Monday, January 2, 2012

අයියෝ මට පිස්සු තද වෙනවෝ!!!

අයියෝ ඇයි අහස මේ තරම් ලස්සන...
මේක හරියන් නෑ,
මට පාඩුවෙ ඉන්ට දෙන්නෙම නෑ.
අවුවට පිච්චෙනවා ඒත් පට්ට ලස්සනට පේනවනෙ මට ....
පාඩුවෙ කඩේ ගිහින් ආව විතරයි.
මේ අහස ලස්සන වැඩියි.මං වගේ අහිංසකයෝ අල්ලගෙන මැජික් පෙන්නනවා.
හොඳ වෙලාවට මම ආස විදිහෙ තැනක අපෙ ගෙදර තිබුන් නැත්තෙ,
කන්දක් උඩ එහෙම හිටිය නම් මට වැඩක් කරගන්න හම්බෙන් නෑ,
එහෙම වුනා නම් ගලක් උඩ දිගා වෙලා අහස දිහා බලාගෙන ඉන්න තිබුනා.
තිබහ වුනාම කුරුම්බා හරි තැඹිලි හරි බොනවා.
ශික් සමනල්ලු කොයිතරම් නම් පියඹයිද?
ඇයි බත්කූරෝ කුරුමිණියො...
මද්දහනට අකුල් ඇතුලෙ ඉඳන් පාළුවට ගිය පරිසරේ නිහඬ බව බිඳින්ට කුරුල්ලො කෑ ගහයි...
කොච්චර ආතල් එකේ ඉන්න තිබුනද කහට තේ එකක් බීලා එහෙම.
ඒත් ඉතින් නෑනෙ...
අපොයි... හරි යන් නෑ...
මං ගියා...
Free Radicals & Anti Oxidents බලන්න තියනව.. අන්තිම පාඩම,
යට ඉදන් උඩට කරනවා :)
ඒක මරු වැඩේ...

කලින් සැරේක පිස්සු තද වෙන එක ගැන දාපු එකේ ලින්ක් එකත් දාල යන්නම්..
බලන්න.
නැත්තං මේක බලන මිනිස්සු මට බනීවි.


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

13 comments:

  1. එහෙමනම් ඉතින් බෙහෙත් ටිකක්වත් ගන්ට යමුද??? :D:D:D

    ReplyDelete
  2. බෙහෙත් ගන්න වෙයි වගේ O.0

    ReplyDelete
  3. අපොයි මේ බ්ලොග් බලන්න ගිහින් මගෙත් දැන් පිස්සු තද වෙලා තියෙන්නෙ . ඒ නිසා මේ වසරේ සිට මම බ්ලොග් බලන එක අඩු කරනවා . සින්දුවක් අහල . පොතක් පත්තරයක් බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  4. මේකට කලින් මල්ලි දාපු ලිපිය බලලා හැමෝම කිව්ව ප්‍රර්ථනාව (පිස්‌සුව වැඩි වෙවා !) ඉටු වෙලා වගෙ..මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  5. හික් හික් මට හිනාත් යනවා

    ReplyDelete
  6. මටත් තාම හිනා. මෙයා අලුත් අවුරුද්දට වැඩ අල්ලලා වගේ. හී හී....

    ReplyDelete
  7. හොඳයි ගිම්හානි අක්කේ,
    මම නම් ඉතින් කොහොමත් කියවනව අඩුයි.
    කමක් නෑ,
    පුළුවන් වෙලාවට ඇවිත් යන්න.
    ස්තූතියි.
    පොත් පත්තර කියවීම හොඳයි.

    ගීත් අයියා:
    අනේ මංදා එහෙම වෙලා ද කියල...
    :)
    ස්තූතියි...

    ජෝන් මාම & පොඩි කුමාරිහාමි ආර්යාව,
    හි හී හී :) :) :)

    ReplyDelete
  8. ඕක පිස්සුවක් නෙවෙයි
    ජීවිතේ විදිම
    මෙලෝ රහක් නැති ජීවිතේට වඩා
    ඔය "පිස්සුව" කොච්චර හොදද ..!?

    ReplyDelete
  9. ස්තුතියි නිරිඇල්ල මහත්තයා...
    ඔව් ඉතින් ජීවිතේ විඳින්න ඒක හොඳ ක්‍රමයක්
    වෙන ක්‍රම වලට වඩා හොඳ...

    ReplyDelete
  10. ගස් කොලන් එක්ක පිස්සු හැදිලා ඉන්න එපා....නාරිලතා මලක් දිහා එහෙමත් බලන්ට...

    ReplyDelete
  11. අපොයි නාරිලතා දිහත්නම් බලනවා :)
    නාරිලතාත් මා දිහා බලනවා...
    වෙලාව තිබුනොත් නාරිලතා ගැනත් දාන්නම් :)
    ස්තූතියි අයියා...

    ReplyDelete
  12. අනේද කියන්නේ? අහසට මේ තරම් ලස්සන පාටක් මොකට ලැබුනද මන්දා...

    ReplyDelete
  13. ඒකනේ කියන්නෙ මන්තරකාරි,
    බැරිද මන්තරයක් කරල මේක වෙනස් කරල දාන්න :))
    ස්තූතියි...

    ReplyDelete