පැහැදිළිය ඔහුගෙ ඇස් අතේ වෙයි වඩයක්...
සරසවිය තුල හමුව ඇසුවේය පැණයක්,
"කොහෙන්ද ගන්නෙ මේ කැම්පස් එකට ඇප්ලිකේෂන්"
විස්තර කරෙමි ඒවා මෙහි නැති වග,
හැකිය ගන්නට විජිත යාපාවෙන්,
"මොනවගෙන්ද A/L කරේ?"
"Arts, B3යි"
"කොහෙන්ද කරේ?"
"නුවරින්ම තමා"
ඔහු ගියා තුති පුදා,
සම ඇඳුම් ඇදි මිතුරා සමඟ
ලාබ කලිසම ද බටා ද පැළඳ
ගියෝය ඔවුන් වඩය කමින්
මම ද ගියෙමි පසෙකින්
ගලහ හන්දියට.
මේ සිදුවීම ඇත්තටම අද වුන දෙයක්,
මට හරි දුක හිතුනා,
මේ තරුණයෝ දෙන්නා දෙමළ,
(මගේ දෙමළ ඉගෙන ගැනීමත් දැන් හරියට වෙන් නෑ වැඩිය කතා කරන්න වෙලාවක් නෑ අපරාදෙ හිතුනා)
මේ තරුණය අහපු එක පුදුමයි,
මොකද මේ ගැන නොදන්න ළමයි අඩුයි,
ඒත් හිතෙන්නෙ ඇත්ත කියල,
මොකද ඒ ළමයගෙ මූනේ බොරු කියන පාටක් තිබුන් නෑ,
මට හරි දුක හිතුනා,
මොකද කවදාවත් මේ වගේ අඩු රිසල්ට් එකකින් ආට් කරලා නුවරින් කැම්පස් යන්න බෑ නුවරින් තියා දුෂ්කර පළාතකින්වත් යන්න බැරි වෙයි,
මේ ළමයා ඒ ගැනවත් දන්නෙ නෑ (පුදුමයි!!!)
ඒත් ඉතින් පව්,
මං කීවා UGC එකේ පොත තාම ඇවිත් නැතුව ඇති,
විජිත යාපා එකෙන් ඕඩර් කරන්න කියල,
ම්කද මේ Z Score ප්රශ්නෙ නිසා තවම පොත් දාල නැතුව ඇති කියල,
ඒත් ඉතින් ගෙදර ඇවිත් අම්මට කීවම තමා දන්නෙ,
පොත් දාලා කියල විකුණන්ට,
රටේ හැටි තමා,
ඕවා ගැන කතා කරල වැඩක් නෑ ඉතින්,
මේ වගේ දුක හිතෙන ඒවා ගොඩක් වුනා මේ දවස් දෙකේ,
ඊයෙ මහ රෑ 12ට පැදුර ඉවරවෙලා යාළුවෙක්ගෙ බෝඩිමට යනකොට
පේරාදෙණියෙ ටවුන් එකේ RDA එකේ කම්කරුවො වැඩකරනවා,
මට පුදුම දුකයි,
ඇයි මේ අසාධාරණේ?
හරියට එළියක්වත් නැතුව වැඩ...
ලෝකෙ හැටි ඔහොමතමා කියල හිත හදාගන්න වෙන්නේ,
-----------------------------------------------------------------------------
දැන් නම් බරපතල වැඩ ඇති වසර පහේ සිර දඬුවමේ රස දැනීගෙන එනවා,
ඒ නිසා සොබාව ගැන ලියන්න නැති එක ගැන දුකයි,
මට ගොඩක් දේවල් ගැන දකින්න අහන්න ලැබෙනවා,
මගේ අළුත් අයිඩියා එකක් තියනවා,
බලමු ඒකට හොන්ද ජාදුවක් හෝ අයිපොඩ් වගේ එකක් ඕන,
ඒත් ඉතින් එහෙම එකක් සහ කාලය කියන දෙකම නෑ,
බලමු,
බ්ලොග් ප්රමෝ
Green Movement Blog
The blog provides a platform to share and discuss events and issues related to environment and development of Sri Lanka. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
මේක ගැන කලින් කියල තියනවා,
ඒත් ඉතින් මිනිස්සුන්ට මේක ෆලෝ කරන්න බෑ වගේ,
සමහරවිට හිතෙනවා ඇති,
"අපි මොනව කරන්නද මේ පරිසර ප්රශ්න වලට?" කියල.
කමක් නෑ,
මං ආය මතක් කරනවා,
ගොසිප් නිව්ස් බලන්න කාලය වැය කරනව නම් ඔබ..
නළු නිලියොන්ගෙ ඕපාදූප හොයනවනම්,
මේ වගේ දේකටත් ඔබේ වටිනා කාලයෙන් ටිකක් වෙන් කරන්න,
මොකද එතකොට ඔබටත් හිතෙයි සොබාව වෙනුවෙන් දෙයක් කරන්න,
මේක වටිනා ප්රවෘති සපයන බ්ලොග් එකක්.
Thanks Obaa uncle...
ReplyDeleteCome again :)
ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්....
ReplyDeleteහ්ම්ම් පුදුමයි තමා අයියා...
Deleteඇත්තම කියන්න එපායැ. ඔයාගෙ ලියවිල්ල නම් කියෙව්වෙ නෑ. පින්තූරෙ නම් මරු. මගෙ ප්රියතම කෑම වඩේ. අර මැද හිල තියෙන ඒවටත් ආසයි. වැඩියෙන් කැමති පරිප්පු වඩේ. ඒ ආසාව ඉවර වෙන එකක් නෙවේ.
ReplyDeleteහා කමක් නෑ,
Deleteමමත් පරිප්පු වඩේ ලෝලියෙක්,
බටර් පාන් සමඟ පරිප්පු වඩේ
පරිප්පු වඩේ සමඟ ප්ලේන්ටි
පරාටා සමඟ පරිප්පු වඩේ
සීනි බනිස් සමඟ පරිප්පු වඩේ
මේ මම කැමති විදි ටිකක්.
//මොකද කවදාවත් ආට් කරලා නුවරින් කැම්පස් යන්න බෑ//
ReplyDeleteනුවර කියල අදහස් කලේ පේරාදෙණිය විශ්ව විද්යාලෙ නෙමේද?
එහෙම නැත්තන් දැන් පේරාදෙනියෙ කළා විෂයයන් උගන්නන්නෙ නැද්ද?
"මොකද කවදාවත් මේ වගේ අඩු රිසල්ට් එකකින් ආට් කරලා නුවරින් කැම්පස් යන්න බෑ නුවරින් තියා දුෂ්කර පළාතකින්වත් යන්න බැරි වෙයි,"
Deleteඅයියෝ හරියට අදහස ලියවිල නෑනෙ,
දැන් හරි,
ඒක මිසක්
Delete:))
Deleteස්තූතියි අයියා.
ReplyDeleteලස්සන කතාවක් මිහිරි. හරිම සංවේදී. ඔයා අනුන් ගැන හිතන කෙනෙක්. කියවනකොට හරිම දුක හිතුනා. ලෝකේ අසාධාරණයි තමා.
ReplyDeleteමමත් ආසයි වඩේවලට. ඒත් ඉතින් හැමදාම වඩේ හම්බවෙන්නේ නෑ...:(
මෙතනට ආවාම මේ කුරුලු සද්දවලට ඇහුම් කන් දෙනකොට හරිම අපූරු නිදහස් ගතියක් හිතට දැනෙනෙවා.:D
බොහොම ස්තූතියි කුමාරිහාමි,
Deleteඔට්ටේලියාවෙ කොහෙද ඉතින් වඩේ තියන්නෙ මෙහෙ තරම්,
මටත් එහෙම නිදහසක් දැනෙනවා...
ආයෙමත් කුරුළු සද්දෙ... ඉස්සෙල්ල පාර එනකොට දිය ඇල්ලක් කඩා හැලෙන සද්දෙ තිබ්බෙ....මරු....
ReplyDeleteතැන්කියු තැන්කියු ඔබා මාමෙ :)
Deleteඅනුන්ගේ දුක පෙනෙන දැනෙන කෙනෙක් ඔයා. සතුටුයි. පෝස්ට් එකත් ලස්සනයි.
ReplyDeleteස්තූතියි නිකී :)
Delete