Monday, November 7, 2011

පුංචි අම්මාගෙන් පුතාට...




දළදා සමිඳු පිහිටයි!
සෙනෙහෙබර පුතණුවනි..


ලෝ දම්හි මිහිතලේ - පිපුණු මල් කැකුළු පුත
දෙමවුපිය සෙනෙහසින් - විකසිතවු සුවඳ පුත
දසත සුවඳවත් වමින් - ළඳු කැලෑ මැදින් පුත
සම සිතින් බලා නෙත් - නමුව මත සැලෙයි ඔබ


මවුපියන් ගුරුවරුන් - ඥාතින්ද මිතුරු කැල
සනසමින් පෙන්වුවා - ඔබගෙ සිඵල රැඟුම්
විශිෂ්ටයි විස්මිතයි - එවන් යුග පුරුෂයින්
දෙනු මැනවි රැකවරණ - තුරුණුවන් ගුණ බෙලෙන්


සකල ලෝ සතු හැම වැටිලා දුක් සාගරේ
හදිසි අනතුරු මෙන්ම - විපත් බහුලයි ලොවේ
ලෙඩ රෝග - විෂ බීජ - මරු තුරුලෙ සැඟවිලා
දිගු කළා දෑත් යුග - රැකවරණ දෙවු ලොවට


දෙවු ලොවින් - මිහිතලය සිප ගත්ත පුතෙකු ලෙස
දෙන්න ඔබ නුවන් ඇස - සරස්වති දෙවු වරම
දෙනෝ දහ්සක් දෙනා බලා සිටි පෙර මඟට
නෙතු කඳුළු පිසදලා - පිහිට වනු මැණ සෙසුම


සසර හරි බියකරුයි - තෙරේක් නොපෙනෙන ලොවේ
දහම් රස දන්න ඔබ මටත් වැඩි පින්බරයි
රටට ජාතිය මෙන්ම ආගමත් රැකගන්න
එකම දම් සභාවේ - සසර මඟ සැනසෙන්න
දේ(විකා ) පුංචි



ලියන්නෙ නෑ කීවට අද මගේ පුංචි මට ලියන්න දෙයක් දීලා ගියා.
ඒක කාටවත් පෙන්නන්න එපා කීවා...
ඒත් මට විශ්වාසයි මේක අපෙ පවුලෙ කවුරුත්ම බලන්නෙ නෑ කියලා.
ඒ නිසා මම මේක පල කරනවා.
පුංචිට ගොඩක් පිං.
මේ ඉන්නේ අපෙ අත්තම්ම (මියගිය ),
ඇයව වසර ගණනාවක් තිස්සෙ ආදරෙන් බලාගත්තෙ පුංචි.
පුංචි උදේම නැගිටපු ගමන් අත්තම්මගෙ කකුල් දෙක අල්ලලා වඳිනවලු.
පුංචි දුප්පත් අහිංසක කෙනෙක්.
ඒත් මම ඔවුන්ගේ ගෙදර, ඒ කියන්නෙ අපෙ අම්මලාගෙ මහ ගෙදර ගියේ නෑ ළඟදි.
ඒකට සාධාරණ හේතුවක් තිබුනා.
ඒත් මම හිතුවා කීප වරක්ම ආය එහෙ යන්න ඕන කියලා.
ජීවිතේ හරි කෙටියි, මිනිස්සු වැරදි කරත් සමාව දෙන්න ඕන.
ඒ නිසා මං එහෙ යනවා දවසක.
අද ඉදලා ටික දවසක් විවේක ගන්න ඕන.

5 comments:

  1. අනෙ ළමයො මොකද මෙ උදෙට එකක් රෑට එකක් නිවාඩු ගත්තම නිවි හැනහිල්ලෙ ඉන්න ඔනෙනෙ. කමක් නෑ ආ එක හොඳයි ..

    ReplyDelete
  2. මම ඔබට ජී- ටෝක් එකෙ පනිවිඩයක් තබා ඇති බලන්න.

    ReplyDelete
  3. පැමිනෙන දුක් පැනිරසයි නොපැමිනි ඒවත් පැනිම පැනි රසයි කියලා එන දේකට සතුටින් මූන දෙන්න.....

    ReplyDelete
  4. සොබා මිතුරු, තද හිත් තියාගන්න එපා..... හිත මුදු කරගන්න එක වටිනවා

    ReplyDelete
  5. නොදුටු ලොවක් අයියා...
    උත්සහ කරමින් පවතිනවා...
    ස්තූතියි..

    විසිතුරු...
    ඔව් මචං උත්සහ කරනවා...
    ස්තූතියි..

    ReplyDelete