Saturday, March 10, 2012

දුක තමා.... ආයෙත් බලන්න :)

කලින් කීව මල






අළුත් මල









ඔය මැද ඉන්නෙ  ගුල්ලෙක්.. මෝඩයා.

පළවෙනි සේපාලිකා ගෙඩිය



අද මල පිපුන,
කියල වැඩක් නෑ හරිම සුවඳයි,
ෆොටෝ ගත්තට ඇති වෙන්නෙ නෑ.
ඊට අමතරව ඔය අත් දෙක මැද තියන්නෙ කලින් කියපු පූජා කරපු මල,
ඒ ගහ හරි හොඳයි,
අනික් ගස් වගේමයි පොහොර නැතත් ලස්සන මල් දෙනවා මට.
ඔය පසුබිමෙන් ඈතින් පේන ජනේලෙ මගේ කාමරේ ජනේලෙ,
ඉතින් මගෙ Landscaping වැඩ කවද හරි ඉවර කරගත්ත දවසක් ලස්සනට තියෙයි.
රොස මලට අල්ලපු සුදු මල ගාඩිනියා,
එයත් මේ දවස් වල මල් පුරවන් ඉන්නවා හරිම සුවඳයි,
එතකොට පිච්ච මල්,
මේ ඔක්කොම අපි හවසට බුදු රජාණන් වහන්සෙට පූජා කරනවා,
ඊට පස්සෙ ගාඩිනිය මල් යන්නෙ මගෙ මේසෙට,
දවස් දෙක තුනක්ම සුවඳ හමනවා මෙහෙම වතුරෙ තිබ්බම,
(රතු රෝස මල නම් සතියක් විතර තියන්න පුළුවන්)
මේ ගහටත් පොහොර ප්‍රශ්න නෑ,
එකම ප්‍රශ්නෙ ගුල්ලො,
උං මල් කනවා.
යටම තියන්නෙ සේපාලිකා ගෙඩියක්,
ඉන්දියන් මිත්‍යා කතාවෙ තියන හැටියට නම් මේ ගහේ ගෙඩි හැදෙන්නෙනෑ,ඒත් ඉතින් මේවගෙ හොඳට ගෙඩි හැදෙනවා.

මෙකෙත් ස්තූතියි අපෙ අම්මට හිමි වෙන්න ඕන,
අම්මගෙ අත් දෙකයි මගෙ අත් දෙකයි දෙකම තියන්නෙ ඒකනෙ.


Note:
ඔබ කලින් ලිපිය කියෙව්වෙ නැත්තං මේක වටහාගන්න අමාරු වේවි.
ඒකත් කියවන්න.
අපි T බද්ධය කරමු - T grafting Picture Tutorial

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

21 comments:

  1. ලස්සන පින්තූරු ටික. මම මේ ජනේලේ දිහා හොඳට බැලුවේ ඔයා ඉන්නවද කියලා පේන්ට. :D

    ReplyDelete
    Replies
    1. ඔයාට මාව දකින්න හම්බවෙන්නෙ නැති වෙයි නෝනා මහත්තයා.

      Delete
    2. ඒ මොකෝ? ලංකාවට ආපු වෙලාවක මම ඔයාලගේ ගෙදර එනවනේ ඔයාගේ අම්මව බලලා යන්ට.:D

      Delete
    3. හා අම්මව බලල යන්න :)

      Delete
  2. ලස්සනයි සුන්දරයි

    ReplyDelete
  3. තණමල්විල මල් වල පින්තූරෙකුත් දැම්ම නං....

    ReplyDelete
    Replies
    1. ඒවා නිසා හරි කරදර වුනා කලින් එකට ෆොටෝ හොයනකොට,
      අංකුරේක ෆොටෝ එකක් ගන්න බඩ් කියල ගැහුවම එනවා තඩි තඩි මල්,

      Delete
  4. ි කියන්ට බැරි තරම් ලස්‌සනය

    දැන් නම් දුකත් හිතෙනව.. එදා ලගටම ඇවිත් ඔය ලස්‌සන මල් වත්ත බලන්ට බැරිවීම ගැන.

    ReplyDelete
  5. සේපාලිකා ගහක් නම් තියෙනවා.. ඒකෙ ගෙඩිත් තියෙනවා... ඒක නම් හොඳට තියෙනවා..අපි ඒකෙ මල් කඩන්නෙ නෑ.. සමන්පිච්ච වැලේ මල් තමා පූජා කරන්නේ...

    රෝස මල නම් හරිම හැඩයි.. මොනාද මේ මල් වර්ගය.. අපේ රෝස ඔයතරම් ලස්සනට එන්නෙ නෑනේ.. :(

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ,
      පොහොර දාල බලන්න,
      දේශගුණේ තමා ප්‍රශ්නෙ මං හිතන්නෙ

      Delete
  6. අළුත් මලක් දිහාට ඇහැ ගිහිල්ලා වගේ.....

    ReplyDelete
    Replies
    1. නෑ මං මේ මලත් අතාරින්න ට්‍රයි කරන ගමන්

      Delete
  7. මමත් රෝස මලට කැමති ඔය ගානට බාගෙට ඇරිලා තියෙනකොටයි. සම්පූර්ණයෙන් ඇරිලා රේනු එලියට ආවම කිසි ගතියක් නෑ මටනම් රෝස මලේ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත,
      රේණු පේනකොට කැතයි,
      ඒත් සුවඳයි,

      Delete
  8. ලස්සනම ලස්සනයි . හරිම නැවුම් . විඩාව නිවාගන්න මේ පැත්තට ආවා .

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ පැත්තෙ ආවට.

      Delete
  9. කලින් එකත් කියෙව්වා. මේකත් කියෙව්වා.

    ReplyDelete
  10. mehe oyatharam lassanata rosa mal pipenne nane.anyway, really nice garden.

    ReplyDelete