Tuesday, January 3, 2012

සිය පවුලටම අටවාගත් විජේසුන්දරගේ උගුල


උඳුවප් සීතල අතරින් නියඟය පටන් ගන්නට පෙරාතුව මතුරට ඔකඳගල පුංචි ගම්මානයට කුඩා වැහි වැල්ලක්‌ දෙකක්‌ වැටුණේය. ඒ නවමු වට වැස්‌සේ දෙකෙහි සිහිලස්‌ පහස ලැබූ භව භෝග පැළෑටි කෙරෙන් නව පත් පූදින්නට පටන් ගත්තේ ඒවා වගා කර තිබූ කිහිපදෙනාගේ සිත්සතන්වලට අමුතුම ප්‍රබෝධයක්‌ ද ගෙන දෙමිනි. මෙබඳු පාරිසරික පසුබිමෙකින් යුතු වූ ඔකඳගල අදින් අවුරුදු හතරකට පමණ ඉහතදී දරුණු ලෙස නාය යැම්වලට ලක්‌ වූ ගම්මානයක්‌ විය. එහෙයින්ම ඉන්පසුව එහි වාසය කළ සියල්ලන් ම පාහේ එයින් එහා පිහිටි තවත් ගම්මානයක්‌ වූ රත්මැටිය ප්‍රදේශයට පිටත්කර හැරීමට බලධාරීන් පියවර ගෙන තිබුණේය. සොබාදහම මේ අයුරින් මොනයම් වූ අකුල් හෙලීම් සිදු කළත් මේ ගම්වැසියන් ඔකඳගලින් රත්මැටියට ගියේ ඇත්තෙන්ම සෙනෙහබර මවකගේ කිරි බුරුල්ලෙන් ඈත් කළ දරුවන් මෙන්ම ශෝකයෙනි.
ඒ කුමක්‌ හේතුවෙන් දැයි කියතොත් එම ප්‍රදේශයෙහි වූ තම ඉඩකඩම් ඒ තාක්‌ම ඔවුන්ගේ ජීවිතය ජීවත් කර වූ හෙයින් ය. සුත මුදිත කළ හෙයින් ය. එපමණටම ඔකඳගල මහ පොළොව සරුසාරවත් වී ඒ පොළොව තිබුණු තාක්‌ ඔකඳගල බොහෝ දෙනකු අවුරුද්ද තුළම අන් කිසිදු රැකියාවක්‌ සොයා ගමෙන් බැහැරට පිට වී ගියේ කලාතුරකින් ය. ඔවුන්ගේ ජීවිතවල තිබූ බිය හා දුෂ්කරතා සැබවින්ම එහි පොළොව නිසා බොහෝ දුරකට ඇකී මැකී ගියේය. එහෙත් යළිත් ඇති විය හැකි සොබා දහමේ දරුණු එරවුම් ගෙරවුම්වලින් ගැමියන් බේරා ගන්නට අදාළ බලධාරීන් ගත් සද්ක්‍රියා මාර්ගයක්‌ ලෙස ඔකඳගල ගම්වාසීන් මෙසේ රත්මැටියට පිටත්කර තිබුණේය. එහෙත් අනෙක්‌ පසින් තමන් මේ ඇල්ලුවේ එම ගැමියන්ගේ ජීවිතය නමැති ඔරලෝසුව වැඩකරන මහ දුන්නක්‌ බව ඒ නිල බලධාරීන්ට වැටහී නොගියේය.
 එතෙකුදු වුවත් හිටි අඩියේම එය නතර වීමෙන් උපන් ජීවන වේදනාව ගම්මුන්ට ටිකෙන් ටික දැනෙන්නට පටන් ගත්තේය. අග හිඟ මැහැලිය දත් විලිස්‌සාගෙන ඔවුන් අභිමුව රවා බලා සිටියාය. ඔකඳගල අතහැර ගිය බොහෝ අයට යළිත් එය මතක්‌ වෙන්නට පටන් ගත්තේය. ඔකඳගල සරුසාර වගා අතරේ ගත කළ ජීවිතය ඔවුන් අභිමුව සිත්තම්පටක්‌ මෙන් මැවී දිග හැරිණි. ඔවුහු බිම් කෙටූහ. කැලෑ කපා ගිනි තැබූහ. හෙලිකරගත් ඉඩමේ කැටෑ කෝටු අවුලා ගදාල දමා වැටකඩොලු බැඳ භව භෝග ඉන්දවූහ. ඒවා සාරෙට හැදී වැඩී නිලට නිලෙන්නට පටන් ගත්තේය. අගහිඟ මැහැලියගේ හීන් කෙඳිරිල්ලත්, එවැනි දසුන් මැවෙන්නට වීමත් සමඟම රත්මැටියට ගිය ගම්මු උදැල්ලක්‌ දෙකක්‌, පිහි කිහිපයක්‌, කැත්තක්‌ ආදියෙන් සන්නද්ධ වී යළිත් ඔකඳගලට ආවේ එය තමන්ට තහනම් ප්‍රදේශයක්‌ බව ද අමතක කරමිනි.

මුළු එකම කියවන්න.
" පැරැණ්නන් තම වගාවේ කුරුළු පාළුවක් ඉතිරි කළේ ඇයි?හේන ගිනි තැබීමට පෙර කෑ ගසමින් 
"පණ ඇති සතෙක් ඉන්නවනං පලයල්ලා" ආදී ලෙස කෑ ගසා ප්‍රවේශමෙන් ගිනි තැබුවේ බොළඳ කමට ද?යලිත් සිතා බැලිය යුතු නොවන්නේ ද?මදක් සිතන්න... ප්‍රශ්න වලට නුන්ට සිදුවන හානිය අවම වන විකල්ප නැති ද කියා."
වැදගත්:
"Anonymous said...
මා ජීවත් වෙන ප්‍රදේශයටත් රිලවුන්ගෙන් සැහෙන කරදර තියෙනවා අපේ වගාවන්ටත් බරපතල හානි සිදු කරනවා.විශේෂයෙන්ම කෙසෙල් වගාවට රිලවුන්ගෙන් සිදුවෙන හානිය අප්‍රමානයි.රිලවුන් පලවා හැරීම පිණිස විවිද උපක්‍රම යෙදුවත් හරි ගියේ නැහැ.නමුත් දැන් යොදාගන්නා ක්‍රමය නම් සැහෙන සාර්ථක එකක්.ඒ තමයි air riffle අවිය. රිලා රැලක නායකයා වැනි රිලවෙක් ඉලක්ක කර පහර දීම කලවිට මුළු රිලා රැලම අඩුම තරමේ දිනකටවත් අදාල ප්‍රදේශයට පැමිණීමෙන් වැලකේ.යම් තරමකට හිංසාකාරී ලෙස පෙනුනද මේ නිසා සතුන්ගේ මරණය හෝ බරපතල තුවාල සිදුවීමක් නොවේ.මා නම් කිසිවිටක පැටවුන්, ගැහැණු සතුන් සහ දුර්වල පිරිමි සතුන් ඉලක්ක කර නොගනිමි.එසේම කොතරම් වගාවන්ට හානි කලත් දඬු ලේනන්ද ඉලක්ක කර නොගනිමි සාපේක්ෂව කුඩා සතුන් බැවින් ඔවුනට ජීවිත හානියක් වීමට ඉඩ ඇති බැවිනි.කෙසේ වුවද මෙම අවිය හැසිරවීම සඳහා පුහුණුවක් තිබිය යුතුය.සැබෑ ගිනි අවි භාවිතය සඳහා යොදා ගතයුතු මුලධර්ම බොහොමයක් මේ සඳහාද යෙදිය යුතුය"

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


Beethoven - Symphony No.7 in A major op.92 - II,  Allegretto

                                                   
මේ අර කලින් පටන් ගත්තු සංගීත වැඩේ...
මේ මම කැමතිම සංගීත ඛණ්ඩයක්, ඛණ්ඩයක් කීවට සිම්ෆනියක්.
මේක මට මුලින්ම අහන්න ලැබුනේ "Knowing" කියන ප්‍රසිද්ධ චිත්‍රපටයෙන්.

මෙය විශිෂ්ටතම සංගීතඥයෙකුගේ නිර්මාණයක්,
ඔහු ලුඩ්විග් වොන් බීතෝවන්, ඔස්ට්‍රියාවේ වාසය කල අතිශය දක්ෂයෙක්.
ඔහු තම අවසන් ස්වර සංයෝජන කරන විට බිහිරි වී සිටි බවයි පැවසෙන්නේ.
මොහුගේ සොහොන්කොත තවම ඒ රටේ තියනවා,
මම දැක ඇත්තේ මගේ ගුරුවරයා විසින් ගත් එහි ඡායාරූපයි.

මේ සංගීත ඛණ්ඩයේ මුලින් තරමක් හැඟීම්බර දුක් මුසු කොටසක් සහ මැද සතුටු දායක කොටසකුත්  අවසානය වෙනත් විදිහකිනුත් ඉවර වෙනවා.
මෙය චිත්‍රපටයේ යොදා ඇති හැටි ඉතාම හැඟීම්බරයි.
හැකි නම් හොයාගෙන බලන්න.
කෙසේ වෙතත් මේ සංගීත ඛණ්ඩය කදිම සම්භාව්‍ය සංගීත ඛණ්ඩයක්,
සිත දැහැන්ගත කිරීමට මෙයට හැකියි.
විශේෂයෙන්ම මුලින්ම ඇති ස්ට්‍රින්ග්ස් කොටස සහ වයලින් වාදනය ප්‍රමුඛව ඇසෙන කොටස.
ඉතින් මම හිතනව මේක අහල බලයි කියල. 

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

8 comments:

  1. ඇහුවා ගොඩක් ලස්සනයි..අර මාතෘකාව මට තෙරුනේ නෑ..

    ReplyDelete
  2. සිත දැහැන් ගත උනා....:D

    ReplyDelete
  3. ඔය වඳුරෝ එනවට අටවපු උගුලක්ලු නේද...අර පොඩි එකා වැටිලා හිටපු පිංතූරේ දැක්කම ඇඟ හිරි වැ‍ටුනා.....

    ReplyDelete
  4. මා ජීවත් වෙන ප්‍රදේශයටත් රිලවුන්ගෙන් සැහෙන කරදර තියෙනවා අපේ වගාවන්ටත් බරපතල හානි සිදු කරනවා.විශේෂයෙන්ම කෙසෙල් වගාවට රිලවුන්ගෙන් සිදුවෙන හානිය අප්‍රමානයි.රිලවුන් පලවා හැරීම පිණිස විවිද උපක්‍රම යෙදුවත් හරි ගියේ නැහැ.නමුත් දැන් යොදාගන්නා ක්‍රමය නම් සැහෙන සාර්ථක එකක්.ඒ තමයි air riffle අවිය. රිලා රැලක නායකයා වැනි රිලවෙක් ඉලක්ක කර පහර දීම කලවිට මුළු රිලා රැලම අඩුම තරමේ දිනකටවත් අදාල ප්‍රදේශයට පැමිණීමෙන් වැලකේ.යම් තරමකට හිංසාකාරී ලෙස පෙනුනද මේ නිසා සතුන්ගේ මරණය හෝ බරපතල තුවාල සිදුවීමක් නොවේ.මා නම් කිසිවිටක පැටවුන්, ගැහැණු සතුන් සහ දුර්වල පිරිමි සතුන් ඉලක්ක කර නොගනිමි.එසේම කොතරම් වගාවන්ට හානි කලත් දඬු ලේනන්ද ඉලක්ක කර නොගනිමි සාපේක්ෂව කුඩා සතුන් බැවින් ඔවුනට ජීවිත හානියක් වීමට ඉඩ ඇති බැවිනි.කෙසේ වුවද මෙම අවිය හැසිරවීම සඳහා පුහුණුවක් තිබිය යුතුය.සැබෑ ගිනි අවි භාවිතය සඳහා යොදා ගතයුතු මුලධර්ම බොහොමයක් මේ සඳහාද යෙදිය යුතුය

    ReplyDelete
  5. මුලින් අදහස් දැක්වූ ඇනෝ වෙමි චීනයේ නිෂ්පාදිත සාමාන්‍ය වායු රයිපලයක් රුපියල් 14000 කට පමණ මිලදී ගත හැකිය.එයට යොදන කුඩා උණ්ඩ 200 අඩංගු බඳුනක් රුපියල්750 පමණ වේ.කෙසේ වුවත් මෙය ප්‍රවේසමින් හැසිරවිය යුතුය.මීටර් 10 ,15 ආසන්නයේ යම් කිසි කෙනෙකුට මෙම අවියෙන් පහරක් වැදුනොත් එය මාරාත්මක වියහැකිය.

    ReplyDelete
  6. ඇනෝ....
    ස්තූතියි තොරතුරට, මේකට නීතිමය අවසර ඕන නැතුව ඇති නේද?
    කොහෙද මේක ගන්න තියන්නෙ?
    ඇනෝ ගලගෙදර ඇනෝ ද?

    ReplyDelete
  7. මේ සඳහා ග්‍රාම නිලදාරීයා විසින් සහතික කල ලිපියක් අදාල වෙළඳ නියෝජිතයන් බලාපොරොත්තු වේ.එසේම මේ අවිය තම ඉඩමෙන් පිට මහ මාවත් වැනි තැන්වලට රැගෙන යාම, අන් සතු කිරීම නීති විරෝධී වේ.ඔබ හරි තුම්පනේ වැසියෙක් වෙමි.ගමේ නම්බුව රැකීම සඳහා සැහෙන තරම් ගොන්කම් කර ඇත ඉදිරියටත් කරන්නට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  8. තුම්පනේ :)
    හොඳ පැත්තක්නෙ,
    සරණංකර සංඝරාජ හිමියන්ගෙ හාත් තුම්පනේ.
    කොහොම වුනත් ඔබ ලබාදෙන තොරතුරු ඉතාම වැදගත් :)
    ස්තූහියි...

    ReplyDelete