Saturday, October 8, 2011

විසඝෝර සර්පයා දැක නෑරු මෝඩයා!



අද මම පාර අතුගානකොට (අපෙ ගෙදර තියන්නෙ පාරෙන් පහල, ඒ නිසා ගෙදරට පාරෙ ඉඳලා කොන්ක්‍රීට් පාරක් දාල තියනවා )
මෙන්න බොලේ උඩ කරපිංචා ගහේ මොකෙද්දෝ ඇදෙනවා..
"ඊයා බුදු අම්මෝ මෙන්න සර්පයෙක්, මාව බේරගනියෝ" 
කියලා ඉදල විසික් කරලා දුවන්ට
තිබුනා මම වෙන කෙනෙක් නම්.
මට නම් ව්‍යවහාරික වදනින් කියනව නම්,
"පට්ටම ආතල් එකක් ගියා"


මොකද කියනව නම් අපේ වත්තෙ ඇහැටුල්ලෙක්වත් නෑ.
හිටියෙ ගැරඬි විතරයි, එවුනුත් දැන් පේන්ට නෑ.
මීට ඉස්සර දවසක අපෙ වත්තෙ වැටේ මාපිලෙක් ඉඳලා මට දැනුනෙත් මේ වගේම අද්භූත සතුටක්.


සර්පයෝ කියන්නෙ ලෝකෙ මිනිස්සු ගොඩක් පිළිකුල් කරන සත්තු ජාතියක්.
ඒ වගේම උන් ගැන ගොඩක් මිත්‍යා මත තියනවා.
ඒ වගේම ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතුරින් මිනිස්සු අඳුරන අය වැඩි හරියකුත් සර්පයෝ.
ඒත් මිනිස්සු දන්නෙ නෑ සර්පයෝ හැම එකාම විසකුරු නෑ කියලා.
ඒ නිසා ගොඩක් සර්පයොන්ට වෙන්නෙ පොලු පාරක් කාල මැරිලා යන්න,
එහෙම නැත්තන් ලාම්පු තෙල් පාරක් කන්න.
අපිට එක පාරක් හම්බුන නයෙක් මේ සතාගෙ ඇඟට ලාම්පු තෙල් දාල ගිනි තියලා,
තව එකෙක් හම්බුනා උට ගහල ගහල එක ඇහැක් අන්ධ වෙල තිබුනා.
අපි උන් දෙන්නටම සාත්තු කරා.
ඇහැ මැරුන සතා ගොඩ කලක් හිටිය ඌ හරිම වයසයි.
කොහොම හරි මූ හැව අරිනකොට අර මැරුණු ඇහැ ගැලවුන මට මතක විදියට.


මේ නොදැනුවත්කම නිසා මට මතකයි මම පොඩි කාලෙ ලෝකේ ඉන්න අහිංසකම ජාතියේ සර්පයෙක් මැරුවා තලලා,
පත්තරේ තිබුණා  මෙහෙම දෙපත්නයා කියන සර්පයා උග්‍ර විසයි (සමහර විට දෙපත් කළුවා වෙන්ටත් පුළුවන්, ඌ නම් ඇත්තටම මේකට ගැලපෙනවා) ඒකා උග්‍ර විසයි.
ඉන්නෙ පස් යට කියලා.
මටත් ඒ ළඟදිම දවසක පස් අස්සෙ ඉඳලා සතෙක් හම්බුනා,
මං හිතුවා වැඩේ හරි තමා මූත් උග්‍ර විස ඇති කියලා මැරුවා.
ඒත් මම පස්සෙ දැන ගත්තෙ මූ හරිම අහිංසකයෙක් කියලා.
දැනුත් කම්පාවක් ඒක මතක් කරන්න.


අපි මෙතන කීවෙත් ඒකයි.
නිකරුනේ සත්තු මරන්න එපා කියලා.
(නැත්තං ඉතින් කියයි ඔයාලා මේ මනුස්සය නම් කියයි පොළඟෙක් හපාකන්ට පනිනකොට හුරතල් කරන්නයෑ කියලා)
මේකෙ ලීවේ එහෙම දේවල් වෙන එකෙන් වලකන්න.


කොහොම වුනත් හැමෝම දැනගන්න ඕන සර්පයොත් මේ ලෝකෙ පාරිසරික සමතුලිතතාවට වැදගත් කියලා.
මම ඒක දන්න නිසා තමා මගේ වත්තෙත් අහිංසක සර්පයො ඉන්නවට ආස.
උනුත් ලස්සන සත්තුනෙ.
(දැන් කියයි, මාත් නපුරු එවුන් හිටියොත් මරයි කියලා, නෑ මම මරන්නෙ නෑ)
ඒත් ළමයින්ට නම් කියන්න කිසිම සර්පයෙක් අල්ලන්න යන්න එපා කියලා.
ඒත් උංව මරන්න එපා කියන්න.
එලවලා දාන්න කියන්න.

කොහොම වුනත් මම හිතුවා මේ දේවල් වඩාත් හොඳට තියන බ්ලොගයක් කරන්න.
ඒත් මට සර්පයෝ ගැන තියන්නෙ මූලික දැනුමක් විතරයි,
ඒ නිසා මගේ යාළුවා තමා මේකට උදවු කරන්නෙ.
මෙතනින් ගිහින් බලන්න විසඝොර සර්පයා දැක නෑරු මෝඩයා! ට.

ආය මුලට එන්නම් මම මම අර කීව මුලදි දැකපු සර්පයා තුරු හාල්දණ්ඩෙක් (Common Bronze Back, Dendralephis tristis),
නිර්විෂ සර්පයෙක්.
වැටේ දැක්කා කියපු මාපිලත් (Boiga ceylonensis) සුළු විෂයි.
මේ දේවල් වලදි නම් දේශීය වෙදකමත් එක්ක මේක ගැටෙනවා,
අපි ඒවා ගැන වෙදනා මහත්තයගෙන් අහල බලමු.
මට උදේ හම්බුන සර්පයෙක් වෙන කෙනෙක්ට හම්බ වෙලා සිද්ද වෙලා තියන දේ
මම පොඩි කාලෙ මැරුව කීව වගේ පස් යට ඉන්න අහිංසකයෙක්
මේ දෙවනි පින්තූරේ ඉන්නෙ හොඳටම අහිංසකයෙක්, දෙපත් නයා කියන සර්පය
(Sri Lankan Cylinder Snake, Cylindrophis maculatus) තමා මේ,  ඇත්තටම මේ සතා නම් මිනිස්සුන්ට වඩා ගොඩාක්ම අහිංසකයෙක්.
මේ සතුන්ව මරන්නෙ නොදැනුවත්කමටමයි.


මට මේ දේවල් ලියාගෙන යනකොට හිතුනා,
"ඇත්තට මං දැන් පොඩි ළමයින්ට දේවල් ලියනව වැඩිද "
කියලා,
ඒත් පස්සෙ හිතුනා පොඩි ළමයි සොබාසුමිතුරු වෙන එක හොඳයි කියලා,
මොකද ලොකු අය එහෙම කරනවට වඩා ඒක ලෙසියි.
අනික කවුරු වුනත සොබා සුමිතුරු වෙන එක වටිනවනෙ.
ඒ නිසා මම මේ දේවල් හරි ලියනවා.
කාගේ වුවත් අදහස් වැදගත්.



විශේෂ ස්තූතිය Chrysopelea ornata හෙවත් මල්සරා සහෝදරයට.
හදිසියේම වුවත් අවශ්‍යය වුන වෙලාවෙම මට මේ ඡායාරූප සැපයූ සචී පෙරේරා සහෝදරයටත් බොහොම ස්තූතියි.

අපි මේ සඳහා කරන වැඩේ තවම ප්‍රාථමික අඩියේ තියන්නෙ.
ළඟදීම බලාපොරොත්තු වන්න.








21 comments:

  1. ආදරණීය මිත්‍රයා.. ඇත්තටම උඹේ මේ අදහසත් ඉස්සෙල්ල ඒව වගේම ගොඩක් වටිනවා..ඒත් කලින් ඒවට වඩා මේක මම ආස කරන ක්ෂේත්‍රයක් ඔස්සෙ දාපු එකක් නිසා ඒවට වඩා මම මේකට කැමතියි. ඇත්තටම අපිට එකතු වෙලා මේ ගන යමක් කරන්න පුලුවන් වෙයි. ඔබට ස්තූතියි.

    ReplyDelete
  2. ස්තූතියි Dayan සර්,

    Save-SL-Serpents
    ස්තූතියි Chrysophealea ornata මචෝ,
    අපි මේ වැඩේ කරමු, ඇත්තටම උඹටනෙ මේ ගැන දැනුම වැඩි,
    ඒ නිසා උඹ තම ගොඩක් වැඩ කරන්නෙ,
    මම ඉතින් චුට්ටයි.

    ReplyDelete
  3. ඇත්තටම වටින ලිපියක්.. අපේ රටට ආවේනික සතුන් අද වෙද්දි ගොඩක් වඳ වෙලා යන්න එක හේතුවක් තමයි නොදැනුවත් කම... ලංකාවට ආවේනික සතුන් ගැන තව ලිපි බලාපොරොත්තු වෙනවා ඔබෙන් සහෝ.. :)

    ReplyDelete
  4. ෂා.. මේ වගෙ බ්ලොග් 1ක් හොය හොය හිටියෙ. ඇත්තටම පරිසරය ගැන බ්ලොග් 1ක් තියෙන්නම ඕනේ.සුළු පිරිසක් හරි දැනුවත් වෙයිනෙ.හැබැයි මේක ලොකුවට කරන්න ඕනෙ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පරිගනකයක් ඉස්සරහාට වෙලා පරිසරය ගැන කතා කිරීම නිකම්ම කාලය කා දැමීමක් කියලා.එත් අපි අමතක කරන්න නරකයි අපි ජිවත් වෙන්නෙ Facebook එකෙන් ආණ්ඩු පෙරලන(බාගේට) ලෝකයක කියලා.

    ReplyDelete
  5. මම මෙච්චර කල් හිතන් හිටියෙ මාපිලා උග්‍ර විෂ සහිත සර්පයෙක් කියලා!

    ඔය අස්සෙ පරණ කතාවක් මතක් වුණා. එක ගමක හිටිය ආරච්චි කෙනෙක්. මෙයාට වැරදිකාරයෙක් හමු වුනොත් කරන්නෙ ඒ මිනිහා ලොකු ගෝනියක දාලා ඇතුළට තව ගැරඬියෙකුත් දාන එකලු!

    ReplyDelete
  6. නන්දු
    සහෝදරී මට නම් ලියන්න වෙලාව අඩු වේ,
    ඒත් මගෙ යාලුවා ලියයි.
    ස්තූතියි.

    විසිතුරු
    ඒ ආරච්චි නම් කරල තියන වැඩේ හරි.
    මොකද ගැරඬියා නිරිවිෂ සර්පයෙක් වුනාට හපනවා පිස්සුවෙන් වගේ.
    පවු ඉතින් අර අසරණයා,,,
    :)
    ස්තූතියි.

    ReplyDelete
  7. ඔයාගේ පරිසරේ නම් ලස්සනයි වගේ.
    නයා ඔයා පවු කියල යන්න ඇති,
    මෙච්චර බය වෙලා ඉන්න මනුස්සයා මට ගලක්වත් ගැහුවෙ නැති එකේ නිකන් දෂ්ට කරන්නෙ මොකටද කියලා.
    හී හී

    ReplyDelete
  8. KC:
    ඒක ඇත්ත එහෙම බොලොග් එකක් නැති නිසා තමා මේක පටන් ගත්තෙ සහෝදරයා,
    ලොකුවට කොරන්න නම් බැරි වෙයි.
    ඔයාලට තමා පුළුවන් මිනිස්සු අතරට මේ දේවල් අරන් යන්න.
    ස්තූතියි.

    ReplyDelete
  9. මට හිතෙන විදිහට දැන් ඉස්සර තරමට සර්පයෝ මරන්නේ නැහැ.මිනිසුන් විශේෂයෙන් තරුණ පරපුර දැනුවත් වෙලා කියල හිතෙනවා.එත් එක්කම හිම්හානි බ්ලොග් අවකාශයේ සැරිසරන තරම නිසා නයිත් එයා අදුනනව ඇති.

    ReplyDelete
  10. ගොඩාක් දේවල් මම නොදන්නවා උනාට දන්න ටික උනත් බෙදාගන්න තැනක් තමා අඩුවකට තිබුනේ... ඇත්තටම මෙහෙම දේවල් කරන එක ගොඩාක් වටින දෙයක්..

    ජය වේවා...

    ගොඩාක් සර්පයෝ ඇත්තටම විෂ නැ.... ඒක ඇත්ත

    ReplyDelete
  11. පුතේ කොමෙන්ට්ස් වල අකුරු ලොකු කරනවැයි ගැජට් වලට හිහිල්ලා අපි වයසක මිනිස්සු. පොඩි ළමයින්ට ලියනවනම් තව පින්තූරු ටිකක් දාන්න. මොකෝ ලංකාවෙ වැඩිහිටියොත් පොඩි අය වගේනේ.

    ReplyDelete
  12. අනේ මාතලන් මාමේ මේකෙ ෆොන්ට් සයිස් එක වැඩි කරන්නෙ කොතනින්ද මම දන්නෙ නෑනෙ..:?
    ස්තූතියි.
    පින්තූර වැඩි කොරන්න ඕන තමා.

    ReplyDelete
  13. ස්තූතියි දේවා සහෝදරයා...
    ඔබේ අදහස් මෙතන බෙදා ගන්න.

    ReplyDelete
  14. ඇස්ගුල්ලා කියලා එකෙක් ගැන පොඩි කාලේ අහලා තිබුනා..මම හිතන්නේ ඌ ඇස් උගුලං කන සර්පයෙක් කියලා......

    ReplyDelete
  15. ස්තුතියි විස්තර ටිකට........

    ReplyDelete
  16. ස්තුතියි Chrysophealea ornata

    ReplyDelete
  17. නියමයි.ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න ........:D

    ReplyDelete
  18. ස්තූතියි සිංහයෝ...

    ReplyDelete
  19. මම නම් සර්පනයට අකමැති බයක් නිසාම නෙමෙයි..දැක්කම අප්‍රසන්න ගතියක් එන නිසා..ගිම්හානිව නයා කෑවේ නැත්තේ පව් කියලම තමා..මටත් එක දවසක් ගැරඬියෙක් පෑගුනා..සීතලට තෙතට...ඒ වෙලේ ආපු හැඟීම කියන්න බෑ.ගැරඬියා මට බය වෙලා පැනලා ගිහින් විනාඩි 10ක් විතර යනකනුත් මම කෑ ගැහුවා..

    ReplyDelete
  20. ස්තූතියි පුංචි කුමාරිහාමි...
    ඔහොම තමා ගොඩක් ගෑණු අය...
    ඒත් අන්තිමට සර්පයො අල්ලන්න පුරුදු වුනාම,
    කොල්ලො පරාදයි.
    ගැරඬියා නම් අහිංසකයෙක්නෙ,,
    (ඒත් ඉතින් හපනව තරහා ගියාම )

    ReplyDelete