මෙන්න අසරණය ඔහු ගැන කියන හැටි,
"මෙලෝ වැඩකට නැති.. එත් නිකන් ඉන්නෙත් නැති කරපු වැඩකුත් නැති හිටියත් නෑවගේ එකෙක් මං.."
එහෙම කීවට
අසරණයත් හොඳ ලිවීමේ හැකියාවක් තියන කොල්ලෙක් වග පේනවා.
දැනට පිටරටක ඉන්නෙ මයෙ හිතේ (බ්ලොග් ලියන්නෝ වැඩි හරියක් රට ද?)
මොහුගේ සුරතල් කුකුලා ගැන උපුටාගත් ලිපිය තමා මම උපුටා ගන්නේ,
තවත් රසවත් ලිපි තියනව අසරණයා ගාව.
කැමති නම් ගිහින් බලන්න
අසරණයා
Favourite Life
" මගේ ජිවිතේ 3 වසරට වෙනකන් හරි සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ පුංචි අපිත් එක්ක හිටියා නිසාත්,තව තව සිදුවීම් නිසා. අම්ම ගහද්දි අපිව බේර ගත්තේ, අපිත් එක්ක සෙල්ලම් කරේත් පුංචි .කාලෙකට පස්සේ එයා මොකක්ද විභාගයක් පාස් උන නිසා කොළොඹ රස්සාවකට ගියා.ඊට පස්සේ මගේ ජිවිතේ "අදුරුයි, ගුප්තයි,හරියට ලෙනක් වගේ රයිට් " මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු ගමන් ගෙදරමයි ඉන්නේ.මට ගමේ යාලුවෝ නැහැ ගමේ හැමෝම ගමේ ඉස්කෝලෙට යද්දී මං ගියේ බයිසිකලෙන් ටිකක් ගිහින් පාලමකින් එගොඩ වෙලා බස් එකෙනුත් ගිහිල්ල බැහැල එතනින් පයින් ගිහාම තියෙන ඉස්කෝලෙකට. අපේ අම්මා මං හොඳ ඉස්කෝලෙකට දාන්න ඇත්තේ මං ලොකු මිනිහෙක් කරන්න හිතාගෙන වෙන්න ඇති.එත් බැරි උනා සමාවෙන්න අම්මේ .මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවට ගමේ කොල්ලෝ කුරුට්ටෝ සෙල්ලම් කරනවා ගමේ ඉස්කෝලෙට ගියාම තියෙන වාසි ඒවා මොකද ඉක්මනින් ගෙදර එන්න පුළුවන් නේ .මටත් සෙල්ලම් කරන්න ආසයි උන් එක්ක එත් උන් මාව ගණන් ගන්නේ නෑ. මාත් ගණු ළමය වගේ ගෙදරමයි හිටියේ.මගේ යාලුවෝ ඔක්කොම හිටියේ අනෙත් ගමේ ඉතින් පොඩි එකා නිසා කොහෙවත් යන්න දෙන්නෙත් නෑ .අක්කයි මමයි සෙල්ලම් ගෙවල් දානවා මං පොඩි එකා නිසා මට වුනේම අසාධාරන කම්. මට දෙන්නේ එක චරිතයි.අම්මගේ චරිතේ විතරයි තාත්තගේ චරිතේ,අල්ලපුගෙදර මාමගේ,නැන්දගේ,පොඩි බබාගේ,හැම චරිතයක්ම එයා තනියෙන් කරා.මං අම්මගේ චරිතේ කරන නිසා අක්ක මට එයාගේ ගවුන් අන්දවල ඉන්න දෙන්නේ එය හරි කපටියි .උපතින් කොල්ලෙක් උනත් පහු කාලීනව ගෙදර කෙල්ලෙක් බවට මටත් නොදනිම පත් උනා
ඒ කලේ මගේ හැම යාලුවෙකුටම ගෙදර ඇති කරන්න බල්ලෙක්,පුසෙක් ගිරවෙක් ,මලු ටැංකියක් හෝ මොනවා හරි දෙයක් තිබුන .ගෙදර හිටපු බල්ලත් හඳුනා නොගත් රෝගයකින් මැරිලා ගොඩක් කල්. මේ එකක්වත් මට තුබුණේ නෑ ගමේ යාලුවෝ සෙල්ලම් කරන ඒවා බලාගෙන ඉන්නවා මව එයාල ගන්නෙත් නෑ මන් වෙනත් ස්කොලෙකට යන නිසා.අම්ම මව යවන්නෙත් නේ මොකක් හරි හේතුවක් නිසා.
ඉස්සර හැම දාම වගේ අපේ ගෙදරට එනවා "රාජ මාමා". රාජ මාමා කියන්නේ අපේ තාත්තගේ හොඳ යාලුවෙක්.
"පිරිමි දෙන්නෙක් වෙලත් මොනවාද ඔච්චර කතා කරන්නේ හරියට ගැණු ඕපාදුප කතා කරනවා වගේ"
අපේ අම්මට ඒ දෙන්නගේ හිනාවෙවී කතා කරන එක දිහා බලන් ඉන්න බැරි ඉරිසියාවෙන් ඇහුවා
"මොනවා කතා කරන්නද උතුරු නැගණහිර ප්‍රශ්නේ , ගාසා තිරයේ අර්බුදය.ජම්බු කාශ්මීර් යුද්දේ ඕව තමා කතා කරන්නේ"
ඒ රාජ මාමා අපේ අම්මගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ.ගොළුව කසාය බිවුවම මුණ හැඩ කරනවගේ හැඩයක් අපේ අම්මගේ මූණෙන් මං දැක්කා.එත් මොනවත් නොකිය හිටියේ අහපු මෝඩ කම කියල හිතුනු නිසා වෙන්න ඇති.
අපේ පුතා ඇති කරන්න මොකෙක් හරි සතෙක් ඉල්ලනවා රාජ මල්ලි නැද්ද දන්නා තැනක ගිරවෙක්? .මං අම්මගේ අගේ දැවටී දැවටී මාස ගානක් අම්මගෙන් ඉල්ලපු දේ අම්මා හොයල දෙන්න හදන්නේ.මං ආසාවෙන් හිටියේ මලු ටැංකියකට එත් අම්මා ගිරවෙක් ගෙනල්ල දෙන්න හදන්නේ .මොකෙක්වත් නැති මට කාක්කෙක් වුනත් හොඳයි කියල මං හිතාගෙන හිටියේ. "හිරවෙක් නැහැ දන්නා තැනක ඉන්නවා ටිකක් දුබුරුයි ඇස් රතු කුරුල්ලෙක්". මටත් හරි ආස හිතුනා මොමක්ද මාමේ ඒ කුරුලගේ නම මට ඉවසුන් නැතුව පැනපු ගමන් ඇහුවා ආ ..මේ .. "ඇටිකුකුලෙක්" නේ.. හැමෝම කොක් හඬලා හිනා වෙද්දී මන් ලජ්ජාවෙන් සෙරප්පු දෙකක් වත් නැති මගේ කකුලේ මාපට ඇඟිල්ලෙන් පොලොව හැරුවා ගැඩවිලෝ මතුවෙනකන් .මට හරියට ලජ්ජා හිතුන එදානම්! . ඇයි හොඳ නැද්ද ජම්බු කොට්ටෝරුවෙක්,මුගලන් බස්සෙක්,උන් හොඳ ලස්සන කුරුල්ලෝ තාත්ත හරි කුරිරු විදියට මට විහිළු කලා. හරි අක්කේ මං බලන්නන් රාජ මාමා මගේ හිත හදන්න වෙන්න එති එහෙම කිව්වේ .මං සත්තු ඇතිකරන අදහස නැවැත්තුව.
දවස් තුන හසරකට පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවේ පුංචි කිවුව "ඔයාට අද තෑග්ගක් දෙනවා පුලුවන්නම් කියන්න!". මට අවුරුද්දට දෙසරයයි තෑගි ලැබෙන්නේ. ඒ සිංහල අවුරුදටයි උපන්දිනේටයි ඉතින් අද ඒ දෙකම නෙවෙයි.ඉතින් මොකද මට දෙන තෑග්ග මං පොඩි ඒකා නිසා මට මොනවත් හිතා ගන්න බැරි උනා ."කුස්සියට ගිහෙල්ල බලන්න " පුංචි එයාගේ ලොකු ඇස් තවත් ලොකුකරගෙන එහෙම කිවුවම මං දුවල ගිහෙන් කුස්සියේ බැලුව.මට ඇතිකරන්න සතෙක් ගෙනල්ල වතුර තිබහට ගොන් තැඹිලි ගෙඩියක් ලැබුන වගේ සතුටක් මට ඇති උනේ.ඌ "කුකුලෙක්" ලස්සන කුකුලෙක් දැන් මට ඉස්කෝලේ ගිහෙන් රචනා ලියන්න පුළුවන් කුකුළා ගැන යාළුවන්ට කියන්න පුළුවන් කුකුළා ගැන දැන් මට හරි සතුටුයි.
මං ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර එන්නේ කුකුලත් එක්ක සෙල්ලම් කරන්න.කුකුලෙක් එක්ක මොනවද තියෙන සෙල්ලම් මගේ යාලුවෝ මට විහිළු කරා. මං කන වෙලාවේ කුකුළා මගේ ලගින්ම හිටියා මගේ පිගානෙන් වැටෙන මාත් ඇට අහුලන් කන්න.කාලා ඉවර වෙලා උබව වඩාගන්න මං වත්ත වටේම උබේ පස්සෙන් දියුවා එක දවසක් දුවනගමන් වැටිලා තොල කැඩිලා කෑම කන්නත් බැරුව හිටියා මතකද?. ගමේ කොල්ලෝ සෙල්ලම් කරන දිහා මං බොඳ වුනු ඇස් දෙකින් බලන් ඉන්න එක නැවැත්තුවා අක්කත් එක්ක සෙල්ලම් ගෙවල් දාන ඒක නැවැත්තුව අක්කගේ ගවුන් ඇදන් සලේ මැද නටපු එක නැවැත්තුව.මේ හැම දෙයක්ම උනේ උඹ නිසා කුකුලෝ.මං අයෙත් ගෙදර කොල්ලෝ උනා. අපි කාලයක් හොඳම යාලුවෝ වගේ හිටියා. මගේ ඉස්කෝලේ යාලුවෝ වගේ නෙවෙයි උඹ කවදාවත් මගේ වැරදි ගුරුවරුන්ට කිවුවේ නෑ වාඩි වෙද්දී පුටුව පස්සට ඇදල මාව බිම වැට්ටුවේ නෑ. මං උඹට කතා කරපු ගමන් මගේ ලඟට ආවා ඒ මට තියෙන ලෙන්ගතු කමටද නැත්නම් මං දෙන බත් කන්නද කියලා මං කවදාවත් උඹෙන් ඇහුවේ නෑ.උඹ හැම දාම හවස 6 වෙද්දී රෑ නිදාගන්න දෙහි ගහට නැගල නිදාගන්නවා.දවසක් හොරෙක් ඇවිල්ල උඹව අරන් යන්න හදද්දී උබ කෑ ගැහුවා එදානම් මං හොඳටම බය උනා කුකුලෝ උඹ මට නැතිවෙයි කියලා.ඊට පස්සේ උගුඩුවන්ගෙන් අපේ ගමේ ඉන්න කුකුල් හොරුන්ගෙන් උඹව පරිස්සම් කරන්න ඕන නිසා කුස්සියට දල රෑට දොර වහලා අපි නිදා ගත්තේ.ඒ කාලේ උඹ උදෙන්ම නැගිටලා හඬලන නිසා මට නිදාගන්න බැරිවෙනකොට මට තරහ ගිහිපු දවසක "මෝඩ කුකුළා" කියලා මං බැන්නා ඒ කාලේ කුණුහරුප දන්නේ නෑ මං දැන් වගේ.මං උඹේ බිත්තර කන්න ආසාවෙන් හිටියේ මං හැම දාම තාත්තාගෙන් උඹේ බිත්තර කොහෙද කියල ඇහුවම උදේන් නැගිටින ළමයින්ට විතරයිලු උඹේ බිත්තර දෙන්නේ ඉතින් මං උදේන්ම නැගිටලා උඹ මිදුල පුරාම දාල තියෙන කුකුල් බෙටි පාග,පාග උඹේ පස්සේ ගියා, උඹ ලැගලා හිටපු තැන් අවුස්සලා බිත්තර හෙවුවා එත් කවදාවත් මට උඹේ බිත්තර කන්න ලැබුනේ නෑ.පස්සේ දවසක තාත්තා කියලා දුන්නා බිත්තර දාන්නේ කුකුලෝ නෙවෙයි කිකිලියෝ කියල.එදයින් පස්සේ මං වෙනද වෙලාවටම නැගිට්ටා.
අපේ ගම වටේ වී පපුරපු දවස් වල උඹ ගෙදර හැමෝටම හොර කුඹුරුවලට බැහැල හොරෙන් වී අහුලාගෙන කනවා අපේ කුඹුරට එහා කුඹුර අයිති පීටර් මාමගේ විත් උඹ කැවා නේද? ඒකට අපිට බැන්නා.මං එදා හවසම උඹ උදේන්ම යන නිසා රැ නිදාගන්න කලින් කඹයකින් උබේ කකුල ගැට ගහල අනෙත් කෙලවර දෙහිගහ මුල ගැට ගැහුවා හරක් බල්ලෝ විතරයි කඹවලින් ගැට ගහන්නේ එත් මං උඹවත් එහෙම ගැට ගැහුවා.ඒකට උඹ මාත් එක්ක තරහ උනාද.ඒක දවසක් උදේ බලද්දී කඹේ පැටලිලා තනිකකුලෙන් එල්ලී එල්ලී වටේට කරෙකෙනවා දැකල මං හොඳටම බය උනා.එදායින් පස්සේ උඹව ආයෙත් ගැට ගැහුවේ නැහැ නේ.උඹ හොරුන්ගෙන් පරිස්සම් කරන්න ඕන නිසා ගෙට ගන්න හරි අමාරු උනා.තාත්තා උබව අල්ලන එද්දී උඹ අමාරුවෙන් මිදුලේ තියෙන අලිගැටපේර ගහට පියෙබුව නේ කුකුලෙක් පියඹනවා දැක්කේ ඉස්සෙල්ලම එදා.තාත්තා හරි අමාරුවෙන් පොල් වළල්ල කකුල් දෙකට දාගෙන ගහා දිගේ බඩගාගෙන ගහට නැග්ගේ ඒක දිහා බලන් හිටපු අක්කයි මමයි ගෙට දුවල ගිහිල්ල ඇඳේ තිබුණු මෙට්ටේ ගෙනල්ල ගහ මුලට දැම්මේ තාත්තා වැටිලා තුවාල වෙයි කියන භයට.තාත්තා උඹ හිටපු අත්තට එනවත් එක්ක උඹ එතන තිඹුණු අනෙත් ගහට පියාබුවා ඉතින් තාත්තා අයෙමත් ඒ ගහටත් අමාරුවෙන් නැග්ගා එදා කරුවල වැටෙනකන් ඒක දිගටම තාත්තා ගස් නැග්ගා.
මං උඹ ලැගලා හිටපු තැන් වල වැටිලා තුබුණු උබේ ලස්සන පිහාටු එකතුකරා ඒවා මං ඉස්කෝලේ ගිහිල්ල කොල්ලන්ට විකුණුවා.මං උඹව අල්ලගත්තම හැලෙන්න ඔන්න මෙන්න වගේ තිබුණු ඒවත් ගලවල ගත්ත. ඒ වෙලාවට උඹ වේදනාවෙන් කැගැහුවට මට ඒ කාලේ හිතුනේ නෑ රිදෙන නිසා කෑ ගහන්නේ කියලා උඹේ පෙඳේ තියෙන දිග පාට පාට පිහටුවට තමා කොල්ලෝ ගොඩක් ආස. මං ඒක රුපියල් දෙකකට සිංහල උගන්නන මිස්ගේ පුතාට විකුණුවා.මං ඒ සල්ලි වලින් පොහොසත් උනා.අම්මා උදේට අක්කටයි මටයි රුපියල රුපියල දෙන්නේ. අක්කා රුපියලේ අයිස් පැකට් කද්දී මං රුපියල් දෙකේ ඒවා කෑවේ.ඒ උඹ නිසා මං ඒවා කන දිහා අක්කා අඬ අඬ බලන් හිටියා.මං අනිත් කොල්ලොන්ට වඩා පොහොසත් කොල්ලෙක් උනා. ඉස්කෝලේ ඉතින් මට යාලුවෝ ගොඩක් හටිය මං උන්ට අරන් දෙන සත පනගේ හකුරු කෑල්ලට පෙරේත කමේ මං යන එන තැන් කොල්ලෝ මගේ පස්සෙන් ආවා ඒ උඹ නිසා කුකුලෝ."
සම්පූර්ණයෙන් කියවන්න
මට නම් ඇත්තටම දුක හිතුනා මේ අසරණය ගැන හිතලා,
ඇත්තටම පට්ට දුකයි,
දුක තමා කාන්ති කියන්නැහේ මොනව කරන්න ද ඉතින්,
පොඩි දරුවෙක් ආදරෙන් හැදුව සතෙක් මෙහෙම මරාගෙන කෑවම ඔහුගේ හිතට දැනෙන වේදනාව කොයිතරම් ද?
ඒ මදිවට අසරණයගෙ අවංක වදන් මාව දුකට පත් කරා.
ඔහු කොල්ලෙක් කරේ කුකුලා කියන එක, ඔහුගේ නොදන්නා කම වැඩිහිටියන් විහිළුවක් කරගත් හැටි මේ හැමදේම මට දුකක් ගේන ඒවා.
පොඩි ළමයෙක් වුනත් මේ වගේ කැත විදිහට රවටන එක නරක වැඩක්.
ඒ අතින් මගේ ජීවිතය කොච්චර හොඳද කියල හිතෙනවා,
පොඩි කාලෙ ,ට හොඳ පරිසරයක් තිබුන නිසා මම අද මෙතන ඉන්නෙ කියල මට හිතෙනවා.
මං හිතන්නෙ ලොකු පුතා අයියත් මේ වගේම පොඩි කාලෙ විඳපු ටිකක් අමිහිරි අත්දැකීම් ගැන ලියනවා.
මමත් ගෙදර හාවෙක් ඇති කරා ඌ බල්ලො කාලා මැරුණාම මම අඬපු තරම්...
ඉතින් මේ දරුවා විඳපු වේදනාව ඊට වැඩි ඇති,
අද සින්ඩියෙ බලනකොට සත්තු ගොඩක් ගැන ලිපි තිබුනා,
ඒත් අසරණයගෙ එක හරිම ලස්සනයි.
කොහොම වුනත් මම නම් කාටවත් සුරතල් සතුන් ඇති කරන්න අනුබල දෙන්නෙ නෑ,
සතුන්ගේ දුක්ඛිත ජීවිත ගැන තවත් උදාහරණයක් මේක,
මම මීට කලින් මේ වගේ කතාවක් කියවල තියනවා ඒත් ඒකෙ අවසානය මීට වෙනස්.
ඒක අහන්න කැමති අය මගෙන් අහන.
කොහොම වුනත් සතුන් ගෙවන් ජීවිත අතිශයින් දුක් සහිතයි,
අපි උන්ට අනුකම්පා කරන්න ඕන.
ගෝඩෝනියා බ්ලොග් ප්‍රමෝ කියල දැම්මෙ විහිළුවට,
(බුවා අයියාගෙන් සමාව ඉල්ලනවා ඔහුගේ ට්‍රේඩ් මාක් එකේ ආභාෂය ගත්තට)
(බුවා අයියාගෙන් සමාව ඉල්ලනවා ඔහුගේ ට්‍රේඩ් මාක් එකේ ආභාෂය ගත්තට)
මට ඉතින් බ්ලොග් ප්‍රමෝ දාන්න තරම් පාඨකයො ගොඩක් නෑනෙ.
අසරණයයි මායි අතර වැඩි වෙනසක් නෑ,
බොහෝ විට අසරණයා මාව ඉක්මවල යයි ඉක්මනට.
ඉතින් අසරණයා සුභ පතනවා ඔයාට.
(ආ එහෙම කීවෙ දුකින් නෙවේ, වීව් කවුන්ට් එකෙන් බ්ලොගයක වටිනාකම තීරණය වෙන්නෙ නෑනේ)
(ආ එහෙම කීවෙ දුකින් නෙවේ, වීව් කවුන්ට් එකෙන් බ්ලොගයක වටිනාකම තීරණය වෙන්නෙ නෑනේ)
(අපොයි සොබාව ගැන ලියන්න බැරි වුනා හෙටවත් බලනවා,)
(සමාවෙන්න කරන්න දෙයක් නෑ,
ඇනෝ බ්ලොක් කරා,මෝඩයන්ට ආතල් දෙන්න බෑනෙ, අපරාදෙ කාලෙ.
අදහස් වේ නම් මට මේල් කරන්න,
නැත්තං මේ බ්ලොගයේ ලියන්න
"ඇනෝ අදහස් වලට ඉඩක්"
සමාවෙන්න ගලගෙදර ඇනෝ ඇතුළු හොඳ ඇනෝලා, ඒත් මෙහෙම ගොන් ඇනෝලා නිසා වෙන්නෙ ඔබ වැනි හොඳ වැදගත් ඇනෝලා දිහත් මිනිස්සු වපර ඇහෙන් බලන් එක.
ඒ නිසා කරන්න දෙයක් නෑ,
කරුණාකරලා ඔබේ වටිනා අදහස් මට දිගටම දෙන්න.)
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com(සමාවෙන්න කරන්න දෙයක් නෑ,
ඇනෝ බ්ලොක් කරා,මෝඩයන්ට ආතල් දෙන්න බෑනෙ, අපරාදෙ කාලෙ.
අදහස් වේ නම් මට මේල් කරන්න,
නැත්තං මේ බ්ලොගයේ ලියන්න
"ඇනෝ අදහස් වලට ඉඩක්"
සමාවෙන්න ගලගෙදර ඇනෝ ඇතුළු හොඳ ඇනෝලා, ඒත් මෙහෙම ගොන් ඇනෝලා නිසා වෙන්නෙ ඔබ වැනි හොඳ වැදගත් ඇනෝලා දිහත් මිනිස්සු වපර ඇහෙන් බලන් එක.
ඒ නිසා කරන්න දෙයක් නෑ,
කරුණාකරලා ඔබේ වටිනා අදහස් මට දිගටම දෙන්න.)

උඹ බ්ලොග් අවකාසෙ ලොකු ඩයල් එකක් වෙලා නේද?
ReplyDeleteදැන් බ්ලොග් ප්‍රමෝත් පටන් අරන්
අනේ යකෝ
ඒකනෙ මචං හොඳයි නේද?
Deleteමම දැන් ලොකු ඩයල් එකක් :)
තෑන්ක්ස් නමක් නැතුව හරි ඇවිත් බ්ලොග් එක කියවල යනවට.
සෝයි සෝයි
Deleteස්තූතියි පොඩි කුමාරිහාමි,
ReplyDeleteපුළුවන් විදිහට ලියනවා,
මම දන්නෙ නෑ ගොඩක් අය දන්නවද කියල,
ඒත් මේ දන්න ටික ඇති,
ඇයි මං පව්?
ගොඩක් සාර්ථක අය පොඩි කාලෙ ගොඩාක් දුක් විඳපු අය...කතාවක් තියෙනවා අහලා නැද්ද දුකක් වින්ඳොත් සැපක් තියෙනවා කියලා..ස්තුතියි මේ කතාව ලිව්වට...
ReplyDeleteසහ අසරණයා ගැන කිව්වට...මම හිතන්නේ මම ඔය කලින් ලිපිය කියෙව්වා...
ප.ලි. : ගල්මුල් ඉදිරියේ සැලෙන්න එපා සහෝ..උඩ කමෙන්ට් එක දැකලයි කිව්වෙ...
ස්තූතියි හරි අයියා...
Deleteඅවුලක් නෑ,
මං තවම ඕවා ගනන් ගත්තෙ නෑ,
ඒත් සමහරු හැසිරෙන හැටි කැතයි,
ස්තූතියි මට උදවු කරාට :)
අනුන්ට දීලා නිකන් තියෙන පස්ස වණ කොරගන්න එපා මල්ලී / අයියා
Deleteඅනුන්ට දීලා නිකන් තියෙන පස්ස වණ කොරගන්න එපා මල්ලී / අයියා
Deleteසටහන ලස්සනයි. අසරණයාගේ ලිපි දිගටම කියවන්න හිතට ගත්තා.
ReplyDeleteඇත්තමයි වෙදමහත්තයෝ,
ReplyDeleteමමත් ආයම කුකුලගෙ කතාව කියෙව්වා හරිම අවංකයි ලස්සනයි,
අසරණයා පොඩි කාලෙ ඉඳලා ආපහු කාලය හරහ ඇවිත් දුක කියනව වගේ දැනෙන්නෙ මට,
මමත් මේ වගේ ගැටළු ගැන ලිපියක් ලීවා,
මම හිතුවෙ නෑ ඒත් එහෙම කෙනෙක් හම්බෙයි කියල බ්ලොග් අවකාශෙන් :)
අසරණයගෙ රචනා විලාසය නියමයි...
සංවේදී කතාවක්.පව් අසරණයා.
ReplyDeleteඅසරණයා ගැන අපිට කිව්වට.මල්ලිට ස්තූතියි.
අසරණයාගෙ බ්ලොග් සටහනුත් දිගටම කියවන්ට බලාපොරොත්තු වෙනවා.
ජය වේවා !
ස්තූතියි අයියා...
Deleteඔව්, ඒක නම් නියම කතාවක් තමයි...ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා...
ReplyDeleteඒකනෙ සහෝ නියම කතාව නේද?
Delete//අසරණයයි මායි අතර වැඩි වෙනසක් නෑ,//
ReplyDeleteපව් කීවේ දෙන්නම අසරණ කියලා කීව හන්දා. එයත් පව්. ඉතින් ඔයත් පව්...:D
නෑ නෑ මාත් අසරණයි නම් තමා ඒත් මෙතන කීවෙ වීව් කවුන්ට් අතර වෙනසක් නෑ කියල :)
ReplyDeleteඅසරනයා කොහොමටත් දක්ෂ.හිත හොඳ කෙනක් බව පේනවා..දෙන්නටම ජය..
ReplyDeleteස්තූතියි සහෝදරයා :)
Deleteහුග දවසකින් බ්ලොග් එකකට කියලා ආවෙ. මම නම් කොහොමටත් අසරනයාගෙ ලිපි කියවනවා, බ්ලොග් ප්‍රොමෝශන් එකනම් මම හිතන්නෙ සාර්තකයි. දෙන්නාටම සුබ පතනවා
ReplyDeleteඒත් මං බැලුව ජෝන් මාමා ඇයි නැත්තෙ කියලා ....
Deleteස්තූතියි :)
ප්‍රමෝ එක එළ නේද?
(:))) )
කොමෙන්ට් නං කියවන්න ට්‍රයි කොලේවත් නෑ, 'අසරණය' ගේ පාඨකයෙක් මාත්.
ReplyDeleteහොඳයි ඔබා මාමේ :)
Deleteස්තූතියි
අප්පා මට දැනෙන සන්තෝසේ...මං දැනනං හිටියේ නැහැ නේ මගේ පොස්ට් මෙච්චර දෙනෙක් කියවනවා කියලා.ඒවගේම මට තවම තේරුම ගන්න බැහැ මට ඔයාල කියන තරම් රචන ලිවීමේ හැකියාවක් තියේද කියල.කට්ටියටම ගොඩක් ස්තුතියි මාව අගය කෙරීම ගැන.
ReplyDeleteඔන්න ඉතින් අසරණයා බොරුවටද මන්දා,
Deleteපුළුවන් පුළුවන් අසරණයා වැඩකාරයා :)
ගොඩක් හොඳයි අදහස..කියවගෙන යනවා සේරම
ReplyDeleteකියවන්න කියවන්න :)
Deleteඅපි නොදන්න අසරණයා... ඔබා කීව වගේ අමුතුවෙන් කියන්න දෙයක් නහැ..
ReplyDeleteGordonia ceylanica දීපු සපෝට් එකට මාත් ස්තුති කරනවා..
මම බ්ලොග් ප්‍රමෝ කියල දාපු එක ජෝක් එකක්ම වුනා :)
Deleteහි හී ගහදන්න සෙට් එකකටනෙ කොල කඩා පාලා තියන්නෙ :)
අසරනයා කිව්වට උගේ ඇති අසරන කමක් නෑ....හොඳට ලියනවා ඌ....
ReplyDelete