කලින් ලිපියකත් මම සොඳුරු පරපුටුවො ගැන ලීවා.
මේ ඒකෙම දිගුවක්,
ඇත්තටම මම අද කලින්ම ලීවේ මේ ලිපියෙ මියැසි කලාපය කොටස.
ඒත් ඒක නෙවේනෙ මගේ ප්‍රධාන දේ,
ඉතින් මම හිතුවා ලියන දේ ගැන, මොනවද කොට තියන්නෙ බැලුවම,
සමනල්ලු සළබයෝ සහ ඒ අතර එවුන් තියනවා ඒත් ඒ ගැන ලියන්න වෙලාවක් ඕන,
අනිත් කොටේ තියන්නෙ මේකෙනෙ ඉතින් මම කැමතිම දෙයක්නෙ මේක ඉතින් මම මේක ලියනවා.
මේ ගණය පූර්ණ පරපෝෂීන් අයිති වෙන ශාක ගණයක්(Holoparasite).
මේ අය මූල පරපෝෂීන් (Root Parasites), ඒ කියන්නෙ තමන්ට ඕන පෝෂණය ඔක්කොම උරාගන්නවා අනික් ගස් වල මුල් වලට සම්බන්ධ වෙලා.
ලංකාවේ මේ ගණයේ විශේෂ 6ක් තියනවා, ඒ අතරින් තුනක් ලංකාවට ආවේණිකයි.
මොකද එයාලට කිසිම ආහාරයක් හදාගන්න ඕනෙත් නෑ.
මේ ශාකය හරිම සුන්දරයි මොකද මේවගෙ මල් පිපුනහම විතරයි පේන්න තියන්නෙ,
මොකද මේවා මූල පරපෝෂීන් කීවනේ ඉතින් මේවට කිසිම කොළයක් හෝ වායව කොටසක් නෑ මල් නොපිපෙන කාලෙට.
ඒ නිසා මේවගෙ මල විතරක් කැලේ පොළව මත තියන්නෙ.
මේවා නෙළු විශේෂ සහ බට වර්ග වලින් යැපෙන්න ප්‍රියයි.
ඇත්තෙන්ම මං වැඩියෙන්ම කැමති මල් වර්ගයක් කීවොත් නිවැරදියි.
මොකද මගේ ගාව තියන සුන්දරම ෆොටෝ වලට උරුමකම් කියන්නෙ මේ මල්.
"අඳුරු කැලෑවේ සීතල පොළවේ,පිපුන සොඳුරු නුඹ මායාවක් මෙනි මට,හිතෙනවා දුවන්නට වනය වෙත,සිහිල් මිහිදුමින් අඳුරු වූ"
මේ පවුලේ බහුතරයක්ම මේ වගේ පරපුටුවො,
මම ඉතින් පරපුටුවන්ට පුදුම කැමතිනේ,
ඒත් මේ අය ගැන පොත් කියවනකොට මට හරි දුකයි,
ඒක ඔබට කියන්න තේරෙන් නැති සංවේගයක්,
මොකද පොතේ තියන තැන් වල මේවා අනිවාර්යයෙන්ම නෑ කියන්න පුළුවන්,
මොකද ඒ ප්‍රදේශ දැඩි ලෙස නාගරීකරණය වෙලා.
(මේක ටයිප් කරනකොට මට සුසුම් හෙලෙනවා ඇඟ රත්වෙනවා)
පුදුම දුකක් දැනෙන්නේ,
සමහර මල් වල වර්ණය හරිම සුන්දර ලෙස සඳහන් වෙනවා,
අඳුරු කැලෑවක ගිනිසිලක් වගේ පොතේ කියවෙන විදිහේ මලක් පිපුනම කොච්චර ලස්සනද කියල මැවෙනකොට.....
දුවගෙන ගිහින් හොයන්න හිතෙනවා මට,
අනේ මේ මල් පළවෙනියට දැකල ඒක වාර්තා කරපු මනුස්සයා කොයිතරම් නම් පුදුම වෙන්න ඇතිද?
ඔහු ඒකට වශී වෙන්න ඇති,
මට යන්න හිතෙනවා අතීතයට.
ජාතික ශාකාගාරයට ගිහින් ඒකෙ තියන නිදර්ශක ඇල්ලුවාම මේ හැඟීම දැනෙනවා වැඩියි.
සමහර ශාක නිදර්ශක අවුරුදු සීයකටත් වඩා පරණයි,
ඒවා යම් දවසක හදලා තැන්පත් කරපු හැටි මැවෙනවා හිතේ, එතකොට තවත් අතීතයට යන්න හිතෙනවා.
මේ ශාක වලට ඉතාම නිදහස් පරිසරයක් ඕන ඒ නිසා මේ ශාක වඳවෙලා යන්න ඇති.
කඳුකරයේ තිබුණ ඒ සුන්දර වනමල් විශාල ප්‍රමාණයක් තේ වගාව සහ ජනාවාස නිසා විනාස වෙන්නැති.
දැන්වත් අපි මේවගේ වාසභූමි ආරක්ෂා කරේ නැත්තං ඉතින්...
මට බලන්න තිබුන වාසනාවවත් නැති වුන කැලෑ පිස්සෙක් කවදා හරි දවසක මේ පොත් කියෙව්වම දුක් වෙයි මටත් වඩා අනාගතේ දවසක.
ඒත් මට පොත් කියවනකොට හිතෙනවා මේ වඳ වෙලා කියන සියළු මල් කොහේ හරි මායාකාරී වනාන්තරයක මං එනකල් බලාගෙන ඇති කියලා,
එහේම හිතෙනකොට හිත උණුසුම් වෙනවා.
මේ ගණය ගැන හොයනකොට තව අපූරු තොරතුරක් හම්බුනා.
මේ ගණය නම් කරලා තියන්නෙ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මුල්ම උද්‍යාන අධ්‍යක්ෂක වුන George Gardner.
ඔහු ගැන කියවනකොටත් හරිම අපූරු තොරතුරක් හම්බුනා,
ඒක කියෙව්වාම මගේ හීනේ තවත් පාට වැටුනා.
ඒක මෙතන දාන්නෙ නෑ,
මගේ හිතවතුන් ගිහින් බලන්න මෙතනින්,
කාටවත් කියන්න එපා!
ඒක රහසක්...
මේ මම ලියපු නිසඳැසක් පන්තියේ ජනේලය ලඟට වෙලා ඒකෙත් ඇති මේ මල් ගැන.,
ඒ දවස් වලත් හොඳටම මට පිස්සු තද වෙනවා,
මොකද එතන හරිම ලස්සනයි, හන්තාන ළඟ.
මම අද ගොඩක් හැඟීම්බරව ලියව්වා මේ ඔක්කොම කිසිම සූදානමක් නැතුව ලියපුවා,
මගේ හිතට ගලාගෙන ආපු විදිහටම ලීවා ඒ නිසා යම් අපිළිවෙලක් ඇති වුනා නම් සමාවෙන්න.
මගෙ හිත ගොඩක් බරයි, ඇස් බොඳ වෙනවා.
සතුටු මං ගැන ඒත්, මේ ආශ්වාදය ලෞකික ආශ්වාදයන්ගෙන් හැමෝටම විඳින්න තේරෙන්නෙ නැති එකක්.
ඒත් මට දැනෙනවා මේ සෙනෙහස මට බර වැඩියි කියලා.
පොඩි කෙල්ලෙක් එයාගේ වටිනා වස්තු ටික දාපු පෙට්ටියකට ආදරේ කරනවා වගේ.
අනේ මම වෙන රටක හිටියනම් කියල හිතෙනව වෙලාවකට එහෙනම් මම මේ වෙනකොට මේ දේවල් ගැන හරියට ඉගෙනගෙන.
කමක් නෑ මගෙ වයසෙ හැටියට මේ ඇති,
මං හිතන්නෙ නෑ වෙන කවුරුත් ඇති කියල මං වගේ අපෙ රටේ.
නිසදැස නැති වෙලා වගේ,
කමක් නෑ මතකයෙන් ආය ලියන්නම්,
"මේ වෙලාවට දුම්බරටහීතලට මීදුම් බාලා ඇති,ඒ මිහිදුමෙන් අඳුරු වුන පොළොවේපාවෙනා වළාකුළු අතරින් වැටෙන ඉර එළියටහිනා වෙනවා ඇති,ඒ ඉර රැස් දහර මුවා කරගෙනකළුරාජාලියෙක් පියාඹනකොටපුංචි දියපාරක් ලඟබිනර මලක් සුළඟත් එක්ක නටනකොට,කඳුකර අහිරාවෝ දුක් වෙනවා ඇති,මේ මිහිර විඳගන්න
එන්න විදිහක් නැති එකගැන
අනේ ඒත් මම...
තවම පංතියේ....
බෙන්සීන් දිහා බලාගෙන."
![]() |
| Christisonia tricolor |
ඉතින් මනුස්සය අතින් පිහිනවා, මට ඉතින් සතුටුයි,
මේ මල නෙළු ශාඛ ධාරකයා ලෙස පාවිච්චි කරන එකක්.
මේක දුර්ලභ ආවේණික ශාකයක්.
![]() |
| Christisonia subacaulis |
(02)
(01) මගෙ ෆොටෝ එකක් නෙවේ අනික මගේ,
මේකෙ අයිතිය යූ.කේ දිසානායක අයියට.
මේක නම් ඉන්දියාවෙත් තියනවලු.
මේකෙ ධාරකයා බට පඳුරු විශේෂ.
![]() |
| Christisonia bicolor |
මේකත් දුර්ලභ ආවේණික ශාකයක්,
මේක තමා නිසැඳසේ තියන රත්තරන් පාට මල.
මේ තියන්නෙ මේ ක්රිස්ටිසෝනියාලා ගොඩක් එකට පිපුනාම පේන හැටි.
L'amour est bleu - Love is Blue
මේ ගීතය මට මෑතකාලෙකදි අහන්න ලැබුණ ලස්සනම ගීතයක්.
මම සම්පූර්ණ රොමෑන්ටික් කෙනෙක් නෙවේ වුනාට මම ගොඩක් ආසාවෙන් අහපු ගීතයක්,
ගීතයක් රසය තියන්නෙ කොහේද?
සංගීතයේද? ගායනයේද (කටහඬ )? පද වල ද?
ඒක කියන්න බෑ හරියටම,
මොකද ඒක එක්කනාගෙන් එක්කනාට වෙනස් වෙන්න පුළුවන්,
දැන් නම් මීට අමතරව වීඩියෝවත් බලපානවා ගීත වල රසය දැනෙන්න.
මේ දේවල් හැම එකටම වඩා කෙනෙක්ගෙ පෞද්ගලික හේතු ගීතයක් රසවත්ව දැනෙන්න හේතු වෙන්න පුළුවන්,
උදා:කෙනෙක්ට අදාල දෙයක් ගීතයේ කියවෙනවනම් ඒ ගීතයට ඒ කෙනා කැමතිවෙන්න පුළුවන්,
සමහරවිට ඒක කියන කෙනාගේ රූපය,
එහෙමත් නැත්තං ඒක අහන වෙලාවෙ තියන මානසික තත්වය ගීතයේ රසය දැනෙන්න වැදගත්.
මම නම් වැඩියෙන්ම අර කලින් කීව දේවල් ගැන හිතනවා ගීතය අහනකොට,
සංගීතය වැදගත්ම දේ, ඒක අහගෙන ඉන්න පුළුවන් මට්ටමක රසවත් එකක් වෙන්න ඕන.වැඩියෙන් තියනව නම් හොඳයි,හාමනි වැඩි වුනාම ලස්සනයි.
මීට අමතරව සංගීතයේ අපිට විස්තර කරන්න බැරි ගුණ තියනවා,
ඒකෙන් හැඟීම් දැනෙන හැටි අපිට විස්තර කරන්න බෑ,
සමහර ඒවා එහෙමයි.
උදාහරණයකට රොබින් හුඩ් එකේ ලේඩි මැරියන් කියන සංගීත ඛණ්ඩය බොහොම හැඟීම්බර එකක්.
ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ, සමහර විට අපි රොබින් හුඩ් බලනකොට මේ සංගීත ඛණ්ඩය ඇහෙන කොටස් වල තිබුණ හැඟීම්බරකම නිසා ඒකට ආස ඇති.
ඒ වගේම සමහර සංගීත ඛණ්ඩ තියනවා එහෙම නෑ,
කවදාවත් අහල නැතත් පළවෙනි සැරේ අහනකොටම පුදුම ඇල්මක් ඇති වෙනවා.
කොහොම වුනත් අපෙ හිතෙන් මවල දෙන ගොඩක් දේවල් වල මිශ්‍රණයක් නිසා තමා අපිට මේ හැඟීම් දැනෙන්නෙ.
ඒ නිසා අපිට නොතේරෙන භාෂාවකින් වුනත් කියන ගීත වලට ආස හිතෙනවා.
හරි දැන් අපි පටන් ගත්තු තැනට යමු,
මේ ගීතය ගොඩක් භාෂා ගණනකින් ගැයෙන එකක්.
ඒත් මුල්ම එක ප්‍රංශ භාෂාවෙන් කියන එකක්.
ඒත් පස්සෙ ඉංග්‍රීසි වගේම ජර්මන් ඉතාලි ආදී භාෂා රැසකට පරිවර්තනය වුන ගීතයක් මේක.
කොහොම වුනත් මම මුලින්ම ඇහුවෙ ඉංග්‍රීසි එක ඒකට වගේම මට තේරෙන්නෙ නැති ප්‍රංශ ගීතයටත් මම හරිම ආසයි.
මේ ගීතයේ කියවෙන්නෙ පාටවල් ගැන, ආදරය හරහා ඇති වුන හැඟීම් වර්ණ වලින් කියනවා.
මුල් ගායනයVicky Leandros කියල ගායිකාවක්ගේ,
ඉංග්‍රීසි වර්ෂන් එක කියන්නෙ Andy Williams කියන ගායකයා.
මේ ගීතයේ මුල් තනුව André Popp ගේ,
ඒත් Paul Mauriat
කියන විශිෂ්ට සංගීත සංයෝජකය මෙයට ඔකෙස්ට්‍රා සංගීතයක් ලබා දුන්නා ඒ වර්ෂන් එක තමා ලෝකයේ ප්‍රසිද්ධ වුනේ.
මේකත් මම අර මුලින් කීවා වගේ ඇසූ පමණින් ආස හිතුන ගීතයක්.
ඒකට අර මුලින්ම කියපු සාධක බලපාන්න ඇති.
ප්‍රංශ එක
මේක දාන්න කලින් මේක අහනකොට මට හිතුනා මේකෙ මුලම තියන හාප් සංගීතයත් මේක අහන්න ආස වෙන්න හේතුවක් වෙන්නැති.
හාප් එක බොහොම හැඟීම්බර සංගීතයක් සපයන එකක්.
ලේඩි මැරියන් ඛණ්ඩයෙත් හාප් එක තියනවා.
ඉංග්‍රීසි එක
අපොයි අද නම් ගොඩක් ලියල දන්නෙම නැතුව,
කියෙව්වට ස්තූතියි.
[මේකෙ පළවෙනි කමෙන්ට් දෙක මම දාපුවා නෙවේ,
පොඩි අවුලක් නිසා කලින් දාපු එක ඩිලීට් කරලා ආය පබ්ලිෂ් කරන්න වුනා,
ඒකෙ තිබුන් කමෙන්ට්ස් තමා මේ.
ඔබට ස්තූතියි,
තව මේකෙ ලින්ක් හදනකොට බිනර මලට දාන්න ගත්ත මල අපිට ආවේණික ඒත් අපෙන් හොරකම් කරපු එකක්.
දුක තමා කාන්ති කියල තමා කියන්න වෙන්නෙ,
අපෙ ඒවා උස්සල අපිට විකුණුවත් කටවහන් ඉන්න වෙන්නෙ.]
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com







Podi Kumarihami said...
ReplyDeleteඅද නම් බොහොම හැඟීම් බරව ලියලා තියනබව පේනවා. පරිසරයට , වටාපිටාවට ආදරය කරන අය දැක්කට, ඔයා වගේ කෙනෙක් මම දැක්කාමයි. ඔයා ඔය කියන විදියේ මල් කොහේ හෝ පිපිලා ඔයා එනකල් බලා ඇති තමා.
ස්තූතියි ලස්සන පින්තූරුවලටත්, සිංදුවලටත්. ඔක්කොම කලින්ම අහලා තියෙන්නේ හොඳේ...:D
geeth said...
ReplyDeleteඔයා කිව්ව වගෙ අපේ රටේ නම් ඔයා වගෙ කෙනෙක් නැතුව ඇති.මෙ බ්ලොග් එක කියවන අය විතරක් නෙමෙ අනාගතයෙ හැමෝම ඔයා ගැන කතා කරවි.එහෙම කෙනෙක් බවට ඔයා පත් වෙයි.
ගිය සතියෙ "හිස් අහස" බ්ලොග් එක ගැන ලක්බිම පත්තරෙ ආර්ටිකල් එකක් තිබ්බ වගෙ මේකත් කගෙ හරි ඇස ගැටිල පල වෙනවනම් හොඳයි.එතකොට වැඩියෙන් අපෙ රටෙ පරිසරයට,ආදරය කරන සන්වේදි මිනිසුන් බිහිවේවි.
ටිකක් වෙනස් බ්ලොග් එකක්.මාත් පොඩි කාලේ පරිසර භට කාණ්ඩයේම හිටියා.එත පරිසරයට දෙයක් කරන්නනම් බැරි වුනා.
ReplyDeleteඅර ෆොටෝ ටික මට පේන්නේ නැහැ නේ...මොකද මන්දා..
ReplyDeleteමම අදමයි මේ බ්ලොග් එකට ආවේ. කලින් නම දැක්කම එන්න හිතුනේ නැහැ.
ReplyDeleteගොඩක් වැදගත් තොරතුරු තියන ලස්සන බ්ලොග් එකක්. සුභ පතනවා.
I heard this song for the first time in a TV show called millenium. The day I first heard it, made me search it. then only I heard of Paul Mauriat. Thanks for sharing. This piece of music chills my soul when I listen it my eyes closed & alone.
ReplyDeleteස්තූතියි නිකී:
ReplyDeleteඇයි මේකට එන්න හිතු නැත්ත?
නම් කැතයි ද? :)))
කමක් නෑ පුළුවන් වෙලාවක ඇවිත් යන්න :)
Thank You Nish...
I suddenly met this song in Youtube,
@ the 1st time I began to love it,
It's nice song I'v ever heard.
Music is marvelous, So I also found Paul Mauriat,
His style is nice,
not completely classical,
somewhat like Yanni,
mixed with modern music,
ලස්සන සින්දුවක්..තැන්කූ බෙදා ගත්තට..
ReplyDeleteපැත්තකින් ගෙම්බො කෑ ගහන සද්දෙකුත් ඇහෙනවානේද?
ස්තූතියි රූ,
ReplyDeleteඔව් ඔව් ගෙම්බො කෑගහන්නෙ සිංදුවේ නෙවේ,
මගේ බ්ලොග් එකේ :)