Thursday, January 5, 2012

පැපොල් Ξ pregnant Mother ???


අයියෝ වැරදිලා පබ්ලිෂ් වුණානෙ,
දැන් මක් කොරන්ටද? ලියාපං ඉතින් බලන්ට එන අය කඩේ නොයවා....

අනේ දෙයියනේ පාඩුවෙ පැපොල් කෑල්ලක් කාල හිටිය මිනිහට වුන දේ...
ඒක කනකොට මට හිතුන බ්ලොගයට දාන්න ඕන කියල,
ඩ්‍රාෆ්ට් එකේ ටොපික් එකකට දාල සේව් නෙවේ පබ්ලිෂ් ඔබලනෙ මෝඩයා.
කමක් නෑ දැන් ලියමු,
මේ ගැන කලිනුත් ලීවා වගේ මතකයි,
මිනිස්සුන්ගේ දැඩි තණ්හාව නිසා වෙන දේවල්,
මිනිස්සු මොකද කරේ පැපොල් වලට?
පැපොල් කියන්නෙ හොඳට ඇට පැලවෙන ඉස්සර ගෙවල් වල නිකන් පැලවුන ගහක්,
මිනිහා මොකද කරේ අධික තණ්හාව නිසා ඒකේ ඇට නැති කරා...
දැන් මොකද වුනේ?
දැන් පැපොල් පැල වෙන්නෙ නෑ, ඔක්කොම කඩෙන් ගේන්න ඕන,
කොමඩු වලටත් එහෙමයි, දොඩම් වලටත් එහෙමයි,
අපෙ සර් කියන විදිහට මිනිස්සු තණ්හාව වැඩිකම නිසා කවදා හරි පැපොල් ගෙඩියෙ මදේ විතරක් පැකට් වෙලා හැදෙන මැෂිමක් හදයි,
අපි ඉතින් රෙඩ් ලේඩි අර ලේඩි මේ ලේඩි කියල පිටරටින් එවන ඒවා හිටවයි,
එතකොට මොකද වෙන්නේ දේශීය ඒවාට?
ඒවා වඳ වෙලා යනවා...
අන්තිමට අපිට අනුන්ගෙ මත යැපෙන්න වෙනවා.
මේ වගේම තමා මම අහල තියන විදිහට නම් ලංකාවේ බිබිලේ දොඩම් වලට වෙලා තියන්නෙත්,
ඒකටත් එව්වලුනෙ පිට රට එවුන් වයිරස් එකක්.
අපි දැන් වත් අපේ දේශීය ආහාර වර්ග සුරක්ෂිත කරනවා නම් හොඳයි තව,
පැපොල් ගෙඩියෙ ඉඳලම,
මේ ෆොටෝ එක ලස්සන නිසා මගේ බ්ලොගයට දාන්න ගන්නම් කියල හිතල ඩ්‍රාෆ්ට් එකට ගත්තෙ කමක් නෑ මේ මාතෘකාවටත් ගැලපෙනවා ඒක,
මට කියන්න ඕන වුනේ අපේ අනාගත පරපුරට වෙන දේ.
අනාගතේ ඉපදෙන්න ඉන්න ළමයින්ට වෙන්නෙ කිසි දෙයක් නැති රටක ජීවත් වෙන්න,
අපිත් එහෙමනේ අපිත් ඇල් හාලේ බත් දැක්කෙ පොත් වල විතරනේ,
අපි දැන්වත් අනාගතයට මේවා ඉතුරු කරේ නැත්තං වෙන්නෙ ඔබේත් අපේත් අනාගත පරපුරට මේ දේවල් නැත්තටම නැති වෙලා යන එක,
ඒ සඳහා හඬක් නැගීමට ප්‍රජාව දැනුවත් කිරීම ඔබටත් බ්ලොග් කරුවෙක් වශයෙන් කළ හැකියි කියල මතක් කරලා මේ හදිසි ලිපිය නවත්තනවා.


Comments:
Q.of Poddi:
pregnant Mother ලට කියන තව නමක් පැපොල්ද? 



My answer:
"6.පොඩ්ඩි:
ඉස්සර නම් පැපොල් ප්‍රෙග්නන්ට් මදර්ස් ලා වගේ තමා,
මොකද අනාගත පරපුරට දායාද කරන්න පොඩි දරුවො ගොඩක් ඇට වශයෙන් ගබඩා කරන් හිටියනෙ,
ඒත් දැන් පැපොල් වඳ ගෑණු වෙලා මිනිස්සුන්ගේ තණ්හාව නිසා.."



"ආහ් ජනතාවගෙන් උදව්වක් ඕන,
කාගෙ ලඟ හරි මීමන ප්‍රේමතිලක කවියගේ සොහොන් බිම කියන කවි පෙල තියන
ව නම් මට දෙනවද????"
-----------------------------------------------------------------
                        I want to Break Free....
හදිසියේ වුනත් මේ කෑල්ලත් දාන්නම්,
මේකත් කලින් එකේ කියපු ෆ්‍රෙඩී මර්කරි ලගේ සිංදුවක්,
මේකේ තේරුම සහ වීඩියෝව වගේම සංගීතයත් ඔවුන්ගේ හැම ගීතයක් වගේම වෙනස්.
අහල බලන්න,
කට්ටිය කලින් කීව වගේ ක්වීන්ස්ලගේ ගීත දැන් අපි අහල තියන සමහර ප්‍රසිද්ධ ඒවාගේ මුල් ගීත,
We Will Rock You...
We are the champions....
වගේ ඒවා.
ආහ් බිතෝවන්ගේ කලින් කියපු සිම්ෆනිය මට මාරු වෙලා දැන් ඒක කරෙක්ට් කරල ඇති.
මං ගියෝ!!!!
දුක තමා කාන්ති වැරදීමක් කළ හදියක්.
I want to Break Free....
I want to Break Free....
                          
gloriosa90@gmail.com

13 comments:

  1. පැපොල් වලට විතරක් නෙවෙයි. ලංකාවෙ ඇපල් වලට වුනෙත් ඒ සන්තෑසියමයි. ඕස්ට්‍රෙලියාවෙන් ඇපල් පැල ගෙනත් මෙහේ ඇපල් පැල අතර හිටෙව්වා.වෛරස් පැතිරුනා ලංකා ඇපල් අතුරුදහන් වුනා. දැන් අපි ඕස්ට්‍රෙලියන් ඇපල් කනවා... එහෙම හොදයිනෙ...
    මයිටාවා ආවෙත් රෙඩ් පාම් එක්කලු..පොල් රටින් ගෙනාවා ඒකත් හොදයිනේ...

    ReplyDelete
  2. හප්පේ අවුරුදු උත්සවෙකටවත් දැං පැපොල් ගෙඩියේ ඇට කීයද තරඟේ තියලා ඉවරයි.....

    ReplyDelete
  3. හොඳට හිතන්න ඕන මාතෘකාවක් දැම්මට ස්තුතියි

    ReplyDelete
  4. හරි අගනා අදහස් ටික.අපේ දේශීය සම්පත් රෑකගන්න එක අපි කාගෙත් වගකීමක්. පේනවනේ සමහරු මේ දේවල් වලට ගරහන හැටි . ඔබ වැනි සුළු පිරිසක්වත් නොහිටියොත් අන්තිමට අපේ කියා කිසි දෙයක් ඉතුරු වෙන එකක් නෑ..

    ReplyDelete
  5. break free from what Mihir??? :D:D:D
    අර කාගෙදෝ බ්ලොග් එකක තිබුනා වගේ දුක තමා බංඩාරේ...:)))

    ReplyDelete
  6. ඇත්තටම වටිනා අදහසක්. තව ඉස්සරහාට ගියාම ලමයි හැදිල්ලත් මේ වගේ වෙයිද කියලා බයත් හිතෙනවා.

    ReplyDelete
  7. pregnant Mother ලට කියන තව නමක් පැපොල්ද?

    ReplyDelete
  8. පැපොල් කන්නෙ ලංකාවට ආවම තමා. මෙහෙ කිසි රසක් නැති ඒව කිලෝ එක රු/= 700-800 අතරෙ

    ReplyDelete
  9. පැපොල් කියන්නෙ නම් මම ආස කරන කෑමක්‌.ඒ වගේම හොඳට වැවෙනව.අමුතුවෙන් පොහොර දාන්ට ඕනෙත් නැහැ.හැබැයි මල්ලි කිව්ව්වගෙ ගෙවල් වල ගස්‌ අඩුයි දැන්.

    දේශීය හැමදේම වගෙ දේශීය වගාවත් නැති වෙන හැඩයි.

    මොන දේ උනත් තනියෙම කන එක තමයි හොඳ නැත්තෙ...

    ReplyDelete
  10. ඔහ්...සුට්‌ එකක් අන්දලා වගේ බ්ලොග් එකට...මේක කලින් එකට වඩා හොඳයි...අප්පේ කුරුල්ලොත් අඬනවා :)

    ReplyDelete
  11. අනේ මන්දා මේවා කතා කරලා වැඩක් නැහැ. ඔස්ට්‍රේලියාවට එනකොට කිසිම පළතුරක් එළවළුවක් ගේන්න බැහැ. කොරන්ටින් එකෙන් කන්ෆිස්කේට් කරනවා. එහෙම කරන්නේ මේ රටේ දේශීය ශාක වල ආරක්ෂාවට. ඒත් අපේ රට ඔය හැම රටෙන්ම එන කුණු බාරගන්නවා :(

    ReplyDelete
  12. බිබිල දොඩම් දැන් නැවතත් ලබාගත හැකිය.බොහෝ පැල තවාන් වල රුපියල් 200 කට පමණ පැලයක් අලෙවි කරයි.ප්‍රමාණයෙන් විශාල මල් පෝච්චියක හෝ බැරල් බාගයක හෝ මේ පැලයක් සාර්ථකව වගාකළ හැකිය.වසර දෙකකින් පමණ පළමු අස්වැන්න ලැබේ.

    ReplyDelete
  13. නියම පෝස්ට් එකක්.දිගටම ලියන්න

    ReplyDelete