙම වෙනවා නොවේද කියලා..
මට කලිනුත් එහෙම හිතිලා තියනවා.


කකා ගේ පියානන්ට අජරාමර නිවන් සුව අත්වෙවා ..?
මට මතක හැටියට මම බ්ලොග් ගැන දැනගත්ත මුල්ම අවස්ථාවද කොහෙද ෆේස්බුක් හරහා ඉලංදාරියාගෙ මළගම ප්‍රචාරය වුන අවස්ථාව.මේත් මම වගේ ඉලංදාරියෙක්.මට මතකයි අපෙ ගෙවල් වලට ළඟම කුඩා නගරෙත් ඉලංදාරියා ගැන අවමංගල දැන්වීම් ගසා තිබුණා.මම ඉලංදාරියා ගැන දැන ගත්තෙ ඊට පස්සෙයි.ඒත් මම ඔහු ගැන දැනන් හිටියෙ නෑ.මට දුක හිතුනා ඒත් කියෙවුවට පස්සෙ. මමත් ඒ හදපු ගෲප් එකක කමෙන්ට් කරා.
ඇත්තට මට කියන්න ඕන වුනේ මේකයි,
ඉලංදාරියා හිතුවද දන්නේ නෑ කතන්දර මාමගේ පියාණන්ගේ මරණය වගේම තමන්ගේ මරණය ගැනත් කමෙන්ට් වැටෙයි කියලා.
මට හිතුනා "ගෝඩෝනියාගේ මරණයත් මේ අයුරින්ම විය හැක.
එවිට මාගේද බ්ලොගයේ කවුරුන් හෝ කමෙන්ට් කරණු ඇත" කියලා.
ජීවිතයේ කොයි මොහොතක මරණය අප කරා ඒවිදැයි අපි දන්නෙ නෑ.
අපි නිතරම සිටිය යුත්තේ මරණයට සූදානමින්.
මරුවත් එක්ක අපි ගිවිසුම් ගහල නෑනේ.

ඒ ගැන ඔබත් සිහි කරන්න.
දැන් මම කෙටියෙන් කියනවා මට අවැසි දේ.
මට දන්නා අදුරන බ්ලොග් කරුවන් ගොඩක් නෑ.
ඒත් ඉන්න අයගෙන් සහ මේක කියවන මගෙ මිතුරන්ගෙන් මම පොඩි ඉල්ලීම් ටිකක් කරනවා.
මං ඔයාලට කලින් මැරුණොත් කල යුතු දේවල්.
මම විස්තර දන්න අය ගැන සහ අනික් අයට පොදුවේ දාන්නම්.

පොදුවේ
1.සියළු දෙනාම පන්සල් බිමක දෙළුම් පැලයක් හිටවන්න.
මේ පැලය බොහෝ ශ්‍රාවක සංඝ පිරිසකට උපකාර කරාවි.
කොහේ හරි තැනක කුඩා හෝ කල්පවතින ගහක් පැල කරන්න, මාව සිහිවෙන්න.

2.පුළුවන් නම් ඔයාලා පිරිසිදු ආකාරයට සෞඛ‍යාරක්ෂිත දානයක් දෙන්න එක ස්වාමීන් වහන්සේ නමකට.
හිතන්න මේ දානය "සැරියුත් මුගලන් ආදී වූ මහ රහතුන්ගෙන් පැවත එන ශ්‍රාවක සඟරුවනට පූජා කරමි පූජා වේවා" කියලා.
උදා: ගිම්හානි අක්කට පුළුවන් ජමනාරං යුෂ ටිකක් ස්වාමීන් වහන්සේ නමකට පුජා කරන්න.
මේකට ලොකු කුඩා භේදයක්වත්, ස්වාමීන්වහන්සේලා ගනන වත් බලපාන්නෙ නෑ.

3.කෙදිනක හෝ ගසක් සිටවන විට සිතන්න මෙහෙම,
"මේ ගස් සිටුවීම කියන්නෙ දිවා රෑ පින් රැස් වෙන පින්කමක්" කියලා.
ගසකින් සිදු වන යහපත සිහිපත් කරන්න.

4.එවිට තවත් කවුරුන් හෝ ගස් සිටුවාවි.තම තමන්ගේ බ්ලොග් වලත් මේ ගස් සිටුවීම ගැන පෝස්ට් එක දාන්න.දිගටම සොබාසුමිතුරන් වෙන්න.

5.වෙද මහත්තයාට සහ වෛද්‍යයතුමන්ට පුළුවන් රෝගීන් කිහිප 
දෙනෙකුට සහ ශ්‍රාවක සඟරුවනට බෙහෙත් ටිකක් පූජා කරන්න.

6.ඔබේ දරුවන් සහ මිතුරන් සොබා සුමිතුරන් කරන්න යත්න දරන්න.

මේ ආදී පින්කම් කර මට පින් අනුමෝදන් කරන්න.
"ගෝඩෝනියාට මේ පින් අනුමෝදන් වේවා" කියලා.
මාතලන් මාමා, කකා මාමා, බුවා අයියා,
නන්දු නංගී,. සයුරි අක්කා, ගිම්හානි අක්කා,ලොකු ජෝන් අයියා, කෙසී, මල්සරා, කැහිබෙල්ලා, විසිතුරු,බටහිර හා අයුර්වේද වෙදමහතුන් දෙන්නා,ගීත් අයියා, ඔබ නොදුටු ලොවක්, ගඩොල් අයියා,කුමාරිහාමි අක්කා,නදී අක්කා,ඔබ්සර්වර් මහත්තයා, වර්ෂා, චාමි, සිංහයා අයියා,සුදු මැණිකේ අක්කා,මහේෂ් සර්, 
මෙකී නොකී හැමෝමත් මගේ බ්ලොගය කියවන හැමෝමත් මේක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි.

තව මගෙ මිනියට වටිනා දැව පෙට්ටි එපා. දවසකින් වැඩ ඉවර කරන්න.
ගුණ කථන හෝ කිසිම කථනයක් එපා.
දැන්වීම්, ඉටිරෙදි කොඩි එපා.
තව ඉල්ලිමක් මම "සොහොන් බිම" කියන කවි පන්තිය හොයනවා.
තියන කෙනෙක් වේ නම් දෙන්න.
මෙය කුඩලිගමයන්ගේ සුන්දර පරිවර්තනයක් "Graveyard" කියන ඉංග්‍රීසි කවි පෙලේ.
සිංහල පෙල පොතක තිබුණා හොයා ගන්න නෑ දැන්.

13 comments:

  1. ඔව් ,අපි හැමෝටම මේ බෝඩිමෙන් කොය් වෙලේ යන්ට වෙය්යද දන්නේ නැහැ.එක හොදට මතක තියගෙනය් අපි ජිවත් වෙන්ට ඕන. අද මෙහෙ අවු :4 ක ළමයෙක් ගේ භුමිදා නේ තිබ්බා.

    ReplyDelete
  2. අද අද එයි මරු පිංකර ගන්නේ
    කෙලෙසද සෙට මරු නේතියි සිතන්නේ
    ලෝකෙ තියන ලොකුම ඇත්ත.

    ReplyDelete
  3. මා මල දාට මගෙ නිවසට පැමිනෙන්න
    සුදුමල් එපා නිකමට ඇවිදින් යන්න..
    යම් ගුණයක් ඇතොත් මගෙ සිහිපත් වන්න..
    ඔසු පැලයක් ඔබෙ උයනෙහි සිටුවා ගන්න...

    ඉහත කවිය කලකෙට පෙර මගේ මුණු පොතේ තිබුන එකක් . ටිකක් වෙනස් කරල ඔන්න දැම්ම ..මගේ මරණය ගැන මම බොහො කවි ලීවා පසුගිය ටිකේ...නමුත් අනුන්ගේ මරණය මට දුකක්..
    ඔබ සැමට කලින් මම මැරෙන එක මට සැපක්..

    ReplyDelete
  4. හොද අදහස් ටිකක්...අනිවාරෙන්ම ඔබ සමග එකගයි......

    ReplyDelete
  5. හරි එක දෙලුම් ගහකට ගස් සීයක් හිටවන්නම්. මම ආසම කරන සූරියකාන්ත පැලයකුත් (කවදා හරි මගේ සොහොනේ සිටුවන්ටැයි මා ඉල්ලා ඇති ) සොහොනේ හිටවන්නම්. එක හාමුදුරු කෙනෙකුට දවස් පතා මාසයක්ම දානෙත් දෙන්නම්. ඒත් අනේ දැන්මම නම් මැරෙන්ට එපා.

    ReplyDelete
  6. හරි හරි දෙළුන් හිටවන්නං, ඉල්ලපු ඒවා ඔක්කොම කරන්නං, මං එච්චර කල් හිටියොත්, මාත් ඉන්නෙ වල පයය්-ගොඩ පයය් තියාගෙන.

    මැරෙන්න ඉස්සෙල්ල පොඩි උදව්වක් කොරනවද? මං මේ බ්ලොගේ කියවන්න පටන් ගත්තෙ නං ලඟදි, ඕකෙ තියෙන වතුර බිංදු හිංද නාකින්ට කියවන්න ටිකක් අමාරුය්, බැරිද වයිපර් එක ටිකකට "ඔන්" කරන්න.

    ReplyDelete
  7. අනේ මගේ නාකි නිරීක්ෂක මාමෙ,
    මක්ක කොරන්ටද?
    තරුණ ඈයොඅ මේකට මනාපයි නොවැ,
    වයිපරේ ඔන් කොරන්ට කලින් වෙන එකක් හොයාගන්න වෙනවා,
    සළකා බලන්නම්,
    මෙහෙම කියන්නෙ ලොකු කමට නෙවේ,
    වෙන එකක් දාල එක පාරට කෙල වුන නිසා,,,
    ස්තූතියි...

    ReplyDelete
  8. හප්පා..මට මේක මිස් වෙලානේ. ඔන්න මමත් අනිවාර්යෙන් ඔය වැඩේ කරනවා...දෙළුම් හොඳ ඖෂධයක්ලු නේද? අපේ ගෙදරත් තියනවා ගහක් (ලංකාවේ). දවසක් මරණාසන්න කෙනෙක්ට දෙළුම් ඕන වෙලා කෙනෙක් දෙළුම් හොයා ගෙන අපේ ගෙදර ආවා. අනේ එයා ගොඩක් දුර ඇවිදලා දෙළුම් හොයන්න.

    ReplyDelete
  9. ඔව් දෙළුම් හොඳ ඖෂධයක් තමා.
    මැරෙන්ට යනකොට ඕවා පෙවුව්වම සහනයක් දැනෙනවළු,
    වතුර උගුරෙන් පහලට නොගියත් මේවගෙ යුෂ යනවලු.
    දැන් හැම තැනම තියන්නෙ රට ඒවා.
    ස්තූතියි අක්කා.

    ReplyDelete
  10. දෙළුම් පැළ නම් හිටවන්න බැරියැ,
    අද අද එයි මරු කියලා හිතන් ඉන්න එක හොඳයි,එතකොට අපි අතින් වැරදි වැඩ කෙරවෙන්නේ නෑ.

    ReplyDelete
  11. ඔව් කැහිබෙල්ලො,
    ඒක ඇත්ත,
    ඔයාට ස්තූතියි,

    ReplyDelete
  12. අපි කාටත් අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙන සහ කොයි මොහොතේදැයි කිව නොහැකි දෙයක්නේ මරණය. මල්ලි කරපු යෝජනා නම් ඉතාම වටිනවා.

    දෙලුම් කිව්වම මතක් වුනේ. අද අපේ ගෙදර දෙලුම්ගහේ තිබුන දෙලුම් ගෙඩි ඔක්කොම ටික, කුරුල්ලන්ට කන්න තියපු ඒවත් ඇතුලුව ලඟපාත ගෙදරක පොඩි ලමයෙක් කඩාගෙන ගිහිල්ල :D අනේ අපතෙ යවන්නෙ නැතුව ප්‍රයෝජනයකට ගන්නවනම් හොඳයි.

    ReplyDelete
  13. කණිෂ්ක අයියා:
    ස්තූතියි,
    මට මේ ළඟදි ඔයාව මතක් වුනා,
    ඒත් දැන් මම ෆේස්බුක් නෑනෙ...
    ඒ නිසා කන්ටැක්ට් කරගන්න විදිහක් නෑ.

    ReplyDelete