වර්ණවත් මල් සුපිපුන මල් ගොමු දෙකකි, ඒ මැදින් සුන්දර අඩිපාරක් විහිදෙයි, මල් ගොමු හා පාර අතර හරිතවන් තණ පලසෙන් හෙබියේ වෙයි. පසෙකින් පෙනෙන මිහිදුමින් වැසි කඳුවැටිය පිසගෙන එන සිසිල් මඳ නල ගත සිත පොබයමින් ඇදී යන්නීය.
අඩි පාර තුරු ගොමුවක් තුලින් විහිදී සුන්දර පෙදෙසකට ඇතුළු වෙයි,
වතුරපාරේ හඬ සීතල නිසල පරිසරය හා මුහු වූ විට අතිශයින් සිත් නිවී යන පරිසරයක් බිහි වේ.

සුන්දර යුවතිය අතේ වූ බිස්කට් පැකට්ටුවේ වූ අන්තිම එක සිය පෙම්වතාට කවා පැකට් එක විසි කළේ සුන්දර මල් පාත්තියටයි.
ඉන් පසු තණ බිස්සේ වාඩිගත් ඔවුන් ෆ්‍රයිඩ් රයිස් කෑවේ ඉතා සතුටිනි.
දිය පාරට උඩින් ගිය මෙවන්ම තවත් පිරිසක් දිය පාර අසල කෑම කා කෑම එකේ වූ ලන්ච් ෂීට් ටික දිය පාරට දමා අත ද එයින්ම සෝදාගෙන එතනටම වී කයියක් ගසා ගියෝය.මුලින් කී යුවලගේ මිත්‍ර යුවල තමන්ගේ ආදරය මේ සුන්දර දිනය මතක නොවනු වස් සුන්දර ගසක හැකි උපරිම සුන්දර විදිහට ඔවුන්ගේ නම් කෙටූහ.
පසුගියදා මම විස්සවිද්දියාලයේ මිතුරන් සමග ගිය පළමු චාරිකාවෙන් නුවර එළියේ හග්ගල උද්භිද උද්‍යානය වෙත ගියෙමි.
මේ එහිදී මා දුටු සමහර දේවල් වලින් උත්තේජනය වී ලියන ලිපියකි.
මේ මා නිරීක්ෂණය කළ දෙයක් නොවේ,
එහෙත්මෙය නොවිය හැක්කක් නොවන බව මා හොඳාකාරවම දනිමි,
මක් නිසාද යත් මම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වසර 7ක් පමණ දිගු කලක් ඇසුරු කළ නිසාය.
ඇත්තෙන්ම මට හිතෙන හැටියට අපේ රටේ සමහරක් මිනිස්සුන්ට ආචාර ධර්ම කියන ජාතිය හරිම ආගන්තුකය.
දෙයක සුන්දරත්වය රසවිඳ අඩු ගානේ එය විනාස නොකර සිටීමටවත් හිත හදා ගැනීමට ඔවුන්ට නොහැක.
මට නම් මේ මිනිසුන්ගේ සිතේ සොබාවය වටහාගැනීම අපහසුය.
මේ තරම් සුන්දර තැනක් කැත කිරීමට මනුස්සයෙක්ගේ හිත යොමු වෙන්නේ කෙසේද?
මෙතන ඇත්තේ හුදෙක්ම කැත ගතියකි.පොලිතීන් පමණක් නොව දිරාපත් වෙන දෙයක් හෝ සුන්දර පරිසරයකට ආගන්තුක ලෙස දැමූ විට එය කැතය.
උදාහරණයකට ලස්සනට පිළිවෙලට පවත්වාගෙන යන තණබිස්සකට ඔබ කෑ අඹ ගෙඩියක ඇටය දැමුවොත් හෝ එයට කෙල ගැසුවොත් එය සුන්දර දෙයක් නොවේ.
දිරා යන දෙයද බැහැර කරන නිසි පිළිවෙලක් ඇත,
නිසි තැනක් ඇත.
ලවු කිරීමට, පවුලේ උදවිය සමග ඇවිදීමට හෝ මිතුරන් සමග ඇවිදීමට මෙවන් තැනකට යාමේ කිසිදු වරදක් නොමැත.
මේ තැන් වලට ගිහින් කෑමේද වරදක් නැත.
එහෙත් මේ වගේ කැත වැඩ කිරීම වැරදිය.
මේ දේවල් වෙනවා ඔබ දුටුවහොත් එසේ කරන කෙනාට එය පහදා දෙන්න.
එය අසන්නේ නැත්නම් එහි ආරක්ෂක අංශයට දැණුම් දෙන්න.
මේ දේවල් තව තවත් වැඩි වෙන්නේ මෙවන් වැරදි වලට කටපියාගෙන සිටින නිසාය.
ඒ නිසා හැකි සෑම විටම මෙවන් දේවලට එරෙහි වන්න...
ඔබද ආදර්ශමත් වෙන්න,
උදාහරණයකට ඔබ නුවර එළියට ගොස් කෑම පර්සලයක් ගත් විට එය බහා දෙන පොලිතින් මල්ල ළඟ තබාගන්න,
කරන්නට වෙන දෙයක් නැති නිසා කෑම කා ලන්ච් ෂීට් එක කසල බඳුනකට දමන්න.
ඉන් පසුව ඔබ රෝස පැල දෙකක් ගත්තේ යැයි සිතන්න.
ඔබට සිලි බෑග් දෙකක් අවශ්‍යය, එහෙත් ඔබ සතුව දැනටමත් එකක් ඇත.
එහෙයින් ඔබට අළුතින් ගැනීමට වන්නේ එකක් පමණි.
මේ අයුරින් බලන කල ඔබ කළ ඒ පොඩි දෙයින් ඔබගේ පොලිතීන් භාවිතය 50%කින් අඩු වී ඇත.
ඔබ සමග යන මිතුරන් පස් දෙනෙකු වේ යැයි සිතන්න.
ඔවුන් පස් දෙනාද ඔබගේ කීම අසා එකඟ වී මේ දෙයම කළහොත්?
ඔබත් ඇතුළුව හය දෙනෙකු පොලිතින් මළු හයක් භාවිතා වීම වලකා ඇත.
ඔබගේ මිතුරන් පස් දෙනාත් මෙසේ කළහොත්?
සිතා බලන්න අපිට වෙනසක් කළ නොහැකිමද?
හැකි තරම් මේ පණිවිඩය මිතුරන් අතර බෙදා ගන්න.
ෆේස්බුක් ඇත්තේ ඔබ කැමති සිංදු,විහිළු කතා, පින්තූර බෙදා ගැනුමට පමණක් නොවේ,
මෙවන් පණිවිඩ ද ඔබේ මිතුරන් අතරේ බෙදා හදා ගන්න.
රටේ ලොකු ලොකු අය වැරදි කරන විට අපි මේ කරන චූටි ඒවා මොනවද?
කොහෙදැම්මත් ඕවා දිරන්නෙ නෑනෙ,
කියා සිතුවොත් මේ රට කිසිදා වෙනස් වෙන්නේ නැත.
ටික ටික හරි මේ දේවල් අපේ ජීවිත වලට බද්ධ කරගත්තොත් යම් දිනෙක බොහෝ දෙනෙකුට මේ පරිසරය රැකගත යුතු බවත්, මේ මේ වැරදි වන බවත් බඩු මිල පමණක් නොව ඒවාද අපි සිතනවාට වඩා වැදගත් බවත් තේරෙණු ඇත.
එවිට මිනිසුන් යම් දිනෙක් ඒ දේවල් ඉල්ලා හඬ නගනු ඇත.
එවිට වඩාත් සුන්දර හෙට දවසක් උදා වේවි.
මීළඟට
"I Do NOT feed STRAY DOGS X 7"
බලාපොරොත්තු වන්න
තිරයෙන් පිටුපස කතා:
මට මේ දවස් වල පට්ට ලෙසම එපා වී ඇත්තේ කැමරාවක් නැතිකමිනි.
මම වෙබ් එකෙන් ෆොටෝ ගෙන පෝස්ට් වලට දැමීමට කැමති නැත්තේ වෙමි.
යාළුවන්ගේ සහ මගේ පැරණි ෆොටෝ භාවිතා කර මේ ලිපිය සැදුවෙමි.
එහෙත් කපල් එකක් සොයාගත් නොහැකි නිසා වෙබ් එකෙන් එකක් දැම්මෙමි.
හග්ගල ගියද මට අවශ්‍යය සමහර ෆොටෝ ගත නොහැකි විය,
මේ කතාවට අවැසි කැත වැඩ වල ෆොටෝ එසේ ගැනීමට නොහැකිව මිස්
වූ ඒවාය.
එහෙයින් මෙතන තිබෙන ෆොටෝ බහුතරයක් හග්ගල ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න.
ඉක්මනින් කැමක් ගත යුතුය.
තවද මේ සියල්ල පෙම්වතුන් කරන වැරදි ලෙස දැක්වීමට නොව කතාවේ ගලායෑම පිණිස පෙම්වතුන් දෙදෙනෙක් යොදාගත් බව කිව යුතුය.
හා ගිම්හානි අක්කා:
මගේ ඊමේල් එක
gloriosa90@gmail.com
Lovers Download Location:
තොරතුරු ගත් ලිපි
විශේෂ ස්තූතිය
නාමල් සොහොයුරාට සහ තිසර සොහොයුරාට
මීළඟට
"I Do NOT feed STRAY DOGS X 7"
බලාපොරොත්තු වන්න
තිරයෙන් පිටුපස කතා:
මට මේ දවස් වල පට්ට ලෙසම එපා වී ඇත්තේ කැමරාවක් නැතිකමිනි.
මම වෙබ් එකෙන් ෆොටෝ ගෙන පෝස්ට් වලට දැමීමට කැමති නැත්තේ වෙමි.
යාළුවන්ගේ සහ මගේ පැරණි ෆොටෝ භාවිතා කර මේ ලිපිය සැදුවෙමි.
එහෙත් කපල් එකක් සොයාගත් නොහැකි නිසා වෙබ් එකෙන් එකක් දැම්මෙමි.
හග්ගල ගියද මට අවශ්‍යය සමහර ෆොටෝ ගත නොහැකි විය,
මේ කතාවට අවැසි කැත වැඩ වල ෆොටෝ එසේ ගැනීමට නොහැකිව මිස්
වූ ඒවාය.
එහෙයින් මෙතන තිබෙන ෆොටෝ බහුතරයක් හග්ගල ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න.
ඉක්මනින් කැමක් ගත යුතුය.
තවද මේ සියල්ල පෙම්වතුන් කරන වැරදි ලෙස දැක්වීමට නොව කතාවේ ගලායෑම පිණිස පෙම්වතුන් දෙදෙනෙක් යොදාගත් බව කිව යුතුය.
හා ගිම්හානි අක්කා:
මගේ ඊමේල් එක
gloriosa90@gmail.com
Lovers Download Location:
පර්ණාංග = Ferns ගස් පර්ණාංග = Tree Ferns.
ලංකාවේ ඇති සියළු ගස් පර්ණාංග "Cyathea" යන ගණයට අයත්වන අතර,විශේෂ 7 ක් පමණ ලංකාවෙන් වාර්තා වේ.
(කියවන්න මේ ලිපිය)
(කියවන්න මේ ලිපිය)
ලෝකයේ ඇති එකම සරල පත්‍ර දරන ගස් පර්ණාංගය වන
Cyathea sinuata එයින් විශේෂය.
මෙය කන්නෙලිය ප්‍රදේශයේ හමු වේ.
සාමාන්‍යයෙන් සුළබම ගස් පර්ණාංගය Cyathea walkerae ය මෙය මහ ගිනිහොට ලෙස ද හඳුන්වයි.
එසේම C.crinita ද නුවරඑළියේ සැලකිය යුත් ලෙස ඇත.
හග්ගල පර්ණාංග උයනේ C.crinita සහC.walkerae යන දෙක පරිබාහිර සංරක්ෂණයට ලක් කර ඇත.
මාගේ දැනුමට අනුව මේවා ආයුර්වේදයේ භාවිතා වේ.
එසේම විසිතුරු ශාකයක් ලෙස ද ඕකිඩ් වගාවට ධාරකයක් ලෙස මෙහි කඳ ද භාවිතා කරයි.
මා මෙය සැකසීමට දැනුම යාවත්කාලීන කිරීමට අන්තර්ජාලය පිරික්සන විට සතුටුදායක දෙයක් හමු විය.
එනම් ආචාර්ය රනිල් රාජපක්ෂ මහතා විසින් Cyathea srilankansis ලෙස නව ගස් පර්ණාංගයක් ලංකාවෙන් හඳුනාගෙන ඇති බවය.
එවිට එයත් සමඟ ලංකාවේ මුළු ගස් පර්නාංග විශේෂ ගණන 8 දක්වාද ආවේණික ගණන 6 දක්වාද ඉහල නගී.
ගස් පර්ණාංග ලෝකයේ දැන් රජයන මල්පිපෙන ශාක වලට වඩා පරිණාමයෙන් පහළය.
එහෙත් මීට වසර ලක්ෂ ගණනකට මිලියන ගණනකට පෙර ලෝකයේ රජ කළේ මෙම ශාකයි.
මේවා ඒ කාලයේ පැවති ලෙසම දැනුදු පවතින් හෙයින් සජීවී පොසිල (Living Fossils) ලෙස හඳුන්වයි.
තොරතුරු ගත් ලිපි
විශේෂ ස්තූතිය
නාමල් සොහොයුරාට සහ තිසර සොහොයුරාට









//දෙයක සුන්දරත්වය රසවිඳ අඩු ගානේ එය විනාස නොකර සිටීමටවත් හිත හදා ගැනීමට ඔවුන්ට නොහැක.//
ReplyDeleteමෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්පමය වැරැද්දක් . අපිට හැකි පමණින්වත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ කරමු.
ජය වේවා............:)
අපිත් ගියා හග්ගල ඒ කිව්වෙ 1995 විතර. මගේ සුන්දරම ට්‍රිප.
ReplyDeleteඔයාගෙ පිණි බින්දු නිසා කියවන්න අමාරුයි!
ReplyDeleteඔය ගිය ඉක්මනටම ඇවිත් තියෙන්නෙ . අර සයිඩ් එකෙ දාලා තියන නෙස්ට්ලෙ ඇඩ් එකට කීයක් ගෙව්ව්ද? අනියමින් හො ඔය වගෙ එවට ප්‍රචාරයක් නේද දෙන්නෙ?
ReplyDeleteසමහර මොබයිල් ෆෝන් වල කැමරා, හදිසියට ප්‍රයෝජනයට පුළුවන් හොඳ තත්වයේ තියෙනවා
ReplyDeleteඔබේ කතාව හරි.බොහෝ දෙනා ආදරය කරන්න දැන ගත්තාට පරිසරයට ආදරය කරන්න දන්නේ නෑ.
ReplyDeleteනියමායී.............. මමත් ලියන්න ඉන්නේ ඔය කාළකන්නි ගැන..
ReplyDeleteGordonia කියල ලියල තිබුන හින්ද අහම්බෙන් ඔයාගේ බ්ලොග් එකට ආව. මම ලංකාවේදී Gordonia ගැන ගොඩක් පර්යේෂණ කලා. එකෙන් හම්බුන එක අලුත් ශාකයක් තමා Gordonia dassanayakei. මගේ ආදරණීය උද්බිත විද්‍යා ගුරුවරයා වෙනුවෙන් මම ඒ ශාකය නම් කලේ. මහකුඩුගල එක ගහක් තියෙනවා තව නමුනුකුල කන්දෙත් කීපයක් තියෙනවා. මට හිතෙනවා Knuckles පැත්තේ ටිකක් වැඩිපුර study කලොත් තවත් අලුත් Gordonia species එකක් හොයා ගන්න පුළුවන් වේවි.
ReplyDeleteමමත් ගියා ගිය අගෝස්තුවල හග්ගල...දවස් 3 හිටියා නුවර එළියේ..පුදුම හිතට නිදහසක් දැනෙන්නේ පරිසරයත් එක්ක...කොහොමනමුත් ආයිත් පෙර වගේම ලියන්න ආපු එක ලොකු දෙයක්..හරවත් රසවත් ලිපි ලියන්න තව තව......ජය ....
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා.. ජයවේවා!!
ReplyDelete(පිණි බින්දු නිසා කියවන්න ටිකක් අමාරුයි නං තමයි..)
මමත් හග්ගල ගිහින් තියනව 2 සැරයක්.
ReplyDeleteමමනම් හග්ගල ගිහින් නැහැ.යන්ට තියෙන ආසාව වැඩි උනා මෙ ලිපිය දැකල.ආසාවෙන් බලපු සුන්දර දෙවල් අයෙ එද්දි විනාස කරල එන එකනම් කැතම කැත වැඩක් තමා.
ReplyDeleteඔබගේ නැවත පැමිණීම සතුටක්....ජය වෙවා!!!
ape godak minissunta parisare sundarathwaya rasawideema witharai ewa araksha karanna ona kiyana eka hithanne ne.harima ketha weda thama ewa.
ReplyDeletemath haggala gihin ne eth godak lassanai kiyala ahala thiyanawa.
hoda lipiyak..
බොහොම ස්තූතියි....
Deleteගිහින් බලන්න ඉතින් ලස්සන.