සීතරෑ වාතලේ මිහිදුමින් පිරීලා
සඳ කිරණ වලායෙන් වැටෙනවා පෙරීලා
රන්වනින් ඒසඳ සඳ එළිය නුඹ දිදුලලා
සියුම් වූ සුවඳ මට දැනේ නෙතු පියවිලා
මගෙ ජනේලය අසල ගාඩිනිය මල් නොවේ
ඒ අසල පිපුණ රතු රෝස මලකුත් නොවේ
වැටගාව පිපුණ ලොකු ඩේලියා මල නොවේ
ඉස්සරහ මිදුලෙ ඇති දෑසමන් මල් නොවේ
සුවඳ නුඹෙ පියකරුයි
සිහිනයක වගේමයි
තදත් නෑ ළාත් නෑ
එහෙත් මායා වගෙයි
එක්වනම දැනේ මට එක්වනම මැකී යයි
නුඹ කවුද නුඹ කවුද
මේතරම් සුවඳවත්
මගෙ පුංචි මල් උයන
ගෙපිටිපස තිබෙන්නේ
එහි කොනක එක් තැනක ගසක් සොඳ තිබෙන්නේ
ඒ ගසේ පත් ටිකක් රළු බවයි පෙනෙන්නේ
මල් සුදුයි නටු තැඹිලි පාට වග පෙනෙන්නේ
අහු වුනා අහු වුනා
කවුද මම දනිමි දැන්
රුවැති කෝමළිය නුඹ සිටවූයේ මං තමයි
සුන්දරයි නුඹව මට අතු සැවොම මල් දරයි
බුදු සමිදු පුදන්නට නුඹේ මල් අපූරුයි
අතීතේ සිට නුඹව සිටුවන්න සිහිනයක්
තිබූ මුත් මා සිතේ නෑ ලැබුනේ වාරයක්
ඇට ගෙනත් පැල කරත් උපන් පැල සිටි ටිකක්
කල් ගොසින් මියැදුනා නොනැවති ටික දොහක්
පන්සලේ පිටුපස්සේ නුඹේ මවු ගසක් උස
අවුව නැති වුන නිසා ඈ ඉතින් ගොඩක් උස
මුල ඇගේ බලන විට නුඹ සිටියේ අසල පස
වෙන් කරෙමි මම නුඹව ඉතිරි කරගෙනම පස
ස්වාමින් වහන්සේ නම "සුධම්ම" ලෙසයි
බොහෝ කල් පන්සලේ මෑණියන් ලෙස වෙසෙයි
දුක් ගැහැට ආවමුත් දමාලා නොම වඩියි
බෝ කලක් පන්සලේ රැක්ම වූයේ හිමියි.
අළුතින්ම පැවිදි වූ දරුවන්ම තුන් දෙනෙක්
පිරිවෙනට යැවීමට වෙහෙසුනේ ඒ හිමියි
පැවිදි බිම පියාණන් ලෙසින් හිමි වෙහෙසුණ
එහෙත් ඒ තුන් නමම ගියා කහවත් පියා
ඒ සමිදු අවසානයේ ගම හැරගියා
ඒ පුවත පිළිබඳව නොමතබමි මෙහි ලියා
ඒ නමුත් මා මෙසේ තබන්නෙමි මෙහි ලියා
සසර දුක් නිවන්නට ලැබේවා යැයි කියා
මම හිතුවෙ නෑ මෙච්චර දිගට ලියවෙයි කියල,
(arbor- ගහ tristis- දුක)
මේකෙ කුලය දැන් පිච්ච කුලය(Oleaceae),
පොහොර ඕන නෑ ඒත් අව්ව ඕන,
ගලක් උඩ වුනත් හරියනවා,
අතු බැඳීම මගින් පැල හදාගන්න පුළුවන්,
ඇටත් පැල වෙනවා ඒත් වැඩේ අමාරුයි,
කොළ වැලි කඩදාසි වගේ පාවිච්චි කරන්න පුළුවන්,
අම්මේ කොච්චර සුවඳ ඇද්ද මල් පිපුනම?
මටත් ආසයි එහෙම එකක් හදන්න.
මල් වල නටු සිවුරු පඬු පොවන්නත් ගන්නවා,
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්...
මාත් ගොඩාක් ආසම මල් ජාතියක්. ගහ පිරෙන්නම මල හැදෙනවනේ. සුවඳත් එහෙමයි.
ReplyDeleteආ අක්කා... කාලෙකින්නෙ දැක්කෙ...
Deleteස්තූතියි ආවට...
සේපාලිකා මලයි සුදුපාට මීදුමයි....
ReplyDeleteමලට නම් ආසයි. සුවඳටත් ආසයි. ඒත් නමට ආස නෑ..
ඇයි සේපාලිකා එක්ක තරහ?
Deleteනරියා සහ මිදි වැල වගේ කතාවක් ද?
මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ සේපාලිකා ගහක් හදන්ට.මල්ලි කියන විදියට නම් මහෙ හොඳටම හදන්ට පුලුවන් ඒ ගහක්.
ReplyDeleteකදුල පිසලන්න
සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න
සේපාලිකා...
ඔව් ඔව් ඔහෙ නියමෙට හරියයි,හදල බලන්ට,
Deleteමේ ගස් වලට සැප වැඩි වුනොත් නම් අවුලක්,
ඒත් අව්වේ කට්ට කන්ට නම් පුළුවන්...
ස්තූතියි අයියා
පුතා, මේ සයිට් එකට ආවම කොම්පීටරේ හිර වෙනව, මේ පාර නං එහෙම වුනේ නෑ, කොමෙන්ට් එකක් දැම්මෙ කීප සැරයක් රිස්ටාර්ට් කරල, පොඩ්ඩක් හොයල බලන්න අනිත් අයටත් එහෙම වුනාද කියල. ලෙඩේ මගෙ ලැපේද දන්නෙත් නෑ.
ReplyDeleteඔබා මාමා,
Deleteමට එහෙම එකක් දැනෙන්න්නෙ නෑනේ?
අනික් අයට කොහොමද මංදා,
කොහොමවුනත් මං උඩ තිබ්බ ස්ලයිඩ් ෂෝ එක අයින් කරා,
ස්තූතියි මාමේ
සේපාලිකා මල් සුවඳට මාත් හරිම ආසයි. අපේ ගෙදර නම් නෑ. ඒත් ළඟ ගෙදරක තියෙනවා. උදේට ගහයට මල් විසිරිලා, බලන්න ලස්සනයි. :)
ReplyDeleteමේ දවස්වල දියවැඩියාවට පිළියමක් විදිහට සේපාලිකා මල් වේලලා තම්බලා බොනවා නේ. සෑහෙන්න ගුණයක් තියෙනවා කියලායි අහලා නම් තියෙන්නේ. ඒත් ඖෂධීය පදනම නම් දන්නේ නෑ. වෙදමහත්මයා ගෙන්ම දැනගන්න එක හොඳයි.
ජය වේවා...!!
ස්තූතියි නංගි,
Deleteකාලෙකින් දැක්කෙ,
සේපාලිකා බෙහෙත් ගොඩකට ගන්නවලුනෙ,
මම දන්නෙත් නෑ,
අහගන්න ආසයි,
ඒත් වෙද මහත්තයා ළඟදි ආවෙ නෑ,
ලස්සන මලක්. සුවඳත් ලස්සනයි. නමත් ලස්සනයි.
ReplyDeleteහවසට පිපෙන මලක්ද නේද? මේ නමේ අර්ථය දෙනවා සමහර ගෑනු උදවියට. ඒක නම් දුක හිතෙන කතාවක්.
මේ පැත්තට ආවාම මට හිතාගන්ට බෑ මම ඉන්නේ කොහෙද කියලවත්. වතුර ගලනවා එක්කම කුරුල්ලෝ කෑගහනවා. වටපිට බලන්ට හිතෙනවා ගහක් මුලක ඉඳගන්ට...:D
ආ අළුත් නමක්,
Deleteමට මතකයි පොඩි කුමාරිහාමි කියල කෙනෙක් හිටිය ඔය පෙනුම තියන,
ස්තූතියි ආවට,
මල නම් හවසට තමා පිපෙන්නෙ ..
ගහක් නම් දාගන්න විදිහක් නෑ,
දැනට ඔච්චර තමා :)
කතාව ඉතින් ඉංගිරිස් නවකතා (ලොකු එව්වා) පරිවර්තනේ කොරන කෙනෙකුට කීවා පරිවර්තනේ කරල දෙන්න කියල,
ඒත් ඉතින් එයා අල්ල ගන්න හරිම අමාරුයි බුසී ලු.
අපේ අම්මලාගේ මහ ගෙදර ඉස්සරහා තිබුනා සේපාලිකා ගහක්...ඉරිදා ඉස්කෝලේ දවසට උදෙන්ම අනික් අය එන්න ඉස්සෙල්ලා කරන්නේ වට්ටිය පිරෙන්න මල් එකතු කරන එක...කොහොමහරි ලොකු මාමගේ දුවට නම දැම්මේ සේපාලිකා කියලා මාමා...මගේ ඉන්දියන් යාළුවට කියලා නම කියවගත්තා..ඌ කිව්වා ඔය මලට කියන නම කියලා...."පයිරිජාතම්" වගේ ඌ කිව්වේ...
ReplyDeleteඔයාගෙ ඉන්දියන් මිත්‍රය හරි,
Deleteපාරිජාත තමා,
ස්තූතියි අයියා ඇවිත් ගියාට,
මම නම් හරිම කැමති මලක්,
එකොළහ වසරෙදි විතර කැමති නමක් :) ;)
ඔව් ... මගේ ඉන්දියානු මිතුරිය මේකේ හෙඩින් එක දැකල 'පාරිජාත' කියල කියෙව්වා.
ReplyDeleteමාත් ආසම මලක් සේපාලිකා. ඉස්සර ඉස්කෝලෙදි අපි සේපාලිකා මල් ඇහිදිනවා උදේට...
ස්තූතියි සහෝදරී
ReplyDeleteමේ පැත්තෙ ඇවිත් ගියාට.