Thursday, September 22, 2011

බලශක්තිය ඉතුරු කරමු!


භාවිතය අඩුකිරීම - Reduce 
අපට කළ හැකි දේවල් .04



අපි කොච්චර නම් බලශක්තිය හානි කරනවද?
මේ විදුලිය නිපදවන්න, අපිට ලබාදෙන්න ගොඩක් පරිසරයට හානි කරන්න වෙනවා.
අපි මහ දවල්ටත් ගෙවල්වල දොරවල් ජනෙල් වහගෙන ලයිට් පත්තු කරගෙන ඉන්නවා.
මේක වෙලාවකට වෙන්නෙ අපෙ නොගැලපෙන වැඩ නිසා,
උදාහරණෙකට අපෙම ගෙදර ගත්තොත් ජනෙල් වලට දාලා තියන්නෙ ටිකක් කළු පාට වීදුරු, ඒ මදිවට අපි දැම්මා ඒකට තට්ටු දෙකේ තිර රෙදි, ඒ කියන්නෙ එකක් දැල් දැල් වගේ රෙදි, ඊට ඇතුලෙන් ආය ඝනකම් රෙද්දෙන් තිර,
ඉතින් මේකෙන් වුනේ කොහොමත් ටිකක් අඳුරු අපේ ගෙදර තව ටිකක් අඳුරු වුන එක.
ඉතින් වෙලාවකට අපි දවල්ටත් ලයිට් දැම්මා.
ඒත් පස්සෙ කාලෙකදි මගේ ගුරුතුමා මේ දේවල් ගැන කිවට පස්සෙ  මට තේරුණා මේක විකාරයක් කියලා,
ඒ නිසා දැන් නම් මම දවල්ට ගෙදර හිටියොත් ජනෙල් ඇරල ලයිට් පත්තු කරන එක අඩු කරනවා.


ඉතින් ඔබේ ගෙදරත් මේ වගේ දේවල් වෙනවා ඇති, පොඩ්ඩක් හිතන්න, අලුත් ගෙදරක ඔබ ඉන්නව නම් තිර රෙදි දානකොට වගේම, ගෙදර හදනකොටමත් ගෙදරට පුළුවන් තරම් සොබාවික ආලෝකේ එන විදිහට හදන්න බලන්න.
තව ඉතින් හැමෝම දන්න විදියට CFL ලයිට් පාවිච්චිය වඩා හොඳයිලු.


කාමරේක ඉඳන් එළියට එනකොට තමන් කොච්චර වෙලාවක් එලියෙ රැඳෙනවද කියන දේ ගැණ සැලකිලිමත් වෙන්න,
විනාඩි 5ක් 10ක් යන වැඩකට එළියට යනව නම් ලයිට් නිමලා යන්න.
අනවශ්‍ය විදිහට ෆෑන් එක,සහ අනෙකුත් අන්වශ්‍ය විදුලි උපාංග භාවිතය අඩු කරන්න.
( ඒකටත් උදාහරණයක් අපෙ ගෙදරම තියනවා, ඉස්සර මං  දවල් වරුවෙ නෑවත් උණු වතුර හීටර් එක දාගෙන තමා නෑවේ,
පස්සෙ මට තේරුණා මේකත් නිකං බලශක්තිය අපතේ යන වැඩක් කියලා, ඒ නිසා මං දැන් වැඩියෙන් කැමති ඇල්වතුර නාන්ට.)
තව දෙයක් අපි සාකඡ්චා කරා කැළණි නදී යාත්‍රාවෙදි,
ඒ තමා අනවශ්‍යය විදිහට ප්‍රොජෙක්ටර් භාවිතය,
වැඩසටහනක් ආරම්භ වුන වෙලේ ඉදන්ම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකත් ඔන් කරගෙන ඉන්නවා, ඒත් පාවිච්චි වෙන්නෙ ඉවර වෙන්නත් ළං වුනාම,
ඉතින් පැය දෙකක් තුනක් ඒක ඔන් කරලා.
මේක මට ළඟදි දැකපු තැනකදි කියලා නවත්තන්ට පුළුවන් වුනා.
ඉතින් ඔබත් පොඩ්ඩක් මේ වගේ දේවල් ගැන ඇස් කන් යොමු කරගෙන ඉන්න.
එහෙම කළොත් විදුලි බිල, වතුර බිල අඩු වෙන නිසා සාක්කුවටත් වාසියි.

පසුවදන මට හරියට Photoshop බෑ :)

Tuesday, September 20, 2011

සොබාසුමිතුරු Shopping ....

භාවිතය අඩුකිරීම - Reduce   
අපට කළ හැකි දේවල් .03





"ආ මුදලාලි මට ඕක වෙනම මල්ලක දාල දෙනවද?
දැන් මේ ඔක්කොම තව ලොකු මල්ලකට දාන්ට."

මේ සාමාන්‍යයෙන් අපිට ඕනම මාර්කට් එකකට, කඩේකට ගියාම ඇහෙන දේ තමා,
ඇයි අපි මේ ගැන හිතන්නෙ නැත්තෙ?
අපි කොච්චර නම් පොලිතීන් ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරනවද?
ඒ හැම එකම අවශ්‍යය දේවල් වලටද?
නෑ නේද?
ඒත් අපි හොඳටම මේවට ඇබ්බැහි වෙලා නිකන් දෙන නිසා ඕන තරම් මලු පාවිච්චි කරනවා.


මං ළගඳි පාරෙ හිටපු මුදලාලි නෝනා කෙනෙක් එක්ක මේ ගැන කතා කරා.
මේ දවස් වල ගල් සියඹලා විකුනනන්ට තියනවා, මේවා දාල තිබුනෙ පොලිතීන් මලු වල,
ඒකට හේතුව විදිහට ඒ නෝනා කීවෙ,
ගල් සියඹලා වල නරක් වුන ඒවා පුස්කාපුව තියන නිසා මිනිසුන්ට බලලා ගන්න ඕන කියල.
මිනිස්සු කියන්නෙ සල්ලි දීලා , "ඕකෙ කට ගැටගහලා දෙන්න"
කියලලු.
ඉතින් කඩදාසි බෑග් එකකින් මේ දේ කරගන්න බෑනෙ,
ඒ නිසා පොලිතීන් බෑග් තමා පාවිච්චි කරන්න වෙන්නෙ.


මහා පෝසතෙක් ඇවිත් ගල් සියඹලා ගන්නෙත් නෑ, මහා පොසත් මුදලාලි කෙනෙක් ගල් සියඹලා විකුනන්නෙත් නෑ.
මේ මිනිස්සු දවසම පාරවල් වල දූවිලි කකා හිටගෙන මේවා විකුනන්නෙ ජීවත් වෙන්න.
ඒ නිසා අපිට මේ අය ඔක්කොම වෙනස් කරන්න බෑ,
ඒත් අපි වෙනස් වෙමු.
තව එක්කනෙක් හරි වෙනස් කරමු.
අපිට පුළුවන් ගල් සියඹලා ගනිද්දි පොලිතීන් බෑග් එක ආපහු දීලා කඩදාසි බෑග් එකකට ඒ ටික දාගන්න.
නැත්තං කඩේට ගිහින් ගිහින් බෝතලයක් ගත්තම, ක්‍රීම් එකක් ගත්තම ඒක දාල දෙන පොලිතීන් මල්ල එපා කියලා ඒක නිකංම බෑග් එකට දාගන්න.
අපි වෙනස් වෙමු.
තව එක්කනෙක් හරි වෙනස් කරමු.
එතකොට පුළුවනි අපිට සොබාසුමිතුරු රටක් හදන්න...

Sunday, September 18, 2011

සොබාසුමිතුරු විලාසිතා කරමුද?


භාවිතය අඩුකිරීම - Reduce 
අපට කළ හැකි දේවල් .02



අපි හැමෝම විලාසිතා වලට ආසයි,
එක එක විදියට කොන්ඩෙ පීරන්ට ඇඳුම් අදින්න ආසයි.
ඉතින් මේ දේවලුත් සොබාසුමිතුරු විදියට කරන්න තියනව නම්?
ඒක තවත් හොඳයි.
මම මේ ළඟදි තරුණ ගෑණු ළමයි ගොඩක් සහභාගි වුන උත්සවේකට ගියා.
එතනදි මට ගොඩක් සතුටු හිතෙන දෙයක් දකින්න ලැබුනා.
ඒක තමා ඒ ගෑණු ළමයි ගොඩක් කපු රෙදි වලින් මහපු බෑග් අරගෙන ඇවිත් තිබුනා, ඒවා හරිම වර්ණවත්, මට නම් හරිම ලස්සනයි.
ඉතින් ඒක දන්නෙ නැතුව වුනත් කරන්නෙ කොච්චර පරිසරයට හිතකර දෙයක්ද?
සාමාන්‍යය බෑග් එකක් ගත්තොත් ඒක් ගොඩක්ම හැදිලා තියන්නෙ නොදිරන දේවල් වලින්.
ඉතින් තවත් මේ වගේ දේවල් තියනවා.
ඇත්තට ඉස්සර මිනිස්සුන්ට දැන් වගේ රෙක්සින් වත් නයිලෝන්වත් තිබුනේ නෑනෙ.
ඉතින් මේ වගේ දිරණ දෙයකින් තම අවශ්‍යය දේවල් හදාගන්න ඇත්තෙ.
රෙදි වුනත් ශරීරෙට ගොඩක් පහසු කපු (Cotton), හණ (Linen) වගේ දේවල් වලින් කරපු ඒව අඳින එක තමා.
මේවා ගොඩක් වෙලාවට එන්නෙ Casual Wears විදියට, ඒ නිසා සාමාන්‍යයයෙන් Packing කියලා පොලිතීන් කුණුකන්දරාව නැතුව හිතට බරක් නැතුව ගෙදර අරගෙන යන්නත් පුළුවන්.
ඉතින් සොබාසුමිතුරු විලාසිතාවක් ආඩම්බරෙන් කරලා ඔයාලගෙ යාළුවන්ටත් කියන්න ඒකෙ වටිනාකම ගැන.
අපිට පුළුවන් ආපහු යන්න පරිසරයට.
Back To The Nature!

දැනට නම් මේවගෙ ෆොටෝ හම්බුනේ ටිකයි.
තව ඉතින් ඔයාලා හොයාගන්න.
(තවම සොබාසුමිතුරු විලාසිතා කරන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ගියේ නෑ, ඒක කරන්න ගිහින් ගුටි කන්න වෙයිද දන්නෙ නෑනෙ! )



Tuesday, September 13, 2011

භාවිතය අඩු කිරීම - Reduce

අපට කළ හැකි දේවල් .01 




ඇත්තට අපි කොච්චර නම් පරිසරයට අහිතකර දේවල් භාවිතා කරනවද?
තව අපි භාවිතා කරන දේවල් හදන්න කොච්චර නම් පරිසරයට හානි වෙනවද?
අපි අපිට නිකන් හම්බෙන (නොමිලේ) දේවල් වල වටිනාකම දැනගෙන කටයුතු කරනවාද ?

මේ දේවල් ගැන හිතුවොත් ඉතින් අපි ගොඩක් අය දෙන්න වෙන්නෙ සෘණාත්මක පිළිතුරු තමා.
ඒ කියන්නෙ " අනේ මම නම් එහෙම නෑනෙ" කියලා.
මේක කියෙව්වායින් පස්සෙවත් එහෙම කරමු.

අපිට මේ ලෝකෙන් ගොඩාක් දේවල් පිනට ලැබෙනවා,
විශේෂෙන්ම අපේ වගේ රටකදි,
අපිට කවදාවත් මැරෙන්න තරම් සීතලක්වත්, රස්නියක්වත් එන්නෙ නෑ,
වතුරත් බොහෝ දෙනාට හොඳට හම්බෙනවා,
වාතය කොහොමත් පිනට හම්බෙනවා,
අපෙ රටේ ගස් වල කොස් දෙල් වගේ බඩ පිරෙන්න කන්න පුළුවන් දේවල් හැදෙනව (දැන් ගස් නම් අඩුයි)


සමහර විට අපි මේ සම්පත් වලට සල්ලි ගෙවලා ගන්නවා ඇති.
උදාහරණයක් විදියට වතුර, අපි බිලක් ගෙවලා තමා වතුර පාවිච්චි කරන්නෙ,
ඒත් වතුරට වටිනාකමක් කියන්න පුළුවන්ද කාටවත්?


ඒ නිසා පිඟානක්, කෝප්පයක් හෝදනකොට,
දත් මදිනකොට, මූණ හෝදනකොට, වතුර පාවිච්චි කරන හැම වෙලාවකටම හිතන්න මේ වතුර වටිනා සම්පතක් මේක අනවශ්‍ය විදියට භාවිතා කරන්න හොඳ නෑ කියලා.



ඒ නිසා  පිඟාන හෝදනකොට, මූණ හෝදනකොට ටැප් එක හෙමින් අරින්න.
දත් මදිනකොට දත් මදිනකන් ටැප් එක ඇරගෙන ඉන්න එපා.
ගස් වලට වතුරදාන්න වාහන හෝදන්න හෝස් එකක් වෙනුවට බාල්දියක් භාවිතා කරන්න.
නාන්න වතුර ගන්නකොට බාල්දියෙන් නානවා වෙනුවට ෂවර් (shower) එකක්  භාවිතා කරන්න.
ගෙදර තියන වතුර ලීක් වෙන තැන් හදන්න.

මේ දේවල් බුද්ධිමත් විදිහට තේරුම් ගන්න.
මේව උගන්නන්න පුළුවන් දේවල් නෙවේ. ඔබම තේරුම් ගන්න මේ දේවල්, මේක වටිනා දෙයක් කියල තේරුම් ගන්න.මේක වදයක් කරගන්නත් එපා, උදාහරණයක් වශයෙන් ඔබ නගරෙක ඉන්න කෙනෙක් නම් ළිඳකින් නාන්න හම්බුනොත් ඒ පාරිසරික අත්දැකීම විඳගන්න,
ඒ වෙලාවට ෂවර් (shower) හොයන්න යන්න එපා.
තමන්ගේ හිතවතුන්ටත් කියන්න මේ පණිවිඩය.

එහෙම කළොත් අපිට පුළුවන් වේවි සොබා සුමිතුරු රටක් හදන්න.

Tuesday, September 6, 2011

යාළුවෝ දෙන්නගේ කතාව...


ඔන්න එකමත් එක කාලෙක යාලුවො දෙන්නෙක් හිටියා...
මේ දෙන්නම කසාද බැඳලා එක ලග ඉඩම් දෙකක් අරන් පදිංචි වුනා..
ඉතින් ටික කාලෙකින් මේ දෙන්නටම ලස්සන දරු පැටවු දෙන්නෙක් හම්බුනා,
දෙන්නම දඟකාර කොලු පැටවු...
ඉතින් දෙන්නම හරිම ආදරෙන් හැදුනා,
එක අප්පච්චි කෙනෙක් තුසිත අනිත් කෙනා ලලිත්,
ඉතින්  තුසිතයි ලලිතුයි හොඳ යාලුවො වුනාට අදහස් ජීවන රටාව ටිකක් වෙනස්.
තුසිත වෙලාවකට පුතා කොච්චර ඇඬුවත් සමහර දේවල් අරන් දෙන්න බෑ කියනවා,
වෙලාවට ලලිත් නම් හරි දුකයි,
මොකද තුසිතගෙ පොඩි එකත් එයගේ පොඩි එකා වගෙම වයසෙ නිසා,
ඒත් කවදාවත්ම ලලිත් නම් පොඩි පුතා ඉල්ලන ඒව දෙන්න බෑ කිවෙ නෑ.

ඉතින් ලලිත් ටවුන් එකට ගියොත් අඩුම ගානේ සෙල්ලම් බඩු දෙකක් වත් අරන් එනවා.
එන අතරමගදි පොඩි එකාගේ වැඩේ ඒවගේ රස බලන එක තමා.
පොඩි එකා අඬනකොට ලලිත් කරන්නේ කොල්ල වැඩියෙන්ම ආසවෙන් කටේ ඔබාගත්ත සෙල්ලම් බඩුව ළමයගේ අතට දෙන එක.
එතකොට පොඩි එකත් අඬන එක නවත්තල සෙල්ලම් බඩුව කටේ ඔබා ගන්නවා.


ඒත් තුසිත නම් ළමය ඉල්ලන ඉල්ලන දේ දුන්නේ නෑ,
සෙල්ලම් බඩු ඉල්ලුවත් ඒව දුන්නේ නෑ,
ළමයට වෙන මොනව හරි, පලතුරක්, කොළයක්, කුරුම්බැට්ටි මැසිමක් දීලා සනස ගත්තා.
සෙල්ලම් කරන්න අලුත් දේවල් හොයල දුන්නා,
ඉතින් දරුවත් ගහ කොලට ආදරේ කරන කෙනෙක් වුනා.

ඔන්න ඉතින් නොදැනීම කාලය ගත වුනා,
දැන් ලලිතුයි තුසිතයි වයසයි..
දරුවො ලොකුයි,
අනේ දැන් තමා හොඳම ටික.
ඔන්න ඉතින් නොදැනීම කාලය ගත වුනා,
දැන් ලලිතුයි තුසිතයි වයසයි..
දරුවො ලොකුයි,
අනේ දැන් තමා හොඳම ටික.

ලලිත්ගෙ දරුවට මොනවදෝ ලෙඩ නිතරම,
එයා කියන දෙයක් අහන්නෙත් නෑ,
දෙමවුපියන්ට හරිම කරදරයි,
එයාට රස්සවක් නෑ,
ඉතින් වත්තෙ වගා කරන්නම් කියල වත්තට ගියාම එකත් නිසරු වෙලා,
හැමතනම ප්ලාස්ටික් පොලිතීන්,
මේව එකතු වෙලා තියන්නෙ කෙලවරක් නැතුව ගෙනාපු ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිසා.
මේ ලෙඩත් ඒව නිසා කියල දොස්තර මහත්තය කීව,

ඒත් ඉතින් තුසිතගේ පුතාට නම් සරුයි,
එය රස්සාවක් කරන ගමන් අප්පච්චිත් එක්ක එකතු වෙලා
තමන්ගේ වත්ත වගා කරනවා.
වත්තෙ ප්ලාස්ටික් අඩුයි,
එයාගෙන් අම්ම අප්පච්චිට කරදරත් අඩුයි.
මොකද එයා පොඩි කාලේ ඉඳලම පුරුදු වුණානේ පහසුවෙන් පෝෂණය වෙන්න.
කොහොම හරි අන්තිමට තුසිතගේ පුතාට ලස්සන දරුවො ටිකක් ලැබුනා,


එයාලා සතුටින් ජීවත් වුනා,
ඒත් ලලිත්ට නම් එයාගේ මුණුපුරු මිණිපිරියන්ගේ හුරතල් බලන්න බැරි වුනා.
අන්තිමට ලලිත්ගේ  පුතා ලලිත්ට බැන්නා,
"ඔයා තමා මේ සේරටම මුල" කියලා.

ඒත් තුසිතගේ පුතා දැන් හොඳ පරිසරවේදියෙක්.

====================================
මේ කතාව ලියන්න හිතුනේ බස් එකේ එනකොට දැක්ක ලලිත් වගේ කෙනෙක් නිසා.
පොඩි එකත් රස කර කර ප්ලාස්ටික් හාවෙක් කනවා.
දරුවගේ තාත්තත් ඒකට උදවු දෙනවා.
මට හරිම දුකයි.
කොහොම හරි මං තරුණ තාත්තට කීව ඔය වැඩේ කරන්න එපා,
ළමය ලෙඩ වෙයි කියලා.
(හෙණම අමාරුවෙන් කීවේ ඒ ටික, හිතල හිතල අන්තිමට නොකියම බැරි තැන හිත හදාගෙන කීව.
ඒ අයියා නම් හොඳ මනුස්සයා අහගෙන හිටියා,කීවට පස්සෙ නම් පට්ටම සතුටුයි හොඳ වැඩක් කරා කියලා.
මොකද මං පුදුම දුකෙන් හිටියෙ ඒ පොඩි එකා දිගටම මේවා කෑවොත් වෙන දේ ගැන හිතලා.)

කොහොම වුනත් පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනේවි මේ ප්ලාස්ටික් කොච්චර විසද කියල.
ඒ නිසා හතුරෙක්ගේ ළමයෙක්ටවත් මේ වගේ සෙල්ලම් බඩු දෙන්න එපා.
නැත්තං අපි ආදරේට කියල ළමයින්ට විස කවල තියෙයි.
පුළුවන් තරම් සොබාවික දේවලට ළමයි හුරු කරන්න,
ඉස්සර ළමයිත් හොඳට හැදුනනෙ ඕව නැතුව.
ළමයින්ට ඕනවට වඩා මහා ලොකු සෙල්ලම් බඩු තොගයක් අරන් දුන්නොත් වෙන්නෙ ඒ ළමයගේ ආසවල් වැඩි වෙන එකයි ළමය ලොකු වෙනකොට එයා නිසා හැදුන කුණු ගොඩකුත් ලොකු වෙන එක විතරයි.


(දත්ත හංගන්න ඕන නෑ ඒ නිසයි කියන්නේ,
සෞඛ්‍යට හිතකර ප්ලාස්ටික් තියනවලු ඒත් ඒවා මිලාධිකයි. ඒ වගේම කොහොමද අපි ඒක විස්වාස කරන්නේ ? නූතන විද්‍යාව කියන එක හරිම අස්ථීර දෙයක්නෙ)


විශේෂයෙන්ම ප්ලාස්ටික් වල ඇති නම් PVC සහ Pthalates යන

රසායන සෞඛ්‍යට අහිතකරය.
මීට අමතරව ප්ලස්ටික් වල ඇති 
යන සංඝටකද සෞඛ්‍යයට ඉතා අහිතකරය.
ප්ලාස්ටික් වල අහිතකර ප්‍රතිවිපාක ටිකක්,
  • පිළිකා කාරක අඩංගු වීම.
  • වකුගඩු වල ආබාධ.
  • ප්‍රජනක පද්ධතියේ ආබාධ.
  • ස්නායු පද්ධතියේ ආබාධ
  • හදවතේ සහ පෙනහලු වල අපහසුතා.
(මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න )






Sunday, September 4, 2011

අපිට මොනවද කරන්න පුලුවන්?




දැන් ඔයාල දන්නවා ටිකක් හරි අපිට ලොකූ පාරිසරික ප්‍රශ්න තියනව කියලා,
ඉතින් අපිට මොනවද කරන්න පුලුවන්?


අපිට කරන්න තියන පළවෙනිම දේ තමා 
තමා "අපිට යමක් කළ හැකියි "කියන තැනට එන එක,

ඒ නැතුව අපිත් අර කලින් කීව අය වගේ ඔක්කොම කරන නිසා අපි විතරක් නතර වෙනවා කියන තැනට ආවොත් වැඩක් නෑ,
ඒ නිසා ඉස්සල්ලම අපි ඒ වගේ අදහස් නැති කරගන්න ඕන,
ඊට පස්සෙ හොයන්න ඕන මොනවද අපිට කරන්න පුලුවන් කියල....


එහෙම හොයාගෙන යනකොට අපිට තේරෙනවා අපිට කරන්න පුලුවන් පළවෙනිම දේ ඉස්සල්ලම අපි පරිසර හිතකාමී වෙන එක කියලා

පරිසර හිතකාමී වෙනවා කියන්නේ බොහොම ධාර්මිකව කරගන්න පුලුවන් දෙයක්,
මේකේ තියන්නේ,
පහසුවෙන් පෝෂණය වීම
අවශ්‍යතා අඩු කර ගැනීම
සකසුරුවම පුරුදු වීම
කැඩුණ බිඳුණ දේවල් අලුත්වැඩියාකර නැවත පාවිච්චිය
කළගුණ සලකන්න පුරුදු වීම ,
වගේ දේවල්,
අපි මේ කරන දේවල් හොද සිහියෙන් කරොත් ඒකෙන් අපේ ජීවිත වලට ලොකු දියුණුවක් වගේම පිනක් රැස් වෙනවා.

ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ දේවල් තුලි පරිසර හිතකාමියෙක් වෙනවා සමඟම මනස දියුණු කරගන්න කෙනෙක් වෙන්නත්.
පහසුවට අපි ඉංග්‍රීසි වචන දැම්මට මේකේ ඇතුලේ හැංගිලා මේ වගේ වටිනා ලාභ තියනව කියන එක අමතක කරන්න එපා!