Friday, March 23, 2012

බත්වලට වඩා බෙහෙත් ගිලින අපේ මිනිස්‌සු...

තාලයේ ඉස්පිරී
බොහෝ ඇත හිස් පිරී
වන්නාවෙ දිය පිරී
ඌරු රැල ඇත පිරී

හැමදාම ඡන්දයට
උං එනවා සිඟ සිඟා
ගෑස් පිටි උඩ ගියොත්
අපි යනව සිඟ සිඟා

ප්ලේන්ටිය සහ වඩේ ගිලින විට බොහො දුකින්
ඒ මිලට බුරියානි කති ඌරෝ හරි සැපෙන්
දෙගොල්ලම මෝඩයෝ ඌරු රැල අපායේ
අනික් උං දුක් විඳල ඒත් යයි අපායේ

ඌරන්ට සෙන්ටර් තනා ඇත යහමින්
බෙහෙත් ටික අරගන්න නෑ යන්නෙ පෝලිම්
ගිහින් දිග පෝලිම් ගසා කතිරේ පෙම්
යවා ඌරන් සැපට බූරුවෝ යයි පෝලිම්

සම්බාධක ආවත් කිසිත් නෑ පැණයක්
අපට ඇත පැජරෝ සමඟ තඩි පඩියක්
ජාතියට මාමක දාගනිවු තව පටියක්
තද කරන් එඩියෙන් පෙළට යමු පාලියක්

බැංකියා බය වෙයි 
යැංකියා පැණ දුවයි
බලු වැඩත් අමතක කරයි
හරි සෝක් බෙහෙතක්.


"විදුසර පුවත්පතෙන් කළ උපුටා ගැනීමකි.

Writer:කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය, කොතලාවල ආරක්‍ෂක සරසවි වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය උපදේශක - (බාහිර) 
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව.


''එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළගට ගියා, වැඩක්‌ නැහැ.. මේ.. එක බෙහෙතයි දුන්නේ.. තාම බබා ගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා..''
''බබාට උණ වගේ ඩොක්‌ටර්, බෙහෙත් මොනව හරි දෙන්න.. බලෙන් හරි පොවා ගන්නම්...''


මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කරගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින් ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැකි ය. අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක්‌ ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක්‌ ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි. 


ඖෂධ භාවිතය සම්බන්ධ ව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත් ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතුවකි. රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝගකාරකයන් පාලනයට හෝ මර්දනයට හෝ ඖෂධ යොදාගත හැකි ය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසා ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වා ම ඖෂධ නැති ව ම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකු මවුකුස පිළිsසිඳ ගැනීමටත් පෙර සිට ම මව ඖෂධ ලබාගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේ දී ද ඖෂධ ලබාදීම සිදු කරයි. 


පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අප ගේ පවුලේ සාමාජිකයෙක්‌ සැම දින හතරකට ම වරක්‌ අසනීප වෙයි. මීට අමතර ව වයස අවුරුදු 20ත් 45ත් අතර කාලයේ දී සැම පුද්ගලයකු ම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සැම අවස්‌ථාවක දී ම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි. 


රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ වන්නේ ද යන්න පළමු ව කල්පනා කළ යුතු ය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොර ව ම සුව වෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සිරුරේ සිදු වෙතැ'යි අපේක්‍ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතු ය. හැකි සැම විට ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතු ය. තමා ගේ ප්‍රතිකාරවලින් රෝගියාට සුව වන්නේ, නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතු. 


වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවන් නියමිත ස්‌ථානයේ දී නිවැරැදි ව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරැදි මාර්ගය ඔස්‌සේ ලබා දිය යුතු ය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත්වලින් සුවය ලැබීමට වැඩි කාලයක්‌ ගත වෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙලඹිය යුතු ය. 
Full Article....

17 comments:

  1. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! . එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඔව් මාමේ ඒක තමා ක්‍රමේ...

      Delete
  2. නිවැරදි විදිහට බෙහෙත් දෙන්න බැරි එක නම් ලොකු ගැටලුවක්. ඒකෙන් අපහසුතාවයට පත්වෙන්නෙ අහිංසක ජනතාව.

    ReplyDelete
    Replies
    1. නිවැරදි විදිහට බෙහෙත් දුන්නත් රෝගීන් හරියට ඒවා පාවිච්චි කරන්නෙ නැත්තං මොනව කරන්නද?

      Delete
  3. මගේ මිතුරු වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහුගේ ඩිස්පෙන්සරිය පටන් අරන් වැඩිකල් නොගිහින් වහන්න වුනාලු. හේතුව ඔහු, දුප්පත් රෝගීන්ට නොමිලයේ පවා බෙහෙත් දුන්නත්, හරි ක්‍රමයට බෙහෙත් දීම නිසා, ප්‍රතිකාර ගැනීමට එන රෝගීන් ටිකෙන් ටික ඉතා අඩු වී යෑම.. කොටින්ම කියනවානම්, ඔහුගේ ප්‍රතිකාර වලින් ක්ෂණික සුවය නොලැබීම.. ඔය අතරේ හොඳ මාකට් තියෙන සමහර අය ලඟට මිනිස්සු යන්නේ ("එක පාරින් සනීපයි", "රට බෙහෙත් දෙන්නේ" ආදී තීරණ මත")

    අර කලින් කී මිත්‍රයා මට දවසක් මෙහෙම කිව්වා..

    "මගේ ළමයට මම නොදෙන බෙහෙතක් තව ළමයෙකුට දෙන්න මට බෑනේ.."

    මේ ගැන මම පස්සේ ලියන්නත් හිතාගෙන ඉන්නවා. = ඔහු සැබෑ ජීවිතේදී දොස්තර හා කොන්දොස්තර වෘත්තීන් දෙකම කර ඇති කෙනෙක්.. "

    ReplyDelete
    Replies
    1. "ඔහු සැබෑ ජීවිතේදී දොස්තර හා කොන්දොස්තර වෘත්තීන් දෙකම කර ඇති කෙනෙක්.. "
      වටිනා දොස්තර කෙනෙක්,
      ලියන්න ඔහු ගැන,
      මිනිස්සු බෙහෙත් පොඩ්ඩක් දෙනකොට අප්සට් වෙනවා තමා,
      අනික නිකං දුන්නම වටින්නෙ නෑනෙ,

      Delete
  4. The best & most valuable I've seen from you mate

    ReplyDelete
    Replies
    1. Thank You Uncle,
      And please notice that I'm not the writer,
      I just copied this.

      Delete
  5. Sorry, I should've called you son, not mate

    ReplyDelete
  6. ලංකාවෙ නූතන අම්මලාගෙ බේත් ගේන්නයෑම නම් එච්චර සරල නෑ.ඒක සංස්කෘතියක්....

    ReplyDelete
  7. //අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක්‌ ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක්‌ ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි.//

    ලංකාවේ දොස්තරලත් එක්ක කතා කරන්ටවත් බැරි කතා තමා මම නම් අහලා තියෙන්නේ.
    මේ කියන්නේ ඉතින් මිහිරි ගැන නෙමේ...:D:D

    මුලින්ම මිනිස්සු දැනුවත් කරලා ඉන්ට ඕනි බෙහෙත් බීමෙන් සිදුවෙන විපාක ගැන.
    උඩ තියන පින්තූරේ ගත්තේ කොහෙන්ද?

    ReplyDelete
  8. බලමු මකුළු පැංචියේ අපි අනාගතේ හොඳ වෙයිද කියලා,
    කොහොමත් ඔය දේවල් වෙනස් වේවි.
    කතාව ඇත්ත ඔයාගේ,

    ReplyDelete
  9. මගේ අම්මත් දවසකට බෙහෙත් පෙති 5 බොනවා දැන්..අසනීපයි...දුක හිතෙනවා මතක් වෙනකොටත්....

    ReplyDelete
  10. මිනිසුන්ටම දොස් කියල වැඩක් නැහැ.අපේ රටේ දොස්තර මහත්වරුන් බහුතරයක් රෝගියෙක් සමග වචන දෙක තුනක් වත් කතාකරන්න කැමති නැහැ.රෝගියා තම රෝගය සම්බන්දව කතා කරන්න කලින්ම බෙහෙත් නිර්දේශ කරලත් අවසන්.තවත් දොස්තරවරු බහුජාතික සමාගම්වල මුදල් ඇතුළු වෙනත් වරදාන වලට යට වෙලා කටයුතු කරනවා.

    ReplyDelete
  11. matath me post eka dakkahama hithune ape dostharala ekka katha karanta puluwanda kiyala thamai..

    eka dawasak beheth ganta giya weleka hospital eke thiyena stock eka balalai beheth thunduwa liyala dunne.

    ReplyDelete
  12. මම හැම තිස්සෙම කියන්නේ ඒකයි ලංකාවේ උගත්තු හිටියට බුද්ධිමත්තු නෑ. මේ වගේ ළිපි දිගටම ලියන්න. එකෙක් හරි හැදෙයිනේ

    ReplyDelete