ඈ නමින් “ලක්ෂිකා තිළිණ මධුෂානී“ වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව , උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“ , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.
ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් , තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව සිටිනා බව ඔබ දන්නවාද ? ...
ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list) රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“ තුලදී පිළිකාවේ ඉතිරි කොටස් පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට ඇත්තේ වැඩි අවස්ථාවකි ,
එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් 220,000.00 බැවින් , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි.
..
ගාල්ල , අක්මීමණ දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....
ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ?
Read Full Article
http://nursinglanka.blogspot.com/2012/02/blog-post_12.html
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... පොඩි උදව්වක් කරා...ට්‍රාන්ස්ෆර් වෙයි එකවුන්ට් එකට...
ReplyDeleteඔව් අයියා,
Deleteමේ ගාණ නම් ඒතරම්ම ලොකු ගාණක් නොවෙන නිසා ඉක්මනට මේ ළමයව සනීප කරගන්න පුළුවන් වෙයි.
ස්තූතියි.
ඔබට බොහොම පිං මේ දැනුවත් කිරීම කළාට ...
ReplyDeleteමං වගේම තරුණ කෙනෙක්ගෙ ජීවිතය බේරගන්න උදව් කරන එක ඉනක්නෙ සර්,
Deleteසර් ටත් බොහොම පිං මේ දැනුවත් කිරීම කළාට ...
දැනුවත් කෙරුවට ගොඩාක් ස්තූතියි.
ReplyDeleteඔබටත් ස්තූතියි :)
Deleteමේ සඳහා යම්කිසි මුදලක් මේ සතිය ඇතුලත දීමට බලාපොරොත්තු වෙමි .
ReplyDeleteඒක හොඳයි අක්කා,
Deleteමමත් මේ සතිය ඇතුලත කීයක් හරි දෙනවා :)
මුදල් ටිකක් යවන්නම්
ReplyDeleteබොහොම හොඳයි මාමේ...
Deleteහැකි ඉක්මනින් මුදලක් යවන්නම්. ඔබේ හොඳ හිතට හිස නමමි. ඇයට ඉක්මන් සුවය ලැබේවා.
ReplyDeleteබොහොම පින් දයියයියා...
Delete