අපි බද්ධ කරන්නයි යන්නෙ.
ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.
සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.
එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,
එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.
ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.
මේ වැඩේට නම් අපි ග්රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් මට්ටමට වැඩිල තියෙන්න ඕන.
ඊට පස්සෙ අපිට ඕන වෙනවා හොඳට කැපෙන පිහියක් වගේ එකක්,
බද්ධ පිහි කියල ජාතියක් තියනවා,
ඒත් ඉතින් මට හම්බුන ඒවා හරි නෑ,
ඒ නිසා මම පාවිච්චි කරන්නෙ පේපර් කටර් තමා,
ඒත් මීට වඩා ලොකු පේපර් කටර් එකක් පාවිච්චි කරනව නම් හොඳයි.
| පේපර් කටර් |
| බද්ධ පිහි |
අපි කරන්න යන්නෙ T බද්ධය,
මේක හරිම පහසු එකක්.
ඉස්සල්ලම අනුජයට සුදුසු අංකුරයක් කපා ගන්න,
මේකට හොඳ ඉබේම කොලයක් වැටිල හැදුන ටිකක් උඩට ඉස්සුන එකක්.
(මං කරන්නෙ ඩිමෝ එකක් විතරයි)
ඊට පස්සෙ පුළුවන් ඒ අංකුරේට උඩිනුයි යට්නුයි වටේටම තිරස් කැපුමක් යොදල ඊට පස්සෙ පිටි පස්සෙන් සිරස් කැපුමක් යොදල අංකුරේ ගලවන්න.
එහෙමත් නැත්තං මෙහෙම ලීයත් එක්ක කෑල්ලක් කපල අංකුරේ සහිත පොත්ත ගලවන්න.
ක්‍රම දෙකේම කපන කැපුම් තලන්නෙ නැතුව කපන්න.
උඩ ක්‍රමේදි කැපුම් ටික තදින් දාන්න ලීයේ වදිනකම්ම පිහි තලේ,
ඒ වගේම පොත්ත ගලවනකොට පරිස්සම් වෙන්න පොත්තේ ඇතුල් පැත්ත හම ගහගන්නෙ නැති වෙන්න ගලවන්න.
මේකට පිහි තුඩ යොදා ගන්න.
මම කැමති උඩ ක්‍රමේට මොකද එතකොට අංකුරේට ඈතින් පොත්ත ගැලවෙන නිසා පහසුවෙන් ගලවන්න පුළුවන් අංකුරේට හානි නොවී,
එතකොට මුල හරිය පිහියෙන් උස්සල ඉතුරු ටික ඇඟිලි තුඩු වලින් ගලවන්න පුළුවන්.
පොත්ත ගැලෙව්වම පෙනෙයි ඇතුල් පැත්ත දිළිසෙන ගතියක්.
ඊට පස්සෙ ග්රාහකයට යමු,
ග්රාහකයෙත් අර කීවා වගේ පොත්ත ලේසියෙන් ගලවන්න ලේසි වෙන්න ලීය වදිනකං පිහි තලේ තද කරන්න.
ඊට පස්සෙ තුඩෙන් පොතු කෑලි දෙක ඈත් කරල අපි හදා ගත්තු අනුජය එතෙන්ට දාන්න.
ඊට පස්සෙ ඒක හරියට හදන්න ඇතුල් පැත්ත ලීයෙ ගෑවෙන්න සහ යට දාරය ග්‍රාහකයේ පොත්ත එක්ක මැනවින් සම්බන්ධ වෙන විදිහට,
(මේක හොඳම නෑ, මීට වඩා කැපුම් දාරය සියුම් වෙන්න ඕන,
මෙහෙම අනුජයයි ග්රාහක පොත්තයි අතර ඉඩ තියෙන්න බෑ.)
එතකොට තමා ග්‍රාහකයෙන් කෑම බීම යන බට ලයින් ටික අපි බද්ධ කරපු පොත් කෑල්ලෙ බට ලයින් එකට සම්බන්ධ වෙලා ඒක රැකෙන්නෙ.
![]() | ||||
| . |
මේකට ෆොටෝ ගන්න බැරි වුනා නෙට් එකෙන් අරන් දානවා.
මේකට නැට්ට ඕනම නෑ හොඳද, නැට්ට නැති අංකුරේක නම් අංකුරේ වැහෙන්නම ඔතන්න,
ඒකතැන ගොඩක් ඔතන්න එපා,
හරියට එක පොටක් ඔතන්න.
තව හැකි ඉක්මනින් මේ වැඩ ටික කරන්න අත කපා ගන්නෙ නැතුව,
නැත්තං අනුජය වේලිලා වැඩේ අසාර්ථක වෙනවා.
අතු කෑල්ල පිටින් තෙත බෑග් එක්ක දාගෙන දුර ඉඳන් ගෙනල්ල වුනත් බද්ධ කරන්න පුළුවන්,
තව ඕන්නම් මේ අනුජය වේලෙන එකෙන් වලක්වන්න කටේ දාගන්නත් පුළුවන්.
මේ වගේම H බද්ධය සහ මේ T අකුර අනික් පැත්ත ගහල කරන බද්ධයත් කරගන්න පුළුවන්, තව ක්‍රම තියනව,
හොයල බලන්න. H එකට දෙපැත්තෙන්ම පොත්ත පෑහෙන විදිහට H අකුරෙ උසට සමාන අනුජයක් ගන්න.
හරි ලේසියි.
මේ තමා අංකුර බද්ධ වල ලේසිම එක.
මේකෙදි ග්රාහකයෙ ගොඩක් උඩින් බද්ධ කරන්න එපා.
ඒ වගේම බද්ධ කරල සති දෙකක් යනකන් ඔතපු පටි ගලවන්නත් එපා.
ඒවා ඔතනඔට හොඳට ඔතන්න වතුර යන්නෙ නැති වෙන්න සහ වියලීමෙන් ආරක්ෂා කරගන්න.
සති දෙකකින් බලනකොට අනුජය පණ පිටින් නම් වැඩේ හරි.
තව ටිකක් බලන්න ඊට පස්සෙ ටික දවසකින් ඒක දල්ලක් දාන්න යනව නම් වැඩේ සාර්ථකයි.
එතකොට ග්‍රාහකයේ බද්ධයට සෙන්ටි මීටර් පහක් විතර උඩින් කඳ කපල දාන්න.
ඊටත් පස්සෙ ග්‍රාහකයේ අංකුර නැගල එනවනම් කඩල දාන්න,
නැත්තං අපි බද්ධ කරපු එක හරියන්නෙ නෑ,
ගහ උපරිම උත්සාහය දාල තමන්ගෙ අංකුර ටික හදා ගන්නවා.
අන්තිමේට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා,
හ්ම්ම් සුවඳ,
මගේ රෝස ඉතිහාසේ සුවඳම රෝස මල මේක,
බද්ධ කරල තමා හැදුවෙ,ඉවසිල්ලක් නෑ මට මේක පිපෙනකං.
හෙට දිහාට පිපෙයි,
ඉතින් වැඩේ කරල බලන්න,
එක ගහේ පාට කීපයක් මල් බලන්න පුළුවන්.
ඉස්සල්ලම වද ගස් වල වැඩේ කරල පුරුදු වෙන්න.
මේකෙ බර බර වචන දැම්මෙ නෑ,
ශාකයේ පටක ව්‍යුහය ගැනත් දැම්මෙ නෑ,
ඒකට වෙලා යන නිසා.
ඒත් හිතනවා ඕන කෙනෙකුට වැඩේ තේරුම් යාවි කියල.
ඒත් හිතනවා ඕන කෙනෙකුට වැඩේ තේරුම් යාවි කියල.
මේ මගේ ලොකුම රතු රෝස මල,
මේක බුදු රජාණන් වහන්සෙට පූජා කළා.
මෙයා හම්බුනේ ෆොටෝ ගන්න යනකොට
සේපාලිකා ගහේ එල්ලිලා හිටියෙ.
දැන් සළබයෙක් වෙන්න ළඟයි.
කාලා කාලා ශක්තිය ගබඩා කරන් ඉන්නෙ.
මේ උකුසු සළබයෙක්ගේ (Hawk Moth) පැටියෙක්.
ස්තූතිය:
හැමදේටම මගේ ආදරණීය අම්මාට සහ අප්පච්චිට,
ආයෙත් කැමරාවක් සහ අළුත් මොනිටර් එකක් අරන් දුන්නට.
තව අම්ම තමා මේ සමහර ෆොටෝ ගත්තේ.
තවද මම ඕ/ලෙවල් වලටවත් ඇග්රිකචල් කර නැති වග කරුණාවෙන් සළකන්න.
ඒත් ඉතින් ඇග්රි කචල් කොරපු අයට කියල දුන්නා සමහර ඒවා.
කටවහන් හිටපු මේ කාලෙ අස්සෙ ගොඩක් දේ ඉගෙන ගත්තා,
ගොඩක් දේ හිතුවා,
පරිසර ප්‍රශ්න ගැන එකක් කියන්නම්,
අපෙ මිනිස්සු ගුටි කාලත් කරන්නෙ ඒ ගොල්ලටම පාඩු කරගන්න එක.
මේ කියන්නෙ ටයර් පුච්චන එක ගැන,
පාරත් ඉවරයි, පෙනහළුත් ඉවරයි ,පරිසරෙත් ඉවරයි.












ග්‍රේට් පෝස්ට්. පින්තූරත් එක්ක නිසා කියවන්න ඕනත් නෑ.. ටයර් පුච්චලා හරි විරෝධය පාන්න ඕන. ඔන්න තවත් මිණිමැරුමක් කරලා ප්‍රාදේශීය දේශපාලුවෙක්.
ReplyDeleteවිරෝධය පාන්න ඕන,
Deleteඒත් ක්‍රමේ වැරදියි,
අනික මේ රටේ දැන් කොහොම විරෝධය පෑවත් ගණන් ගන්නෙ නෑ,
ස්තූතියි මාමෙ.
ඔය ඇවිත් ඉන්නෙ කාටත් වටිනා කියන දෙයක් අරගෙන...
ReplyDeleteසතුටුයි ගොඩාක්..
කැමරාවක් ගත්ත නිසා හොඳ පින්තූර ටිකක අපිට බලන්ට පුලුවන් වෙයි....
ජය වේව !!
ස්තූතියි අයියා.
Deleteniyamai saho ohoma yamu idiriyata
ReplyDeleteස්තූතියි සහෙදරයා....
Deleteඅපිත් ඇග්රීකචල් කළේ නෑ... මම එකම එක පාරක් ඉස්කෝලෙ ඇගයීමකට සමන්පිච්ච මල් පැලයක් අතු බැඳලා ගත්තා.. එච්චර තමා.. හැබැයි ඔයාගේ පෝස්ට් එක නම් මරු.. පොටෝ ගොඩකුත් දාලා... ලස්සනයි !!!
ReplyDeleteස්තූතියි ශානි,
Deleteඔයාගෙ වැඩේ හරි ගියාද?
:) yantham mathakai science padamakatath T H baddaya thibba eth try karala beluwe ne,therune nathi nisa.den nam hithenawa karala balanna hari giyoth math post 1k dannamko..lasanai lipiyai photosui okkoma.post 1ta sthuthi.!!!
ReplyDeleteදාන්න දාන්න,
Deleteකරල බලල හරි ගියොත් දාන්නකො,
මටත් අර කතන්දර මාමට වගේ පුරාජේරුවක් ගහන්න,
"අප කළ ගුරුකම් වැරදුනේ නැත" කියල.
ඉස්සර ඉස්කෝලේ ක්‍රෝටන් ගස් වල උඩ කෑල්ල ඔහොම බද්ද කරනවා..පස්සේ එකම ගහේ උඩ රතු යට කොළ...
ReplyDeleteක්‍රෝටන් නම් කරල නෑ,
Deleteඒත් එළට ඇති නේද?
හරි ලේසියි නියපොතු දෙකෙන් කඩලා මැද බටේ වගේ එක ඉතුරුවෙන්න උඩ කෑල්ල කඩාගෙන අනික් ගහේ ඒ වගේ කඩා ගත්ත තැනට බස්සනවා....ක්‍රෝටන් වලට විතරයි මමත් කරලා තියෙන්නේ....
Deleteමට නම් බෑ ඔය වැඩ අනේ. ඔයා මෙහෙ ආපු වෙලාවක ඔය වැඩ ටික කරවාගන්ට කියලා හිතාගෙන ඉන්නේ...:D
ReplyDeleteවටිනා ලිපියක් මිහිරි. කාලෙකින් ඔයාව දැක්කේ.
ඒකනෙ කියන්නෙ,
Deleteකාලෙකින් ඔයාවත් දැක්කෙ ,
මං ඔහෙට එන්ට කොච්චර කල් යාවිද,
අඩු ගානෙ මම ඔහෙ එයිද නැද්ද දන්නෙත් නෑනෙ. :))