අද මම පාර අතුගානකොට (අපෙ ගෙදර තියන්නෙ පාරෙන් පහල, ඒ නිසා ගෙදරට පාරෙ ඉඳලා කොන්ක්‍රීට් පාරක් දාල තියනවා )
මෙන්න බොලේ උඩ කරපිංචා ගහේ මොකෙද්දෝ ඇදෙනවා..
"ඊයා බුදු අම්මෝ මෙන්න සර්පයෙක්, මාව බේරගනියෝ"
කියලා ඉදල විසික් කරලා දුවන්ට
තිබුනා මම වෙන කෙනෙක් නම්.
මට නම් ව්‍යවහාරික වදනින් කියනව නම්,
"පට්ටම ආතල් එකක් ගියා"
මොකද කියනව නම් අපේ වත්තෙ ඇහැටුල්ලෙක්වත් නෑ.
හිටියෙ ගැරඬි විතරයි, එවුනුත් දැන් පේන්ට නෑ.
මීට ඉස්සර දවසක අපෙ වත්තෙ වැටේ මාපිලෙක් ඉඳලා මට දැනුනෙත් මේ වගේම අද්භූත සතුටක්.
සර්පයෝ කියන්නෙ ලෝකෙ මිනිස්සු ගොඩක් පිළිකුල් කරන සත්තු ජාතියක්.
ඒ වගේම උන් ගැන ගොඩක් මිත්‍යා මත තියනවා.
ඒ වගේම ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතුරින් මිනිස්සු අඳුරන අය වැඩි හරියකුත් සර්පයෝ.
ඒත් මිනිස්සු දන්නෙ නෑ සර්පයෝ හැම එකාම විසකුරු නෑ කියලා.
ඒ නිසා ගොඩක් සර්පයොන්ට වෙන්නෙ පොලු පාරක් කාල මැරිලා යන්න,
එහෙම නැත්තන් ලාම්පු තෙල් පාරක් කන්න.
අපිට එක පාරක් හම්බුන නයෙක් මේ සතාගෙ ඇඟට ලාම්පු තෙල් දාල ගිනි තියලා,
තව එකෙක් හම්බුනා උට ගහල ගහල එක ඇහැක් අන්ධ වෙල තිබුනා.
අපි උන් දෙන්නටම සාත්තු කරා.
ඇහැ මැරුන සතා ගොඩ කලක් හිටිය ඌ හරිම වයසයි.
කොහොම හරි මූ හැව අරිනකොට අර මැරුණු ඇහැ ගැලවුන මට මතක විදියට.
මේ නොදැනුවත්කම නිසා මට මතකයි මම පොඩි කාලෙ ලෝකේ ඉන්න අහිංසකම ජාතියේ සර්පයෙක් මැරුවා තලලා,
පත්තරේ තිබුණා මෙහෙම දෙපත්නයා කියන සර්පයා උග්‍ර විසයි (සමහර විට දෙපත් කළුවා වෙන්ටත් පුළුවන්, ඌ නම් ඇත්තටම මේකට ගැලපෙනවා) ඒකා උග්‍ර විසයි.
ඉන්නෙ පස් යට කියලා.
මටත් ඒ ළඟදිම දවසක පස් අස්සෙ ඉඳලා සතෙක් හම්බුනා,
මං හිතුවා වැඩේ හරි තමා මූත් උග්‍ර විස ඇති කියලා මැරුවා.
ඒත් මම පස්සෙ දැන ගත්තෙ මූ හරිම අහිංසකයෙක් කියලා.
දැනුත් කම්පාවක් ඒක මතක් කරන්න.
අපි මෙතන කීවෙත් ඒකයි.
නිකරුනේ සත්තු මරන්න එපා කියලා.
(නැත්තං ඉතින් කියයි ඔයාලා මේ මනුස්සය නම් කියයි පොළඟෙක් හපාකන්ට පනිනකොට හුරතල් කරන්නයෑ කියලා)
මේකෙ ලීවේ එහෙම දේවල් වෙන එකෙන් වලකන්න.
කොහොම වුනත් හැමෝම දැනගන්න ඕන සර්පයොත් මේ ලෝකෙ පාරිසරික සමතුලිතතාවට වැදගත් කියලා.
මම ඒක දන්න නිසා තමා මගේ වත්තෙත් අහිංසක සර්පයො ඉන්නවට ආස.
උනුත් ලස්සන සත්තුනෙ.
(දැන් කියයි, මාත් නපුරු එවුන් හිටියොත් මරයි කියලා, නෑ මම මරන්නෙ නෑ)
ඒත් ළමයින්ට නම් කියන්න කිසිම සර්පයෙක් අල්ලන්න යන්න එපා කියලා.
ඒත් උංව මරන්න එපා කියන්න.
එලවලා දාන්න කියන්න.
කොහොම වුනත් මම හිතුවා මේ දේවල් වඩාත් හොඳට තියන බ්ලොගයක් කරන්න.
ඒත් මට සර්පයෝ ගැන තියන්නෙ මූලික දැනුමක් විතරයි,
ඒ නිසා මගේ යාළුවා තමා මේකට උදවු කරන්නෙ.
මෙතනින් ගිහින් බලන්න විසඝොර සර්පයා දැක නෑරු මෝඩයා! ට.
ආය මුලට එන්නම් මම මම අර කීව මුලදි දැකපු සර්පයා තුරු හාල්දණ්ඩෙක් (Common Bronze Back, Dendralephis tristis),
නිර්විෂ සර්පයෙක්.
වැටේ දැක්කා කියපු මාපිලත් (Boiga ceylonensis) සුළු විෂයි.
මේ දේවල් වලදි නම් දේශීය වෙදකමත් එක්ක මේක ගැටෙනවා,
(Sri Lankan Cylinder Snake, Cylindrophis maculatus) තමා මේ, ඇත්තටම මේ සතා නම් මිනිස්සුන්ට වඩා ගොඩාක්ම අහිංසකයෙක්.
මේ සතුන්ව මරන්නෙ නොදැනුවත්කමටමයි.
මට මේ දේවල් ලියාගෙන යනකොට හිතුනා,
"ඇත්තට මං දැන් පොඩි ළමයින්ට දේවල් ලියනව වැඩිද "මේ සතුන්ව මරන්නෙ නොදැනුවත්කමටමයි.
මට මේ දේවල් ලියාගෙන යනකොට හිතුනා,
කියලා,
ඒත් පස්සෙ හිතුනා පොඩි ළමයි සොබාසුමිතුරු වෙන එක හොඳයි කියලා,
මොකද ලොකු අය එහෙම කරනවට වඩා ඒක ලෙසියි.
අනික කවුරු වුනත සොබා සුමිතුරු වෙන එක වටිනවනෙ.
ඒ නිසා මම මේ දේවල් හරි ලියනවා.
කාගේ වුවත් අදහස් වැදගත්.
විශේෂ ස්තූතිය Chrysopelea ornata හෙවත් මල්සරා සහෝදරයට.
හදිසියේම වුවත් අවශ්‍යය වුන වෙලාවෙම මට මේ ඡායාරූප සැපයූ සචී පෙරේරා සහෝදරයටත් බොහොම ස්තූතියි.
අපි මේ සඳහා කරන වැඩේ තවම ප්‍රාථමික අඩියේ තියන්නෙ.
ළඟදීම බලාපොරොත්තු වන්න.
ඒත් පස්සෙ හිතුනා පොඩි ළමයි සොබාසුමිතුරු වෙන එක හොඳයි කියලා,
මොකද ලොකු අය එහෙම කරනවට වඩා ඒක ලෙසියි.
අනික කවුරු වුනත සොබා සුමිතුරු වෙන එක වටිනවනෙ.
ඒ නිසා මම මේ දේවල් හරි ලියනවා.
කාගේ වුවත් අදහස් වැදගත්.
විශේෂ ස්තූතිය Chrysopelea ornata හෙවත් මල්සරා සහෝදරයට.
හදිසියේම වුවත් අවශ්‍යය වුන වෙලාවෙම මට මේ ඡායාරූප සැපයූ සචී පෙරේරා සහෝදරයටත් බොහොම ස්තූතියි.
අපි මේ සඳහා කරන වැඩේ තවම ප්‍රාථමික අඩියේ තියන්නෙ.
ළඟදීම බලාපොරොත්තු වන්න.















