Monday, February 13, 2012

පිරිමි ළමයින්ට ප්‍රශ්නයක්; කවුද කැමති ඩොමිනිකාවට යන්ට? අත උස්සන්ට බලන්ට (No Age limit)


අද අපිට උගන්නව්වා සෝෂියෝලොජි.
ඒ කියන්නෙ සමාජවිද්‍යාවට සම්බන්ධ එකක්.
මටත් වැඩිය තේරුණේ, මොකද පාඩම ඉවරවුනේ නෑනෙ මතක විදිහට ලියන්නම්.
මේකෙ හරය  මෙහෙමයි ඒ කියන්නෙ ලිංගභේදය අනුව සමාජයේ බෙදීම් ගැන එකක්.
මේක රට ජාතිය ආගම වැනි දේවල් වලට අනුව වෙනස් වෙනවා,
කෙටියෙන් කීවොත් සංස්කෘතියට අනුව වෙනස් වෙනවා.
මේකෙ උදාහරණයකට ගත්තා ඩොමිනිකාව කියල රටක්,
තියන්නෙ දකුණු ඇමරිකාවෙලු.
ඒ රටේ මේ ගැන සමාජයේ පොදු අදහස මෙහෙමයිලු,

ගැහැණිය
1.එක පිරිමියෙකුට බැඳී සිටිය යුතුය.

2.ස්වාධීනව යැපිය යුතුය.

3.දරුවන් බලා ගැනීම ඔවුන්ගේ වැඩ සහ ලිංගික ජීවිතය ගැන මනා දැනුමක් එනම් දරුවන්   හැදීම ගැන හොඳින්ම දැන සිටිය යුතුය.
බෙහෙත් ගැනීමට පිට කෙනෙක් ළඟට විශේෂයෙන්ම වෙනත් කාන්තාවක් ළඟට යෑම පහත්ය, ඒ නිසා  අත්බෙහෙත් ගැන මනා දැනුමක් තිබිය යුතුය.
දරුවන්ගේ සියළු වැඩ වලට දක්ෂ විය යුතුය.
මේ නිසා මේ කාන්තාවන් සෞඛ්‍යය සදහා වෙනත් ගැහැණියක් ළඟට යන්නෙ දරුවන්ගේ බර කිරීමට පමණි.
ඒ ගැහැණුත් අවිවාහක තරුණ ගැහැණු.
එයද කරන්නෙ සායනය තුල නොව එළියේය,
එළියේ සිටින විට කාන්තාව දරුවාට කිරි පොවයි,
ඒ තමා දරුවන්ගේ සියළු වැඩ වලට දක්ෂ බවත්,
තමන්ට දරුවන් බලාගැනීම හැකි බවත් සමාජයට පෙනීමටය.

4.හැකි තරම් දරුවන් වැදිය යුතුය.

5.ඔවුන්ගේ විශ්වාසයට අනුව සෞඛ්‍යය හැඟීම් හා බැඳී ඇති බැවින් තම ස්වාමියාගේ හිත නරක් නොකළ යුතුය.


පිරිමියා
1.හැකි තරම් ගැහැණු සමග සිට හැකි තරම් දරුවන් සැදිය යුතුය.

2.එක ගැහැණියෙක්ට බැඳී ඇති බව පෙන්වීම පහත්ය.

3.දරුවන් හැදුවද ඔවුන් ගැන සොය බැලීම අනවශ්‍යය,
  සුළු ආධාර දිය යුතුය,
  ඒද තමන් වැඩකාරයෙක් බව පෙන්වීමටය.

ඉතින් මේ රටේ ලිංගික රෝග පාලනයට උපත් පාලන කොපු හඳුන්වා දුන්නලු.
ඒත් ඒක සාර්ථක වුනේ නෑලු,
මොකද ගෑණු කැමති නෑ පිරිමියාව අසතුටු කරන්න.
පිරිමි කැමති නෑ ඒව පාවිච්චි කරන්න මොකද එහෙම කරොත් ඒ ගෑණු කෙනාට විශේෂ බැඳීමක් තියන බව පේන නිසා!!!

දැන් සමහරවිට මෙහෙම නැතුව ඇති,
මොකද දැන් ටිකක් ලෝකෙ දියුණුයිනෙ (තාක්ෂණය අතින්)
ඔබ මොකද හිතන්නෙ මේ කතාව ගැන?
මට නම් හිතෙන්නෙ මේ ගෑණු පිරිමි ඔක්කොම පව්,
ඔක්කොටම ලැබෙන්නෙ ශෝකජනක අනාගතයක්.
අපේ අල්ලපු රටවල් කොහොමද?,
ඉන්දියාවෙ දැන් ලොකු ප්‍රශ්නයක්ලු සමහර පළාත් වල ගෑණු අඩුකම,
මොකද මිනිස්සු ගෑණු දරුවන් හදන්න කැමති නෑ,
මොකද බඳින්න දෑවැදි ඕන.
ගෑණු දරුවන් පිළිසීන්දගත්තම ගබ්සා කරනවලු.
(ගබ්සා නම් අපෙ රටෙත් අඩු නෑ)
ඒ වගේම පකිස්ථානය වගේ රටවල ඇසිඩ් ගැසීම් ගැහැණුන්ව ගිණි තැබීම් අධිකයි.
ඒ නිසා සතුටු වෙන්න ඔබත් මමත් ඒ වගේ තැනක ඉපදුණේ නැති එක ගැන.
අපෙ රට බෞද්ධ රටක් වුන නිසා මේ වගේ ලිංග භේදයට අනුව විසමව සැලකීම අඩුයි.
ඔබ මේ රටේ ඉපදුණේ පිනකට,
ඒ නිසා රට රැකගන්න, ඔබත් රැකෙන්න,
මේ කීවෙ ගෑණු පිරිමි දෙගොල්ලටම.
***මේක විහිළුවක්වත් ෆැන්ටසියක්වත් නොවන බව කරුණාවෙන් සළකන්න.

සටහන:
දැන් එක දිගට පෝස්ට් දාල තියන නිසා මගෙ හිතේ ජනතාවට දාපුව  හරියට කියවන්න බැරිවෙන්න පුළුවන්.,
කැමති නම් කියවන්න පසුගිය වැදගත් ලිපි,

ඒ වගේම ඒවා බැලුවෙ නැතත් මෙන්න මේ ලිපිය දැක්කෙ නැත්නම් බලල, මේ රෝගී වෙලා ඉන්න අපි වගේම තරුණ,ගෑණු ළමයට උදවු කරන්න,
කවුද දන්නෙ අපිටත් ඔහොම ලෙඩක් හැදෙයිද නැද්ද කියල?
අවශ්‍යය රුපියල් 220000ක් වගේ මුදලක්ලු,
ඒක දුප්පත් දෙමව්පියන්ට දරන්න අමාරුයිලු,
ඉහින් ඔබට පුළුවන් රුපියල් 100කින් හරි මේකට දායක වෙන්න.


"ඈ නමින් “ලක්ෂිකා තිළිණ මධුෂානී“  වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව ,  උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ  “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“  , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.

ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද  පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් ,  තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව  සිටිනා බව ඔබ දන්නවාද ? ...

ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list)  රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“  තුලදී පිළිකාවේ ඉතිරි කොටස්  පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට  ඇත්තේ වැඩි අවස්ථාවකි ,"

Read Full Article

14 comments:

  1. මම වතාවක් ඇහැව්වා මගේ අබෞද්ධ මිතුරෙකුගෙන් ඔවුන් බහුභාර්යා සේවනය අනුමත කරන්නේ ඇයි ?ඇයි බහු පුරුෂ සේවනයට ඉඩ නොදෙන්නේ? එය ගැටළු සහගත නේද කියලා?

    පිළිතුර: එක් පිරිමියෙක් ගැහැණු කීප දෙනෙක් සමග පවුල් කනවානම්, හැදෙන දරුවන්ගේ දෙමාපියන් හරියටම කවුද කියන්න පුළුවන්ලු. ඒත් බහු පුරුෂ සේවනයේදී පියා කවුද කියන එක හොයා ගන්න අමාරුලු. :D

    මම අහල තියෙනවා ජර්මනියේ පිරිමි හිඟයක් තියෙනවාලු.

    ReplyDelete
    Replies
    1. නියම උත්තර තමා දෙන්නෙ,
      කියල වැඩක් නෑ,
      වෙන්න ඇති දන්නෙ නෑ,
      සමහර රටවල් වල කිසිම චාරයක් නෑනෙ.

      Delete
  2. ඔන්න මූනු පොතෙන් බෙදා ගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජෝන් මාමේ :)

      Delete
  3. මෙහෙ හොඳා..... මුස්ලිමුන් කාන්තාවන්ට පහත් විදිහට සැලකුවාට ගැහැනු දරුවන් ගබ්සා කරන තත්වයක් නැ , මොකද උන් ලෝකෙම මුස්ලිම් කරන්න හිටු කියල පැටව් ගහන්න දෙපාර්ශවයම ඕනි කියල දන්නවා . අල්ලපු රටේ උන්ට නම් මොංගල් . කාන්තා දේවරූපවලටත් වඳින ගමන් ගැනු ළමයි මරනවා

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න අවශ්‍යතාවයක් අරාබි කාරයින්ට නැහැනේ
      ගැහැණු දරුවෝ කියන්නේ උන්ට සල්ලි උල්පතක්නේ
      කසාද බඳින කොල්ලා, කෙල්ලගේ තාත්තට ලොකු ගානක් දෙන්න ඕනේ දෑවැද්ද විදිහට(සවුදියේ)
      ඉන්දියාවේ තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දෑවැදී ක්‍රමයක් නිසා තමයි ඔය ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ

      Delete
    2. අප්පා ඒ සීන් එක දන්නේ අද ,එහෙම නම් ඉතින් ගැනු දරුවන්ට තමයි වැඩිය කැමති ඇත්තේ

      Delete
    3. ඒක සවුදියෙ නෙමෙයි සමස්ථ මුස්ලිම් ජාතියෙ/ ආගමේම ක්‍රමයයි.ඒකට කියන්නෙ "මෙහ්ර්" කියල. ඉන්දියාවෙ ලංකාවෙ මුස්ලිම් උනුත් නමට/ දෙය්යො අප්සට් කර නොගන්න මේක දීල අපේ ක්‍රමේට ඊට වඩා ලොකු මල්ලක් ගෑණිගෙන් ආයි ගන්නව.

      Delete
    4. ඔව් බුවා අයියා,
      අනාගතේ අපෙ රටෙත් ඉතින් මුස්ලිම් ගහනය වැඩි වෙයි කෙලවරක් නැතුව.

      ලොකු පුතා අයියා:
      එහෙමත් එකක් ද?
      මමත් ඇහුවෙ අද

      සිංහයා අයියා:
      හෙ හෙහ් ඒකත් ලාංකීයකරණය කරල :)
      කපටියො!!!

      Delete
  4. අර හදන(හැදෙන) ළමයින්ට කාගෙ පිහිටද?
    අපි නොදන්න කොච්චර දේවල් මෙ ලෝකෙ සිද්ද වෙනවද ?
    ස්‌තූතියි අපිටත් මෙ කතාව කිව්වට.

    ReplyDelete
  5. හ්ම්ම් ඒක ඇත්ත ....
    පව් ඉතින් ඔක්කොමලා

    ReplyDelete
  6. ඔබ හරි සහෝදරයා,
    ගෑණු පිරිමි වගේ වෙන්න ගියොත් වැඩ අවුල්.

    ReplyDelete