Saturday, February 4, 2012

භයානක වැලන්ටයින් - Dangerous Valentine

ගිහින් කියවන්න
මගේ අනික් බ්ලොග් එක,
මං හිතන්නෙ ඒක සින්ඩි වල පබ්ලිෂ් වෙන්නෙ නෑ කාලෙකින් අප්ඩේට් නොකළ නිසා,
http://invasiveplants-srilanka.blogspot.com/2012/02/dangerous-valentine.html



මේකත් දාන්නම් ඔබ හිතල බලන්න ඔබේ බුද්ධිය පාවිච්චි කරල,
මේක අනුන්ගෙ වැදගත් ලිපියක් ඊයෙ සොරි ඊයෙ කියවපු අද දිවයිනේ ලිපියක්.


අඹ නොදකින් ඇපල් රකින්....
සැපයුම් දාම කළමනාකරණ විෂය පිළිබඳ හසල දැනුමක්‌ ඇති මගේ සුන්දර මිත්රකයෙක්‌ මට පසුගිය දිනෙක අඹ සහ ඇපල් පිළිබඳ අපූරු කතාවක්‌ කීවේය.


අප දෙදෙනාගේ එදින කතා බහට නිමිත්ත වූයේ ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ගැනයි. මංගල පස්‌ පිඩැල්ල කැපුවේ වැරදි නැකතකද කියා සිතෙන තරමට දුර දිග ගිය කූඩ ප්රසශ්නය සුපුරුදු පරිදි අවසානයේදී හමාර වූයේ රටේ ජනාධිපතිවරයා ඊට මැදිහත් වීමෙන් පසුවය.


දත්ත විශ්ලේෂණයට අනුව වසරකට අපතේ යන එළවළු හා පලතුරු ප්රතමාණය මුළු නිෂ්පාදිතයෙන් 40% ක්‌ යෑයි කියෑවේ. රුපියල් වලින් කියනවා නම් එහි වටිනාකම බිලියන ගණනකි.


මේ විනාශය වළකාගත හැකි ක්රමයක්‌ වී නම් පාරිභෝගිකයා මන්දපෝෂණයෙන් බේරා ගැනීමට ඊට එහා දෙයක්‌ තවත් නැත. අඩු මිලට එළවළු හෝ පලතුරු මල්ලක්‌ යනු පොඩි මිනිසාට තවමත් සිහිනයකි.


මගේ මිත්රයාගේ අඹ සහ ඇපල් කතාව එළියට ආවේ ඉහත කී ලෙසින් දිග් ගැස්‌සුන කූඩ මාතෘකාවේදීය.


එදා ඔහු මගෙන් ඇසුවේ "ඔබ යම්කිසි දිනෙක උදැසන පිටකොටුව මැනිං මාර්කැට්‌ටුව හරහා ඇවිදගෙන යන විට අඹ ගෙඩි කීයකට පයින් ගසා තිබේද?" කියාය. ඔහුගේ පැනය අපූරු එකකි.


මම ඒ ගැන සිතා බැලුවෙමි. හොඳට ඉදුන "කර්ත කොළොම්බු" අඹ සිය ගණනින් විසිකර ඉවත දමා ඇති අයුරු මැනිං වෙළෙඳ පොළේදී ඔබද ඕනෑ තරම් දැක තිබේ යෑයි මම විශ්වාස කරමි. ඒ අඹ සියල්ලම පාහේ ප්රතවාහනයේදී තැලී පොඩිවී ගිය ඒවාය. සාමාන්යමයෙන් ඉතා හොඳ තත්ත්වයේ කර්තකොලොම්බු අඹ ගෙඩියක්‌, රුපියල් හැටපහකට හෝ හැත්තෑවකට අලෙවි කෙරේ. මගේ මිත්ර යාගේ දෙවන පැනය වූයේ ඒ අයුරින්ම මා කිසියම් දිනෙක ඇපැල් ගෙඩි කීයකට පයින් ගසා තිබේද? කියාය. සැබැවින්ම ඒ පැනය මගේ "බොක්‌කටම" වැදුණේය. මේ දක්‌වා කිසිම දිනෙක මා මෙන්ම ඔබද ඇපල් ගෙඩියකට පයින් ගැසීමේ අවස්‌ථාව උදාකරගෙන නැති බව සත්යපයකි.


සම්පූර්ණයෙන්ම කියවන්න:
http://www.divaina.com/2012/02/05/feature07.html





16 comments:

  1. එළවලු ප්‍රවාහනයේදී ඇසිරුම් භාවිතාව ඉතාම යහපත් දෙයක් වුවත් එහිදී ඇතිවෙන සමහර ගැටළු වලට විසදුම් තිබිය යුතුය.හිස්වූ ඇසිරුම් සහිත වාහනය ආපසු ගමනේදී හිස්ව පැමිණීම පාඩුවකි.එසේම ඇසිරුම් කරපිටින් ගෙන යන නාට්ටාමි වරුන්ට කුලිය ගෙවීම සඳහා සම්මතයකට එළඹිය යුතුය.අඹ ගැන කතා කළහොත්, අඹ නරක් වන්නේ ප්‍රවාහනයේදී පමණක් නොවේ.කර්තකොලොම්බු වැනි අඹ යන්තමින් පැසෙන විටම ගසේ දීම පලතුරු මැස්සාගේ හානියට ලක්වේ.මෙම මැස්සා අඹ ගෙඩි විද බිත්තර දමන අතර අඹ ගෙඩිය හොදින් ඉදෙන තුරු හානිය පිටතට නොපෙනේ.වෙළඳ පලට ගෙනයන අඹ වලින් සැහෙන ප්‍රමාණයක් පලතුරු මැසි කීට හානිය නිසා ඉවත දැමීමට සිදුවේ.අඹ ගස අවට පිරිසිදු කිරීම මෙයට විසදුමක් යයි කීවද එය එතරම් සාර්ථක නැත.මා සිතන අන්දමට ඇපල් ගෙඩි පැසෙන විටම ගසේදීම කෘමි නාශක ඉසීම කරනවා ඇත.අඹ ගස් වලට කෘමි නාශක ඉසීමේ ක්‍රමයක් තවම අපේ රටේ කරනු නොලැබේ.අනිත් අතට අපේ රටේ අඹ ඇතුළු පලතුරු ඇසිරීමේ ක්‍රියාවද ඉතාම ප්‍රාථමික මට්ටමේ එකක් බව පිලිගනිමි.ගෝනි වලට දමා තවත් ඉඩ ලබා ගැනීම පිණිස ගෝනි පොලවේ ගැසීමද මේ කාලකන්නි මිනිසුන් විසින් කරනු ලබයි.

    ReplyDelete
  2. පිටකොටුවේ කුණු ගොඩවල ඕන තරම් කුණු ඇපල් තියෙනවා. නමුත් ඒවටත් මාකට් එකක් තියෙනවාලූ කසිප්පු කාරයන්ගෙන්. ඔය පේමන්ට් එකේ තියෙන ඇපල් ගොඩක් නරක් වෙච්ච ඒවා. ඒ ගැනත් ලිපියක් ලියන්න..

    ReplyDelete
    Replies
    1. අනේ මාමෙ ලිපි ලියන්නෙ කොහොමද?
      මම් පිට කොටුවට ගිහින් තියන්නෙ අතේ ඇඟිලි ගාණට වඩා ටිකක් වැඩි පාරක්...
      ඔයා ලියන්නකො...

      Delete
  3. නරක්වෙන ඇපල් විකුනන එක වගේම නරක ඇපල් ගෙන්නන එකත් ඒකාධිකාරයක්. සුනිල් මුදලාලිට ඇර් වෙන කිසි කෙනෙකුට ලංකාවෙ මහා පරිමාණෙන් ඇපල් බිස්නස් කරල යහතින් ඉන්න වෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. කවුද සුනිල් මුදලාලි?

      Delete
  4. ඔය කතාව නම් අහල තියනවා,
    ඒත් සත්‍යය අසත්‍යතාව නම් දන්නෙ නෑ,
    වෙන්න පුළුවන්,
    රිසර්ච් එකකට හොඳයි,
    ස්තූතියි...

    ReplyDelete
  5. අපේ මාකට් එක මැද්දෙම තියෙනවා කූල්ස්පොට් එකක්..දන්න එකෙක් ඒකෙන් ෆලූඩා එහෙම බොන්නේ නෑ...ඔක්කොම පළතුරු මාකට් එකේ විසිකරන ඒවා....

    ReplyDelete
    Replies
    1. අන්න නියම මිනිස්සු අපතේ යන ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා...
      ඇයි නැද්ද?

      Delete
  6. ඇපල් කනවිට අනිවාර්යයෙන්ම පොත්ත ඉවත් කරල කන්න. ඉතා තුනියට ඉටි ආවරණයක් ස්ප්‍රේ කරනව කියල ආරංචියි පෙනුම රැක ගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද?
      අප්පෝ විස ගොඩක්නෙ ඇපල් කියල කන්නෙ,
      අපිට එහෙනම් අර කියමන වෙනස් කරන්න වෙයි වගේ...

      Delete
  7. ලංකාවෙත් ඇපල් බහුලව වැවුනාම අනිවාර්යෙන්ම ඔය පයින් ගැහීම සිදුවෙනවා. අනෙක අඹ මල් වගේද ඇපල් මල ලස්සනේ බෑ. ගෙඩිය දැක්කාම කට්ටියට මල් මතක් වෙනවා ඇති. පයින් නොගහන්ට එක හේතුවක් ඒක වෙන්ට ඇති. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත,
      ඒත් මෙතන ප්‍රශ්නෙ වටිනාකමෙන් වැඩි ලංකාවෙ හැදෙන දේට පයින් ගහන එකනෙ...
      ඇයි අඹ මල් සුන්දර නැද්ද?

      Delete
    2. ඇපල් මල් තරම් නෑනේ. කෝ අඹ මල්වලට සිංදු හදනවා.:D

      අද කුරුල්ලන්ගේ සද්දේ ඇහුනාම මම වැරදිලා ජනේලෙන් එලියත් බැලුවා. :D:D

      Delete
  8. ඒ කතාව නම් ඇත්තම තමයි..

    ReplyDelete
  9. ස්තූතියි නිකී,
    ඔව් ඉස්සර කාලෙ මිනිස්සු බත් ඇටයක්වත් හැලුනට පාගන්නෙ නෑ,
    ඒත් දැන් එහෙම නෑනෙ,
    අපෙ රටේ ප්‍රමාද වෙලා ගන්ට පියවරවල් ඕන තරම් තියනව ගන්නෙ නැති එකයි ප්‍රශ්නෙ,
    ඔව් ඇත්ත,
    දැන් පළතුරු ගොඩක් වස විස වලින් පිරිල,

    ReplyDelete