Monday, February 13, 2012

පිරිමි ළමයින්ට ප්‍රශ්නයක්; කවුද කැමති ඩොමිනිකාවට යන්ට? අත උස්සන්ට බලන්ට (No Age limit)


අද අපිට උගන්නව්වා සෝෂියෝලොජි.
ඒ කියන්නෙ සමාජවිද්‍යාවට සම්බන්ධ එකක්.
මටත් වැඩිය තේරුණේ, මොකද පාඩම ඉවරවුනේ නෑනෙ මතක විදිහට ලියන්නම්.
මේකෙ හරය  මෙහෙමයි ඒ කියන්නෙ ලිංගභේදය අනුව සමාජයේ බෙදීම් ගැන එකක්.
මේක රට ජාතිය ආගම වැනි දේවල් වලට අනුව වෙනස් වෙනවා,
කෙටියෙන් කීවොත් සංස්කෘතියට අනුව වෙනස් වෙනවා.
මේකෙ උදාහරණයකට ගත්තා ඩොමිනිකාව කියල රටක්,
තියන්නෙ දකුණු ඇමරිකාවෙලු.
ඒ රටේ මේ ගැන සමාජයේ පොදු අදහස මෙහෙමයිලු,

ගැහැණිය
1.එක පිරිමියෙකුට බැඳී සිටිය යුතුය.

2.ස්වාධීනව යැපිය යුතුය.

3.දරුවන් බලා ගැනීම ඔවුන්ගේ වැඩ සහ ලිංගික ජීවිතය ගැන මනා දැනුමක් එනම් දරුවන්   හැදීම ගැන හොඳින්ම දැන සිටිය යුතුය.
බෙහෙත් ගැනීමට පිට කෙනෙක් ළඟට විශේෂයෙන්ම වෙනත් කාන්තාවක් ළඟට යෑම පහත්ය, ඒ නිසා  අත්බෙහෙත් ගැන මනා දැනුමක් තිබිය යුතුය.
දරුවන්ගේ සියළු වැඩ වලට දක්ෂ විය යුතුය.
මේ නිසා මේ කාන්තාවන් සෞඛ්‍යය සදහා වෙනත් ගැහැණියක් ළඟට යන්නෙ දරුවන්ගේ බර කිරීමට පමණි.
ඒ ගැහැණුත් අවිවාහක තරුණ ගැහැණු.
එයද කරන්නෙ සායනය තුල නොව එළියේය,
එළියේ සිටින විට කාන්තාව දරුවාට කිරි පොවයි,
ඒ තමා දරුවන්ගේ සියළු වැඩ වලට දක්ෂ බවත්,
තමන්ට දරුවන් බලාගැනීම හැකි බවත් සමාජයට පෙනීමටය.

4.හැකි තරම් දරුවන් වැදිය යුතුය.

5.ඔවුන්ගේ විශ්වාසයට අනුව සෞඛ්‍යය හැඟීම් හා බැඳී ඇති බැවින් තම ස්වාමියාගේ හිත නරක් නොකළ යුතුය.


පිරිමියා
1.හැකි තරම් ගැහැණු සමග සිට හැකි තරම් දරුවන් සැදිය යුතුය.

2.එක ගැහැණියෙක්ට බැඳී ඇති බව පෙන්වීම පහත්ය.

3.දරුවන් හැදුවද ඔවුන් ගැන සොය බැලීම අනවශ්‍යය,
  සුළු ආධාර දිය යුතුය,
  ඒද තමන් වැඩකාරයෙක් බව පෙන්වීමටය.

ඉතින් මේ රටේ ලිංගික රෝග පාලනයට උපත් පාලන කොපු හඳුන්වා දුන්නලු.
ඒත් ඒක සාර්ථක වුනේ නෑලු,
මොකද ගෑණු කැමති නෑ පිරිමියාව අසතුටු කරන්න.
පිරිමි කැමති නෑ ඒව පාවිච්චි කරන්න මොකද එහෙම කරොත් ඒ ගෑණු කෙනාට විශේෂ බැඳීමක් තියන බව පේන නිසා!!!

දැන් සමහරවිට මෙහෙම නැතුව ඇති,
මොකද දැන් ටිකක් ලෝකෙ දියුණුයිනෙ (තාක්ෂණය අතින්)
ඔබ මොකද හිතන්නෙ මේ කතාව ගැන?
මට නම් හිතෙන්නෙ මේ ගෑණු පිරිමි ඔක්කොම පව්,
ඔක්කොටම ලැබෙන්නෙ ශෝකජනක අනාගතයක්.
අපේ අල්ලපු රටවල් කොහොමද?,
ඉන්දියාවෙ දැන් ලොකු ප්‍රශ්නයක්ලු සමහර පළාත් වල ගෑණු අඩුකම,
මොකද මිනිස්සු ගෑණු දරුවන් හදන්න කැමති නෑ,
මොකද බඳින්න දෑවැදි ඕන.
ගෑණු දරුවන් පිළිසීන්දගත්තම ගබ්සා කරනවලු.
(ගබ්සා නම් අපෙ රටෙත් අඩු නෑ)
ඒ වගේම පකිස්ථානය වගේ රටවල ඇසිඩ් ගැසීම් ගැහැණුන්ව ගිණි තැබීම් අධිකයි.
ඒ නිසා සතුටු වෙන්න ඔබත් මමත් ඒ වගේ තැනක ඉපදුණේ නැති එක ගැන.
අපෙ රට බෞද්ධ රටක් වුන නිසා මේ වගේ ලිංග භේදයට අනුව විසමව සැලකීම අඩුයි.
ඔබ මේ රටේ ඉපදුණේ පිනකට,
ඒ නිසා රට රැකගන්න, ඔබත් රැකෙන්න,
මේ කීවෙ ගෑණු පිරිමි දෙගොල්ලටම.
***මේක විහිළුවක්වත් ෆැන්ටසියක්වත් නොවන බව කරුණාවෙන් සළකන්න.

සටහන:
දැන් එක දිගට පෝස්ට් දාල තියන නිසා මගෙ හිතේ ජනතාවට දාපුව  හරියට කියවන්න බැරිවෙන්න පුළුවන්.,
කැමති නම් කියවන්න පසුගිය වැදගත් ලිපි,

ඒ වගේම ඒවා බැලුවෙ නැතත් මෙන්න මේ ලිපිය දැක්කෙ නැත්නම් බලල, මේ රෝගී වෙලා ඉන්න අපි වගේම තරුණ,ගෑණු ළමයට උදවු කරන්න,
කවුද දන්නෙ අපිටත් ඔහොම ලෙඩක් හැදෙයිද නැද්ද කියල?
අවශ්‍යය රුපියල් 220000ක් වගේ මුදලක්ලු,
ඒක දුප්පත් දෙමව්පියන්ට දරන්න අමාරුයිලු,
ඉහින් ඔබට පුළුවන් රුපියල් 100කින් හරි මේකට දායක වෙන්න.


"ඈ නමින් “ලක්ෂිකා තිළිණ මධුෂානී“  වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව ,  උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ  “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“  , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.

ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද  පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් ,  තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව  සිටිනා බව ඔබ දන්නවාද ? ...

ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list)  රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“  තුලදී පිළිකාවේ ඉතිරි කොටස්  පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට  ඇත්තේ වැඩි අවස්ථාවකි ,"

Read Full Article

Sunday, February 12, 2012

ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .

ඈ නමින් “ලක්ෂිකා තිළිණ මධුෂානී“  වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව ,  උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ  “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“  , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.

ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද  පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් ,  තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව  සිටිනා බව ඔබ දන්නවාද ? ...

ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list)  රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“  තුලදී පිළිකාවේ ඉතිරි කොටස්  පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට  ඇත්තේ වැඩි අවස්ථාවකි ,

එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් 220,000.00 බැවින්  , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ  හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි.
..
ගාල්ල , අක්මීමණ  දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ  එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....

ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ?
 Read Full Article
http://nursinglanka.blogspot.com/2012/02/blog-post_12.html

Saturday, February 11, 2012

ඇයි මං මේවා ගැන හිතන්නෙ? Tribute to Galagedara Anonymous



මට මතක විදිහට දැන් මේ බ්ලොගය ආරම්භ කර මාස 7ක් පමණ වේ,
ඒ කාලය තුල මා මගේ අදහස් සහ දැනුම ටිකක් මෙහි ගොනු කළෙමි.
ඇත්තෙන්ම මට එය වටිනා අත්දැකීමක් විය,
එයින් මගේ මතවාද සහ අදහස් වෙනස් විය,
අසමහර දේවල් ගැන අළුතින් සිතන්නට පුරුදු වීමි.
බ්ලොග් ලියන හොඳ පිරිසක් මට හඳුනා ගැනීමට හැකි විය,
මොවුන් අතරින් අති බහුතරයක්ම මම පෞද්ගලිකව ඊ මේල් එකක් මගින් හෝ සම්බන්ධ කරගෙන නැති අයයි.
කෙසේ වෙතත් මට ද  මේ ගතවූ කෙටි කල තුල යම් පිරිසකගේ අදහස ඇසීමට ලැබිණි.
ඒ අතරින් බහුතරයක් හොඳ ඒවා විය,
සියල්ලෝම පාහේ මට යහපත් ප්‍රතිචාර ලබාදුන්නෝය.
ගලගෙදර ඇනෝ වැනි බ්ලොග් ප්‍රොෆයිල් නැති අය ද වටිනා අදහස් ලබා දුන්නෝය.
ඔහුගේ ඇනෝ කමෙන්ට් ඉතා වැදගත් තොරතුරු ද අපට ලබා දුන්නේය,
උදාහරණයකට වගා වලට හානි කරන රිලවුන් පාලනයට ඔහු ගෙන යන සත්ව ඝාතනයෙන් තොර ප්‍රයත්නය ඉතා වැදගත්ය.
"මා ජීවත් වෙන ප්‍රදේශයටත් රිලවුන්ගෙන් සැහෙන කරදර තියෙනවා අපේ වගාවන්ටත් බරපතල හානි සිදු කරනවා.විශේෂයෙන්ම කෙසෙල් වගාවට රිලවුන්ගෙන් සිදුවෙන හානිය අප්‍රමානයි.රිලවුන් පලවා හැරීම පිණිස විවිද උපක්‍රම යෙදුවත් හරි ගියේ නැහැ.නමුත් දැන් යොදාගන්නා ක්‍රමය නම් සැහෙන සාර්ථක එකක්.ඒ තමයි air riffle අවිය. රිලා රැලක නායකයා වැනි රිලවෙක් ඉලක්ක කර පහර දීම කලවිට මුළු රිලා රැලම අඩුම තරමේ දිනකටවත් අදාල ප්‍රදේශයට පැමිණීමෙන් වැලකේ.යම් තරමකට හිංසාකාරී ලෙස පෙනුනද මේ නිසා සතුන්ගේ මරණය හෝ බරපතල තුවාල සිදුවීමක් නොවේ.මා නම් කිසිවිටක පැටවුන්, ගැහැණු සතුන් සහ දුර්වල පිරිමි සතුන් ඉලක්ක කර නොගනිමි.එසේම කොතරම් වගාවන්ට හානි කලත් දඬු ලේනන්ද ඉලක්ක කර නොගනිමි සාපේක්ෂව කුඩා සතුන් බැවින් ඔවුනට ජීවිත හානියක් වීමට ඉඩ ඇති බැවිනි.කෙසේ වුවද මෙම අවිය හැසිරවීම සඳහා පුහුණුවක් තිබිය යුතුය.සැබෑ ගිනි අවි භාවිතය සඳහා යොදා ගතයුතු මුලධර්ම බොහොමයක් මේ සඳහාද යෙදිය යුතුය"


"මුලින් අදහස් දැක්වූ ඇනෝ වෙමි චීනයේ නිෂ්පාදිත සාමාන්‍ය වායු රයිපලයක් රුපියල් 14000 කට පමණ මිලදී ගත හැකිය.එයට යොදන කුඩා උණ්ඩ 200 අඩංගු බඳුනක් රුපියල්750 පමණ වේ.කෙසේ වුවත් මෙය ප්‍රවේසමින් හැසිරවිය යුතුය.මීටර් 10 ,15 ආසන්නයේ යම් කිසි කෙනෙකුට මෙම අවියෙන් පහරක් වැදුනොත් එය මාරාත්මක වියහැකිය."


"මේ සඳහා ග්‍රාම නිලදාරීයා විසින් සහතික කල ලිපියක් අදාල වෙළඳ නියෝජිතයන් බලාපොරොත්තු වේ.එසේම මේ අවිය තම ඉඩමෙන් පිට මහ මාවත් වැනි තැන්වලට රැගෙන යාම, අන් සතු කිරීම නීති විරෝධී වේ.ඔබ හරි තුම්පනේ වැසියෙක් වෙමි.ගමේ නම්බුව රැකීම සඳහා සැහෙන තරම් ගොන්කම් කර ඇත ඉදිරියටත් කරන්නට බලාපොරොත්තු වෙමි."
එසේම දැවැන්ත බ්ලොග්කරුවන් සහ බ්ලොග් කාරියන් ද මට ලබා දුන් උපකාර ඉතා අගනාය,
ඔවුන් සියළු දෙනාට මගේ තුති.
මෙසේ බ්ලොග් ලිවීමෙන් මටම යම් කලෙක කියවා රසවිඳිය හැකි ලිපි ගොන්නක් මෙහි එකතු විය.
එයට පාඨක පාඨිකා සැමට තුති ඔබ නොවන්නට මා මෙය ලියන්නෙ නැත,
එසේම සින්ඩි වලටද මගේ ස්තූතිය.


දැන් ලිපිය,
මට පොඩි කාලේ පටන්ම මේ සොබාදහම ගැන සතුන් ගැන ශාක ගැන බලවත් වූ කැක්කුමක් තිබිණි.
මේ බ්ලොගය සහ අනික් බ්ලොග් දෙක පටන් ගැනීමට ඒ අදහස මුල් විය.
එහෙත් "මා මෙලෙස සොබා දහමට වෙන හානි ගැන ශෝක වී ඵලක් ඇත් ද?"
මෙයද මගේ සිතට නැගෙන පැණයකි.
එයට පිළිතුර මෙසේ යැයි මා සිතමි,
සියල්ල පිරිහෙන ලොවක සොබා දහම පමණක් සුන්දරව වැඩී යනු ඇතැයි සිතීම මෝඩකමකි.
එය පමණක් වෙනස් නොවී තිබිය යුතුයැයි සිතීම ද මෝඩ කමකි,
අප කළ යුත්තේ බොහෝ දෙනාට යහපත සැලසෙන,
තමාටත් අනුන්ටත් යහපත් සැලසෙන යම් දෙයක් වේද එය කිරීමය.
ශෝක වීමද කළ යුතුය, නැති නම් අපට මේ දෙයවත් නොතේරී යා හැක,
එහෙත් ශෝක වීමෙන් පමණක් යහපතක් සිදු නොවේ.
අපට කළ හැක්කේ යමක්ද එය කර සතුටු වීම අගනේය,
නැත්නම් කිසිදා සතුටක් නොලැබේ,
ගස් සිටුවීම වැනි දේ අපට කළ හැකි එවන් දේය,
එසේම මෙලෙස අපේ සොබාසුමිතුරු වූ අදහස් බෙදා ගැනීමද යහපත් දෙයකි,
මංද එයින් එක් කෙනෙකු හෝ වෙනස් විය හැකි බැවිනි.
කෙසේ වුවද ලෝකයේ අනෙක් රටවල් වල මෙන්ම අපේ රටේ ද බොහෝ දේ විනාශ වෙමින් යයි,
(ලෝකයේ සිටින මිනිසුන්ගේ හිස් බව පෙනෙන සිදු වීමක් මේ ළඟදී දක්නට ලැබිනි, මා එය බ්ලොගයේ දැමීමට සිටියෙමි එයද මෙහිම දමමි,
ෂැම්පු පැකට් එකේ සිට වූ පොලිතීන් ප්ලාස්ටික් කිසිදා නොදිරන්නට මේ සොඳුරු පොළව මත එක් වේ,
සුන්දර කඳුකරය ආක්‍රමණික ශාක වලින් වැසෙමින් පවතී,
මුතුන්මිත්තන් පූජණීයව සැලකූ වැව් ප්ලේන් බාන තැන්ද
හෝටල් ද බවට පත්වේ,
මේ පුංචි රටේ සුන්දර පරිසර පද්ධති දෙබෑ කරමින් හයිවේ ඉදි වේ,
නුවර වැව යටින් උමගක්ද පැය කීපයකින් කොළඹ සිට යා හැකි නුවර එළියටත් නුවරටත් ගුවන් තොටවල් ලැබේ,
වායු දූෂණය උපරිම නගරය වූ නුවරත් සුද්දන් විසින් කා දැමීම ඇරඹූ එකල පුංචි එංගලන්තයක් මෙන් පෙනුන අද කෘෂි රසායන නිසා සියල්ල විස වූ සීතල විස ගොඩක් වූ නුවර එළියත් තවත් දූෂණය වෙනු ඇත.
සාමාන්‍ය ජනතාවගේද සොබා දහම ගැන කිසි කැක්කුමක් නැත,
ඔවුන් කිසි හිතක් පපුවක් නැතිව දිය පාරවලට කුණු දමයි,
ගස් කපයි,
ආගමිකවද ලංකාව පිරිහී යමින් පවතී,
කතෝලික ආගම වැළඳ නොගතහොත්
ඇකයේ උන් දරුවන් උඩ දමා බයිනෙත්තුවට අල්ලද්දීත් බුදු දහම අත් නොහැරි අපේ වීර සිංහලයන්ගේ වත්මන් පරපුර,
ඒ සුන්දර වූ බුදු දහම ලංකාවට ගෙනා මිහිඳු හිමි සැතපුණ ස්ථානය විනාශ කර නිධාන ගන්නට යයි.
ඒ බුදු දහම බොළඳ ගීත තුලට එබ්බුවත් එයට විරුද්ධ විය නොහැකි බව උපන්ගේ බෞද්ධ වූ කිරි දරුවන් කාලයේම දළදා සමිඳුට පූජා කළ අයම කියයි.
ඉතින් කුමක් කරන්න ද?
අප සිතිය යුත්තේ මෙසේ යැයි මගේ ගුරුවරයෙක් මට කීවේය,
ඒ ආක්‍රමණික ශාකයක් ගැන කියූ දෙයකටය,
මට ගල් ගොරක නම් ශාකය අපේ සුන්දර පරිසරයට කරන විනාශය දැක මහත් දුකක් උපන්නේය,
මා එතුමාට එය කී විට කීවේ මෙයයි,
"දැන් අපට කරන්න පුළුවන් ටිකයි,
ලෝකෙ රජ කරපු අති දැවැන්ත ඩයිනෝසරයනට මොකද වුනේ?"
මා මේ අදහසට එක එල්ලේම එකඟ නොවෙමි,
එහෙත් එහිද ඇත්තක් ඇත,
කෙසේ වුවද සොබාව ගැන ලියන මට කියන්නට ඇත්තේ,
ඔබටද වෙනසක් කිරීමට කාලය එළඹ ඇති බවයි,
අපිට ලොකු වෙනසක් කළ නොහැකි වුනත් තමතමන් වෙනස් කරගත් හැඛ,
එසේම අපේ සිත ශක්තිමත් කරගැනීමද කළ හැක,
මේ එයට කාලයයි.
තේරෙන්නෙ නැති ලස්සන සිංදුව.
Слова песни
Огней так много золотых
На улицах Саратова.
Парней так много холостых,
А я люблю женатого,
Парней так много холостых,
А я люблю женатого.

Эх, рано он завёл семью!
Печальная история!
Я от себя любовь таю,
А от него - тем более.

Я от него бежать хочу,
Лишь только он покажется,
А вдруг, всё то, о чём молчу,
Само собою скажется?

Его я видеть не должна -
Боюсь ему понравиться.
С любовью справлюсь я одна,
А вместе нам не справиться!

Огней так много золотых
На улицах Саратова.
Парней так много холостых,
А я люблю женатого...
---------------------------------------------------------------
Fires are so many gold
On the streets of Saratov.
Guys are so many singles,
And I love a married,
Guys are so many singles,
I love married.

Oh, he soon started a family!
The sad story!
I love melt away,
And from him - even more so.

I want to run away from him,
As soon as he seems,
And suddenly, all of what silent,
Needless to say?

I see Him should not -
I'm afraid it like.
With love, I can handle alone,
And together we can not handle!

Fires are so many gold
On the streets of Saratov.
Guys are so many singles,
And I love a married ...


මෙන්න මේකෙ තිබුන ගීතයක් දාන්න ගිහින් තමා මේ සිංදුව හම්බුනේ.
කැමති නම් මේ ෆිල්ම් එක බලන්න හොයාගෙන,
මේකෙනුත් පෙන්නන්නෙ මිනිස්සුන්ගෙ තණ්හාව නිසා වුන දෙයක්.
ඇත්තටම හරිම හැඟීම්බර ෆිල්ම් එකක්.
මේ යන විදිහට ආයෙත් ලෝක යුද්ධයක් එන්න බැරි නෑ,
අපිත් සමහරවිට මැරෙන්න ඉඩ තියනව ඉස්සරහට වෙන විනාශ වලින්.
අනේ මිනිස්සු කොච්චර් මෝඩ ද?
ඉන්න ටික කාලෙට මේ මහපොළව බෙදාගන්න මැරෙනවා.
අන්තිම උදාහරණෙ මාලදිවයින,
කොච්චර පොඩි රටක් ද?
මොනවද තියන්නෙ බෙදාගන?
ඒත් ඒ ටිකටත් ගහගන්නවා.


රුසියන් භාෂාව දන්නෙ නැති වුනාට මං ඒ අකුරු වලට හරි ආසයි,
හරි ලස්සනයි,
අවසාන වශයෙන් උඩම තියන පින්තූරය මගේ නිර්මාණයක්.
ඇත්ත ෆොටෝ එකකින් හැදුවේ.

Friday, February 10, 2012

ජේ.වී.පී බැලීම අනිවාර්යයි!!!



අද අපිට ජේ.වී.පී බැලීම අනිවාර්ය කළා.
පෞද්ගලික දේශපාලන අදහස් වලට ඒ වෙලාවෙ ඉඩක් ලැබුනෙ නෑ.
අනිවාර්යෙන්ම ජේ.වී.පී.
නිදහස් දේශපාලන අදහස් ඇති මට නම් හිනාත් ගියා.

මේක ඉතින් පොඩි මෙව්ව එකක්,
නිකං දැම්මෙ,
අපි සාමාන්‍යෙන් නාඩි බලන්නෙ ධමනි ඒ කියන්නෙ හදවතින් ලේ ඇරගෙන යන ඒවගෙනෙ,
මේකෙදි බලන්නෙ හදවතට ලේ අරං එන ඒවා ඒකියන්නෙ ශිරාවක.
මේකෙ නම තම ඉන්ටර්නල් ජගියුලර් ආටරිය (Internal Jugular Artery).
මේ වැඩේට කියන්නෙ
ජගියුලර් වීනස්  පල්ස් බැලීම(Jugular Venous Pulse),
ඒකයි ජේ.වී.පී කියන්නෙ,
දුක තමා කාන්ති (කාන්ති නෑ)!
අළුතින් ආපු පාඨකයෙක් නම් මට බනින්නෙ නැතුව පරණ ලිපියක් කියවල යන්න.


When I'm 64
Released on 1967-06-01


මේ සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ගීතයක්.
මම අහල තියන නියමම ගීතයක්.
තේරුම වගේම සංගීතයත් වෙනස්.
ගොඩක් සංගීත භාණ්ඩ නෑ,
මේ වීඩියෝවත් ලස්සනයි,
ඒත් ඉතින් කොණ්ඩෙ යන එකට තියන්නෙ වැවෙන එකක්.
කොහොම හරි මගේ කැමැත්තට මේක කියව්වා අපි ඔක්කොම ඇල්.ඇම්.ඩී එකක.
වැඩේ එළට ගියා.
දැන් නම් මේක කියන ඇය ඇත්තටම හැට පැනල හොට බිම ඇණිච්ච අය,
ඒත් මං හිතන්නෙ තරුණ කාලෙ වගේම තවම ජනප්‍රියයි.
ඒ කාලෙ ලොකු වෙනසක් කරපු අය,
රවි ශංකර් එක්ක එකතු වෙලා මේ බෑන්ඩ් එකේ එක්කනෙක් සිතාර් එක ප්ලේ කරන්න ඉගෙන ගත්ත,
සමහර සිංදු තියනව එහෙම කම්පෝස් කරපුවත්.
අහල බලන්න.

When I get older, losing my hair, many years from now
Will you still be sending me a valentine, birthday greetings, bottle of wine?
If I'd been out 'til quarter to three, would you lock the door?
Will you still need me, will you still feed me when I'm sixty-four?

You'll be older too
Ah, and if you say the word, I could stay with you

I could be handy, mending a fuse when your lights have gone
You can knit a sweater by the fireside, Sunday mornings, go for a ride
Doing the garden, digging the weeds, who could ask for more?
[ From : http://www.elyrics.net/read/b/beatles-lyrics/when-i_m-64-lyrics.html ]
Will you still need me, will you still feed me when I'm sixty-four?

Every summer we can rent a cottage
In the Isle of Wight if it's not to, dear
We shall scrimp and save
Ah, grandchildren on your knee, Vera, Chuck and Dave

Send me a postcard, drop me a line stating point of view
Indicate precisely what you mean to say, yours sincerely wasting away
Give me your answer, fill in a form, mine forever more
Will you still need me, will you still feed me when I'm sixty-four?

Tuesday, February 7, 2012

पारिजात - tree of sorrow



සීතරෑ වාතලේ මිහිදුමින් පිරීලා
සඳ කිරණ වලායෙන් වැටෙනවා පෙරීලා
රන්වනින් ඒසඳ සඳ එළිය නුඹ දිදුලලා
සියුම් වූ සුවඳ මට දැනේ නෙතු පියවිලා

මගෙ ජනේලය අසල ගාඩිනිය මල් නොවේ
ඒ අසල පිපුණ රතු රෝස මලකුත් නොවේ
වැටගාව පිපුණ ලොකු ඩේලියා මල නොවේ
ඉස්සරහ මිදුලෙ ඇති දෑසමන් මල් නොවේ

සුවඳ නුඹෙ පියකරුයි
සිහිනයක වගේමයි
තදත් නෑ ළාත් නෑ
එහෙත් මායා වගෙයි
එක්වනම දැනේ මට එක්වනම මැකී යයි
නුඹ කවුද නුඹ කවුද
මේතරම් සුවඳවත්

මගෙ පුංචි මල් උයන
ගෙපිටිපස තිබෙන්නේ
එහි කොනක එක් තැනක ගසක් සොඳ තිබෙන්නේ
ඒ ගසේ පත් ටිකක් රළු බවයි පෙනෙන්නේ
මල් සුදුයි නටු තැඹිලි පාට වග පෙනෙන්නේ

අහු වුනා අහු වුනා
කවුද මම දනිමි දැන්
රුවැති කෝමළිය නුඹ සිටවූයේ මං තමයි
සුන්දරයි නුඹව මට අතු සැවොම මල් දරයි
බුදු සමිදු පුදන්නට නුඹේ මල් අපූරුයි

අතීතේ සිට නුඹව සිටුවන්න සිහිනයක්
තිබූ මුත් මා සිතේ නෑ ලැබුනේ වාරයක්
ඇට ගෙනත් පැල කරත් උපන් පැල සිටි ටිකක්
කල් ගොසින් මියැදුනා නොනැවති ටික දොහක්

පන්සලේ පිටුපස්සේ නුඹේ මවු ගසක් උස
අවුව නැති වුන නිසා ඈ ඉතින් ගොඩක් උස
මුල ඇගේ බලන විට නුඹ සිටියේ අසල පස
වෙන් කරෙමි මම නුඹව ඉතිරි කරගෙනම පස

ස්වාමින් වහන්සේ නම "සුධම්ම" ලෙසයි
බොහෝ කල් පන්සලේ මෑණියන් ලෙස වෙසෙයි
දුක් ගැහැට ආවමුත් දමාලා නොම වඩියි
බෝ කලක් පන්සලේ රැක්ම වූයේ හිමියි.

අළුතින්ම පැවිදි වූ දරුවන්ම තුන් දෙනෙක්
පිරිවෙනට යැවීමට වෙහෙසුනේ ඒ හිමියි
පැවිදි බිම පියාණන් ලෙසින් හිමි වෙහෙසුණ
එහෙත් ඒ තුන් නමම ගියා කහවත් පියා

ඒ සමිදු අවසානයේ ගම හැරගියා
ඒ පුවත පිළිබඳව නොමතබමි මෙහි ලියා
ඒ නමුත් මා මෙසේ තබන්නෙමි මෙහි ලියා
සසර දුක් නිවන්නට ලැබේවා යැයි කියා



මම හිතුවෙ නෑ මෙච්චර දිගට ලියවෙයි කියල,
වැඩේට ටික වෙලාවක් ගියා,
සේපාලිකා ගහ තියන්නෙ අයියගෙ ජනේලෙ ළඟ,
අවුරුදු ගානක් තිබුන ආසාවක් ඉටු වුනා.
මේ ගහ හරි සුන්දරයි,
මල් ගොඩයි,
ඖෂධීය වටිනාකම් ගොඩයි,
වෙද මහත්තය ආවොත් ලියයි ඒ ගැන,
විකි පිටුවෙන් තොරතුරු ටික බලන්න,
නම: Nycthanthus arbor-tristis
(arbor- ගහ tristis- දුක)
මේකෙ කුලය දැන් පිච්ච කුලය(Oleaceae),
ඉස්සර වෙනම එකක තිබුනේ(Nycthanthaceae),
නම දාල තියන්නෙ නම් ඉතින් ලිනේයස් තමා.
ඔන්න හිටවගන්නව නං අපූරු ගහක්,
පොහොර ඕන නෑ ඒත් අව්ව ඕන,
ගලක් උඩ වුනත් හරියනවා,
අතු බැඳීම මගින් පැල හදාගන්න පුළුවන්,
ඇටත් පැල වෙනවා ඒත් වැඩේ අමාරුයි,

කොළ වැලි කඩදාසි වගේ පාවිච්චි කරන්න පුළුවන්,
අරණකට පෙම් බැඳ පොතේ තිබුනා සේපාළිකා කැලෑවක් ගැන,
අම්මේ කොච්චර සුවඳ ඇද්ද මල් පිපුනම?
මටත් ආසයි එහෙම එකක් හදන්න.
මල් වල නටු සිවුරු පඬු පොවන්නත් ගන්නවා,
හැමදාම මල් පූජා කරන පින් පින්වත් සුධම්ම ස්වාමින් වහන්සේටත් ලැබේවා,
වැඩ ඉන්න පන්සලක සුවෙන් ඉන්න ලැබේවා.
මේ දුක්ඛිත සංසාරෙන් මිදෙන්ට ලැබේවා,

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... 
gloriosa90@gmail.com

Saturday, February 4, 2012

භයානක වැලන්ටයින් - Dangerous Valentine

ගිහින් කියවන්න
මගේ අනික් බ්ලොග් එක,
මං හිතන්නෙ ඒක සින්ඩි වල පබ්ලිෂ් වෙන්නෙ නෑ කාලෙකින් අප්ඩේට් නොකළ නිසා,
http://invasiveplants-srilanka.blogspot.com/2012/02/dangerous-valentine.html



මේකත් දාන්නම් ඔබ හිතල බලන්න ඔබේ බුද්ධිය පාවිච්චි කරල,
මේක අනුන්ගෙ වැදගත් ලිපියක් ඊයෙ සොරි ඊයෙ කියවපු අද දිවයිනේ ලිපියක්.


අඹ නොදකින් ඇපල් රකින්....
සැපයුම් දාම කළමනාකරණ විෂය පිළිබඳ හසල දැනුමක්‌ ඇති මගේ සුන්දර මිත්රකයෙක්‌ මට පසුගිය දිනෙක අඹ සහ ඇපල් පිළිබඳ අපූරු කතාවක්‌ කීවේය.


අප දෙදෙනාගේ එදින කතා බහට නිමිත්ත වූයේ ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ගැනයි. මංගල පස්‌ පිඩැල්ල කැපුවේ වැරදි නැකතකද කියා සිතෙන තරමට දුර දිග ගිය කූඩ ප්රසශ්නය සුපුරුදු පරිදි අවසානයේදී හමාර වූයේ රටේ ජනාධිපතිවරයා ඊට මැදිහත් වීමෙන් පසුවය.


දත්ත විශ්ලේෂණයට අනුව වසරකට අපතේ යන එළවළු හා පලතුරු ප්රතමාණය මුළු නිෂ්පාදිතයෙන් 40% ක්‌ යෑයි කියෑවේ. රුපියල් වලින් කියනවා නම් එහි වටිනාකම බිලියන ගණනකි.


මේ විනාශය වළකාගත හැකි ක්රමයක්‌ වී නම් පාරිභෝගිකයා මන්දපෝෂණයෙන් බේරා ගැනීමට ඊට එහා දෙයක්‌ තවත් නැත. අඩු මිලට එළවළු හෝ පලතුරු මල්ලක්‌ යනු පොඩි මිනිසාට තවමත් සිහිනයකි.


මගේ මිත්රයාගේ අඹ සහ ඇපල් කතාව එළියට ආවේ ඉහත කී ලෙසින් දිග් ගැස්‌සුන කූඩ මාතෘකාවේදීය.


එදා ඔහු මගෙන් ඇසුවේ "ඔබ යම්කිසි දිනෙක උදැසන පිටකොටුව මැනිං මාර්කැට්‌ටුව හරහා ඇවිදගෙන යන විට අඹ ගෙඩි කීයකට පයින් ගසා තිබේද?" කියාය. ඔහුගේ පැනය අපූරු එකකි.


මම ඒ ගැන සිතා බැලුවෙමි. හොඳට ඉදුන "කර්ත කොළොම්බු" අඹ සිය ගණනින් විසිකර ඉවත දමා ඇති අයුරු මැනිං වෙළෙඳ පොළේදී ඔබද ඕනෑ තරම් දැක තිබේ යෑයි මම විශ්වාස කරමි. ඒ අඹ සියල්ලම පාහේ ප්රතවාහනයේදී තැලී පොඩිවී ගිය ඒවාය. සාමාන්යමයෙන් ඉතා හොඳ තත්ත්වයේ කර්තකොලොම්බු අඹ ගෙඩියක්‌, රුපියල් හැටපහකට හෝ හැත්තෑවකට අලෙවි කෙරේ. මගේ මිත්ර යාගේ දෙවන පැනය වූයේ ඒ අයුරින්ම මා කිසියම් දිනෙක ඇපැල් ගෙඩි කීයකට පයින් ගසා තිබේද? කියාය. සැබැවින්ම ඒ පැනය මගේ "බොක්‌කටම" වැදුණේය. මේ දක්‌වා කිසිම දිනෙක මා මෙන්ම ඔබද ඇපල් ගෙඩියකට පයින් ගැසීමේ අවස්‌ථාව උදාකරගෙන නැති බව සත්යපයකි.


සම්පූර්ණයෙන්ම කියවන්න:
http://www.divaina.com/2012/02/05/feature07.html





Friday, February 3, 2012

වඩේ - Sympothy



පැහැදිළිය ඔහුගෙ ඇස් අතේ වෙයි වඩයක්...
සරසවිය තුල හමුව ඇසුවේය පැණයක්,
"කොහෙන්ද ගන්නෙ මේ කැම්පස් එකට ඇප්ලිකේෂන්"
විස්තර කරෙමි ඒවා මෙහි නැති වග,
හැකිය ගන්නට විජිත යාපාවෙන්,
"මොනවගෙන්ද A/L කරේ?"
"Arts, B3යි"
"කොහෙන්ද කරේ?"
"නුවරින්ම තමා"
ඔහු ගියා තුති පුදා,
සම ඇඳුම් ඇදි මිතුරා සමඟ
ලාබ කලිසම ද බටා ද පැළඳ
ගියෝය ඔවුන් වඩය කමින්
මම ද ගියෙමි පසෙකින් 
ගලහ හන්දියට.

මේ සිදුවීම ඇත්තටම අද වුන දෙයක්,
මට හරි දුක හිතුනා,
මේ තරුණයෝ දෙන්නා දෙමළ,
(මගේ දෙමළ ඉගෙන ගැනීමත් දැන් හරියට වෙන් නෑ වැඩිය කතා කරන්න වෙලාවක් නෑ අපරාදෙ හිතුනා)
මේ තරුණය අහපු එක පුදුමයි,
මොකද මේ ගැන නොදන්න ළමයි අඩුයි,
ඒත් හිතෙන්නෙ ඇත්ත කියල,
මොකද ඒ ළමයගෙ මූනේ බොරු කියන පාටක් තිබුන් නෑ,
මට හරි දුක හිතුනා,
මොකද කවදාවත් මේ වගේ අඩු රිසල්ට් එකකින් ආට් කරලා නුවරින් කැම්පස් යන්න බෑ නුවරින් තියා දුෂ්කර පළාතකින්වත් යන්න බැරි වෙයි,
මේ ළමයා ඒ ගැනවත් දන්නෙ නෑ (පුදුමයි!!!)
ඒත් ඉතින් පව්,
මං කීවා UGC එකේ පොත තාම ඇවිත් නැතුව ඇති,
විජිත යාපා එකෙන් ඕඩර් කරන්න කියල,
ම්කද මේ Z Score ප්‍රශ්නෙ නිසා තවම පොත් දාල නැතුව ඇති කියල,
ඒත් ඉතින් ගෙදර ඇවිත් අම්මට කීවම තමා දන්නෙ,
පොත් දාලා කියල විකුණන්ට,
රටේ හැටි තමා,
ඕවා ගැන කතා කරල වැඩක් නෑ ඉතින්,
මේ වගේ දුක හිතෙන ඒවා ගොඩක් වුනා මේ දවස් දෙකේ,

ඊයෙ මහ රෑ 12ට පැදුර ඉවරවෙලා යාළුවෙක්ගෙ බෝඩිමට යනකොට
පේරාදෙණියෙ ටවුන් එකේ RDA එකේ කම්කරුවො වැඩකරනවා,
මට පුදුම දුකයි,
ඇයි මේ අසාධාරණේ?
හරියට එළියක්වත් නැතුව වැඩ...
ලෝකෙ හැටි ඔහොමතමා කියල හිත හදාගන්න වෙන්නේ,
-----------------------------------------------------------------------------

දැන් නම් බරපතල වැඩ ඇති වසර පහේ සිර දඬුවමේ රස දැනීගෙන එනවා,
ඒ නිසා සොබාව ගැන ලියන්න නැති එක ගැන දුකයි,
මට ගොඩක් දේවල් ගැන දකින්න අහන්න ලැබෙනවා,
මගේ අළුත් අයිඩියා එකක් තියනවා,
බලමු ඒකට හොන්ද ජාදුවක් හෝ අයිපොඩ් වගේ එකක් ඕන,
ඒත් ඉතින් එහෙම එකක් සහ කාලය කියන දෙකම නෑ,
බලමු,


බ්ලොග් ප්‍රමෝ 
Green Movement Blog
The blog provides a platform to share and discuss events and issues related to environment and development of Sri Lanka. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
 මේක ගැන කලින් කියල තියනවා,
ඒත් ඉතින් මිනිස්සුන්ට මේක ෆලෝ කරන්න බෑ වගේ,
සමහරවිට හිතෙනවා ඇති,
"අපි මොනව කරන්නද මේ පරිසර ප්‍රශ්න වලට?" කියල.
කමක් නෑ,
මං ආය මතක් කරනවා,
ගොසිප් නිව්ස් බලන්න කාලය වැය කරනව නම් ඔබ..
නළු නිලියොන්ගෙ ඕපාදූප හොයනවනම්,
මේ වගේ දේකටත් ඔබේ වටිනා කාලයෙන් ටිකක් වෙන් කරන්න,
මොකද එතකොට ඔබටත් හිතෙයි සොබාව වෙනුවෙන් දෙයක් කරන්න,
මේක වටිනා ප්‍රවෘති සපයන බ්ලොග් එකක්.