මට කාලෙකට පුදුමාකාර ආතල් හෙවත් ඔටෝචූන් ඇති වේ.
මේ සංසිද්ධියට බලපාන්නේ සොබාවයි.
කාලෙකට පෑවිල්ලද, කාලෙකට වැස්සද මට මේ තත්වය ඇති කරයි.
එයට නිසි අර්‍ථ දැක්වීමක් හෝ පැනවීමක් නැත.
මට හිතෙන හැටියට පරිසරය යම් ආකාරයෙන් ප්‍රමෝධමත් වේද මමද එය සමඟම නැලවෙන්නේ වෙමි.
මට හිතෙන හැටියට එය නිසි ක්‍රමයකි,
හැමවිටම පරිසරයේ වෙනස්කම් ගැන සිත සිතා එයට බැනවැදීම නිවැරදි නැත.
අපේ රටේ ඉහිලිය හැකි උණුසුමක් හෝ සීතලක් ලේසියෙන් ඇති වෙන්නේ නැත (බොහෝ පලාත් වල).
කාලයකට වැසි වසී,
එහෙත් ඒවා හැකි තරම් සතුටි විඳීමට උත්සාහ කළ යුතුය.
ඒත් මේ කියන මටද පරිසරය අන්තගාමී යැයි සිතී,
"අප්පෝ එපා වෙනවා මේ වැස්ස"
"අප්පෝ අවුවෙ සැර"
සිතෙන වෙලාවල් නැතිවා නොවේ.
කෙසේ වුවද, මට පරිසරය රසවිඳීමේ හැකියාවක් ඇතැයි මම සිතමි.
කුඩා කාලයේ වුව මහ වැස්සක් ඇද හැලීම මට මහත් ආහ්ලාදජනක දෙයකි.
මම කරන්නේ කොට කලිසමක් විතරක් ඇඳගෙන වැස්සේ නෑමය.
මට මතක හැටියට එය නම් මම මේ අවුරුද්දේ පවා කළෙමි.
තවත් වෙලාවකට හොඳටම කරවෙන අවුව මහා ලස්සනට මට පෙනෙයි.
අවුවෙන් පීඩාවට පත් වූ කෙහෙල් පත් වියළි සුළඟට සෙමෙන් පැද්දෙන විට,
මම ඒ අහස යට නීල වර්ණ පදාසය මත පාවෙන පුළුන් වන් මේකුළු දෙස මන්මත්ව බලා සිටිමින් අවුවට දැවෙන කුඩා මිනිසෙක් වෙමි.
වාතය උණුසුම්ය, කිසිම හැලහොල්මනක් නැතිව ඇති වටපිටාවා නිසල හෙයින්,
ක්‍රීං ගාමින් පියඹන කුඩා කෘමියෙකුගේ හඬ හොඳින්ම ඇසේ.
ඒ වෙලාවට මට කවි ලීමට සිත් වේ.
තද පෑවිල්ලක කෙලවර වැටෙන මහ වැස්සද,
පෑවිල්ල අතරතුර රෑක පොළව රවටන්නට මහ රෑ වැටෙන පොදයද පරිසරය පුබුදුවන්නේ ආකාර දෙකකටය.
මට ඒ දෙකම බෙහෙවින් ප්‍රිය වේ.
පිණි බිංදු වැටී සිහිල් වූ තණපත් මත කුඩා මකුළු හුය පැටලී ඇත.
තුනී මීදුම බෙහෙවින් සුන්දරය.
මට මේ දවස් වල ඇත්තේ මහ පෑවිල්ලකට පසු ආ මහ වරුසාව මැවූ සොම්නසයි.
වැස්සට හරියන්ටම පෑවිල්ලද ඇති විට තත්වය තවත් බරපතලය.
එවිට ආකාසය තවත් නිල් පැහැය මායාවී කරන්නේය.
එවිට වෙන්නේ මේ අසරණයාගේ පිස්සුව තවත් තද වීමය.
මේ දිනවල මම එයින් උග්‍රව පෙළෙමින් සිටියද, අවාසනාවකට මගේ ආසාව ඉටුකරගත නොහැක.
මේ දවස් වල හන්තාන පුදුම සුන්දරය.
කන්ද මතින් වලාකුළු පාව්යි.
ගල්තලා මත ඇති තෙතමනයට ඒවා දිලිසෙයි.
කොච්චර සුන්දරද?
මට හිතෙන්නේ අපි මේ දේවල් විඳිය යුතු බවයි.
අවුවේ මුදු දාහයේද, වැස්සේද සුළඟේද ඇති සිහිලේද ඇත්තේ සෙනෙහසයි.
එය Fan එකකට හෝ A/C එකකට යට කර ගෙවන ජීවිතයේ මොහොතක සොබාවද විඳ ඉසිඹුලන්න.
ඔබට සොබාසුමිතුරෙක් වෙන්න ලැබේවා.
මේ තියන්නේ සොබාව මා පිස්සු වැට්ටූ දවසක අහස බලා සිටි මා ගත් ඡායාරූප වලින් ටිකකි.









ඔබේ පිස්සුව තව තවත් උග්‍ර වේවා යි පතමි...මම ද මේ දින වල විභාග බිය ද පසෙක ලා ටියුලිප් සිටුවීමෙහි නිරත වී සිටිමි :))
ReplyDeleteමාවත් පිස්සු වැටුන පිංතූර ටික දැකලා.. උඩම පිංතූරෙත් හරි අපූරුයි...
ReplyDeleteI can remember this poem....(Science So:) DD
ReplyDeleteමේක කියෙව්වාමත් පිස්සු හැදෙනවා නේන්නම්. අර උඩ තියන අත කාගෙද? පිස්සු වැටිලා නටන කෙනාගෙද?
ReplyDeleteමම හරි ආසයි වැස්සේ තෙමි, තෙමී, මහා හය්යෙන් සිංදු කියන්ට. එතකොට වැස්සේ සද්දෙට කාටවත් ඇහෙන්නේ නෑනේ. (රහසින් ) ඒ වගේම වැස්සේ නටන්ටත් කැමතී. කාටවත් කියන්ට එපා...:D:D:D
ලස්සන පිංතූර ටික,සොබාදහමේ සුන්දරත්වය දකිද්දි ඉන්නේ කොහේද කියලත් අමතක වෙනවා,ඒත් ඒ සුන්දරත්වය සතුටින් විදින්න පුළුවන් හිතක් තිබීම ගැන පුදුමාකාර සතුටක් තියෙන්නේ!!!!!!
ReplyDeleteෂා...ලස්සනයි .
ReplyDeletePissu double wewaa....!!!!!
ReplyDeleteපිංතූර ටික එළ කිරි වගේ .......හදට යන්න හිතෙනව ......
ReplyDeleteඅනෙ මල්ලො මට වැරදුනා . මට කියන්න ඕන උනේ අර කෙසෙල් අතු තියන පින්තූරෙ ගැන
ReplyDeleteහිහී කමක් නෑ :)
ReplyDeleteදෙකම ලස්සනයි කියල අපි හිතමු :)
පින්තුර ටික නම් සුපිරි...සොබා දහම් මව කරන හැම දේම ලස්‌සනයි.මාත් නම් පොඩිකලෙ ඉදන් වැස්‌සෙ නානව....එ ආසාවට වගෙම කලෙකින් හොඳ වතුර ටිකක් නාගන්ට පුලුවන් නිසා.....
ReplyDelete