මට මතක විදිහට දැන් මේ බ්ලොගය ආරම්භ කර මාස 7ක් පමණ වේ,
ඒ කාලය තුල මා මගේ අදහස් සහ දැනුම ටිකක් මෙහි ගොනු කළෙමි.
ඇත්තෙන්ම මට එය වටිනා අත්දැකීමක් විය,
එයින් මගේ මතවාද සහ අදහස් වෙනස් විය,
අසමහර දේවල් ගැන අළුතින් සිතන්නට පුරුදු වීමි.
බ්ලොග් ලියන හොඳ පිරිසක් මට හඳුනා ගැනීමට හැකි විය,
මොවුන් අතරින් අති බහුතරයක්ම මම පෞද්ගලිකව ඊ මේල් එකක් මගින් හෝ සම්බන්ධ කරගෙන නැති අයයි.
කෙසේ වෙතත් මට ද මේ ගතවූ කෙටි කල තුල යම් පිරිසකගේ අදහස ඇසීමට ලැබිණි.
ඒ අතරින් බහුතරයක් හොඳ ඒවා විය,
සියල්ලෝම පාහේ මට යහපත් ප්‍රතිචාර ලබාදුන්නෝය.
ගලගෙදර ඇනෝ වැනි බ්ලොග් ප්‍රොෆයිල් නැති අය ද වටිනා අදහස් ලබා දුන්නෝය.
ඔහුගේ ඇනෝ කමෙන්ට් ඉතා වැදගත් තොරතුරු ද අපට ලබා දුන්නේය,
උදාහරණයකට වගා වලට හානි කරන රිලවුන් පාලනයට ඔහු ගෙන යන සත්ව ඝාතනයෙන් තොර ප්‍රයත්නය ඉතා වැදගත්ය.
"මා ජීවත් වෙන ප්‍රදේශයටත් රිලවුන්ගෙන් සැහෙන කරදර තියෙනවා අපේ වගාවන්ටත් බරපතල හානි සිදු කරනවා.විශේෂයෙන්ම කෙසෙල් වගාවට රිලවුන්ගෙන් සිදුවෙන හානිය අප්‍රමානයි.රිලවුන් පලවා හැරීම පිණිස විවිද උපක්‍රම යෙදුවත් හරි ගියේ නැහැ.නමුත් දැන් යොදාගන්නා ක්‍රමය නම් සැහෙන සාර්ථක එකක්.ඒ තමයි air riffle අවිය. රිලා රැලක නායකයා වැනි රිලවෙක් ඉලක්ක කර පහර දීම කලවිට මුළු රිලා රැලම අඩුම තරමේ දිනකටවත් අදාල ප්‍රදේශයට පැමිණීමෙන් වැලකේ.යම් තරමකට හිංසාකාරී ලෙස පෙනුනද මේ නිසා සතුන්ගේ මරණය හෝ බරපතල තුවාල සිදුවීමක් නොවේ.මා නම් කිසිවිටක පැටවුන්, ගැහැණු සතුන් සහ දුර්වල පිරිමි සතුන් ඉලක්ක කර නොගනිමි.එසේම කොතරම් වගාවන්ට හානි කලත් දඬු ලේනන්ද ඉලක්ක කර නොගනිමි සාපේක්ෂව කුඩා සතුන් බැවින් ඔවුනට ජීවිත හානියක් වීමට ඉඩ ඇති බැවිනි.කෙසේ වුවද මෙම අවිය හැසිරවීම සඳහා පුහුණුවක් තිබිය යුතුය.සැබෑ ගිනි අවි භාවිතය සඳහා යොදා ගතයුතු මුලධර්ම බොහොමයක් මේ සඳහාද යෙදිය යුතුය"
"මුලින් අදහස් දැක්වූ ඇනෝ වෙමි චීනයේ නිෂ්පාදිත සාමාන්‍ය වායු රයිපලයක් රුපියල් 14000 කට පමණ මිලදී ගත හැකිය.එයට යොදන කුඩා උණ්ඩ 200 අඩංගු බඳුනක් රුපියල්750 පමණ වේ.කෙසේ වුවත් මෙය ප්‍රවේසමින් හැසිරවිය යුතුය.මීටර් 10 ,15 ආසන්නයේ යම් කිසි කෙනෙකුට මෙම අවියෙන් පහරක් වැදුනොත් එය මාරාත්මක වියහැකිය."
"මේ සඳහා ග්‍රාම නිලදාරීයා විසින් සහතික කල ලිපියක් අදාල වෙළඳ නියෝජිතයන් බලාපොරොත්තු වේ.එසේම මේ අවිය තම ඉඩමෙන් පිට මහ මාවත් වැනි තැන්වලට රැගෙන යාම, අන් සතු කිරීම නීති විරෝධී වේ.ඔබ හරි තුම්පනේ වැසියෙක් වෙමි.ගමේ නම්බුව රැකීම සඳහා සැහෙන තරම් ගොන්කම් කර ඇත ඉදිරියටත් කරන්නට බලාපොරොත්තු වෙමි."
එසේම දැවැන්ත බ්ලොග්කරුවන් සහ බ්ලොග් කාරියන් ද මට ලබා දුන් උපකාර ඉතා අගනාය,
ඔවුන් සියළු දෙනාට මගේ තුති.
මෙසේ බ්ලොග් ලිවීමෙන් මටම යම් කලෙක කියවා රසවිඳිය හැකි ලිපි ගොන්නක් මෙහි එකතු විය.
එයට පාඨක පාඨිකා සැමට තුති ඔබ නොවන්නට මා මෙය ලියන්නෙ නැත,
එසේම සින්ඩි වලටද මගේ ස්තූතිය.
දැන් ලිපිය,
මට පොඩි කාලේ පටන්ම මේ සොබාදහම ගැන සතුන් ගැන ශාක ගැන බලවත් වූ කැක්කුමක් තිබිණි.
මේ බ්ලොගය සහ අනික් බ්ලොග් දෙක පටන් ගැනීමට ඒ අදහස මුල් විය.
එහෙත් "මා මෙලෙස සොබා දහමට වෙන හානි ගැන ශෝක වී ඵලක් ඇත් ද?"
මෙයද මගේ සිතට නැගෙන පැණයකි.
එයට පිළිතුර මෙසේ යැයි මා සිතමි,
සියල්ල පිරිහෙන ලොවක සොබා දහම පමණක් සුන්දරව වැඩී යනු ඇතැයි සිතීම මෝඩකමකි.
එය පමණක් වෙනස් නොවී තිබිය යුතුයැයි සිතීම ද මෝඩ කමකි,
අප කළ යුත්තේ බොහෝ දෙනාට යහපත සැලසෙන,
තමාටත් අනුන්ටත් යහපත් සැලසෙන යම් දෙයක් වේද එය කිරීමය.
ශෝක වීමද කළ යුතුය, නැති නම් අපට මේ දෙයවත් නොතේරී යා හැක,
එහෙත් ශෝක වීමෙන් පමණක් යහපතක් සිදු නොවේ.
අපට කළ හැක්කේ යමක්ද එය කර සතුටු වීම අගනේය,
නැත්නම් කිසිදා සතුටක් නොලැබේ,
ගස් සිටුවීම වැනි දේ අපට කළ හැකි එවන් දේය,
එසේම මෙලෙස අපේ සොබාසුමිතුරු වූ අදහස් බෙදා ගැනීමද යහපත් දෙයකි,
මංද එයින් එක් කෙනෙකු හෝ වෙනස් විය හැකි බැවිනි.
කෙසේ වුවද ලෝකයේ අනෙක් රටවල් වල මෙන්ම අපේ රටේ ද බොහෝ දේ විනාශ වෙමින් යයි,
(ලෝකයේ සිටින මිනිසුන්ගේ හිස් බව පෙනෙන සිදු වීමක් මේ ළඟදී දක්නට ලැබිනි, මා එය බ්ලොගයේ දැමීමට සිටියෙමි එයද මෙහිම දමමි,
ක්‍රීඩාව නම් වූ බොළඳ දෙයක් උදෙසා මිනිස් ජීවිත හැත්තෑවක් කෙලවර වීම කොයිතරම් භයානක ද?)
ෂැම්පු පැකට් එකේ සිට වූ පොලිතීන් ප්ලාස්ටික් කිසිදා නොදිරන්නට මේ සොඳුරු පොළව මත එක් වේ,
සුන්දර කඳුකරය ආක්‍රමණික ශාක වලින් වැසෙමින් පවතී,
මුතුන්මිත්තන් පූජණීයව සැලකූ වැව් ප්ලේන් බාන තැන්ද
හෝටල් ද බවට පත්වේ,
මේ පුංචි රටේ සුන්දර පරිසර පද්ධති දෙබෑ කරමින් හයිවේ ඉදි වේ,
නුවර වැව යටින් උමගක්ද පැය කීපයකින් කොළඹ සිට යා හැකි නුවර එළියටත් නුවරටත් ගුවන් තොටවල් ලැබේ,
වායු දූෂණය උපරිම නගරය වූ නුවරත් සුද්දන් විසින් කා දැමීම ඇරඹූ එකල පුංචි එංගලන්තයක් මෙන් පෙනුන අද කෘෂි රසායන නිසා සියල්ල විස වූ සීතල විස ගොඩක් වූ නුවර එළියත් තවත් දූෂණය වෙනු ඇත.
සාමාන්‍ය ජනතාවගේද සොබා දහම ගැන කිසි කැක්කුමක් නැත,
ඔවුන් කිසි හිතක් පපුවක් නැතිව දිය පාරවලට කුණු දමයි,
ගස් කපයි,
ආගමිකවද ලංකාව පිරිහී යමින් පවතී,
කතෝලික ආගම වැළඳ නොගතහොත්
ඇකයේ උන් දරුවන් උඩ දමා බයිනෙත්තුවට අල්ලද්දීත් බුදු දහම අත් නොහැරි අපේ වීර සිංහලයන්ගේ වත්මන් පරපුර,
ඒ සුන්දර වූ බුදු දහම ලංකාවට ගෙනා මිහිඳු හිමි සැතපුණ ස්ථානය විනාශ කර නිධාන ගන්නට යයි.
ඒ බුදු දහම බොළඳ ගීත තුලට එබ්බුවත් එයට විරුද්ධ විය නොහැකි බව උපන්ගේ බෞද්ධ වූ කිරි දරුවන් කාලයේම දළදා සමිඳුට පූජා කළ අයම කියයි.
ඉතින් කුමක් කරන්න ද?
අප සිතිය යුත්තේ මෙසේ යැයි මගේ ගුරුවරයෙක් මට කීවේය,
ඒ ආක්‍රමණික ශාකයක් ගැන කියූ දෙයකටය,
මට ගල් ගොරක නම් ශාකය අපේ සුන්දර පරිසරයට කරන විනාශය දැක මහත් දුකක් උපන්නේය,
මා එතුමාට එය කී විට කීවේ මෙයයි,
"දැන් අපට කරන්න පුළුවන් ටිකයි,
ලෝකෙ රජ කරපු අති දැවැන්ත ඩයිනෝසරයනට මොකද වුනේ?"
මා මේ අදහසට එක එල්ලේම එකඟ නොවෙමි,
එහෙත් එහිද ඇත්තක් ඇත,
කෙසේ වුවද සොබාව ගැන ලියන මට කියන්නට ඇත්තේ,
ඔබටද වෙනසක් කිරීමට කාලය එළඹ ඇති බවයි,
අපිට ලොකු වෙනසක් කළ නොහැකි වුනත් තමතමන් වෙනස් කරගත් හැඛ,
එසේම අපේ සිත ශක්තිමත් කරගැනීමද කළ හැක,
මේ එයට කාලයයි.
තේරෙන්නෙ නැති ලස්සන සිංදුව.
Слова песни
Огней так много золотых
На улицах Саратова.
Парней так много холостых,
А я люблю женатого,
Парней так много холостых,
А я люблю женатого.
Эх, рано он завёл семью!
Печальная история!
Я от себя любовь таю,
А от него - тем более.
Я от него бежать хочу,
Лишь только он покажется,
А вдруг, всё то, о чём молчу,
Само собою скажется?
Его я видеть не должна -
Боюсь ему понравиться.
С любовью справлюсь я одна,
А вместе нам не справиться!
Огней так много золотых
На улицах Саратова.
Парней так много холостых,
А я люблю женатого...
---------------------------------------------------------------
Fires are so many gold
On the streets of Saratov.
Guys are so many singles,
And I love a married,
Guys are so many singles,
I love married.
Oh, he soon started a family!
The sad story!
I love melt away,
And from him - even more so.
I want to run away from him,
As soon as he seems,
And suddenly, all of what silent,
Needless to say?
I see Him should not -
I'm afraid it like.
With love, I can handle alone,
And together we can not handle!
Fires are so many gold
On the streets of Saratov.
Guys are so many singles,
And I love a married ...
මෙන්න මේකෙ තිබුන ගීතයක් දාන්න ගිහින් තමා මේ සිංදුව හම්බුනේ.
කැමති නම් මේ ෆිල්ම් එක බලන්න හොයාගෙන,
මේකෙනුත් පෙන්නන්නෙ මිනිස්සුන්ගෙ තණ්හාව නිසා වුන දෙයක්.
ඇත්තටම හරිම හැඟීම්බර ෆිල්ම් එකක්.
මේ යන විදිහට ආයෙත් ලෝක යුද්ධයක් එන්න බැරි නෑ,
අපිත් සමහරවිට මැරෙන්න ඉඩ තියනව ඉස්සරහට වෙන විනාශ වලින්.
අනේ මිනිස්සු කොච්චර් මෝඩ ද?
ඉන්න ටික කාලෙට මේ මහපොළව බෙදාගන්න මැරෙනවා.
අන්තිම උදාහරණෙ මාලදිවයින,
කොච්චර පොඩි රටක් ද?
මොනවද තියන්නෙ බෙදාගන?
ඒත් ඒ ටිකටත් ගහගන්නවා.
රුසියන් භාෂාව දන්නෙ නැති වුනාට මං ඒ අකුරු වලට හරි ආසයි,
හරි ලස්සනයි,
අවසාන වශයෙන් උඩම තියන පින්තූරය මගේ නිර්මාණයක්.
ඇත්ත ෆොටෝ එකකින් හැදුවේ.


මිහිරිට සංසාරේ එපාවෙලාද? ඔක්කොම එපාවෙලා ලියලා තියනවා වගේ පෙනෙන්නේ....
ReplyDeleteහැමදේම නැති වෙලා යන ජීවිතේ ගැන දුක් වෙලා පලක් නෑ මිහිරී....දුකත් තාවකාලිකයි.:)
ටිකක් එපා වෙලා ලිව්වේ :)
Deleteඒත් ඉතින් දුක් වෙලා වැඩක් නෑ තමා,
ස්තූතියි වැදගත් දෙයක් මතක් කරල දුන්නේ,
"දුකත් වෙනස් වෙනවා"
ස්තූතියි පොඩි කුමාරිහාමි :)
දුක් නොවන් සොයුරේ. හැමෝම එක වගේ හිතනවනම් කොච්චර හොඳද ? කෙනෙක් පරිසරය රැක ගන්නකොට සීයක් ඉන්නව විනාශ කරන්න .
ReplyDeleteඔව් අක්කා :)
Deleteදුක් වෙලා වැඩක් නෑ :)
ස්තූතියි ඇවිත් ගියාට,
ඔයා දැන් අර කීව වගේම බ්ලොග් වල දැන් වැඩිය පේන්න නෑ වගේ නේද?
තම හැකි පමණින් කලයුතු යුතුකම් සහ වගකීම් ඉටු කිරීම කොතරම් හොඳ දෙයක්ද.ඔබේ උත්සාහය අපතේ නොගිය එකක් බව සිතමි.මා වෙනුවෙන් සටහනක් යෙදීම සම්බන්දව ස්තුති වන්ත වෙමි.
ReplyDeleteගලගෙදර ඇනෝ මහත්මයාටත් ගොඩක් ස්තූතියි
Deleteඔබතුමා අපිට ගොඩක් වටිනා තොරතුරු ලබාදුන්නා :)
වටිනා කරුණු තිබුණු ලිපියක්.ස්වභාවදර්මය ගැන ලියවුනු එකම බ්ලොග් එකද කොහෙද මේ.දිගටම ලියන්න
ReplyDeleteජයෙන් ජය..
ස්තූතියි අසරණයා අයියා :)
Deleteදවසකුත් මම කිව්වා වගෙ මෙ බ්ලොග් එකෙන් මම ලබා ගත් දේවල් බොහෝමයි.ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ට කරන්ට පුලුවන් දෙයක් කරමින් අන් අයවත් දැනුවත් කරන එක කොච්චර දෙයක්‌ද.වයසට ගියාම මෙ දේවල් ගැන හිතලා ඔයාට සතුටු වෙන්ට පුලුවන්.
ReplyDeleteදිගටම ලියන්ට..ජය වේවා!!
ස්තූතියි ගීත් අයියා...
Deletenice editing on photo....
ReplyDeleteden loke pawathina shaka sathwa kottasha walata wada wandaweegena yana shaka sathwa kotas wedi kiyala hithenawa..godak hoda karunu tikak godak dewal dena gaththa...