Saturday, January 7, 2012

විජය කුමාරතුංග, රුවන් වැලි මහ සෑය, සහ මගේ චිත්‍රපට හීනය.



සීන්- 01
මම බැම්මක් දමා උස් කළ බිමක සිටියෙමි,
මේ බැම්ම අඩි සීයක් විතර උස බැම්මකි, පහල තිබුනේ පොලවෙන් උඩට උස්සා ගෙවල් හදන තැන් වල දානවා වැනි කොන්ක්‍රීට් ස්ලැබ් සහිත වල් වැවුන බිමකි,
මේ ස්ලැබ් හිල් වී ඒවා ඇතුලෙන් ද මානා තණ වැවී තිබිණි.
උඩ බිම එක් රටකි, යට බිම අපේ රටේ කෑල්ලක් වුවද අනවසර පදිංචි කරුවන් සිටින් කෑල්ලකි.
ස්ලැබ් හිල් වී ඇත්තේ ගල් පෙරලීමෙනි.
මාත් සමඟ ඒ මොහොතේ සිටි පිරිස (කොල්ලො ටිකක් )
හදිසියේම පහල කොටසේ අනවසර පදිංචිකරුවන් දැක ඔවුන්ට පහරදෙන්ට ගියහ.
ඒත් ඔවුන්ගේ බිම ඔවුන් උගුල් අටවා ආරක්ෂා කරගෙන සිටියි,
ඒ නිසා මගේ සගයන්ගේ කකුල් කැපී එළියට ආවෝය.
මට හිහුනේ ඇයි අපිට හමුදාව යොදා මොවුන් ඉවත් කිරීමට බැරි කියයි.
(මේ මුලු සීන් එකම අපේ පන්සලේ භූ ලක්ෂණ පෙන්වයි )



සීන්-02
අපේ රටේ මිනිස්සු සියල්ල අපේ පන්සල් වත්ත මෙන් අඳුරු එතරම් ගන නති බෑවු සහිත් නිමකින් විශාල පෝලිම් තුනකින් යයි.
ඔවුන් සරණාගතයන් මෙනි,
මම මේ පෝලිම් වල මැද එකේ මුල් හරියට ටිකක් පස්සහින් සිටියෙමි.
එක්වනම මට ගස් අතරින් ඉදිරියේ වූ රුවන්වැලි චෛත්‍යය පෙණිනි.
(මෙය ද ගමේ පන්සලේ චෛත්‍යය මෙනි )
මම එය එක්කනෙකුට පෙන්නූ විට අර පෝලිම් වල සියල්ල
සාදු කියන්නට විය,
පෝලිම් වල මට පස්සහින් සිටිය පිරිස් වලට මෙය නොපෙනුනත් ඔවුන් සාදු කීවෝය,
මට "අනේ මේ මිනිස්සු කිසිම වැඩක් නෑ, දකින්නෙත් නැතුව සාදු කියනවා, කිසි අවබෝධයකින් නෙවේ" කිය සිතිනි.


සීන් - 3
අපේ රටේ මිනිස්සු රැසක් එක් රැස් වී සිටියහ.
මම දැයට කිරුල වැනි විශාල ප්‍රදර්ශනයකට ඇවිත් සිටියෙමි.
මෙහි ප්‍රධාන සංවිධායකයා උසස් පොලිස් නිලධරයෙකි.
ඔහු විජය කුමාරතුංගයි!!!
ඔහු සමඟ ඉන්ස්පෙක්ටර් කෙනෙකු සිටියේය(තරු තුනක් ඇති)

අපි ප්‍රදර්ශනය අධීක්ෂණයට ගියෙමු,
අපි ඉන්න තැනම පැරණි රාජ්‍යය නායකයෙකුගේ සිරුරක් සංරක්ෂණය කර වීදුරු පෙට්ටියක දමා තිබිණි.
ඔහුගේ නම මට මතක නැත, ඒත් ලංකාවේ කෙනෙකි.

සීන් -4
අප යන විට බෑවුම් වූ බිමක් අසල පඩි පෙළක් තිබිනි.
පඩි පෙල සිරස් අතට තියන විට එය ක්‍රොස් කර ඒ හරහා යෑමට අඩි පාරකි.
වයසක මිනිසෙක් අර බෑවුමේ (පඩි පෙල දිගේ නොව)පහලට එයි,
ඔහුගේ මූණ විකෘති වී ඇත එය රතු පාටය,
ඔහුගේ උඩුකය නිරුවත්ය,නිල් ඉරි ඇති පරණ සරමක් ඔහු ඇඳ සීටී.
මට පේන විදිහට මේ දුර්වල මිනිසා අනිවාර්යයෙන්ම වැටේ,
මම ඔහු අල්ලා ගතිමි,
ඔහුගේ බෙල්ලට මෙහායින් මම ඇල්ලීමි.
ඔහු වමනෙ දානවා සේ සෙම ගොඩාක් දැම්මේය,
ඒවා බිමට වැටිනි.
ඒ මගේ ඇඟට නොවේ ඔහුගේ ඔලුව මගේ පිටෙන් එහාට වී තියෙන ලෙස මගේ උරහිස පෙදෙසට  වාරු වෙන ලෙස මා ඔහු
ඇල්ලූ නිසයි ඒ.
(අනේ මේ ජීවිතේ හැටි,මාත් මෙහෙම නාකි වෙලා නෙඩ වෙනවනෙ මට සිතිණි)
(මේ ලොකේෂන් එක ද අපේ ගමේ තිබේ)
මේ මනුස්සයා ඉන් පසු නැගිට අසල වූ ගෙදරට ගියේය,
ඒ ගෙදර ගෑණි ආය එන්න එපා කීව නේද?
යනවා යන්න කියා එලවන විට අර ලෙඩ මනුස්සයා ආපහු ආවේය.
අපි සමඟ සිටි ඉන්ස්පෙක්ටර අර ගෑණු කෙනාගෙන් ඇයි එලවන්නෙ මේ මනුස්සයව ඇසූව් විට්,
නෑ සර් මේ මනුස්සයා මගෙ තාත්තා වත් මාමණ්ඩිවත් නෙවේ,
මේ අපෙ බාප්පා කෙනෙක්, මේ මනුස්සය හොඳ කෙනෙක් නෙවේ,
(මට අපේ කපටි  බාප්පා  මතක් විය)
කමක් නෑ සර් මම මේ මනුස්සය බලාගන්නම් එහෙනම්.
අපි එතනින් ගියෙමු,
අර ගෑණු කෙනා අර මනුස්සයාව ගෙන බිත්තියෙන් දිගු වූ කොන්ක්‍රීට ලෑලි දිවෙන විශාල බිල්ඩිමක (එලියෙන්) අත්වාරු නැති ඒ  කොරිඩෝව දිගේ ගියාය.
(මෙවන් ගෙදරක් මගේ යාළුවෙක්ට තිබේ,එයද මේ වගේම පරණය)

අවසාන ජවනිකාව:
අඳුරු කැලෑවක් මෙන් වූ වත්තක විශාල යකඩ පාලම් ඇත.
මම ඒකක ගියෙමි.
කෙසේ හෝ නැවත බිමට ආවිට,
පොලවෙන් උඩට බැම්මක් ගසා ඉස්සු පස්කණ්ඩියක් වෙයි,
පහලින් කුඩා දිය පාරක් ගලයි,
මගේ පැරණි මිතුරෙක් (මට නම මතක )
එතනට වී සැතපුම් කණුවක් මෙන් එකක් වාඩි වී සිටියි.
එතන අවුවට සම පිච්චුන (සන් බර්න්ස් ඇති ) 
9 වසරේ යැයි මට සිතුණ කලු කෙල්ලෙක් පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටියාය,
මම ඩිෂාන්ගෙන් මේ උඹේ කෙල්ල නේද කියා ඇසීමි,
"නෑ මචං මෙය රටනෙ හිටියෙ යාළු වෙන්න ඕන කාලෙ,
දැන් ලොකු වැඩී"
කෙල්ලට තරහ ගොස් කොල්ලගේ පිටේ එල්ලී උට ගැසුවේය.
------------------------නිමි----------------------------

මේ හීනය දැක්කේ අද උදේ පාන්දරය,
මෙච්චර දිග තේරුමක් ඇති හීනයක් මතක තිබීම පුදුමය,
හරියට ෆිල්ම් එකක් මෙනි,
මට අපේ සර් මතක් විය.
සිතට විශාල ධාරිතාවක් ඇත,
එය දිග කාලයක සිදුවීම් ගභඩා කරයි.
එය ඩීවීඩී වලින් හෝ වෙනත් ක්‍රමයකින් මැනිය නොහැකි තරම් දිගය.




ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

7 comments:

  1. මරු හීනයක්නේ , මට නම් හීන වලින් භාගයක් වත් මතක නැ නැගිටින කොට

    ReplyDelete
  2. මට තේරුන් ගියේ නැති උනාට වැදගත් හීණයක් වෙන් ඇති...

    ReplyDelete
  3. මේ වගේ හීන පේනවා නම් චිත්‍රපටි ඕනෙ තරම් හදන්ට බැරියැ...:D

    හැබෑට ඔයා රෑට නිදන්නේ නැද්ද? හීන, බල, බලා ඉන්නවද? හීන පේන්නේ අඩ නින්දෙදි. තද නින්දෙදි නෙමේ.

    ReplyDelete
  4. ෂා මරු හීන. මටනම් දවල්ටත් හීන පේනවා. ඒවත් හරි ලස්සනයි

    ReplyDelete
  5. මටත් දකින හීන හොඳට මතකයි.
    අනේ මන්ද එහෙම මතක හිටින්නේ නැගිටින්න ලං වෙලා හීන දකිද්දී වෙන්න ඇති. සමහර වෙලාවට මට කොටස් වශයෙනුත් හීන පේනවා. අද කොටසේ ඉතිරි කොටස හෙට. එහෙම :D

    @Gimhani
    ආ ඔව් මටත්... දවල් හීන වලට ගහන්න මොකකටවත් බැහැ!

    ReplyDelete
  6. පුදුම හීන තමා මල්ලිටත් පේන්නෙ.

    මම කාලෙකට ඉස්‌සර කාලෙකින් දැක්‌කෙ නැති යාලුවෙක්‌ව දැක්‌කා පහුවදා උදෙ ඒකා අපේ ගෙදර ආවා.

    ReplyDelete
  7. චන්ද්‍රිකා ටිකක් සංගීතා වීරරත්න වගේ.....

    ReplyDelete