දැන් නම් එපා වෙලා ඇඳුම් මාරු කරලා,
රතු පාට, කහ පාට, නිල් පාට දාලා පරණ පුරුදු කොළ පාටට ආවා.
මුලදිම තිබුණ එකට තමා මම ආසා,
ඒත් අපේ වයසක පාඨකයොගෙන් ඇරඹුණ වතුර බිංදු චෝදනාව (= වතුර බිංදු නිසා කියවන්න අමාරුයි )
[මේක හිත හොඳින් කීවේ ඈ, විහිළුවක් :) චෝදනාව ඇත්ත.]
ගොඩක් අය කියන්න ගත්තා, ඒ නිසා තමා මේ බැක්ග්‍රවුන්ඩ් මාරු කරන සෙල්ලම පටන් ගත්තෙ,
ඇත්ත තමා මේකේ ඇඳුම නෙවේ වැදගත්,
ඒත් මොකක් හරි අනන්‍යතාවක් තියෙන්න එපායෙ.
අන්තිමට ටෙම්ප්ලේට් එක වෙනස් කරල පින්තූර ජනෙල් එක දැම්මා,
බලමු මේකවත් කට්ටිය හොඳයි කියයිද කියල,
කොහොම වුනත් ටික දවසක්ම හිතං හිටපු එකක් කරා මම.
ඒ තමා මේකෙ තියන වැදගත් කියල හිතෙන පාඨකයො වැඩිය නොබලපු ඒවා එක තැනකට එකතු කිරීම,
ඔක්කොම වැදගත් තමා,
ඒත් මේ ඒවගෙන් ටිකක්.
මම ඉල්ලා සිටිනවා ඔබලාගෙන් ඒවා කියවලා බලලා ඒක හැමෝගෙම යහපත පිණිස යොදාගන්න කියලා.
ඒ වගේම මම ආපහු ඉල්ලනවා බ්ලොග්කරුවො හැමෝම පෞද්ගලිකව සොබාව සුරැකීම ගැන ලියන්න කියල.
ඔක්කොම මේ ගැන ලීවොත් මට මහන්සි වෙන්නෙ නෑ,
මටත් පුළුවනි එතකොට ලිපි කියවන්න ඔබගේ.
මොකද මම තවම අළුත් බ්ලොග් රචකයෙක්නෙ.
ඔය ප්‍රසිද්ධ බ්ලොග් කරුවනුත්,
උදා: කකා මාමා, මාතලන් මාමා (දැනටමත් ලියන්න පටන් අරන් )
එතකොට බුවා අයියා ,ලොකු ඔබා මාමා,ජෝන් මාමා, ආදී මෙකී නොකී ප්‍රසිද්ධ බ්ලොග් කරුවන් මේ වැඩේට අත ගැහුවොත් මිනිස්සු වැඩි පිරිසක් මේ දේවල් ගැන දැනුවත් වෙයි.
බලමු ඉතින් මේ අය වැඩේ පටන් ගනීද කියල.
මොකද දේශපාලනේ රසාස්වාදය වගේම මේ තියන්නෙත් අපිට ගොඩක් වැදගත් ක්ෂේත්‍රයක්.
මොනව කරන්නත් අපිට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියන්න ඕනනෙ.
මෙන්න අර කලින් කියපු වැදගත් එකට යන පාර.
මේක බ්ලොග් එකේ පැත්තක ඇති ඒක ඔබපුවම වැදගත් කොටසට යයි.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com
ඔන්න අද මමයි එක..මේක නම් ලස්සනයි..ඒත් ඇයි ලුමිනර්ස් පාටම තෝරගන්නේ..ඇහ්ට ප්‍රිය ලා පාට නේද
ReplyDeleteස්තූතියි පුංචි කුමාරිහාමි,
ReplyDeleteඔව් දැන් හොඳයි,
ලුමිනස්මත් නෙවේ මේක; මේක සොබාවික කොලයක්,
ඉතින් මම සොබාවය වෙනස් කරේ නෑ,
එහෙම්මම පාවිච්චි කරා.
දැන් දාල තියෙන එකත් හොඳයි වරදක් නැහැ.හැබැයි මම කැමතිම අර ලගදි දාපු නිල් අහසට.
ReplyDeleteවැදගත් ලේබලේ වැදගත් නමුත් සමහර තිත්ත ටැබ්ලට්වලට ෂුගර් කෝටින් එකකුත් ඕනෑ.
ReplyDeleteමේක ලස්සනයි මිහිරි. දැන් මේක පැත්තකට දාලා පාඩම් කලා නම්....:D:D:D
ReplyDeleteසමහර අයට අපි යොදන සමහර පාට වර්ගත්, තීව්‍රතාවත දිරවන්නේ නැති වෙන්න පුළුවන් (මම කියන්නේ දැන් තියෙන එක නොවෙයි).
ReplyDeleteමම ඊයක් එවලා ඇති බලන්න. සමහර විට ප්‍රයෝජනවත් වේවි. ඊයේ මාතෘකාව Web Colors
මේක ලස්සනයි....
ReplyDeleteදැන් නම් ඇත්තටම ලස්සනයි. :D:D:D
ReplyDeleteවැසි වනාන්තරයක පිංතූරයක් දැම්මානම් මීට වඩා ලස්සනයි. ඒකෙ හැම වර්ණයක්ම තියෙන නිසා ඇහැට ප්‍රියයි. මේකේ ටයිල් ගතියක් තියෙන්නෙ.
ReplyDeleteමේ ඇඳුමත් නරකම නෑ!
ReplyDeleteපොඩි උදාහරණයක්, මේ වගේ එකක් තෝර ගත්තොත් අකුරු පසුබ්ම පැහැදිලි වෙනවා. මම දන්නවා මලය කැමති ඇත්ත ඡායාරුප පසුබිමේ තියෙනවට :). මම මේක පෙන්නුවේ අකුරු පසුබ්මට උදාහරණයක් විදියට.
ReplyDeletehttp://btemplates.com/2011/blogger-template-ecomode/demo/
http://btemplates.com/2011/blogger-template-ecomode/
කොහොම වුනත් අර කවුද කියලා තිබුන වගේ දැන් ගිහින් පාඩම් කරන්න. පස්සේ හිතුනොත් බ්ලොගේ ඇඳුම් මාරු කරමු.
ඉඳුනිල් අයියා...
ReplyDeleteගොඩක් ස්තූතියි...
මම මේ ටෙම්ප්ලේට් එක බැලුවා,
ඇත්තටම ලස්සන එකක්.
බලමු,
එකපාරටම දාන්න බෑනෙ,
හිතල බලල, මේකේ තොරතූ බලල් නිවීහැනහිල්ලෙ දාන්න ඕන :)
ආයෙමත් ස්තූතියි :)