Wednesday, January 4, 2012

නාරිලතා | Bohemian Rhapsody

මිනිස්සු විශ්වාස කරනවා ලෝකයේ එක් මල් ජාතියක් තියනවා කියල ඒ මල් දැක්කාම අහසින් යන තාපසයන්ගේ දැහැන් බිඳිලා ඔවුන් බිමට එනවා කියලා,
ඒ මේ මල් කාන්තා පෙනුමක් ගන්න නිසා,
ඒ නිසා මේ මල් වලට කියනව නාරිලතා මල් කියලා.
ඇත්තටම මෙහෙම මල් තියනව ද?
 පසුගිය කාලේ ෆොටෝ  පැතිරිලා ගියා මෙහෙම ගෑණු රූප තියන ගස් ගැන.
ඒත් මේව නම් ෆොටෝෂොප් භාවිතයෙන් හදාපුව කියලා බැලූ බැල්මට පේනවා.
ඇත්තටම මෙහෙම නාරිලතා කියල මල් ජාතියක් තියනව ද?
ඇහ්තටම ඔව්,
මේ මල් ලංකාවෙත් තියනව.
අපිට කියන්න බෑ ඉන්දියාවෙ මීට වඩා විශාල අහසින් යනකොට පේන තරම් විශාල ගෑණු පෙනුමක් තියන මල් තියනව ද කියල නෑ කියන්නත් බෑ,
අපි බලමු ලංකාවේ තියන ඒවා ගැණ.
ලංකාවේ තියන නාරිලතා මල් අයිති වෙන්නෙ ඕකිඩ් කුලයට (Family- Orchidaceae),
මේ කුලයේ  තියන Habenaria කියන ගනයට තමා මේ මල් අයත් වෙන්නේ, මේ ගණයට ශාක විශේෂ 10ක් ඇතුලත් වෙනවා.
මෙයින් ශාක විශේෂ 4ක් ලංකාවට ආවේණිකයි.
මේ අතුරින් අපි සාමාන්‍යයෙන් කියන නාරිලතා මල 
තමා Habenaria crinifera කියන්නෙ.
මේක ඒ ගණයේ අනික් විශේෂ වලට සාපේක්ෂව තරමක් සුලබ වුනාට,
ලංකාවේ තියන සියළුවම් ඕකිඩ් වගේ මේකත් වඳවීමේ තර්ජනයට මුහුණපාපු එකක්.
නමුත් මේ ගණයේ වෙනත් ශාක අතිශයින් අවදානම් කොටසේ ඉන්නෙ (CR- Critically Endangered), මේ ශාකය අවදානමට ලක්විය හැකි කියන කොටසේ 
(VU- Vulnerable)තිබුනත් අපිට ඒක එහෙමම පිළිගන්න බෑ.
මොකද මේ දේ සංරක්ෂණයේ පහසුවට යොදාගත් යෙදුම් නිසා (මේ දත්ත තියන්නෙ රතු දත්ත පොතේ - Red Data Book).
මේ ශාකයට තිබෙන අවදානම් සහගත තත්ව තමා වාසභූමි අහිමි වීම සහ විසිතුරු පැල ලෙස එකතු කිරීම කියන  දේවල් ප්‍රධාන වශයෙන්ම.
දැනටමත් සමහර පැල එකතු කරන්නන් ලඟ මේ ශාකය තිබෙනවා.මෙහි ඖෂධීය ගුණයකුත් තියනව මා අහල තියන විදිහට.
මෙය තරමක් කුඩා ශාකයක්, මෙයට අලයක් තිබෙනවා,
ඉතින් කාලෙකට පොලවෙන් උඩ කොටස් මිය ගිහින් යට කොටස විතරක් තමා ඉතුරු වෙන්නෙ.
මට කියන්න තියන්නෙ ඔබ මෙවන් ශාකයක් හෝ වෙනත් ලස්සන පැලයක් කැලෑවක් දැක්කොත් ගේන්න එපා ගෙදර,
මොකද බොහෝ විට වෙන්නෙ ඒක මිය යන එක.
අපට මේවට අවශ්‍ය පරිසර තත්ව සපයන්න අමාරුයි.
ඉතින් එහෙම වුනාම වෙන්නෙ කැලේට සහ අපිට යන දෙකොටසටම මේ වගේ වටිනා ශාක නැති වෙන එක.
ඒ නිසා සමහර දේවල් ඒ තියන විදිහටම බලල රසවිඳින එක හොඳයි ,
මේ එක ඡායාරූපයක් රාජකීය උද්භිද උද්‍යානයේ ඕකිඩ් එකතුවෙන්,
අනික සොබාවික පරිසරයෙන්,

මෙතැන මල් පිරිලා ගියාම කොයිතරම් ලස්සනද කියල ඔයාලම හිතාගන්න.
මේ තැන් ආරක්ෂා කරන එක අපේ වගකීමක්.
නොදුටු ලොවක් අයියා කීවා වගේ ඔන්න මම නාරිලතා දිහත් බැලුවා ඕං  :)
-----------------------------------------------------------------

Bohemian Rhapsody
මේ ගීතයත් මම ගොඩක් කැමති එකක්,
තවම අහල එපා වුනේ නෑ,
මේක බ්‍රිතාන්‍යය සංගීත කණ්ඩායමක් වුන 
"Queen" ලගේ නිර්මාණයක්.
මේ කණ්ඩායමේ හතර දෙනෙක් හිටියා,
මේ අතරින් ප්‍රසිද්ධම ගායකයා ෆ්‍රෙඩී මර්කරි.
මම අහල තියන ගායකයන්ගෙන් අතිශය දක්ෂයෙක්,
මොකද මේ වගේ ගීතයක් සජීවීව ගායනා  කරනවා කියන්නේ අතිශය අමාරු වැඩක්.
ඔහුට ඉතා  පුළුල් පරාසයක් ඇතුලේ ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුනා,
ඒ වගේම සංගීත සංයෝජනය සහ ගීතය ලිවීමත් ඔහුගේ,
මේ ගීතය තවමත් ලොව වටා ලක්ෂ ගණන් පිරිසක් රස විඳින ගීතයක්.
මෙය ඉතා වෙනස් ගනයේ එකක්,
රොක් සංගීතය, බැලඩ්, ඔපෙරා ආදී බොහෝ සංගීත ශෛලීන් අන්තර්ගත් එකක් මේක.
මට මතක විදිහට මේ ගීතය නිර්මානය කරන්න ඉතාම දිග කාලයක් ගත වෙලා තියනවා.
ඒත් කණගාටුවෙන් යුතුව කියන්න තියන දේ තමා මේ දක්ෂ ගායකය මියගියේ ඒඩ්ස් රෝගයෙන්,
ඔහු අති දක්ෂයෙක් වුනත් ඔහුට තමන්ගෙ වටිනා ජීවිතය ආරක්ෂා කරගන්න බැරි වුනා,
පීනන්න තරම් සල්ලි, ලක්ෂ ගණන් රසිකයෝ හිටියත් ඔහු කොතරම් අවාසනාවන්ත ද?
ගායනය කියන්නෙ කොහොම වුනත් හොඳ වෘත්තියක් නෙවේ,
සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන් වුනත් ඒ බොහෝ විට මිනිසුන්ගේ හැඟීම අවුස්සලා.
කොහොම වුනත් මේ ගීතය හොඳ තේරුමක් සහ විශිෂ්ට සංගීත සංයෝජනයක් වගේම ගායනයෙනුත් ඉහල එකක්.
මේ වීඩියෝ තුනටම මම ගොඩක් ප්‍රිය කරනවා.
පළවෙනි එක මේ ගීතයේ නිල වීඩියෝව.
දෙවනි එක සජීවී ගායනයක්.
ඊළඟ එක මේ ගීතයේ Edgar cruz ගේ ක්ලැසිකල් ගිටාර් සෝලෝ එකක්.
මේ තුනම මට තවම එපා වුනේ නෑ අහල,
මට පේන්නෙ අපෙ රටේ වගේම පිට රටවලත් පැරණි ගීත තමා තවම මට නම් අල්ලන්නෙ,
මොකද මම බොහෝ වර්තමාන ඉංග්‍රීසි ගීත අහන්නෙ නෑ.



 
Official Video


<<< Live Performance                                                  
 



                                                     <<<Classical Guitar Solo>>>





                                                               











17 comments:

  1. නාරිලතා මල්වල ඇති ඖෂධීය ගතිය තමයි කාමෝද්දීපනය. මල් දැකලා නෙමෙයි මම හිතන්නේ මේ ශාඛය ආහාරයට ගෙන තමයි දැහැන් බිඳෙන්න ඇත්තේ. මොකද මේවාවල සියුම මාධක ගුණයක් තිබෙනවා. ඒ මාධක ගුණය නිසා වන්නේ ස්නායූන්වල විකෘති සංවේදනය ඇතිවනවා. මෙන්න මේ නිසා තමයි මේක කාමෝද්දීපන වෙන්නේ. නැතුව මින් ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය වැඩි වන්නේ නැහැ. (මාධක යනු විෂ කියන එකයි.)

    ReplyDelete
  2. ඒක වෙන්න පුළුවන් නේද වෙද මහත්තයෝ,
    මොකද නඟා මැරූ අල ගැන තියන ජනප්‍රවාදයේ නම් තියනවා ඒ වගේ දෙයක්,
    ඒකේ කමෝද්දීපනය කරන රසායනික තියනවලු,
    කොහොම වුනත් ආඩම්බරෙ කිව යුතුයි,
    ඒ ශාකය ගැන තියන පොඩි විකි පිටුව මගේ නිර්මාණයක්.
    මේවා ලංකාවේ බෙහෙතට ගන්නව ද?

    ReplyDelete
  3. නාරිලතා මල් වල ‍ඖෂධ ගුණයක් තියෙනවා කියලා දැනගත්තෙම් අද.. ලොඩක් ස්තූතියි වෙද මහත්තයටත්.. මේ වටින ලිපියටත්.. :)

    ReplyDelete
  4. බොහෝම සතුටුයි ඔබගේ වැඩ ගැන. ඔබ වටින්නේ අදට නොව හෙටටයි. හොදින් ඉගෙන ගන්න. ටරක් වටින වෙදෙක් වීමට හැකියාවක් තිබෙන බව පෙනෙනවා.

    ReplyDelete
  5. ගොඩක්‌ වටිනා ලිපියක්‌ මල්ලි.
    මට මොහිදීන් බෙග්ගෙ "නාරි ලතා පුෂ්පෙ "සින්දුව මතක්‌ වුණා

    ReplyDelete
  6. දැන් බ්ලොග් එක මරු. මම කැමතිම ගීතයක්. අනාගතේ නන්දදාස කෝදාගොඩ කෙනෙක්ම වේවා...!!!

    ReplyDelete
  7. ඔය නාරිලතා ශාඛය මම දැකල තියෙනවා එරත්න ශ්‍රී පාද අඩවියේ දී, අපි එහේ ගිහින් හිටියෙ මැණික් ගරන්න. ඒ වැඩේ නරක වුනත් අපි කාටවත් හිතුනේ නෑ අර නාරිලතා පැලේ ගලව‍ගෙන එන්න. අපි එදා විදගත්තෙ ස්වභාවික පරිසරයේ තියෙන නාරිලතා මලක ලස්සනයි.... සුන්දරත්වයයි... ඒක ගෙවත්තක තිබුනොත් ඒ ලස්සන නැතිවෙයි කියල අපට දැනුනද කියලනම් මතක නෑ.

    ReplyDelete
  8. නාරි ලතා ගැන අහලා තිබුනට දැක්කේ අද!!බොහොම ස්තුතියි!

    ReplyDelete
  9. හප්පේ ඔය මුලින්ම තියෙන ගෑනු ගස් මමත් දැක්කා නෙට් එකේ,ෆේක් වගේ පෙනුමනං...මම අහල තියෙන්නේ භාවනා කරන තාපසයන්ගේ දැහැන මේ නාරිලතා මල දැක්කම බිදෙනව කියලා...ස්තූතියි සටහනට සහෝ....දැං ඉන්න තාපසයන්ටනං ඉතිං ස්කයිප් තියෙනවනේ......

    ReplyDelete
  10. වැදගත් ලිපියක්.

    …සයිට් එක නම් හොඳයි ඒත් මෙ වතුර ගලන සද්දෙ ටිකක් වැඩියි වගෙ ..

    ReplyDelete
  11. ඇත්තටම මේ මල් දැක්කම තවුසන්ගේ දැහැන් බිඳෙනවද...එහෙම විශෙෂයක් නම් පෙන්න නෑ...එත් ගෑනු කෙනෙක්ගේ පෙනුම තියෙනවා තමා..සිංදු නම් ලස්සනයි..මමත් ආසම මල් වර්ගයක් තමා ඕකිඩ්

    ReplyDelete
  12. ජෝන් මාමා:
    දුක තමා කාන්ති කියන්න තමා වෙන්නෙ,
    මේකේ සද්දෙ අඩු කරන්න බැළුවා,
    වැඩේ හරි ගියේ නෑ, අඩු කරන්න බෑ,
    පටි තද කරගන්න :)
    ස්තූතියි....

    පුංචි කුමාරිහාමි:
    විශේෂයක් නම් පේන් නෑ තමා,
    කියන්න බෑ ඒත් ඉතින්,
    අපි දන් නෑනෙ,
    මං මුලින්ම කීවේ,
    සමහරවිට ඉන්දියාවෙ ඇති ලොකු ජාතියක් ගෑණු රූපයක් පේන,
    ස්තූතියි...

    ReplyDelete
  13. නාරිලතා මල් මමත් කොහේදි හරි දැකල තියෙනව... හැබැයි හරියටම මතක නෑ කොහෙදිද කියල...
    ෆ්‍රෙඩී මර්කරි කියන්නෙ මාත් ආසම ගායකයෙක්.... එයාගෙ මං ආසම සින්දුව තමයි Somebody to Love....කියන එක... ඒක අහන්න ගියාම දහ පාරක් විතර අහල තමයි නවත්තන්නෙ....
    අනිත් එක තමයි Radio Ga Ga...

    ReplyDelete
  14. මට මතකයි 'කැන්ඩියන් ඩාංසර්' කියල ලංකාවෙ කියපු ඕකිඩ් මලක්. ඇරපු අතක් නෑ, උඩරට නැට්ටුවෙකුගේ පෙනුම

    ReplyDelete
  15. වතුර බිංදු බැක් ග්‍රවුන්ඩ් එක අයින් කල එක හොඳා, අපි වගේ නාකින්ටත් කියවන්න පුලුහන් කරදරයක් නැතුව දැන්. මං ඊමේල් සබ්ක්රිප්ෂන් දාගෙන ඊය කියෝල නිකා හිටිය මේ ටිකේ, කොමෙන්ට් දාන්න පෝස්ට් එකට ගියාම මොලේ කොලොප්පන් වෙන හින්ද :-))

    ReplyDelete
  16. මම ගාල්ලෙ එකෙක් .අපි මීට අවුරුදු 2 කට විතර කලින් අපෙ පැත්තෙ තියෙන පොඩි කන්දක ඔය කියන මල දැක්කා,අපි නම දනන් හිටියෙ නෑ,පස්සෙ අපි ගිහින් හෙව්වා .අවසනාවකට ටෙලිෆොන් ටවර් එකකට එතන clear කරලා.පස්සෙ වෙලවක වටේ හොයන්න යනවා මතක් කරාට thanx.

    ReplyDelete
  17. මචං විරාජ් උඹ ගාල්ලෙ කොහෙද?
    කොහොම වුනත් මේව දැක්කොත් ගලවන්න එපා!
    අපෙ රටේ කිසිම දෙයකට දැන් ජෛවවිවිධත්වය ගැන හිතන්නෙ නෑනෙ.

    ReplyDelete