Friday, October 28, 2011

රාස්සිගෙ අව්ව - දුකෙන් කළකිරීමෙන් ලියමි...

අනේ ඉතිං දෙයියනේ කියලා වැහි කාලෙ පටං ගත්තා.
හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.
ඒ වගේම මේ කාලෙට ඉර එළිය වැටෙන ආනතිය තිරසට බර වෙනවනෙ, ඒ නිසා හවසට අමුතු ලස්සනක් තියනවා.
මම ටික දවසකට කලින් රාස්සිගෙ අව්ව ගැන ලියන්න හිටියා.
අදවත් ලියන්න හිතං ඔන්න පටන් ගත්තා.
බලමුකො,
රාස්සිගෙ අවුවත් මම ගොඩක් ආස කරන දෙයක්,
ඒක හරිම ලස්සනයි,
පරිසරේ හැමදේම කහපාට වෙලා පේනවා.
කහ කීවට මේක නිකන් රත්තරන් පාට වගේ එකක්.
හවස 6ට විතර තමා රාස්සිගෙ අවුව පායන්නෙ,
මේකත් වර්තනය නිසා වෙන එකක් මං හිතන්නෙ.
මේක පායනකොට ඉතිං නිකන් හොල්මන් ගතියකුත් තියනවා, ගුප්තයි.
ඔය රාස්සිගෙ අව්ව ගැන මොකද්දෝ කතන්දරයක් තියනව මට මතක නෑ ඒක.
දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න.
ගෙදර මිදුලට පේන හැටි

ගෙදර මිදුලට පේන හැටි


 මේවා හරියටම රාස්සිගෙ අවුවෙ නෙවේ, ඒකෙ ගත්තු ෆොටෝ ටික අයියා අතින් නැති වෙලා.
අයියගෙන් මගෙ ෆොටෝ වලට හරි අපලයි.
හිතල නෙවේ ඒත් වැරදිල මොකක් හරි වෙනවා.
තව එක ළමයෙක් ලියපු කොට කවි කෑලි දෙකකුත් දානවා.කොහොම වුනත් මේ කෙටි ලිපිය අද එනකොට දැකපු දේවල් ටිකකින් අවසන් කරන්නම්,
1.අද උදේම යනකොට මම දැක්කා පිඟාඔයේ අත්තක්.
ප්ලාස්ටික් පොලිතින් ඉවුරේ තිබුණ උණ ගස් වල රැඳිලා.
පාරෙ යන මිනිස්සු පාර අයිනෙ තියන මේ දියපාරට කුණු දාලා.
එතන ඉස්කෝලයක් තියනව කියලවත් හිතන් නැතුව.
මේක වැටෙන්නෙ මහවැලියට.

2.අද මං එනකොට දැක්කා පාරෙ වතුර යන බෝක්කුවකින් එහා පැත්ත.
තනිකරම කුණු ගොඩවල් පිරිල.
කුණු කියනෙත් ඉතිං දිරණ ඒවා නෙවේ.
මේක තියන්නෙ ප්‍රසිද්ධ මහයියාවෙ කුණු ඇල පහුකරලා නිත්තවෙලට එනකොට.
එතනම තවත් ශෝකජනක දෙයක් වෙනවා මේ දවස් වල.
එතන තියන මාර ගහත් කපනවා.
මං යාළුවෙක්ගෙ කැමරා එකකින් ෆොටෝ ගත්ත ඒව තව හම්බුන් නෑ,
එපා වෙනව දැන් නම්.
දැන් නම් කැමරාවක් නැති අඩුව තදින්ම දැනෙනවා.
මහයියාවෙ කුණු ඇල ඉතින් ගන්ට දෙයක් නෑ,
කුණු පිරිලා.
අන්තිමට මේ ඇලවල් දෙකම වැටෙන්නෙත් මහවැලියට.

3.කලින් දවසක දැක්කා රජවත්තෙ ඇලක කුණුගොඩවල්.
මේකත් වැටෙන්නෙ මහවැලියට.

4.උදේ ගොහාගොඩ පාරෙන් කැම්පස් එනකොට පේනවා හොරට හදන්ට ගිය බලාගාරෙ කෑලි.
ඒක තවම අයින් කරල නෑ.
එතන වුන දේවල් ගැන දැනගන්න මේ ලින්ක් වලට යන්න.
ලින්ක්1, ලින්ක්2, ලින්ක්3
ලංකාවෙ දුර්ලභ ආවේණික මත්ස්‍යයෙක්ට වුන දේ හරිම ශෝකජනකයි.
පේනවනෙ ඒවට කට ඇරියම වෙනදේ.
ඒ හරියෙත් මහවැලිය දූෂණය කරල කුණු වලින්.
මේ ගෝනි බැම්ම අයින් කරන් නැති එකෙන් පේන්නෙ ඒකත් කවදා හරි ආය හැදෙනවා කියන එකනෙ.
ඔක්කොම බාගයක් වුනාට පස්සෙ නවත්තනවා, වැඩක් නෑ,
පරිසරවේදියෝ යන්තං කෑගහල ඒක නවත්ත ගත්තා,
ඒත් ලස්සනට කරයි ආයම.
එතනම තියන්වා උපසම්පදා සීමාමාලකය.
ඒකෙ කණුවකත් දෙස්පළුවෙක් නම ගහල ඡන්ද හිඟන්න.


අනේ ඇත්තට මට පුදුම දුකයි මේ රට ගැන,
අපෙ මිනිස්සු කොච්චර මෝඩද?
කොච්චර නොදැනුවත්ද?
මෙහෙම ගියොත් ලංකාව ආසියාවෙ ආශ්චර්යය නෙවේ ආසියාවේ ආශ්චර්යමත් කුණුගොඩ වෙන එක කාටවත් නවත්තන්ට බෑ.
කවදා නම් මිනිස්සු මේවා තේරුම්ගනීද?
අනේ ඇත්තට මට සල්ලි හරි ටීවි චැනල් එකක් හරි තියනව නම් අපෙ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න මේවා දානව නිතරම.
අපෙ මිනිස්සු කොච්චර කැත වැඩද කරන්නෙ?
පූසො ජරා කරල වහනවා වගේ කුණුත් ඇලකට ගඟකට හරි දාලා පේන්නෙ නැත්තං හරිනෙ කියල යනවා.
කොච්චර ඉඩ තිබුනත් බිත්තර කටු, පොල්කුඩු මේවත් මල්ලකට දාල ගැටගහල පාරට දානවා.
ඒකයි මේ කුණු ලොරි යනකොට ගඳ..
පොලිතින් විතරක් නම් ගඳ ගහන් නෑනේ.
මිනිස්සු පුදුම මෝඩයි ආත්මාර්ථකාමියි.
ඒ වගේම ලංකාවේ නිසි කසල ප්‍රතිචක්‍රිකරණයක් හෝ, පාවිච්චිය අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් නෑ.
හැමදාම කාටහරි ඡන්දෙ දෙනව මිසක් මේව ගැන ප්‍රශ්න කරන්නෙ, අපිට මේවට විසදුමක් ඕන කියන්නෙ කවුද?
ඇත්තටම මට හිතෙනවා මේ දේවල් වලට මට මොකුත් කරන්න බැරිද? මට බැරිද මේ දේවල් වලට මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ බ්ලොග් එකට අමතරව මිනිස්සු අතරට මීට වඩා ගිහින්? කියලා.
ඒත් ඉතිං අපෙ රටේ මිනිස්සුන්ට දැන් එහෙම හැකියාවක් නෑනෙ.
කරොත් ඉතිං ඉවරයි.
සාමදානයේ සැතපෙන්න වෙයි, එක්කො කරදර ගොඩක් එයි.
අනේ අපේ රටේ මිනිසුන්ගේ ඇස් ටිකෙන් ටිකවත් ඇරේවා!
තමන් ගැනම, තමන්ට ලැබෙන පෙණෙන දේ ගැනම නොව පරිසරයට වෙන දේ ගැනත් සිතන්නට නුවණ ඇති වේවා!
ඒත් ඉතිං මේවා තේරෙණකොට වෙන්ට ඕන හරිය වෙලා ජරාජීර්ණ රටක් ඉතුරු වෙලා තියෙයිද මංදා.
පැලයක් හිටවන්ට වලක් හෑරුවත් පොලිතින් ගොඩවල් මතු වෙන,
තැන තැන දාන පොලිතින් ප්ලාස්ටික් නිසා ඩෙංගු වගේ ලෙඩ බෝ වෙන,
වතුර ඔක්කොම විෂ ද්‍රව්‍ය වලින් දූෂණය වුන
ගස් කපල දාල හුස්ම ගන්ට අමාරු වෙන කාලයක් ආවම ප්‍රමාද වැඩි වෙයි.
එතකොට අඩිපාරක් හැදුවත් රටේ සල්ලි වලින්ම ලොකූ ෆ්ලෙක්ස් එකක් ගහන දේශපාලකයන්ටයි,
ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි තේරෙයි අපි පරක්කු වැඩියි කියලා.
පුළුවන් නම් ඔක්කොමලා මේක හැමතැනම බෙදාහරින්න,
මම කොයිම දේශපාලන පක්ෂෙකටවත් කැමති නෑ,
ඒ නිසා කාටවත් කඩේ යන් නෑ.
කවුරුත් පරිසරේට කරල තියන දේ මදි.
ඒ නිසා මේක අපක්ෂපාතියි.
රජවත්ත ළඟම ගැටඹේ

රජවත්ත
දුකෙන් කළකිරීමෙන් ලියපු
එකක් මේක ලියන්න කලින් දාපු එක මේ යටින්ම තියන්නෙ.

(ඇත්තටම මට මොකුත් ලියන්න විශේෂ දෙයක් මතක් වෙන් නෑ,
නිකං කතන්දර ලියල වැඩක් නෑනෙ.
ඒත් ජනතාවට පරිසරේ ගැන මතක් කරන එක මගෙ යුතුකමක්නෙ.
ඒ නිසා මම ලියන්න ගත්තා.
හොඳද මංදා ; අද හවස 6.00ට විතර)




ඔන්න කතාව සහෘදයෙක් දාල තිබුණා...
මං අහපු කතාව ටිකක් වෙනස් ඒත් හරියට මතක නෑ, දැනගත්තම දාන්නම්...

තීර්ථ යාත්‍රිකයා said...
රාස්සිගේ අව්ව ගැන තියන ප්‍රචලිතම කතන්දරේ ඒකට නම හැදුන හැටියි.
ඒ අව්ව වැටෙන්නේ ඇඳිරි වැටෙන්න මොහොතකට කලිනුයි.එතකොට අව්වෙන් වට පිටාවම දීප්තිමත් වෙනවා.ඉතිං ගොපල්ලො දඩයක්කාරයෝ එහෙම “ආ තව රෑ වෙන්න වෙලා තියනවා “කියලා හිතලා ඒ අව්වට රැවටිලා කැලේ තව දුර යනවා.ක්ෂනයකින් කලුවර වැටුනහම ඔවුන් අතරමං වෙනවා.ඒ විදිහට මිනිස්සු රවට්ටන අව්ව වැටෙන්නේ අමනුෂ්‍ය බලවේගයකින් කියලා හිතපු මිනිස්සු ඒකට රාස්සිගේ අව්ව කියලා නම තිබ්බා..

10 comments:

  1. රාස්‌සිගෙ අව්ව නම් බලන්ට ලස්‌සනයි.එහෙම් දවස්‌ ගොඩක්‌ දැකල තිබ්බත් තාම් පොටෝ ගන්ට බැරි උනා.එවෙලෙට වැඩ නිසා...
    කුණු ගැන නම් කතා කරලා වැඩක්‌ නැහැ...ගෙවල් වල කුණු ඔක්‌කොම මහා පාරෙ නැත්නම් ඇළක්‌ දොලක්‌ ලඟ... හැමදාම කියනවා වගෙ මෙවා පෙන්නල දෙන එකට මල්ලිට ගොඩක්‌ පින්......

    ReplyDelete
  2. වතුර බින්දු නැතුව කියවන්න ක්‍රමයක් හොයා ගත්තා.
    රාස්සිගෙ අව්ව පින්තුර හොඳය.
    කුණු ඇළවල් වල පින්තුර දැකල හිතට ආවෙ කළකිරීමක්.

    ReplyDelete
  3. මිනිසා අරුම පුදුම සතෙකි. තමා උපන් බිම වනසති. දැන දැනම වහ කති. දැන දැන හොරුන්ට ඡන්දය දෙති. දැන දැන වලේ වැටෙති. ඒවගේම තමයි. තමන්ගේ මව් පිය හා සමාන පරිසරය වනසති. ඒකෙන්ම ජීවත් වෙති. ඒ විනාශ වුනුදාට තමනුත් නැහෙති. මේවා කරන්නේ දැන දැනම නිසා මට නම් මිනිස් වග ගැන ඇත්තේ පුදුම කලකිරීමකි.
    මෙහෙමත් මිනිස්සු!

    ReplyDelete
  4. රාස්සිගේ අව්වනම් ලස්සනයි තමයි . ඒත් ගොඩාක් කාලේකින් දැකල නෑ..පරිසරයට ආදරය කරන අයට මේ ගහට කොලට කරන විනාශ දකින කොට .. පරිසරයට හානි කරනව දකින විට පුදුම කල කිරීමක් තමා ඇති වන්නේ ..හැමෝම එහෙම හිතන්නේ නැති එකනේ වැඩේ ...
    කවද හරි අපි හැමෝටම මේවයේ පල විපාක විඳින්න වෙනවනේ..

    ReplyDelete
  5. අද නම් සෑහෙන්න කලකිරිමෙන් ලියලා තියෙන බව පෙනෙනවා.ඇත්ත,මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ,තමන් මොනවද කරන්නේ කියලා,ඒකයි වැරැද්ද.ඔයා දිගටම ලියන්න ,කවුරු හරි හැදෙයිනේ.මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක්!!!!!!!!!! දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  6. ලිපිය කියවනකොට කළකිරීමක් ඇතිවෙනවා නේන්නම්. ඔය විදියට හරි මිනිසුන්ව දැනුවත් කරන එකම කොච්චර ලොකු දෙයක්ද?

    ඒත් අර රාස්සිගේ අව්ව නම් ලස්සනයි. ඒකේ රත්තරන් පාටයි, ගුප්ත බවයි කීවාම අර තියනවා කීව කතාව දැනගන්ට ආසා හිතෙනවා.

    ReplyDelete
  7. @Observer,

    //වතුර බින්දු නැතුව කියවන්න ක්‍රමයක් හොයා ගත්තා.//

    පොඩ්ඩක් කොහොමද කියලා කියල දෙන්ට බැරිද?...:)

    ReplyDelete
  8. රාස්සිගේ අව්ව නම් හැමදාම මට බලන්න පුළුවනිඅලගල්ල කන්ද හැම දාම තඹ පාටින් නැහැවෙනවා දකිනවා.කුණු කසල සම්බන්දව බටහිර රටකින් වත් ආදර්ශයක් ගන්න බලදාරීන් උත්සහ නොගන්න එකයි ගැටලුව. අධිරාජ්‍ය වාදීන් කියා හැදින් වීම හැර ඔවුන්ගෙන් ගත හැකි හොඳ දේවල් සොයා බැලීමක් කරන්නේ නැහැනේ. අනිත් අතට මේ රජයට ගස් වැල් වල් අලි පේන්න බැරි ගතියකුත් තියෙනව.

    ReplyDelete
  9. රාස්සිගේ අව්වවැටී දඹ රන් වූ ඔබ කෙහෙ‍රැලි සුලං සමග පොරබැදුවා .........
    මතක් උනා ලස්සන සිංදුවක්...

    ඒත් පරිසරයට වෙන හානිය දැක්කම මතක් වෙන්නේ දීපාල් සිල්වා ව...

    මේ රටේ මිනිස්සූ ............///

    ReplyDelete