Monday, November 7, 2011
පුංචි අම්මාගෙන් පුතාට...
දළදා සමිඳු පිහිටයි!
සෙනෙහෙබර පුතණුවනි..
ලෝ දම්හි මිහිතලේ - පිපුණු මල් කැකුළු පුත
දෙමවුපිය සෙනෙහසින් - විකසිතවු සුවඳ පුත
දසත සුවඳවත් වමින් - ළඳු කැලෑ මැදින් පුත
සම සිතින් බලා නෙත් - නමුව මත සැලෙයි ඔබ
මවුපියන් ගුරුවරුන් - ඥාතින්ද මිතුරු කැල
සනසමින් පෙන්වුවා - ඔබගෙ සිඵල රැඟුම්
විශිෂ්ටයි විස්මිතයි - එවන් යුග පුරුෂයින්
දෙනු මැනවි රැකවරණ - තුරුණුවන් ගුණ බෙලෙන්
සකල ලෝ සතු හැම වැටිලා දුක් සාගරේ
හදිසි අනතුරු මෙන්ම - විපත් බහුලයි ලොවේ
ලෙඩ රෝග - විෂ බීජ - මරු තුරුලෙ සැඟවිලා
දිගු කළා දෑත් යුග - රැකවරණ දෙවු ලොවට
දෙවු ලොවින් - මිහිතලය සිප ගත්ත පුතෙකු ලෙස
දෙන්න ඔබ නුවන් ඇස - සරස්වති දෙවු වරම
දෙනෝ දහ්සක් දෙනා බලා සිටි පෙර මඟට
නෙතු කඳුළු පිසදලා - පිහිට වනු මැණ සෙසුම
සසර හරි බියකරුයි - තෙරේක් නොපෙනෙන ලොවේ
දහම් රස දන්න ඔබ මටත් වැඩි පින්බරයි
රටට ජාතිය මෙන්ම ආගමත් රැකගන්න
එකම දම් සභාවේ - සසර මඟ සැනසෙන්න
දේ(විකා ) පුංචි
ලියන්නෙ නෑ කීවට අද මගේ පුංචි මට ලියන්න දෙයක් දීලා ගියා.
ඒක කාටවත් පෙන්නන්න එපා කීවා...
ඒත් මට විශ්වාසයි මේක අපෙ පවුලෙ කවුරුත්ම බලන්නෙ නෑ කියලා.
ඒ නිසා මම මේක පල කරනවා.
පුංචිට ගොඩක් පිං.
මේ ඉන්නේ අපෙ අත්තම්ම (මියගිය ),
ඇයව වසර ගණනාවක් තිස්සෙ ආදරෙන් බලාගත්තෙ පුංචි.
පුංචි උදේම නැගිටපු ගමන් අත්තම්මගෙ කකුල් දෙක අල්ලලා වඳිනවලු.
පුංචි දුප්පත් අහිංසක කෙනෙක්.
ඒත් මම ඔවුන්ගේ ගෙදර, ඒ කියන්නෙ අපෙ අම්මලාගෙ මහ ගෙදර ගියේ නෑ ළඟදි.
ඒකට සාධාරණ හේතුවක් තිබුනා.
ඒත් මම හිතුවා කීප වරක්ම ආය එහෙ යන්න ඕන කියලා.
ජීවිතේ හරි කෙටියි, මිනිස්සු වැරදි කරත් සමාව දෙන්න ඕන.
ඒ නිසා මං එහෙ යනවා දවසක.
අද ඉදලා ටික දවසක් විවේක ගන්න ඕන.
Sunday, November 6, 2011
දුකෙන් ලියමි..
මගේ බ්ලොගය ටික කලකට නොලියා සිටීමට තීරණය කළෙමි.
එයට පෞද්ගලික ප්‍රශ්න හේතු විය.
කෙටි දැනුම්දීමකින් මෙය කරන්නේ දැණුම් දිය යුතු නිසාය.
පසුගිය කාලය තුල මට බ්ලොගය කිරීමට නොයෙක් උපකාර කළ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
මා මේ කල දෙයින් යම් ඵලයක් වුනාදැයි මම නිශ්චිතව නොදනිමි.
එය දන්නේ ඔබයි.
නිරතුරුව සොබා සුමිතුරු වීමටත්, අන් අයත් එයට යොමු කිරීමටත් උත්සාහ කරන්න.
මම නැවත හැකි වූ විට ලිවීමට යත්නදරමි.
කරුණාකර මගෙන් මෙයට හේතුව නොඅසන්න.
ස්තූතියි.
ඔබ සියළු දෙනාටම සොබා සුමිතුරු නව සොබා සුමිතුරන් බිහිකරන්නට හැකියාව ලැබේවා,
මීට
ගෝඩෝනියා සිලැනිකා

Monday, October 31, 2011
ලිලියන් චාලට් ද සිල්වා - සැබෑ සොබාසුමිතුරු මෑණිය...
සමාජ තලයෙන් එතරම් උසස් තැනක නැති.
ඒත් ඒ මිනිස්සු අතර ඉන්නවා හොඳ හදවතක් සහ අවබෝධයක් තියනව සුන්දර මිනිස්සු.
මේ ලියන්න යන්නෙ එහෙම අම්ම කෙනෙක් ගැන.
මේ අම්මාගෙ නම ලිලියන් චාලට් ද සිල්වා.
මහා පෝසත් උගත් අම්ම කෙනෙක් නෙවේ බැලූ බැල්මට.
ඒත් මේ අම්මා ලොකූ සේවයක් කරපු කෙනෙක් පරිසරයට.
ලංකාවේ තියනවා ඉතාම දුර්ලභ කඩොලාන ශාකයක්.
මේකෙ නම රතමිල්ල/ රතඹිල්ල [Lumnitzera littorea - Family : Combertaceae (කොට්ටම්බා අයත් කුලය)].
![]() |
| පම්බල දී ගත් සේයාරුවක් |
තමන්ගෙ වයසෙ හැටියට තිබෙන අපහසුතා නොසලකා මේ ශාක ගොන්න රැකගෙන තියන්නෙ ඇයයි.
මේ ශාක දුර්ලභ බවවත් ඒ නිසා එය වටිනා බවවත් ඇය දැනන් ඉන්න නැතුව ඇති.
ඒත් ඇය කළ යුත්ත කළා, ඒ තමා ශාක රැක ගැනීම.
ඇයට තිබුන අක්කර භාගයක පමණ භූමියේ, ඇය කල මේ ස්ථානිය සංරක්ෂණය තවත් බොහෝ කාලයකට මේ ශාක රැක ගන්න දායක වේවි.
ඇය කියල තියන්නෙ "මේ ගස් දැන් දැකගන්න අඩුයි, අළුත් ගස් හරිම අඩුයි, තිබුනත් තියන්නෙ පරන ගස්, ඒ නිසා මේ ගස් රැක ගන්න ඕන" කියලා.පේනවද ඇය කෙතරම් සංවේදී වෙලාද කියල පරිසරය ගැන,
මේ ගහ අඩු බව සහ එය රැකගත යුතු බව ඇයට තේරිලා තියනවා.
මෙතුමිය තමන්ගේ වයස, දුප්පත්බව, රෝගී බව පසෙකලාකළ මේ නිහඬ සේවාවට උපහාර පුද කරන්න 2010 ඔක්තෝබර් 22 තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය (YZA) සූදානම් වෙලා හිටියත් එයට හරියටම දවසකට කලින් ඇය මෙලොවින් සමු අරගෙන තියනවා.
ඒ අවුරුදු 85ක් ගෙවලා.
ඒ උතුම් කාන්තාවට මාගේ උපහාරය වේවා!
මට මේ සියළු විස්තර ලබාදුන්නෙ ජේෂ්‍යඨ පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන සර්.
එතුමාටත් ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයටත් මම ගෞරවණීය ස්තූතිය පුදකරනාවා මේ කරන්න සූදානම් වුන සද්ක්‍රියාවට.
මට දුකයි ඒක කරගන්න නොලැබුණාට, ඒක කරා නම් මේ අම්මට ගොඩක් සතුටු හිතෙයි.
Jagath Gunawardana
The lady who preserved Ratambilla (Lumnitzera littoria)
Mrs.Lilian Charlotte de Soysa
This short note is to honour the lady who preserved the grove of Ratambilla plants in her private property in the Ovilana island in Madu-Ganga in Balapitiya.It is the dominant tree in the area of about half an acre of marshy land in which she lived till the very end of her days,courageously protecting this grove of trees.She did not no very much about the importance of it but told me that she thought they have to be protected as she has not seen this tree anywhere else and has also observed that there are no new plants but only old trees.
We(the YZA) had planned to honour her and appreciate her services in protecting this plant amidst all her personal hardships such as poverty,old-age and ill-heath.It was to be on the 22 of October 2010.Ironically,she passed away on the 21st October,just a day before we could honour her.She was 85 years old.
May she attend Nibbana.

මේකෙන් අපි උගත යුතු පාඩම් කිහිපයක් තියනවා
අපේ පැරැණ්නන් මේ පරිසරය රැක්කෙත් මේ විදිහට තමා,
ඒ අය තමන්ට කෙලින්ම ප්‍රයෝජනයක් නැතත් නිකරුණේ ශාක විනාස කරල දැම්මෙ නෑ.
ඒ වගේම අපි සංවේදී වෙන්න ඕන පරිසරය ගැන,
අපි රැකගන්න ඕන පරිසරය.
අපෙ වත්තෙ තියන නමක් නොදන්න ගහ සමහර විට ලෝකෙ තියන ඒ වර්ගයේ ගස් වලින් අන්තිම එකක් වෙන්න පුළුවන්,
ඒ මොකද අපේ වත්තට ඇවිත් විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නෙ නෑනේ ශාක වර්ග හඳුනාගන්න.
ඒ නිසා නොදන්න ගහක් වුනත් නිකරුණේ කපාදාන්න එපා!
කෙසේ වෙතත් තමන් දන්නා දේ හැකි විදිහට බෙදාගන්න,
එය වැදගත් වේවි.
අනිත් එක තමා සොබාසුමිතුරන් වෙන්න මහා ලොකු දැනුමක් ඕන නෑ කියන එක.
උගත්කම් ලොකු ලොකු තත්ව ඕන නෑ කියන එක.
දැන් අපෙ රටේ ඉන්නවා ඇමතිලා මන්ත්‍රිලා ඉන්නවා ඒ අය මොකද කරන්නෙ කැලෑපාළුවෝ එක්ක එකතු වෙලා කැලෑ වනසනවා.
ඒත් මේ අම්මා බලන්න නූගත් දුප්පත් කෙනෙක් වුනත් මේ ශාක ටික රැකගන්නවා.
අනිත් දේ තමා අපි සොබාවට සමීප වෙන්න වෙන්න ඉබේම අපිට මේ වගේ අදහස් එනවා.
ඒ දෙයයි වඩා වැදගත්.
දැන් මම ආක්‍රමණික ශාක ගැන බ්ලොගය කරනකොට මගේ ගුරුවරයෙක් කීවා එක්තරා පරිසරයට සම්බන්ධ රාජ්‍යය ආයතනයකත් මිදුලෙ ලස්සනට ගල් ගොරක ගහක් හිටවලා තියනවා කියලා.
ඒකෙ නිලදරුවො එය දන්නෙ නැතුව ඇති.
ඒත් මට දැණුනා මේ ආක්‍රමණික ශාක, පරිසරයට නොගැලපෙන ශාක ගැන වැටහීමක් සොබා සුමිතුරෙක්ට ඉබේම ඇති වෙනවා කියලා.
ඒක උපතිනුත් එනව ඇති සමහර විට, ඒත් ඒක ඇති කරගන්නත් බැරි නැති වෙයි.
"වයිට් ක්‍රොෆ්ට් නම් ජලජ පැලෑටියක අල ගෙනවුත් වැවේ පැලවීමට හැරියෙමි.
ඒවා ඉක්මනින් පැළවී වැඩෙන්නට වූ විට යුගල ප්‍රසාද් බියවූයේ නෙළුම් මල් වලට ඇති තැන ඒ පැළෑටිය අත්පත් කරගනු ඇතැයි කියාය.
බෝගන්විලා අතු ගෙනවුත් පැලකිරීමට සිතුණත් ඒ මල් වර්ගය නගරයේ කෘත්‍රීම උද්‍යාන සමඟ කෙතරම් බැන්දී ඇද්දැයි කිවහොත් ම බියක් ඇති වූයේ වැව අසල දිස්වූ සිරියට එයින් හානියක් වනු ඇතැයි කියාය.
යුගල ප්‍රසාද් ද මෙවැනි දේ ගැන සිතන්නේ මා සිතන පරිදිමය.
ඔහුද බෝගන්විලා පැල කිරීමට විරුද්ධ විය."
අරණකට පෙම් බැඳ : පිටුව 126
මේ සත්‍යවරණ සහ යුගලප්‍රසාද් යන දෙදෙනා සොබාවික වැවක් අසල මල් වැවීමට ගිය විට සිතූ අයුරු දැක්වෙන වැකි කීපයකි.
ඔවුන් ද මේ දේවල් ගැන උගත් අය නොවේ, විශේෂයෙන්ම යුගල ප්‍රසාද් කැලෑ ගමක උපන් දුප්පත් ගැමියෙකි.
ඔවුන් සොබාවයට ළං වූ විට සොබා මව ඔවුන්ට අවැසි දැනුම නොමිලේම ලබාදෙන්නීය,
මෙය උපාධි මඟින් ලබාගත නොහැක.
යුගල ප්‍රසාද් තමන්ගේ ඉඩමක නොව ඕනෑම ඉඩමක, කැලෑවක මල් සිටවීමට ප්‍රිය කළේය.
කිසියම් වනයක වූ මල් ගෙන්වුත් ඒවා වෙනත් කැලයක සිටවයි.
තමන්ටම අයිති නැතත් කොහේ හෝ ඒවා වැඩෙන්නේ නම් ඔහුට සතුටකි.
අපිත් අපට ඉඩක් නැත්නම් අනුන්ගේ හෝ තැනක, පාසලක ගස් සිටුවා සතුටු වීමට පුරුදු විය යුතුය.
Friday, October 28, 2011
රාස්සිගෙ අව්ව - දුකෙන් කළකිරීමෙන් ලියමි...
අනේ ඉතිං දෙයියනේ කියලා වැහි කාලෙ පටං ගත්තා.
හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.
ඒ වගේම මේ කාලෙට ඉර එළිය වැටෙන ආනතිය තිරසට බර වෙනවනෙ, ඒ නිසා හවසට අමුතු ලස්සනක් තියනවා.
මම ටික දවසකට කලින් රාස්සිගෙ අව්ව ගැන ලියන්න හිටියා.
අදවත් ලියන්න හිතං ඔන්න පටන් ගත්තා.
බලමුකො,
රාස්සිගෙ අවුවත් මම ගොඩක් ආස කරන දෙයක්,
ඒක හරිම ලස්සනයි,
පරිසරේ හැමදේම කහපාට වෙලා පේනවා.
කහ කීවට මේක නිකන් රත්තරන් පාට වගේ එකක්.
හවස 6ට විතර තමා රාස්සිගෙ අවුව පායන්නෙ,
මේකත් වර්තනය නිසා වෙන එකක් මං හිතන්නෙ.
මේක පායනකොට ඉතිං නිකන් හොල්මන් ගතියකුත් තියනවා, ගුප්තයි.
ඔය රාස්සිගෙ අව්ව ගැන මොකද්දෝ කතන්දරයක් තියනව මට මතක නෑ ඒක.
දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න.
මේවා හරියටම රාස්සිගෙ අවුවෙ නෙවේ, ඒකෙ ගත්තු ෆොටෝ ටික අයියා අතින් නැති වෙලා.
අයියගෙන් මගෙ ෆොටෝ වලට හරි අපලයි.
හිතල නෙවේ ඒත් වැරදිල මොකක් හරි වෙනවා.
තව එක ළමයෙක් ලියපු කොට කවි කෑලි දෙකකුත් දානවා.කොහොම වුනත් මේ කෙටි ලිපිය අද එනකොට දැකපු දේවල් ටිකකින් අවසන් කරන්නම්,
1.අද උදේම යනකොට මම දැක්කා පිඟාඔයේ අත්තක්.
ප්ලාස්ටික් පොලිතින් ඉවුරේ තිබුණ උණ ගස් වල රැඳිලා.
පාරෙ යන මිනිස්සු පාර අයිනෙ තියන මේ දියපාරට කුණු දාලා.
එතන ඉස්කෝලයක් තියනව කියලවත් හිතන් නැතුව.
මේක වැටෙන්නෙ මහවැලියට.
2.අද මං එනකොට දැක්කා පාරෙ වතුර යන බෝක්කුවකින් එහා පැත්ත.
තනිකරම කුණු ගොඩවල් පිරිල.
කුණු කියනෙත් ඉතිං දිරණ ඒවා නෙවේ.
මේක තියන්නෙ ප්‍රසිද්ධ මහයියාවෙ කුණු ඇල පහුකරලා නිත්තවෙලට එනකොට.
එතනම තවත් ශෝකජනක දෙයක් වෙනවා මේ දවස් වල.
එතන තියන මාර ගහත් කපනවා.
මං යාළුවෙක්ගෙ කැමරා එකකින් ෆොටෝ ගත්ත ඒව තව හම්බුන් නෑ,
එපා වෙනව දැන් නම්.
දැන් නම් කැමරාවක් නැති අඩුව තදින්ම දැනෙනවා.
මහයියාවෙ කුණු ඇල ඉතින් ගන්ට දෙයක් නෑ,
කුණු පිරිලා.
අන්තිමට මේ ඇලවල් දෙකම වැටෙන්නෙත් මහවැලියට.
3.කලින් දවසක දැක්කා රජවත්තෙ ඇලක කුණුගොඩවල්.
මේකත් වැටෙන්නෙ මහවැලියට.
4.උදේ ගොහාගොඩ පාරෙන් කැම්පස් එනකොට පේනවා හොරට හදන්ට ගිය බලාගාරෙ කෑලි.
ඒක තවම අයින් කරල නෑ.
එතන වුන දේවල් ගැන දැනගන්න මේ ලින්ක් වලට යන්න.
ලින්ක්1, ලින්ක්2, ලින්ක්3
ලංකාවෙ දුර්ලභ ආවේණික මත්ස්‍යයෙක්ට වුන දේ හරිම ශෝකජනකයි.
පේනවනෙ ඒවට කට ඇරියම වෙනදේ.
ඒ හරියෙත් මහවැලිය දූෂණය කරල කුණු වලින්.
මේ ගෝනි බැම්ම අයින් කරන් නැති එකෙන් පේන්නෙ ඒකත් කවදා හරි ආය හැදෙනවා කියන එකනෙ.
ඔක්කොම බාගයක් වුනාට පස්සෙ නවත්තනවා, වැඩක් නෑ,
පරිසරවේදියෝ යන්තං කෑගහල ඒක නවත්ත ගත්තා,
ඒත් ලස්සනට කරයි ආයම.
එතනම තියන්වා උපසම්පදා සීමාමාලකය.
ඒකෙ කණුවකත් දෙස්පළුවෙක් නම ගහල ඡන්ද හිඟන්න.
අනේ ඇත්තට මට පුදුම දුකයි මේ රට ගැන,
අපෙ මිනිස්සු කොච්චර මෝඩද?
කොච්චර නොදැනුවත්ද?
මෙහෙම ගියොත් ලංකාව ආසියාවෙ ආශ්චර්යය නෙවේ ආසියාවේ ආශ්චර්යමත් කුණුගොඩ වෙන එක කාටවත් නවත්තන්ට බෑ.
කවදා නම් මිනිස්සු මේවා තේරුම්ගනීද?
අනේ ඇත්තට මට සල්ලි හරි ටීවි චැනල් එකක් හරි තියනව නම් අපෙ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න මේවා දානව නිතරම.
අපෙ මිනිස්සු කොච්චර කැත වැඩද කරන්නෙ?
පූසො ජරා කරල වහනවා වගේ කුණුත් ඇලකට ගඟකට හරි දාලා පේන්නෙ නැත්තං හරිනෙ කියල යනවා.
කොච්චර ඉඩ තිබුනත් බිත්තර කටු, පොල්කුඩු මේවත් මල්ලකට දාල ගැටගහල පාරට දානවා.
ඒකයි මේ කුණු ලොරි යනකොට ගඳ..
පොලිතින් විතරක් නම් ගඳ ගහන් නෑනේ.
මිනිස්සු පුදුම මෝඩයි ආත්මාර්ථකාමියි.
ඒ වගේම ලංකාවේ නිසි කසල ප්‍රතිචක්‍රිකරණයක් හෝ, පාවිච්චිය අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් නෑ.
හැමදාම කාටහරි ඡන්දෙ දෙනව මිසක් මේව ගැන ප්‍රශ්න කරන්නෙ, අපිට මේවට විසදුමක් ඕන කියන්නෙ කවුද?
ඇත්තටම මට හිතෙනවා මේ දේවල් වලට මට මොකුත් කරන්න බැරිද? මට බැරිද මේ දේවල් වලට මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ බ්ලොග් එකට අමතරව මිනිස්සු අතරට මීට වඩා ගිහින්? කියලා.
ඒත් ඉතිං අපෙ රටේ මිනිස්සුන්ට දැන් එහෙම හැකියාවක් නෑනෙ.
කරොත් ඉතිං ඉවරයි.
සාමදානයේ සැතපෙන්න වෙයි, එක්කො කරදර ගොඩක් එයි.
අනේ අපේ රටේ මිනිසුන්ගේ ඇස් ටිකෙන් ටිකවත් ඇරේවා!
තමන් ගැනම, තමන්ට ලැබෙන පෙණෙන දේ ගැනම නොව පරිසරයට වෙන දේ ගැනත් සිතන්නට නුවණ ඇති වේවා!
ඒත් ඉතිං මේවා තේරෙණකොට වෙන්ට ඕන හරිය වෙලා ජරාජීර්ණ රටක් ඉතුරු වෙලා තියෙයිද මංදා.
පැලයක් හිටවන්ට වලක් හෑරුවත් පොලිතින් ගොඩවල් මතු වෙන,
තැන තැන දාන පොලිතින් ප්ලාස්ටික් නිසා ඩෙංගු වගේ ලෙඩ බෝ වෙන,
වතුර ඔක්කොම විෂ ද්‍රව්‍ය වලින් දූෂණය වුන
ගස් කපල දාල හුස්ම ගන්ට අමාරු වෙන කාලයක් ආවම ප්‍රමාද වැඩි වෙයි.
එතකොට අඩිපාරක් හැදුවත් රටේ සල්ලි වලින්ම ලොකූ ෆ්ලෙක්ස් එකක් ගහන දේශපාලකයන්ටයි,
ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි තේරෙයි අපි පරක්කු වැඩියි කියලා.
පුළුවන් නම් ඔක්කොමලා මේක හැමතැනම බෙදාහරින්න,
මම කොයිම දේශපාලන පක්ෂෙකටවත් කැමති නෑ,
ඒ නිසා කාටවත් කඩේ යන් නෑ.
කවුරුත් පරිසරේට කරල තියන දේ මදි.
ඒ නිසා මේක අපක්ෂපාතියි.
දුකෙන් කළකිරීමෙන් ලියපු
එකක් මේක ලියන්න කලින් දාපු එක මේ යටින්ම තියන්නෙ.
(ඇත්තටම මට මොකුත් ලියන්න විශේෂ දෙයක් මතක් වෙන් නෑ,
හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.
ඒ වගේම මේ කාලෙට ඉර එළිය වැටෙන ආනතිය තිරසට බර වෙනවනෙ, ඒ නිසා හවසට අමුතු ලස්සනක් තියනවා.
මම ටික දවසකට කලින් රාස්සිගෙ අව්ව ගැන ලියන්න හිටියා.
අදවත් ලියන්න හිතං ඔන්න පටන් ගත්තා.
බලමුකො,
රාස්සිගෙ අවුවත් මම ගොඩක් ආස කරන දෙයක්,
ඒක හරිම ලස්සනයි,
පරිසරේ හැමදේම කහපාට වෙලා පේනවා.
කහ කීවට මේක නිකන් රත්තරන් පාට වගේ එකක්.
හවස 6ට විතර තමා රාස්සිගෙ අවුව පායන්නෙ,
මේකත් වර්තනය නිසා වෙන එකක් මං හිතන්නෙ.
මේක පායනකොට ඉතිං නිකන් හොල්මන් ගතියකුත් තියනවා, ගුප්තයි.
ඔය රාස්සිගෙ අව්ව ගැන මොකද්දෝ කතන්දරයක් තියනව මට මතක නෑ ඒක.
දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න.
![]() |
| ගෙදර මිදුලට පේන හැටි |
![]() |
| ගෙදර මිදුලට පේන හැටි |
අයියගෙන් මගෙ ෆොටෝ වලට හරි අපලයි.
හිතල නෙවේ ඒත් වැරදිල මොකක් හරි වෙනවා.
තව එක ළමයෙක් ලියපු කොට කවි කෑලි දෙකකුත් දානවා.කොහොම වුනත් මේ කෙටි ලිපිය අද එනකොට දැකපු දේවල් ටිකකින් අවසන් කරන්නම්,
1.අද උදේම යනකොට මම දැක්කා පිඟාඔයේ අත්තක්.
ප්ලාස්ටික් පොලිතින් ඉවුරේ තිබුණ උණ ගස් වල රැඳිලා.
පාරෙ යන මිනිස්සු පාර අයිනෙ තියන මේ දියපාරට කුණු දාලා.
එතන ඉස්කෝලයක් තියනව කියලවත් හිතන් නැතුව.
මේක වැටෙන්නෙ මහවැලියට.
2.අද මං එනකොට දැක්කා පාරෙ වතුර යන බෝක්කුවකින් එහා පැත්ත.
තනිකරම කුණු ගොඩවල් පිරිල.
කුණු කියනෙත් ඉතිං දිරණ ඒවා නෙවේ.
මේක තියන්නෙ ප්‍රසිද්ධ මහයියාවෙ කුණු ඇල පහුකරලා නිත්තවෙලට එනකොට.
එතනම තවත් ශෝකජනක දෙයක් වෙනවා මේ දවස් වල.
එතන තියන මාර ගහත් කපනවා.
මං යාළුවෙක්ගෙ කැමරා එකකින් ෆොටෝ ගත්ත ඒව තව හම්බුන් නෑ,
එපා වෙනව දැන් නම්.
දැන් නම් කැමරාවක් නැති අඩුව තදින්ම දැනෙනවා.
මහයියාවෙ කුණු ඇල ඉතින් ගන්ට දෙයක් නෑ,
කුණු පිරිලා.
අන්තිමට මේ ඇලවල් දෙකම වැටෙන්නෙත් මහවැලියට.
3.කලින් දවසක දැක්කා රජවත්තෙ ඇලක කුණුගොඩවල්.
මේකත් වැටෙන්නෙ මහවැලියට.
4.උදේ ගොහාගොඩ පාරෙන් කැම්පස් එනකොට පේනවා හොරට හදන්ට ගිය බලාගාරෙ කෑලි.
ඒක තවම අයින් කරල නෑ.
එතන වුන දේවල් ගැන දැනගන්න මේ ලින්ක් වලට යන්න.
ලින්ක්1, ලින්ක්2, ලින්ක්3
ලංකාවෙ දුර්ලභ ආවේණික මත්ස්‍යයෙක්ට වුන දේ හරිම ශෝකජනකයි.
පේනවනෙ ඒවට කට ඇරියම වෙනදේ.
ඒ හරියෙත් මහවැලිය දූෂණය කරල කුණු වලින්.
මේ ගෝනි බැම්ම අයින් කරන් නැති එකෙන් පේන්නෙ ඒකත් කවදා හරි ආය හැදෙනවා කියන එකනෙ.
ඔක්කොම බාගයක් වුනාට පස්සෙ නවත්තනවා, වැඩක් නෑ,
පරිසරවේදියෝ යන්තං කෑගහල ඒක නවත්ත ගත්තා,
ඒත් ලස්සනට කරයි ආයම.
එතනම තියන්වා උපසම්පදා සීමාමාලකය.
ඒකෙ කණුවකත් දෙස්පළුවෙක් නම ගහල ඡන්ද හිඟන්න.
අනේ ඇත්තට මට පුදුම දුකයි මේ රට ගැන,
අපෙ මිනිස්සු කොච්චර මෝඩද?
කොච්චර නොදැනුවත්ද?
මෙහෙම ගියොත් ලංකාව ආසියාවෙ ආශ්චර්යය නෙවේ ආසියාවේ ආශ්චර්යමත් කුණුගොඩ වෙන එක කාටවත් නවත්තන්ට බෑ.
කවදා නම් මිනිස්සු මේවා තේරුම්ගනීද?
අනේ ඇත්තට මට සල්ලි හරි ටීවි චැනල් එකක් හරි තියනව නම් අපෙ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න මේවා දානව නිතරම.
අපෙ මිනිස්සු කොච්චර කැත වැඩද කරන්නෙ?
පූසො ජරා කරල වහනවා වගේ කුණුත් ඇලකට ගඟකට හරි දාලා පේන්නෙ නැත්තං හරිනෙ කියල යනවා.
කොච්චර ඉඩ තිබුනත් බිත්තර කටු, පොල්කුඩු මේවත් මල්ලකට දාල ගැටගහල පාරට දානවා.
ඒකයි මේ කුණු ලොරි යනකොට ගඳ..
පොලිතින් විතරක් නම් ගඳ ගහන් නෑනේ.
මිනිස්සු පුදුම මෝඩයි ආත්මාර්ථකාමියි.
ඒ වගේම ලංකාවේ නිසි කසල ප්‍රතිචක්‍රිකරණයක් හෝ, පාවිච්චිය අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් නෑ.
හැමදාම කාටහරි ඡන්දෙ දෙනව මිසක් මේව ගැන ප්‍රශ්න කරන්නෙ, අපිට මේවට විසදුමක් ඕන කියන්නෙ කවුද?
ඇත්තටම මට හිතෙනවා මේ දේවල් වලට මට මොකුත් කරන්න බැරිද? මට බැරිද මේ දේවල් වලට මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ බ්ලොග් එකට අමතරව මිනිස්සු අතරට මීට වඩා ගිහින්? කියලා.
ඒත් ඉතිං අපෙ රටේ මිනිස්සුන්ට දැන් එහෙම හැකියාවක් නෑනෙ.
කරොත් ඉතිං ඉවරයි.
සාමදානයේ සැතපෙන්න වෙයි, එක්කො කරදර ගොඩක් එයි.
අනේ අපේ රටේ මිනිසුන්ගේ ඇස් ටිකෙන් ටිකවත් ඇරේවා!
තමන් ගැනම, තමන්ට ලැබෙන පෙණෙන දේ ගැනම නොව පරිසරයට වෙන දේ ගැනත් සිතන්නට නුවණ ඇති වේවා!
ඒත් ඉතිං මේවා තේරෙණකොට වෙන්ට ඕන හරිය වෙලා ජරාජීර්ණ රටක් ඉතුරු වෙලා තියෙයිද මංදා.
පැලයක් හිටවන්ට වලක් හෑරුවත් පොලිතින් ගොඩවල් මතු වෙන,
තැන තැන දාන පොලිතින් ප්ලාස්ටික් නිසා ඩෙංගු වගේ ලෙඩ බෝ වෙන,
වතුර ඔක්කොම විෂ ද්‍රව්‍ය වලින් දූෂණය වුන
ගස් කපල දාල හුස්ම ගන්ට අමාරු වෙන කාලයක් ආවම ප්‍රමාද වැඩි වෙයි.
එතකොට අඩිපාරක් හැදුවත් රටේ සල්ලි වලින්ම ලොකූ ෆ්ලෙක්ස් එකක් ගහන දේශපාලකයන්ටයි,
ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි තේරෙයි අපි පරක්කු වැඩියි කියලා.
පුළුවන් නම් ඔක්කොමලා මේක හැමතැනම බෙදාහරින්න,
මම කොයිම දේශපාලන පක්ෂෙකටවත් කැමති නෑ,
ඒ නිසා කාටවත් කඩේ යන් නෑ.
කවුරුත් පරිසරේට කරල තියන දේ මදි.
ඒ නිසා මේක අපක්ෂපාතියි.
![]() |
| රජවත්ත ළඟම ගැටඹේ |
![]() |
| රජවත්ත |
එකක් මේක ලියන්න කලින් දාපු එක මේ යටින්ම තියන්නෙ.
(ඇත්තටම මට මොකුත් ලියන්න විශේෂ දෙයක් මතක් වෙන් නෑ,
නිකං කතන්දර ලියල වැඩක් නෑනෙ.
ඒත් ජනතාවට පරිසරේ ගැන මතක් කරන එක මගෙ යුතුකමක්නෙ.
ඒ නිසා මම ලියන්න ගත්තා.
හොඳද මංදා ; අද හවස 6.00ට විතර)
ඔන්න කතාව සහෘදයෙක් දාල තිබුණා...
මං අහපු කතාව ටිකක් වෙනස් ඒත් හරියට මතක නෑ, දැනගත්තම දාන්නම්...
තීර්ථ යාත්‍රිකයා said...
රාස්සිගේ අව්ව ගැන තියන ප්‍රචලිතම කතන්දරේ ඒකට නම හැදුන හැටියි.
ඒ අව්ව වැටෙන්නේ ඇඳිරි වැටෙන්න මොහොතකට කලිනුයි.එතකොට අව්වෙන් වට පිටාවම දීප්තිමත් වෙනවා.ඉතිං ගොපල්ලො දඩයක්කාරයෝ එහෙම “ආ තව රෑ වෙන්න වෙලා තියනවා “කියලා හිතලා ඒ අව්වට රැවටිලා කැලේ තව දුර යනවා.ක්ෂනයකින් කලුවර වැටුනහම ඔවුන් අතරමං වෙනවා.ඒ විදිහට මිනිස්සු රවට්ටන අව්ව වැටෙන්නේ අමනුෂ්‍ය බලවේගයකින් කියලා හිතපු මිනිස්සු ඒකට රාස්සිගේ අව්ව කියලා නම තිබ්බා..

Saturday, October 22, 2011
රෑට ඔබ සෙනෙහෙන් ඇවිදින් මා හද පුබුදයි....
කැලේට පායපු හඳ වාගේ ලස්සනයි,
කියන කියමන අපි ගොඩක් අය අහල තියනවා.
ඒත් කීයෙන් කීදෙනාද ඒක අත්විඳල තියන්නෙ?
මගේ යහළුවන් 7 දෙනෙකු, දවස් 7ක දැවැන්ත ගවේෂණ චාරිකාවක නිරත වූහ.
හන්තානේ සිට හෝටන් තැන්න දක්වා සිරිලක අති සුන්දර මධ්‍යය කඳුකරයේ නොදුටු සුන්දරත්වය අත්විඳින්නට සහෝදරත්වය සහ එකමුතුකමින් යුතුව අවම පහසුකම් යටතේ සිදු කරන මේ 7Day Hike එකට සහභාගි වීම මගේ කුඩා කල සිටම සිහිනයක් විය.
එහෙත් මගේ සොහොයුරන් එයට සහභාගි වුනත් මට අධ්‍යයන කටයුතු නිසා එයට සහභාගි වීමට නොලැබුණි.
එය අතරතුර නුවණ් බණ්ඩාර සොයුරා ගත් එක් ඡායාරූපයකට මම දුටු වනම බෙහෙවින් ආදරය කළෙමි.
එහි කැලේට පෑයූ සඳත් තාරුකා පිරි අම්ඹරය සටහන් වී තිබිණි.
එය බෙහෙවින් පැහැදිළි නැත එහි සුන්දරත්වය ඇත්තේ එතැනය.
රෑ අහස තුරු ගොමු අතර සිට දකින විට ඔවුන් ශිෂ්ටාචාරයෙන් ඈත්ව මිනිසුන්ගෙන් ඈත්ව ඉන්නට ඇත.
අඳුරු ගුප්ත වනය මැද නොපෙනෙන සියුම් සිරුරු ඇති ආත්මභාවයන්ද වනසතුන්ද ගහකොළද මැද තරුණ සිතකට මේ අහස යට වූ සුන්දර පරිසරය කෙතරම් සොඳුරුව පෙනෙන්නට ඇත්ද?
සීතල සුළඟ ගෙල ළඟ දැවටෙන විට දැණෙනන කිතිය,ඇස් සනහාලන රාත්‍රිය තණපෙත්තන්ගේත් වෙනත් කුඩා ප්‍රාණීන්ගේත් මියැසි සැණකෙළිය ඔවුන් අත්විඳින්නට ඇත, එය කවදා නම් ගෙදර සිට විඳින්නද.
මට මේ දේවල් ලියන විට සිහි කරන විට සිතෙන්නේ මේ හැල්මේ දුවන ජීවිතයට පයින් ගසා දමා වන පෙතට පෙම් බඳින්නටය.
ඔවුන් ඉමක් නොපෙනෙන සුන්දරත්වයට පියමණිනු දුටු මට පුදුම ආසාවක් ඇති විය.
අපි තැපැල්පත් මුද්‍රණය කරන විට මම එසැනින්ම මේ පහත ඇති පින්තූරය තේරුවෙමි.
මිනිසා සොබාදහමේ සුන්දරත්වය වටහාගෙන එයට පෙම් බඳින්නට නම් මෙවන් සුන්දරත්වයක් අත්විඳියයුතුමය.
එවිට ඇතිවෙන හැඟීම් වචන දහස් ගණනකින්වත් වෙනත් ක්‍රමයකින්වත් ඇති කළ නොහැක.
රාත්‍රියද දහවලද උදෑසනද සවසද ගිණි අවුවද වැස්සද සීතලද උණුසුමද සොබාවයේ සොඳුරුබවේ කොටස් වන බව අප සියළු දෙනාම වටහාගත යුතුය.
එය වටහාගෙන ඒ සුන්දරත්වයද ආදරයද විඳිය යුතුය, සොබා සුමිතුරු විය යුතුය,
අපතේ යන දියබිඳ සොබාවයේ සම්පතක් බවත් එය ඉතිරි කළ යුතු බවත් අප වටහාගත යුතුය.
අප පොලිතීන් යළි භාවිතා කළොත් අපෙන් වත් සොබාවයට වෙන හානිය අඩු වන බව සිහි කළ යුතුය.
එවිට අපට ඉබේම කඩයට හෝ පොළට යන විට මල්ලක් ගෙන යෑමටත්,
කොහේ හෝ වතුර කාන්දුවක් දකින විට එය නැවැත්වීමටටත් සිතෙනු ඇත.
සොබාදම් මවට ඇති පෙම දිනෙන් දින දළුලා වැඩී යන්නේ එවිටයි.
අනේ මංදා,
හරි යන්නෙ නෑ, කොහෙ හරි යන්ටම වෙනවා.....
අනේ දෙවියනේ මට වුන වියෝයා....
මගේ හිතත් කැලේ පැනල ගියෝයා....

ස්කූල් වෑන් වල ශිෂ්‍යත්ව පන්ති වල හිර වී ඇති ළමාවියත්
ටියුෂන් වලටත් පාඩම් වලටත් හිරවී ඇති තාරුණ්ය්‍යයේ ජවයත්,
විශ්වවිද්‍යාල තුල අසහනයෙන් පෙළෙන තාරුණ්‍යයත් මෙවන් සුන්දරත්වය සෙවීමට උනන්දු කළ යුතුය.
මේ පහතින් ඇත්තේ විශ්වවිද්‍යාලයේ අපෙ බැචෙක් හොස්ටල් එකේ සිට ගත් පින්තූරයකි.
මේ පහතින් ඇත්තේ විශ්වවිද්‍යාලයේ අපෙ බැචෙක් හොස්ටල් එකේ සිට ගත් පින්තූරයකි.
![]() |
| Thisara Lakmal Senarathna |
මට මෙය දුටුවනම එය බෙහෙවින්ම සොඳුරුව පෙණිනි.
එසේම මට ලොකු සතුටක් දැණුනි, මක්නිසාද යත් තරුණයන්ට සොබාවයේ ඇති සොඳුරුබව විඳීමට හැකි බව දැණුන නිසාය.රාත්‍රියද දහවලද උදෑසනද සවසද ගිණි අවුවද වැස්සද සීතලද උණුසුමද සොබාවයේ සොඳුරුබවේ කොටස් වන බව අප සියළු දෙනාම වටහාගත යුතුය.
එය වටහාගෙන ඒ සුන්දරත්වයද ආදරයද විඳිය යුතුය, සොබා සුමිතුරු විය යුතුය,
අපතේ යන දියබිඳ සොබාවයේ සම්පතක් බවත් එය ඉතිරි කළ යුතු බවත් අප වටහාගත යුතුය.
අප පොලිතීන් යළි භාවිතා කළොත් අපෙන් වත් සොබාවයට වෙන හානිය අඩු වන බව සිහි කළ යුතුය.
එවිට අපට ඉබේම කඩයට හෝ පොළට යන විට මල්ලක් ගෙන යෑමටත්,
කොහේ හෝ වතුර කාන්දුවක් දකින විට එය නැවැත්වීමටටත් සිතෙනු ඇත.
සොබාදම් මවට ඇති පෙම දිනෙන් දින දළුලා වැඩී යන්නේ එවිටයි.
23th Oct @ 3.50 pm
අපොයි අද නම් පිස්සු ඩබල් නෙවේ ට්‍රිබල් නෙවේ ඊටත් වඩා වැඩි බල් එකක් වෙලා වගේ,
අද නිකං දවස් පුදුම ලස්සන මැජික් පෙන්නනවා,අනේ මංදා,
හරි යන්නෙ නෑ, කොහෙ හරි යන්ටම වෙනවා.....
අනේ දෙවියනේ මට වුන වියෝයා....
මගේ හිතත් කැලේ පැනල ගියෝයා....
Friday, October 21, 2011
මට පට්ටම පට්ට ආතල් ...... පිස්සු වගේ.....
මට කාලෙකට පුදුමාකාර ආතල් හෙවත් ඔටෝචූන් ඇති වේ.
මේ සංසිද්ධියට බලපාන්නේ සොබාවයි.
කාලෙකට පෑවිල්ලද, කාලෙකට වැස්සද මට මේ තත්වය ඇති කරයි.
එයට නිසි අර්‍ථ දැක්වීමක් හෝ පැනවීමක් නැත.
මට හිතෙන හැටියට පරිසරය යම් ආකාරයෙන් ප්‍රමෝධමත් වේද මමද එය සමඟම නැලවෙන්නේ වෙමි.
මට හිතෙන හැටියට එය නිසි ක්‍රමයකි,
හැමවිටම පරිසරයේ වෙනස්කම් ගැන සිත සිතා එයට බැනවැදීම නිවැරදි නැත.
අපේ රටේ ඉහිලිය හැකි උණුසුමක් හෝ සීතලක් ලේසියෙන් ඇති වෙන්නේ නැත (බොහෝ පලාත් වල).
කාලයකට වැසි වසී,
එහෙත් ඒවා හැකි තරම් සතුටි විඳීමට උත්සාහ කළ යුතුය.
ඒත් මේ කියන මටද පරිසරය අන්තගාමී යැයි සිතී,
"අප්පෝ එපා වෙනවා මේ වැස්ස"
"අප්පෝ අවුවෙ සැර"
සිතෙන වෙලාවල් නැතිවා නොවේ.
කෙසේ වුවද, මට පරිසරය රසවිඳීමේ හැකියාවක් ඇතැයි මම සිතමි.
කුඩා කාලයේ වුව මහ වැස්සක් ඇද හැලීම මට මහත් ආහ්ලාදජනක දෙයකි.
මම කරන්නේ කොට කලිසමක් විතරක් ඇඳගෙන වැස්සේ නෑමය.
මට මතක හැටියට එය නම් මම මේ අවුරුද්දේ පවා කළෙමි.
තවත් වෙලාවකට හොඳටම කරවෙන අවුව මහා ලස්සනට මට පෙනෙයි.
අවුවෙන් පීඩාවට පත් වූ කෙහෙල් පත් වියළි සුළඟට සෙමෙන් පැද්දෙන විට,
මම ඒ අහස යට නීල වර්ණ පදාසය මත පාවෙන පුළුන් වන් මේකුළු දෙස මන්මත්ව බලා සිටිමින් අවුවට දැවෙන කුඩා මිනිසෙක් වෙමි.
වාතය උණුසුම්ය, කිසිම හැලහොල්මනක් නැතිව ඇති වටපිටාවා නිසල හෙයින්,
ක්‍රීං ගාමින් පියඹන කුඩා කෘමියෙකුගේ හඬ හොඳින්ම ඇසේ.
ඒ වෙලාවට මට කවි ලීමට සිත් වේ.
තද පෑවිල්ලක කෙලවර වැටෙන මහ වැස්සද,
පෑවිල්ල අතරතුර රෑක පොළව රවටන්නට මහ රෑ වැටෙන පොදයද පරිසරය පුබුදුවන්නේ ආකාර දෙකකටය.
මට ඒ දෙකම බෙහෙවින් ප්‍රිය වේ.
පිණි බිංදු වැටී සිහිල් වූ තණපත් මත කුඩා මකුළු හුය පැටලී ඇත.
තුනී මීදුම බෙහෙවින් සුන්දරය.
මට මේ දවස් වල ඇත්තේ මහ පෑවිල්ලකට පසු ආ මහ වරුසාව මැවූ සොම්නසයි.
වැස්සට හරියන්ටම පෑවිල්ලද ඇති විට තත්වය තවත් බරපතලය.
එවිට ආකාසය තවත් නිල් පැහැය මායාවී කරන්නේය.
එවිට වෙන්නේ මේ අසරණයාගේ පිස්සුව තවත් තද වීමය.
මේ දිනවල මම එයින් උග්‍රව පෙළෙමින් සිටියද, අවාසනාවකට මගේ ආසාව ඉටුකරගත නොහැක.
මේ දවස් වල හන්තාන පුදුම සුන්දරය.
කන්ද මතින් වලාකුළු පාව්යි.
ගල්තලා මත ඇති තෙතමනයට ඒවා දිලිසෙයි.
කොච්චර සුන්දරද?
මට හිතෙන්නේ අපි මේ දේවල් විඳිය යුතු බවයි.
අවුවේ මුදු දාහයේද, වැස්සේද සුළඟේද ඇති සිහිලේද ඇත්තේ සෙනෙහසයි.
එය Fan එකකට හෝ A/C එකකට යට කර ගෙවන ජීවිතයේ මොහොතක සොබාවද විඳ ඉසිඹුලන්න.
ඔබට සොබාසුමිතුරෙක් වෙන්න ලැබේවා.
මේ තියන්නේ සොබාව මා පිස්සු වැට්ටූ දවසක අහස බලා සිටි මා ගත් ඡායාරූප වලින් ටිකකි.
Thursday, October 20, 2011
අරුම පුදුම නරි මහත්තයා.....
මම හැමදාමත් ආසාවෙන් බලන ෆිල්ම් ටිකයි තියන්නෙ,
පොත් වුනත් එහෙමයි.
ඈත කාලෙ බලපුවගෙන් ආස "Some Birds Can't Fly" කියන එකට,
ඒක බලනකොට මම පොඩියි.
ඒත් මම හැමදාම ඒකේ තියන පරිසරයට ආස කරා.
මම හැමදාම කියනවා වගේ පරිසරය එක්කයි ළමා ජීවිතේ ගෙවන්න ඕන කියන එක තමා ඒකෙත් කියන්නෙ.
මේක හැමෝම බලල ඇති කියල මම හිතනවා, ඒනිසා මේක ගැන ලියල වැඩක් නෑ.
කියන්නෙත් ඒ වගේම එකක්.
ඒකත් බොහොම ප්‍රසිද්ධයි.
මේක නම් ලංකාවෙ ප්‍රසිද්ධ ද නැද්ද කියල දන්නෙ නැති නිසා ලියනවා.
මේකෙ නම "Fantastic Mr.Fox" හෙවත් හිංගලෙන් අරුම පුදුම නරි මහත්තයා.
ලෝකප්‍රකට ලේඛකයෙක්, රෝල් ඩාල්,
ඒතරම් පොත් ලියපු කෙනෙක් නෙවේ,
පොත් අතලොස්සක් ලියපු කෙනෙක්, චාලි සහ චොකලට් ෆැක්ටරිය (Charlie and the Great Glass Elevator), මමියෝ(Big Friendly Giant) ,සහ එතුමගෙ පොඩි කාලෙ ගැන ලියවුන පොතක්(Boy: Tales of Childhood ) මම කියවල තියනවා.
(සිංහල පරිවර්තන, මට එච්චර ඉන්ගිරිස් බෑනෙ පොත් කියවන්ට තරම් )
කොහොම වුනත් මේ කතාව නම් හරිම ලස්සනයි.
මේකේ ප්‍රධාන චරිතෙ නරියෙක්.
සෙසු චරිත් නරි හාමිනේ, නරි පැටියා, නරි බෑනා, නරියගේ යාළුවා පැසිපොව්වා,
බැජරයා.
මිනිස්සුන්ගෙන් බෝගිස්, බන්ස් සහ බීන්ස්.
මේකෙ තියන ප්‍රධානම කතාව තමා නරියා සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා ඒකෙන් නරියා දිනන එක.
මේකෙ තියනවා මිනිස්සු කොච්චර තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නනවද කියලා සතුන්ට සහ සොබාදහමට.
මම තවත් මේකෙ කැමති දෙයක් තමා මේකෙ සංගීතය.
මේක ගැන ලියන්න ගියොත් වෙනම පොස්ට් දෙක තුනක් ලියන්න වෙයි.
ඔයාලම ෆිල්ම් එක බලන්න.
මේ කතාවෙ ගොඩාක් දේවල් ගන්න තියනවා බලනකොට තේරෙයි.
කතාව කියල කුතුහලය නැති කරන්න බෑනෙ.
මේ ලේඛකයා පරිසරය ගැන, සාහිත්‍යය ගැන කොච්චර හිතල තියනවද කියලා තේරෙයි ෆිල්ම් එක බැලුවොත්.

මේක ගැන ලියන්න හිත හිත එනකොට තවත් ලියන්න ඕන කියලා හිතුනා දෙයක්.
අපි සොබාවික පරිසරයේ ඉන්න සත්තු කූඩු කරගෙන ඉන්න එක බොහොම වැරදියි.
ලංකාවෙ දේශීය කුරුල්ලො, දඬු ලේන්නු ඇති කරන්න තහනම් වුනත් සමහරු මේ සත්තු ඇති කරනවා.
මේක මහ පවු වැඩක්.
කවදාවත් දන්න කියන කෙනෙක්ට මේ වගේ පවු වැඩ කරන්න දෙන්න එපා.
මම දන්න ගෙදරක් තියනවා ඒ ගෙදර ඉන්න ගිරවට අවුරුදු විසි ගානක් (20ගානක්) වෙනවලු.
ඉතිං හිතල බලන්න සතෙක් පොඩිම පොඩි කූඩුවක හිරකරල අවුරුදු විසි ගානක් තිබ්බම?
උට කොහොම දැනෙනවා ඇද්ද?
ඒ නිසා මේ වගේ දේවල් කරන අය ඉන්නව නම් ඒක තේරුම් කරල දෙන්න.
මේක මහම මහ පවු කාර වැඩක්.
හැමෝම ඉගෙන ගන්න ඕන නිදහසේ සොබාවික පරිසරේ ඉන්න සතුන් දැකලා උන්ගේ ලස්සන විඳ ගන්න.
උදාහරණෙකට මට කාලයක් ආසාවක් තිබුණා ගිරවෙක් හදන්න (ඒත් කූඩු කරල නෙවේ, කරේ තියාගෙන ඉන්න එකෙක් )
ඒත් මගේ වාසනාවට එකෙක් හම්බුන් නෑ.
දැන් මම දන්නවා සොබාවික පරිසරේ ඉන්න සතුන් දිහා බලල සතුටු වෙන්න.
අපෙ ගෙදරට ගිරවු ඇවිත් බත් කාල යනවට මම හරිම ආසයි.
එතකොටයි උංව ලස්සන වැඩි.
![]() |
හරී පොතේ Pdf එක හම්බුනා... කියවල බලන්න ඕන,,, ඒත් ඉතිං Pdf කියවන්න හිතෙන්නෙ නෑනෙ පොත් තරම්,
Subscribe to:
Posts (Atom)