අයියෝ ඇයි අහස මේ තරම් ලස්සන...
මේක හරියන් නෑ,
මට පාඩුවෙ ඉන්ට දෙන්නෙම නෑ.
අවුවට පිච්චෙනවා ඒත් පට්ට ලස්සනට පේනවනෙ මට ....
පාඩුවෙ කඩේ ගිහින් ආව විතරයි.
මේ අහස ලස්සන වැඩියි.මං වගේ අහිංසකයෝ අල්ලගෙන මැජික් පෙන්නනවා.
හොඳ වෙලාවට මම ආස විදිහෙ තැනක අපෙ ගෙදර තිබුන් නැත්තෙ,
කන්දක් උඩ එහෙම හිටිය නම් මට වැඩක් කරගන්න හම්බෙන් නෑ,
එහෙම වුනා නම් ගලක් උඩ දිගා වෙලා අහස දිහා බලාගෙන ඉන්න තිබුනා.
තිබහ වුනාම කුරුම්බා හරි තැඹිලි හරි බොනවා.
ශික් සමනල්ලු කොයිතරම් නම් පියඹයිද?
ඇයි බත්කූරෝ කුරුමිණියො...
මද්දහනට අකුල් ඇතුලෙ ඉඳන් පාළුවට ගිය පරිසරේ නිහඬ බව බිඳින්ට කුරුල්ලො කෑ ගහයි...
කොච්චර ආතල් එකේ ඉන්න තිබුනද කහට තේ එකක් බීලා එහෙම.
ඒත් ඉතින් නෑනෙ...
අපොයි... හරි යන් නෑ...
මං ගියා...
Free Radicals & Anti Oxidents බලන්න තියනව.. අන්තිම පාඩම,
යට ඉදන් උඩට කරනවා :)
ඒක මරු වැඩේ...
කලින් සැරේක පිස්සු තද වෙන එක ගැන දාපු එකේ ලින්ක් එකත් දාල යන්නම්..
බලන්න.
නැත්තං මේක බලන මිනිස්සු මට බනීවි.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com
එහෙමනම් ඉතින් බෙහෙත් ටිකක්වත් ගන්ට යමුද??? :D:D:D
ReplyDeleteබෙහෙත් ගන්න වෙයි වගේ O.0
ReplyDeleteඅපොයි මේ බ්ලොග් බලන්න ගිහින් මගෙත් දැන් පිස්සු තද වෙලා තියෙන්නෙ . ඒ නිසා මේ වසරේ සිට මම බ්ලොග් බලන එක අඩු කරනවා . සින්දුවක් අහල . පොතක් පත්තරයක් බලාගෙන ඉන්නවා .
ReplyDeleteමේකට කලින් මල්ලි දාපු ලිපිය බලලා හැමෝම කිව්ව ප්රර්ථනාව (පිස්සුව වැඩි වෙවා !) ඉටු වෙලා වගෙ..මගෙන් සුබ පැතුම්.
ReplyDeleteහික් හික් මට හිනාත් යනවා
ReplyDeleteමටත් තාම හිනා. මෙයා අලුත් අවුරුද්දට වැඩ අල්ලලා වගේ. හී හී....
ReplyDeleteහොඳයි ගිම්හානි අක්කේ,
ReplyDeleteමම නම් ඉතින් කොහොමත් කියවනව අඩුයි.
කමක් නෑ,
පුළුවන් වෙලාවට ඇවිත් යන්න.
ස්තූතියි.
පොත් පත්තර කියවීම හොඳයි.
ගීත් අයියා:
අනේ මංදා එහෙම වෙලා ද කියල...
:)
ස්තූතියි...
ජෝන් මාම & පොඩි කුමාරිහාමි ආර්යාව,
හි හී හී :) :) :)
ඕක පිස්සුවක් නෙවෙයි
ReplyDeleteජීවිතේ විදිම
මෙලෝ රහක් නැති ජීවිතේට වඩා
ඔය "පිස්සුව" කොච්චර හොදද ..!?
ස්තුතියි නිරිඇල්ල මහත්තයා...
ReplyDeleteඔව් ඉතින් ජීවිතේ විඳින්න ඒක හොඳ ක්රමයක්
වෙන ක්රම වලට වඩා හොඳ...
ගස් කොලන් එක්ක පිස්සු හැදිලා ඉන්න එපා....නාරිලතා මලක් දිහා එහෙමත් බලන්ට...
ReplyDeleteඅපොයි නාරිලතා දිහත්නම් බලනවා :)
ReplyDeleteනාරිලතාත් මා දිහා බලනවා...
වෙලාව තිබුනොත් නාරිලතා ගැනත් දාන්නම් :)
ස්තූතියි අයියා...
අනේද කියන්නේ? අහසට මේ තරම් ලස්සන පාටක් මොකට ලැබුනද මන්දා...
ReplyDeleteඒකනේ කියන්නෙ මන්තරකාරි,
ReplyDeleteබැරිද මන්තරයක් කරල මේක වෙනස් කරල දාන්න :))
ස්තූතියි...