Sunday, November 6, 2011

දුකෙන් ලියමි..

මගේ බ්ලොගය ටික කලකට නොලියා සිටීමට තීරණය කළෙමි.
එයට පෞද්ගලික ප්‍රශ්න හේතු විය.
කෙටි දැනුම්දීමකින් මෙය කරන්නේ දැණුම් දිය යුතු නිසාය.
පසුගිය කාලය තුල මට බ්ලොගය කිරීමට නොයෙක් උපකාර කළ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
මා මේ කල දෙයින් යම් ඵලයක් වුනාදැයි මම නිශ්චිතව නොදනිමි.
එය දන්නේ ඔබයි.
නිරතුරුව සොබා සුමිතුරු වීමටත්, අන් අයත් එයට යොමු කිරීමටත් උත්සාහ කරන්න.
මම නැවත හැකි වූ විට ලිවීමට යත්නදරමි.
කරුණාකර මගෙන් මෙයට හේතුව නොඅසන්න.
ස්තූතියි.
ඔබ සියළු දෙනාටම සොබා සුමිතුරු නව සොබා සුමිතුරන් බිහිකරන්නට හැකියාව ලැබේවා,
මීට 
ගෝඩෝනියා සිලැනිකා

11 comments:

  1. ඉක්මනින් එන්න හේතුව අහන්නෙ නෑ එහෙනම්.

    ReplyDelete
  2. ආයිත් ඉක්මනටම බ්ලොග් එක ලියන්න.මම මීට කලින් ඇවිත් තියනවා මම හිතන්නෙ.

    ReplyDelete
  3. ඔයා ලියන්නේ කාලීන වටිනාකමක් තියෙන බ්ලොග් එකක්. ඒ නිසා ලියන එක නවත්තන්න එපා. මේ කරපු දේවල් ගොඩක් වටිනවා, හැකි වෙලාවට ලියන්න. පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතුව. අපෙන් වරදක් වුනා නම් සමාවෙන්න.

    ජයවේවා........!!!

    ReplyDelete
  4. ඉක්මනින් ආපහු එන්න

    ReplyDelete
  5. හප්පේ මේ මොකද මේ!!!!!! ඔන්න ඕවා අතැරලා ආයිත් බ්ලොග් එක පටන් ගන්න....කොහොම නමුත් ලොකුම ලොකු කේස් එකක් නං ඉතින් අපිත් මොනවා කරන්නද.....ජය වේවා කියලා පතනවා පුළුවන් ඉක්මනින් ආයිත් එන්න.....ඔබ පලකල වටිනා ලිපි නැවතත් කියවන්න ඉක්මනටම එන්න...

    ReplyDelete
  6. ඔබගේ තාවකාලික සමුගැනීමේ කාරණය මට අනුමාන කල හැක .. ටික කලක් විවේකීව සිට නැවත එන්න.. කරුණාකර මූණු පොතෙන් මා හමුවන්න...

    ReplyDelete
  7. දුකින් ලියු දෙය දැකිමෙන් මා හට ද ඇති වුයේ දුකකි.ඔබගෙ බ්ලොගය කියවිමෙන් මා ලබා ගත් දෑ බොහෝය.ඔබ ගත් තිරණයෙන් ඔබට සෙතක්‌ වෙ නම් කම් නැත.හැකි වේලවක නැවත පැමිණෙන්න.ඔබට යහපතක්‌ම වේවා!!

    ReplyDelete
  8. ඇත්තටම බොහොම වටින බ්ලොග් 1ක්!ඉක්මනට එන්න.බොහොම වැදගත් මේ තොරතුරු!ඉස්සරත් මම සොභා සුමිතුරෙක්,ඒත් තව වැඩි දියුණු උනා.

    ReplyDelete
  9. මේක හොද බ්ලොග් 1ක් මචං... ඉක්මන්ට ලියන්න. ජය!

    ප.ලි. මාස 3ක් පොස්ට් දැම්මේ නැත්තන්ද කොහේද සින්ඩියෙන් පන්නනවා.ඒක මතකතියාගන්න.

    ReplyDelete
  10. කමෙන්ට් නොදැම්මට හැමදාම follow කරපු බ්ලොගක් මෙක ඒ හන්දා ඉක්මනට සමුහැන්මට සමු දෙන්න!

    ReplyDelete
  11. ඒකත් එහෙමද? මම නම් හිතුවේ ඔබට මාසයකට එකක්වත් ලියන්න හැකි වෙයි. කෙසේ හෝ වේවා. මේ අඩවිය මගේ බ්ලොග් රෝලෙ දිගටම තිබෙයි. කැමති දිනක එන්න. ජය!!! (බුකියෙදි හමු වෙමු.)

    ReplyDelete