Tuesday, January 31, 2012

Don't Read this --- මහන්සියි මහන්සියි - I'm tired...



මහන්සියි මහන්සියි
එහෙත් වැඩ  බොහෝමයි
ඇඟ පතත් දැන් රිදෙයි
දොයියන්ට තිබුනොත් ෂෝයි

අනේ ඇත්තට අපේ ගෙවී යන ජීවිතේ
උදේ ඇහැරී හනික දුවන් යන ජීවිතේ
පොත පතේ මාවතේ ගෙවී යන ජීවිතේ
කවදාක නම් සැපක් ලබන්නද ජීවිතේ

කනව බොනවා වැඩත් කරනවා විටින් විට
ඒ අතර අනුන් හා කියවන්නෙ නිතර කට
ඉගෙන ගෙන ඉවර වී යන කලට මෙයින් පිට
පරණ ජීවිතයේම පෙරළේවි අළුත් පිට


ආය බෑ ලියන්නට කොන්ද මගෙ රිදෙනවා
කම්මැලියි අප්ප මට ඇල වෙන්න හිතෙනවා
එහෙමනං ඔන්න මං ගියා ඇලවෙන්න
කීවානෙ කලින් මම එපා මෙය කියවන්න..


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

15 comments:

  1. අපේ වෙලාව රෑ 11.45 යි, මටත් නිදි මතයි, හෙටම කියවන්නං

    ReplyDelete
  2. ඇල වෙලා ඉන්න එපා. වැටුනොත් එහෙම.

    ReplyDelete
  3. මටත් හරිම මහන්සී අප්පා....:D

    ReplyDelete
  4. භාවනා කරන්න පුරුදු වුනා නං හරි.


    P.S.
    අර උඩින්ම ඉන්න ඇනෝට කතා කොරල බැලුවද?

    ReplyDelete
  5. අනේ එහෙමවත් පුරුදු වුනා නම් හොඳයි,
    ඒත් අදත් ගෙදර එනකොට 7ත් පහු වෙලා...
    ඇනෝට කතා කොරේ නෑ (:))))

    ReplyDelete
  6. කයිය හොඳයි දෙවන් පැදියේ එකම වචනය හැමතැනම තියෙන්න ඕන නෑ. ජීවීතේ කියන කෑල්ල අයින් කරලා අන්තීමට දැම්මනම් හොඳයි. වටිනාකම තියෙන්නේ වෙනස් දෙයක් කතා කල නිසා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      කලාභීෂණ කිවිපති කලාරිට මාතලන් මාමේ,
      :)

      Delete
  7. එපා යැයි කියවන්න කීවත් ඔබ අප සැමට
    පැමිණි කල බ්ලොගය වෙත සිත ගියා කියවන්ට
    විඩාබර ඔය ඔබේ සොදුරු ගත හා සිතට
    සහනයක්‌ ලබන්නට පනිනු මැන ඇද මතට

    ReplyDelete
  8. ගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා සහෝ....එළ ඈ....

    ReplyDelete
  9. හා ඒකට කමක් නෑ අයියා,
    ඔය අද ඇවිත් තියන්නෙ :)

    ReplyDelete
  10. Best Ways to Get from Baccarat to Bet365 - WSRione
    That means that if you're looking for the best way to get from Bet365 to Bet365, 카지노 there is no 바카라 사이트 better place to 바카라 book a bet than at Betway.

    ReplyDelete