Saturday, January 14, 2012

කලාමැදිරියන් රඟ දෙන මීදුමෙන් වැසෙන සොහොන්බිම හමුවිය ගෝඩොනියාට...



ගඟේ සිහිල් සුළං ලබා මෙ මී තෙලේ මහත්
නිසන්සලත්වයක් විදිත් කෙනෙක් ගමේ අපේ
ගමේ සොහොන් බිමෙයි මෙමා සිටින්නෙ දැන් ඉතින්
මගේ මුතුන්-මගේ ගමේ අතීතයත් මෙහියි!

බීන්ගුන්ගෙන් නාදයෙන් නොහොත් කුසුම් කතා වලින් 
කුරුළු බසින් සුළන් රැලෙන් ඉරෙන් හඳෙන් වුවත්
ඔවුන්ගෙ ඇස් හැරෙන්නෙ නෑ- හැරෙන්නෙ නෑ ඉතින්
මගේ ගමේ අතීතයත්,අනාගතෙත් නැහැ

ඔවුන්ට නෑ කඩේ කතා සැඳෑ කලේ ඉතින්
පියම්බිකාවගේ නැතොත් සුතන්ගෙ බස් නිමයි
ගමේ සොහොන් බිමේ නිදයි ගමේ ම ජීවිතේ
කෙසේ ද ඉන් අනාගතේ ? ගමේ කියා සිතම්,

මොවුන්ගෙ  අත්වලින් කැපූ ගොයම් කොතෙක් වෙදෝ
නගුල් වලින් ලියද්දෙ පස් සකස් කළත් බොහෝ
එයින් පලක් වෙමින් නැතැයි පෙනේ අහෝ
කෙටියි! රසයි! මොවුන්ගෙ ජීවිතේ ඉතා හොඳයි

මහා සමුද්දරේ මැණික් වගේ පෙනෙන්නෙ නෑ
වනේ පිපී මලක් වගේ දැනෙන්නෙ නෑ පිටින්
එහෙත් එවැන්නවුන් සිටී සොහොන් බිමේ ගමේ
මෙයින් පෙනේ හොඳින් දැනේ රහස් මෙ ජීවිතේ

රටක් ලබා රජෙකු වගේ බලෙන් සිටින්නටත්
සමත් කෙනෙක් නොමැත්තෙ දෝ නිදා සොහොන් බිමේ
අකාලයේ නැසී ගියත් මහා තෙදත් කෙනෙක්
සිටිත් ය මේ සොහොන් බිමේ නොදන්නෙ නෑ මෙමා

ගලක් කොටා නැතත් ඔවුන් නිසා  සොහොන්  බිමේ
මහා කොතක්  නැතත්  විහාරයේ වගේ තනා
අතින් පයින් බොහෝ මහන්සි වී සිටී
මගේ ගමේ මුතුන්ට මම් වඳිම්! පුදම්! මෙහි..

මේ කවි පෙළ සොයාගැන්මට මා දැරූ වෙහෙස ගැන මගේ පාඨකයන්ට මතක ඇතැයි සිතමි,
අවසානයේ අන්තර්ජාලය හරහාම මට කෙනෙකු එවාවියැයි සිතුවේ කවුරුද?
මේ කවි පෙළ මීමන ප්‍රේමතිලක කවියාගේය,
ඔහු කොළඹ යුගයේ සුප්‍රකට කවියෙකි,
කවි පෙල මරණය ගැන එන්නාක් මෙන්ම ඔහුද වයස අවුරුදු 47දීම මියගියේය.



මේ කවි පන්තිය කියවූ මට සිහි වූයේ හොල්මන් කතාවක් මෙන් ගුප්ත බවකි,
සඳ පායා ඇති රෑක මළගියවුන් අපේ ගමේ වෙල් යායෙ වැඩ කරනු මට මැවී පෙණිනි.
මා මුලින්ම මේ කවි කියෙව්වේ වසර ගණනාවකට පෙර වුවද මට තවම ඒ හැඟීම දැනේ,
එකල මා මීට වඩා වයසින් අඩු දැනුම අඩු ළමයෙකු විය.
එහෙත් මට ඉහත කී හැඟීම් දැනුන වග මට මතකය,
මට අපේ නොදුටු මියගිය සීයා මතක්විය,
ඔහුද මෙලෙසම වෙල් යායේ වැඩ කරන්නට ඇත,
අද ඔවුන් මියගොස්ය,
සැන්දෑවට සිය බිරින්දෑ සමග සෙනෙහෙ වදන් තෙපලන්නට නැත,
දරුවන්ගේ සිනා හඬ හෝ කුරුළු හඬටවත් සුළඟටවත් ඔවුන්ව අවදි කළ නොහැක,
ජීවිය වේගයෙන් අවසානය කරා ඇදී යයි,
මේ ක්‍රියාවලියේම මොඩන් වර්ෂන් එකක අපි ද පුරුක් වෙමු,
වත්මනේ කාන්තිලා සහ බන්ඩාරලා සැන්දෑ සමේ චැට් කරමින් ද
යූ ටියුබ් බලමිද සිට කෙදිනක හෝ මියයන්නෝය,
මේ කවියා ගැන මා මොකුත් නොකියමි,
කදිම බ්ලොගයක් ඒ ගැන හමු විය,
කවියාගේ මරණය ද කවියෙන්ම අවසන් වී ඇත,
ඒ බ්ලොගයට මෙතනින් යන්න,
(මා ඒ බ්ලොගයෙන් ගැජට් එකක හෝඩුවාවක් ගතිමි )

මට මතක් විදිහට මේ කවිය ඉංග්‍රීසි කවියෙකුගේ යන කවි පෙළෙහි ආභාෂය ලැබූවකි,
එහි රචකයා මතක නැතත් අන්තර්ජාලයෙන් ගැලපෙන කවියක් සොයා ගතිමි,
එහෙත් මට නම් එය පරිවර්තනයට දැණුම මදය,
කුමාරිහාමි වැනි වැඩ්ඩියක හෝ වැඩ්ඩෙකුට නම් එය පුළුවන් වනු ඇත,
කෙසේ වෙතත් මේ කවි පෙල සොයා දුන් පුද්ගලයාට ද මගේ ගෞරවණීය ප්‍රණාමය හිමි විය යුතුය,
මා කලින් නොදුටු ඔහු මාගේ ඉල්ලීම කරුණාවෙන් ඉටු කර දුන්නේය,
ගුරුතුමනි ඔබට ස්තූතියි,
(මා ඔහු ගුරුතුමෙක් බව දැනගත්තෙ පස්සේය,
එවිට මා ඔහුට යාළුවෙකුට මෙන් අමතා අවසානය,
මට සමාවෙන්න ඒ ගැන ගුරුතුමනි)
සැමදා මෙන් මා නොදුටු ගුරුවරයෙකු පවා මා ගැන කරුණාවෙන් කටයුතු කිරීම වාසනාවකි.
මේ ඔහුගේ බ්ලොගයයි ආයෙත් පටන්ගන්නවා.
ඔබට නැවතත් ස්තූති කරමි ගුරුතුමනි!


මේ ඉංග්‍රීසි කවි පෙළ ගැන විකි පිටුවයි.
මේ ඒ කවි පෙළ ඇති තැනකි,
ඒ කවි පෙල ඉතා දිගය,
මා මෙතරම් දිග සිංහල කවි පෙලක්වත් කියවා නැත,


"ELEGY WRITTEN IN
A COUNTRY CHURCH-YARD"


The curfew tolls the knell of parting day,
The lowing herd winds slowly o'er the lea,
The ploughman homeward plods his weary way,
And leaves the world to darkness and to me.


Now fades the glimmering landscape on the sight,
And all the air a solemn stillness holds,
Save where the beetle wheels his droning flight,
And drowsy tinklings lull the distant folds:


Save that from yonder ivy-mantled tower
The moping owl does to the moon complain
Of such as, wandering near her secret bower,
Molest her ancient solitary reign."

මාගේ බ්ලොග් අඩවිය තුල මෝඩ ඇනෝලා මෝඩ කතා දාන්න ආ නිසා ඇනෝ කමෙන්ට් බ්ලොක් කළෙමි,
ඒ ගැන යහපත් ඇනෝලාගෙන් සමාව අයදිමි,
කරුණාකර ඔබේ වටිනා සටහන් මේ අඩවියේ ලියා 
යන්න,
                                                 I'm Sorry Anos
නැත්නම් මට ලියන්න,
ඒ සඳහා බ්ලොගයේ වමේ ඇති රූපය ඔබන්න,
මේ ගැන පසුව ලිපියක් ලියමි,

මරණයෙන් අරඹා මරණයෙන් කෙලවර කරමි,,,
"මීදුමෙන් වැසෙන, කලාමැදිරියන් රඟ දෙන තැනක, නිහැඬියාවට ඉඩදෙමින් නතර වුනෙමි.

දිගු කලක් බලාපොරොතුවෙන් සිටි සැනසිල්ල මට ලැබී තිබේ.

හිස්වසාගත් වල කපන්නවුන් නික්ම ගොසිනි.

හෙමින් සීරුවේ ගලා ආ අඳුර වනය වසා ගති. 

ආපසු හැරීමක් නැත්තාසේම එලියෙන්ද පලක් නැති.

අදෘර්ශමාන කිසිවක් මෙහි පේන්නටද නැත.

සිහිනසේ දිලෙන තරු එලියෙන් සොහොන් කොත්ද දිලුනි.

ජීවිතය සුදුමැලිව යද්දී, මරනය දීප්තිමත් වන්නාසේය.

සඳ එලිය බලා හිඳිද්දී, මම මගේ නිදහස භුක්ති විදින්නෙමි."

පරිවර්තනය:පොඩිකුමාරිහාමි ආර්යාව.
මෙයද මගේ පෙර ලිපියකට ලැබුන ප්‍රතිචාරයකි,
තවම දෙළුම් සිටවීමට නොහැකි විය :(

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

18 comments:

  1. ඇවිත් නිසංසලේ මමත් බැලීමි මේ කවිත්
    පුදන්න තුති ගුරුන් ද නුඹ හටත් හිතේ මටත්

    ReplyDelete
    Replies
    1. බොහෝ පුදමි මමත්
      අසිරි සමග තුතිත්
      ලියා යන්න යළිත්
      ඇවිත් හැඟුම් මෙහිත්

      Delete
  2. හිත සසල කරන, ලස්සන කවි පෙලක්. ආයම දෙතුන් වතාවක් කියවන්ට ඕනි.

    අනේ පොඩි කුමාරිහාමි නම් වැඩ්ඩියක් නෙමේ. ඒක පරිවර්තනය කරන්ට කියලා වැඩ්ඩෙකුටම කියමු....:D

    ස්තූතියි මිහිරිට මගේ කමෙන්ට් එක, පෝස්ට් එකට දැම්මට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආය කියවල බලන්න,
      ඔයාට පුළුවන්,
      අර නවල් පරිවර්තනේ කරන එකේ මේව මොනවද,
      මම නම් ඒ වගේ පොතක් ජීවිතේට කියවල නෑ,

      Delete
  3. නියමයි. උත්සාහ වන්තයා ජය ගනී. සොහොන් බිම බලන්න ඕනෙ වෙලාවක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙදමහත්තයෝ,
      උත්සහවන්තයාට ජයගන්න හොඳ මිනිස්සු උදවු කරන්න ඕන :)

      Delete
  4. මට හිතෙනවා මේ කවිය ගමේ සොහොන් ගෙයි බිත්තියේ ග්‍රැනයට් එකක කොටල හයිකරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ වැඩක්...
      මේක ගලේ කොටනවා වගේම මිනිස්සුන්ගෙ හිතෙත් කොටන්න ඕන...
      ස්තූතියි ඔබට,

      Delete
  5. පිස්සු නං කෙලින්න එපා....කලින් කියන්නෙ නැතුව.
    මං මේ හැම තැනම හොයනව කුරුල්ලො කෑ ගහන්නෙ කොහෙ ඉඳලද කියල

    ReplyDelete
  6. අයියෝ ඔබා මාමටත් වුනදේ,
    දෙතුන් පාරක් බ්ලොග් එකේ සැරිසැරුවොත් ඇටිකුකුලො වගේම ඔකෙස්ට්‍රා හොයාගන්නත් පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දෙම උනා . ඔයාගෙ බ්ලොග් එක ටිකක් විතර ස්ලො වෙනවා ඔය කිචි බිචිය හන්දා සමහර ස්ලො ලින්ක් වලින් ඔයාගෙ බ්ලොග් එකට යන්න බෑ

      Delete
    2. බලමුකො මාමෙ,
      ඇත්ත වෙන්නත් ඇති,
      කොහොමත් මේක අහල එපා වෙයිනෙ කාලෙකදි මිනිස්සුන්ට,
      එතකොට අයින් කරනව
      (දැනටම එහෙමද මංදා)

      Delete
  7. දුක හිතෙන ලස්සන කවි පෙලක්..දෙතුන් පාරක්ම කියවූවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි කුමාරිහාමි...

      Delete
  8. මල්ලිගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියෙන්නෙ..

    දැන් ඉතින් ඒ ගමනත් ලෑස්‌ති පිට ගියහැකියි...

    ReplyDelete
  9. අර සර්ට පින් සිද්ද වෙන්න හම්බුනා :)

    ReplyDelete
  10. ස්තූතියි...
    මාත් ඕක හොයාගන්ට දඟලපු තරම බ්ලොග් එකේ ඇවිදල බැළුවොත් පෙනෙයි :)
    අර සර්ට පිං සිද්ද වෙන්න හම්බුනා :)

    ReplyDelete
  11. Slot Machine Games - JtmHub
    A very simple and straightforward game. A player is trying to complete the slots on a grid. 김천 출장안마 The game follows 화성 출장안마 suit. The player 오산 출장마사지 is left with 안양 출장샵 the highest amount 계룡 출장샵 of

    ReplyDelete