මේකයි සීන් එක, සමහරු නම් දැකල ඇති මොකද්ද මේ කියල,
නිධාන කතාවෙන්ම පටන් ගමුකො.
ඔබා මාමා ඉස්සල්ලම කීවා
"පුතා බැරිද වයිපරේ ඔන් කරන්න අපි වගේ නාකින්ට කියවන්ට අමාරුයි"කියල.
පස්සෙ කට්ටිය දෙතුන්දෙනා කීවා වයිපර් ඔන් කරන්න කියල,
අන්තිමේට මට ඇඳුම් මාරු කරල එපා වෙනකම් මාරු කරා.
ඒත් හරි ගියේ නෑ,
eg:ObserverOct 23, 2011 08:56 PM
අද නං පෝස්ට් එක කියෝල ඉවර වුනාට පස්සෙ, වතුර බිංදු මතු වුනේ(මුලම එක හෙව්වා හම්බුන් නෑ )
අන්තිමට ටෙම්ප්ලේට් එකම වෙනස් කරා.
ඊට පස්සෙ සමහරු කීවා ඔච්චර දවස් කමෙන්ට් කරේ නැත්තෙ වතුර බින්දුත් එක්ක තියන තරහට කියල,
යන්තම් මම අර ගෑණු දෙන්නෙක් ඉන්න ගමරාලට වුන වැඩේ වගේ කරගන්නෙ නැතුව කොහොම හරි ජාමෙ බේරා ගත්ත.
දැන් තියන බැක්ග්‍රවුන්ඩ් එක නම් අවුලක් නෑ වගේ,
කට්ටියම හොඳයි කීවා,
ඔබා මාමත් හොඳයි කීවා.
ඔන්න ඒ කතාව ඉවරයි,
ඊළඟට අද උදේ වුන සීන් එක,
මට තියනවා උණක් මගේම ඒවා පාවිච්චි කරන්න,
ඔය වතුර බිංදු ප්‍රශ්නෙ වුනත් ඇති වුනේ ඒක නිසා,
මොකද මට ඕන කරේ බැක්ග්‍රවුන්ඩ් එකට කොහොම හරි මංම ගහපු ෆොටෝ එකක් දාන්න,
ඉතින් ඒක කරාට පස්සෙ තමා ඔය අවුල ආවේ,
ආයෙත් ට්‍රැක් පැන්න නේද...
කොහොම හරි අද උදේ මට හිතුන ක්‍රෝම් එකේ තීම් එක වෙනස් කරන්න,
මට හිතුනා "අඩේ අප්පා මේකටත් බැරි වෙයිද මගේම ෆොටෝ එකක් දාගන්න???" කියල.
ඉතින් ඒ ගැටළුවට උත්තර සෙවීමේ ප්රයත්නයේදී තමා මේක හම්බුනේ,
තීම් හදන වෙබ් සයිට් එකක්,
(කකා මාමගෙ බ්ලොග් එක දැනුම් සාගරේ වුනා වගේ මගේ එක ටෙක්නිකල් බ්ලොග් එකක් වෙයිද මංදා හෙහ් හෙහ්)
![]() |
| ChromeTheme.net |
හදාගෙන ඉවරවෙලා ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්,
එහෙම නැත්තං එතන්දිම දාගන්නත් පුළුවන්,
ඉතින් ඔහොම හදපු ඒවාගෙන් පලවෙනියටම හදල ඉවරකරපු එක තමා,
මුලින්ම හදන්න ට්‍රයි කරේ පෙරසේම වතුර බිංදු සහිත එකක් ඒත් ඒක ඉවර කරගන්න බැරි වුනා.
ඉතින් කොහොම හරි උඩ එක ඉවර කළාම යට එක හදාගත්ත,
ඒකට දාපු නම තමා
ග්‍රීන් තීම්; ට්රිබියුටෙ ටු ඕල්ඩ් අන්කල්; මිස්ටර් ඔබ්සවර්
ඔය උඩම ඉන්නෙ අන්කල් ඔබා හෙවත් ඔබා මාමා,
(ආහ් ඔබා මාමෙ කොහොමද ලංකාවෙ රෝස? මගෙ ජනේලෙ ගාවේ තියන්නෙ උඩ බලන්න)
දැකල නැත්තං බලාගන්න (ගෝඩෝනියා බ්ලොග් ප්‍රමෝ :))
නාකි වුනත් නිකං කොල්ලා වගේ,
මේ දවස් වල අමුතුම හීනයක් දකිනවා වගේ,
ලෙඩක් හදාගන්න,
චූටි ළමයි බලන්න එපා.
බයි ද වේ මට මේ ෆොටෝ එක දැක්කම මතක් වෙන්නෙ ලංකාවෙ පළවෙනි ටෙලි ඩ්‍රාමා එකේ හිටපු අර දෙමල සුපිරින්ටෙන්ඩන්ට්ගෙ මූණ (රාජා මහත්තයා?).
මම හරි ආසාවෙන් බලපු ටෙලියක්,
හරිම ලස්සනයි,
සංගීතය මර්වින් පෙරේරා ගෙ,
ලිව්වෙ සහ අධ්‍යක්ෂණය කරේ මං හිතන්නෙ දයා ද අල්විස්,
මේක ඒ කාලෙ ජාති අතර සුහදතාවය ඇහි කරන්නද කොහෙද හදපු එකක්,
මොකද දෙමල කැරක්ටර් වගේම දෙමල සබ් ටයිටල්ත් තිබුන,
මම මේකට ආස කරේ වැඩියෙන්ම මේකෙ තියන පරණ ගතියට,
අනික ඒකේ තිබුන ගැමි කමට,
අනික අර ජැකී චෑන්ගෙ මූවි වල වගේ මේකෙ අන්තිම පාට් එකේ හදනකොට වෙන අනතුරු දාල තිබුනා,
රාජා මහත්තයා (=ඔබා මාමා වගේ කෙනා) මේට් බයිසිකලයක් රූරූං ගාන්න ඇක්සලරේට් කරල විසි වෙන එකක්.
ඒකාලේ මේවා පෙන්නනකොට මැජික් වගේ තියෙන්න ඇති නේ ද?
කොහොමත් දැන් යන විකාර වලට වඩා මේක නියමයි.
විශේෂ දැනුම්දීම: මා මේ ටෙලිය බැලුවේ දැනට වසර කීපයකට කලින් රිපීට් ටෙලිකාස්ට් කළ නිසා බව කරුණාවෙන් සලකන්න.
ඉතින් අන්තිමට කියන්න තියන්නෙ කැමති අය මගේ තීම් එක දාගන්න.
කැමති නැත්තං එපා,
කැමති අය කැමති විදිහට අළුත් තීම් හදාගන්න,
මම තව දෙකක් තුනක් හදලා දාන්න ඕන :)
එසේ නම් මෙතැන් පටන් මේ නව ක්‍රෝම් තීම් මගේ බ්ලොගයේ පාඨක පාඨිකාවන්ට භාවිතය සඳහා ජනසතු කරන ලදි!
විශේෂයෙන්ම මට උදව් කළ නම නොදන්න දන්න සියළු පාඨක පාඨිකාවන්ට ද,
ඊටත් වඩා මේ බ්ලොගය කියවා වැදගත් යමක් ජීවිතයට එක් කරගත් සැම දෙනාටද මේ තීම් උපහාර වේවා!
(තනි කෙනෙකුට උපහාර දීමට වඩා බොහෝ දෙනෙකුට පිදුම බොහෝ විට සාර්ථකය! :))
ස්තූතියි.
![]() |
| Tribute To Uncle Observer |
![]() |
| I Love Kandy |
![]() |
| Save The Nature of Sri Lanka |
මම ඇනෝ බ්ලොක් කරපු එක ගැන?
ලොකු පුතා අයියා කියන එක ඇත්ත වග නම් දන්නවා මං.
[ඔබා මාමාට යම් අපහාසයක් වුනා නම් සමාවෙන්න,
මොකද මෝඩ ඇනෝලා නිසා අපිට විහිළුවක් වත් කරන්න බෑනෙ :)]
තව ඉතින් මේ තීම් එක බලල හොඳ නම් කියල යන්න.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com





නුවර වැවේ වතුර නිල් වෙලා තීන්නෙ කවුරුහරි වැවට අල්ලං ගහලද. :D
ReplyDeleteඔබා-ම හින්ද සේවෙකුත් උනා එහෙනං!
නෑ නෑ මේක ෆොටෝෂොප් වැඩක් නෙවේ,
Deleteදන්නවනෙ මම ඉතින් එහෙම එව්වා දාන්නෙ නෑ,
මේක සොබාවික එකක්,
ලස්සනයි නේද?
උඩ හරිය නම් මට එච්චර තේරුනේ නෑ සහෝ...
ReplyDeleteඒත් ඇනෝ කමෙන්ට් ගැන යමක් කියන්නම්...ඔයාට එව්වා බ්ලොක් නොකර ඉන්නයි තිබුනෙ..මොකද බ්ලොග් කියවන හැමෝටම ෆ්‍රොෆයිල් නෑනෙ..ඉතින් ඔහොම කළාම වටිනා අදහසුත් මඟහැරෙන්න පුලුවන්...
හොඳමදේ කමෙන්ට් මොඩරේට් කරන්න...එතකොට ඕනෙ නැති කමෙන්ට් හලන්න පුලුවන්නෙ...
ඔව් ඒක ඇත්ත,
ReplyDeleteඒත් ඉතින් එහෙම කරාමත් කමෙන්ට් කරන අයට පාඩුයි,
මොකද අනික් අය මොනවද කියල තියන්නෙ කියල පේන්නෙ නෑනෙ ඇක්සෙප්ට් කරනකං.
දුක නෑ අනෝ කමෙන්ට් වලට,
ඒත් මේ පිස්සු ඩයල් ඇවිත් විකාර කරනකොට අපිටත් ඒවට උත්තර දෙන්න කාලෙ කන්න වෙනවනෙ.
ස්තූතියි සහෝදරයා,
දැනට කමෙන්ට් මොඩරේෂන් දැම්මා,
හප්පේ මේ දැං ඔෆිස් එකට ආවේ...පිංතූරෙත් එක්ක ඔබා මාමා ඉන්නවා..ඒ මදිවට උපහරයක් කියලා...මම හිතුවෙම නරක ආරංචියක්වත්ද කියලා...
ReplyDeleteනෑ නෑ ඔබා මාමා යහතින් ඇති :)
Deleteඅපොයි මමත් බය උනා. ඔබා මාම කියන්නේ මගේ ගුරුවරයෙක්නේ. හැබැයි එතුමා තාම ඒක දන්නේ නැහැ
ReplyDeleteඇත්තට ඔයාගේ ගුරුවරයෙක් ද?
Deleteපවු ඔබා මාමා ඔක්කොමල බයවෙලානෙ..
අන්න හොඳ මිනිස්සු,
Deleteඔයත් හොඳයි එහෙම පොඩි උදව්වක් වුනත් මතක තියන් හිටියට :)
බ්ලොග් වලට ටෙම්ප්ලේට් හදන්න නම් මේක පාවිච්චි කරන්න ජූම්ලා, බ්ල්ගොස්පොට්, වර්ඩ්ප්‍රෙස් වලටත් පුළුවන් http://www.artisteer.com/
ReplyDeleteස්තූතියි සහෝ,
Deleteමම චෙක් කරා සොෆ්ට්වෙයා එකක් නේද?
නිවාඩු පාඩුවෙ එකක් හදාගන්න ඕන :)
මමත් දාලා තියෙන්නේ..ලස්සනයි නේද..
ReplyDeleteමම ආසම මේ කුරුල්ලෝ කෑ ගහන සද්දේට..මට හිතෙන්නේ එතකොට මම වතුර ගලන් යන දිය ඇල්ලක බැහැලා ලස්සන කුරුල්ලන්ගේ සිංදු අහ අහ තනියෙම ඉන්නවා වගේ...පුදුමාකාර සැහැල්ලුවක් නිස්කලංක බවක් දැනෙනවා..
ප/ලි.. ඇනෝලා හැමෝම නරක නෑ..සමහර අය තමා අනිත් අයගේ නිදහසට බාදා කරන්නේ..
ස්තූතියි පුංචි කුමාරිහාමි,
Deleteඔබේ ප්‍රතිචාරය වටිනවා,
මොකද මේක හොඳයි කීවේ අඩු පිරිසක් :)
ඔව් ඔව් සමහර ඇනෝලා නියමයි :)
මොනා උනත් කමක් නෑ වැදගත් ඇහින්දාස් ගොඩක් මෙ ලිපියෙ තිබුනා
ReplyDeleteතැන්කියු ජෝන් මාමෙ :)
Deleteදැන් බලන්ඩ ඔබේ බ්ලොග් ටෙම්ප්ලෙට් එක දිහා. අනුන්ට හදල දෙන්ඩ කලින් තමන්ගේ එක ගැන දැන ගන්ඩ එපැයි. ඇසට ප්‍රියද? එක එක විජෙට් ඇතිරී ඇති ආකරය ලස්සනද? අකුරු වල තත්වය පැහැය කියවන්ඩ ලේසිද? ඔවරෝල් සංවිදානය හොඳද? ?
ReplyDeleteඔබේ බ්ලොග් එකේ පැහැය මහ මූසල කාලකණ්නි කොල පාටක්. එක පාරක් කවුද ඇහැව්වත් එක්ක ඇයි මේ හයිලයිටර් පෑනක් වගේ පාට තෝරන්නෙ කියල. ඔබේ බ්ලොග් එක දැක්ක ගමන් මතක් වෙන්නෙ මුස්ලිම් පල්ලියක කක්කුස්සිය.ඊලඟට අකුරු පොල් තඩි අකුරු, අවුරුදු 103 ක් වෙන අපෙ ආච්චිටම කියවන්න ලියනවද මන්ද. අකුරු වලයි ටෙම්ප්ලේට් එකයි එල හරකයි මී හරකයි වගේ කිසිම ගැලපීමක් නැහැ. එක එක විජෙට්ටු ඔහේ එල්ල හැලෙනවා , කිසිම සංවිදානයක් නැහැ, හරියට කාල ඉවරවෙච්ච කිරිහට්ටියක් වගෙ. ඔන්න ඔබට දුන්නා විචරයක්. විචාර වලට බයේ ඇනෝලට පිස්සු කිව්වම වෙන්නේ ඔබ තවත් නෝන්ඩි වෙන එකයි.
PS
අර ඔබ හදපු දුඹුරු පාට ටෙම්ප්ලේට් එකේ තියෙන්නෙ පරන බලු කක්ක ගොඩක්ද?
ස්තූතියි ඇනෝ,
Deleteපළමුවෙන්ම ඔයා විතරයි හොඳට තීම් එක බළල තිබුනේ,
එකම අවාසනාව ඔයා දැකල තියන බලු බෙටි ඉදුන කෙහෙල් කොළ වගේ වීම,
සොරි,
ඔයා තරුණ වුනත් අපෙ නාකි ඔබා මාමා වගේ අයට පොඩි අකුරු කියවන්න බෑනෙ,
ඒ නිසා ඉහින් සොරි,
මම දන්න විදිහට පොඩි අකුරු කියවන්න බැරි ලෙඩ තිබුනට ලොකු අකුරු කියවන්න බැරි ලෙඩ නෑ,
ඒ නිසා බහුතරය ගන හිතල ලොකු අකුරු දැම්මෙ,
වැඩිහිටියෙක් කියන ඒවා එකපාරට අහක දාන්න බෑනෙ,
උපකාරයක්නෙ ඉල්ලන්නෙ,
ඒකයි අකුරු ලොකු කරේ,
ඔයාගේ ආච්චිට දීරඝායුෂ ලැබේවා!
මම එච්චර වයස ආච්චියෙක් දැකලම නෑ,
කොළ පාට ඉතින් මම හදපු එකක්යැ?
සොරි ඉතින්,
සොබා දහම කීවම මාත් ඇතුළු ගොඩක් අයට මතකෙට එන පාට කොළ පාට,
ඒ නිසා කොළ පාට දැම්මෙ,
මොනව කරන්නද ලෝකෙ ගොඩක් ගස් වල පාටත් ඒ පාට,
ඒක,
අනික මම පල්ලි වලට ගිහින් නෑ,
ඒක නිසා පල්ලියෙ ටොයිලට් එක ගැන කොහොමත් දන්නෙ නෑ,
ඔයා ගිහින් තියන එක ගැන සතුටුයි,
නොදැකපු අපිට උපමා උපමේය සපයනවනෙ,
ඔයාගෙ උපමා කෞශල්‍යය නියමයි,
නෝන්ඩි වුනත් මොකද?
නමක් නැති කෙනෙක්ගෙන්නෙ,
මගෙ හතුරෙක් ද දන්නෙ කවුද?
සමහර ඇනෝලට පිස්සු,
ඔයා වගේ නෙවේ,
කිසි ඉලක්කයක් නැතුව පරණ තරහවල් ඉරිසියාවල් හිතේ තියන් ඇවිත් විකාර කියවල යනව,
ඒ වගේ අයට මෝඩ නොකිය මක් කියන්නද?
ස්තූතියි ඈ,
ආයෙත් එන්න :)
ආහ් මගේ තීම් අසාර්ථකයි කියල අපෙ අයියත් කීවා,
අනික් අය කියන ඒවත් බලන්න ඕන :)
මම නම් ඔය වැඩිය ටෙක්නිකල් ඒවා ගැන නම් දන්නේ නෑ. උපහාර කරපු කෙනා තාම ඇවිත් නෑ වගේ නේද?
ReplyDeleteමගේ බ්ලොග්වල පින්තූරත් දැක්කා...ලස්සනයි....:D:D:D
ඇනෝලා ගැන නම් කියන්ට තියෙන්නේ අර හැමදේවලම වගේ හොඳ හා නරක දෙකොටසක් ඉන්නබවයි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි එයාලට මොකක් හරි නමකින් එන්ට බැරි එක.
මමත් ටෙක්නිකල් දන්නෙ නෑ :)
Deleteනිකමට ටෙස්ට් කරේ :)
ස්තූතියි...
ඔබා මාමා තාම නෑ වගේ,
කමක් නැත :)
ඇනොලගේ උල් ඇන වලට ඔය කස්ටිය ඔච්චරම බය මොකැයි?
ReplyDeleteඅනේ බය නෑ ඇනෝ,
Deleteසමහර ඇනෝලා මහ ඇන...
අදාල නැති දන්නෙ නැති ඒවට කට දාලා අදාල නැති ඒවා කියල යනවා :)
ස්තූතියි...
(මේ කීවේ ඔය ඇනෝට නෙවේ)
ඔයගෙ වැඩේ නම් හොඳයි.
ReplyDeleteමල්ලි අර ටෙලියෙ නම මොකක්ද?
ඔයගෙ බ්ලොග් එකෙ මටනම් කිසිම සද්දයක් නම් ඇහෙන්නෙ නැතෝ....
ටෙලියෙ නම දාලා තියනවා,
Deleteළාහිරු දහසක්,
ස්තූතියි,
ඇයි ඇහෙනවනෙ?
නුවර වැවේ තීම් එක හරි ලස්සනයි ..මටත් ආස හිතුනා..පුන්චි කුමාරිහාමි කිව්ව වගේ මේ බ්ලොග් එකෙන් ඇහෙන කුරුලු ශබ්දය අහන් ඉන්න මමත් මාර ආසයි..
ReplyDeleteස්තූතියි සිත් රූ,
Deleteමමත් ආසයි ඒකයි දැම්මෙ,
සමහර වෙලාවට මම වෙන වැඩක් කරනගමන් මේක ඇහුනත් හෙඩ් ෆෝන් දාගෙන අහනව :)
ස්තූතියි තීම් එක හොඳයි කීවට,
ඔයා ඒක දාගත්ත ද?
අන්න මම ඔයාටම පෝස්ට් එකක් දැම්මා මේ වැඩේට ගැලපෙන
ReplyDeletehttp://kunchaa.blogspot.com/2012/01/gordonia-ceylanica.html
කුංචා ස්තූතියි මම ඔයාගෙ පෝස්ට් එකක් බැලුවා,
Deleteනිවීහැනහිල්ලෙ ආය කියවන්න ඕන :)
ඔබ ඇනොලා සමග නිරපරාදේ ගැටුම් ඇතිකරගැනීම අනුවන කමකි.මෝඩ ඇනොල ආදී වශෙයෙන් ඔවුන්ව හැදින්වීම නිසා ඔබට රළු ප්‍රතිචාර වලට මුහුණ දීමට සිදුවේ.අනිත් අතට ඇනොලා යනු පිට සක්වල ජීවීහු නොවෙති.සමහරු ඔබ මෙන්ම බ්ලොග් ලියන්නෝ වෙන්නට පුළුවන.නැතිනම් ඔබ කලබල වෙන ආකාරය දකින්නට කැමති ඔබේ හොඳම මිතුරෙක් විය යුතුය.ඔබ කලයුතු හොඳම දේ නම් අසැබි නොවෙන,ඔබ අකමැති,කැමති ඇනෝ කොමෙන්ට් වලට ඉඩ දීමය.මගේ මතය නම් ඇනෝ කොමෙන්ට් නිසා බ්ලොග් අඩවියක් ලස්සන වෙන බවයි.බොහෝවිට තම නමින් කරන අදහස් දැක්වීම් වලදී ඔබට ලැබෙන්නේ ඒකාකාරී වූ අදහස් පමණී.නමුත් ඇනෝ අදහස් එසේ නොවේ. නිකමට බලන්න මීට කලින් ඇති ඇනෝ අදහස් දෙස මටනම් ඒවා කියවීම හරිම විනෝද ජනක දෙයකි.
ReplyDeleteවැදගත් ලිපියක්.උපහාර කරන දේ ගොඩක් වටිනවා.ඔය මගේ බ්ලොග් එක ගැන දාල තිබුන නිසා ගොඩක් දෙනෙක් එක හරහා ආව.එකට් අමගේ උපහාරය.
ReplyDeleteස්තූතියි අසරණයෝ,
ReplyDeleteඔව්වා මොනවද?
ඔයාව ප්‍රමෝට් කරන්න ගිහිල්ලත් පිස්සු ඇනෝ කෙනෙක් ආව :)
ඔව් ඔව් ඇනෝලත් අත්‍යවශ්‍යයි,
ReplyDeleteඒක ඇත්ත,
ඔන්න එන්න දුන්නා :)
ඔයා නුවරද?
මගෙ යාළුවෙක් හිටියා ඇලෙක්සැන්ඩර් කියල,
කාලෙකින් දැක්කෙ නෑ...
උටත් කීවෙ සැන්ඩර් කියල :)
කුරුළු සද්ද් ඇගයුවාට තුති,
ඒ වගේම තීම් එකත්,
ඒවා වාසනාවට දකීන ලැබුන ඒවා :)
මේතෙන්ට ආවම මාර ගතියක් දැනෙන්නෙ.... දොලපාරක් ලග කුරුලු විමානෙකට ලැප අරං ගිහිං ලියමන කියවනවා වගේ හිතෙන්නෙ
ReplyDeleteස්තූතියි බුද්ධි,
ReplyDeleteආයෙත් එන්න,
ඔබේ අදහස් ලියල යන්න :)
අනුන්ගෙ කොම්පියුටරේකින් කියෙව්වෙ. මගේ ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් කරන්න ඒක දෙන්නෙ නැහැ, 'ගිනි නරිය' වළි අදිනව. ගෙදර ගියාම හෝ වැඩට ගියාම ආපහු එන්නම්. පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා.
ReplyDeleteමෙන්න මෙයා ඇවිත්. :D
Deleteඇවිල්ලා ඇවිල්ලා ඔබා මාමා බ්ලොගට ඇවිල්ලා :)
Deleteස්තූතියි ඔබා මාමා,
ReplyDeleteපෙන්නන්න ඔබී නැන්දට,
පේනවද හාමිනේ මට තියන අගේ කියල :)
රාමගෙ අඩවිය අපි දන්නවා,
මටත් ඇවිත් උදවු කරල තියනව අපෙ ඉඳුනිල් අයියා,
ලෝබ නැතුව උපදෙස් දෙන මනුස්සයෙක් :)
කමෙන්ට් ඇනෝ නැතුව දානව නම් හොඳයි තමා,
ඒත් ඉතින් හැමෝටම අකවුන්ට් නෑනෙ,
ඒ නිසා වටිනා අදහස් නිකං හරි ලියල යන එක හොඳයි...
අනේ ඇත්තම කියනවා නම් මටත් කුරුළු කූජනය ඇහෙන්නෙ නෑනෙ. ඇයිද මන්ද.
ReplyDeleteඅනේ මංදා ඉතින්,
ReplyDeleteඔයා ලොකු හෙඩ් ෆෝන් එකකුත් ගහගෙනනෙ ඉන්නෙ,
පුදුමයි,
ෆ්ලෑෂ් වල අවුලක් ද මංදා? O.0
හරිම ලස්සන බ්ලොග් එකක්. ඇහැට ප්‍රියමනාපයි. සද්දෙ අහගෙන ඉන්න ආසයි.
ReplyDeleteදිගටම ලියන්න.
henryblogwalker the Dude