Monday, December 12, 2011

කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පා තිය තිය..

මේ හග්ගල දි හම්බුන ගස් ටිකක්.
පළවෙනි එක කැමීලියා මල් Camellia japonica.
මේවා හරි ලස්සනයි.
ගෝඩෝනියාගේ ළඟම නෑයෙක් කැමීලියා එකම පවුලෙනෙ.
හරි ලස්සනයි.
ඒත් සුවඳ නම් නෑ.

ඒත් අන්තර්ජාලෙත් තියනවා සුවඳයි කියලා..
මගෙ නහයෙ වරදක්ද දන්නෙ නෑනෙ.
කැමීලියා තේ ගස් වල ලේ නෑයො.
ඒ කියන්නෙ තේ වල නම Camellia sinesis.
ඒත් තේ සහ මේ කැමීලියා යන දෙන්නම පිට රටින් ආපු අය.
ලංකාවෙ මුල ඉදන් හිටිය කැමීලියා Camellia kissi .




ඊළඟට රට අත්තන Angel's trumpet ,
මේ ගහත් අත්තන වගේම විස අඩංගු එකක්.
මේවත් පිට රට ඉඳන් ආවේ,
එච්චර වැදගත් නෑ තමා,
ඒත් මේ පැත්තෙ මෙහෙම ගෙඩි හැදෙන්නෙ නෑ,
මං හිතන්නෙ සීතල මඳි ඇති.
මේ මල් දැකල ඩාවින්චි කීවලු මේකෙනුත් පැනි බොන්න හමිං බර්ඩ් කෙනෙක් පරිණාමය වෙලා ඇති කියලා.
එහෙම එකෙක් ඉන්නව.
ඒත් මම නම් පරිණාමය පිළිගන්නෙ නෑ.

Brugmansia suaveolens
Sword Billed Humming Bird
ඊළඟට සිංකෝනා ගහ,
මේක තමා මැලේරියාවට බෙහෙත් කරන්න ගන්න ක්විනීන් හදන්න පාවිච්චි කරන ගහ,
මේකත් ලංකාවට හඳුන්වා දුන්න එකක්.
කෝපි වගේම සිංකෝනා වගාවත් අසාර්ථක වුනාලු.
Cinchona sp




ආය හග්ගල ගියොතින් මේ ගසුත් බලල එන්න

Sunday, December 11, 2011

ගසක් කැපූ මම තවත් තැවෙනවා ඒ ගැන නිති සිතමින්......


ඇසිදිසි මානය
ඇහැළ ගහ
අපේ ගේ ඉදිරිපිට ඇහැළ ගසක්‌ තිබිණි. එය සිටුවනු ලැබුයේ ඉතා කුඩා පැළයක්‌ව තිබූ සන්ධියේදී ය. ගෙවී ගිය කාලයත් සමග ඇහැළ පැළය මහා ගසක්‌ බවට පත්විය.
ළමා විය හා තරුණ විය ඉක්‌ම වූ හැඩි දැඩි පුරුෂයෙකු පරිද්දෙන් ඇහැළ ගහ බලා සිටියදී මහා වෘක්‍ෂයක්‌ බවට පත් විය.
ඇහැළ මාසය ළංවන විට අපූරු කසාවත් පැහැයකින් යුත්,මල් වැල් ගස පුරා කඩා හැලෙන්නට විය. ඇහැළ ගහ පිදූ මල් කෙතරම් ද යත්, මල් වැටී බැබලෙන මිදුල පිසදා නොදමන්නැයි ද මම ගෙදර වැසියන්ගෙන් ඉල්ලා සිටියෙමි. ගසින් වැටුණු මල් මිදුලේ වැතිරී තිබුණේ ගෙදර මිදුලට පා තබන්නන්ට පලසක්‌ පරිද්දෙනි.
එපමණක්‌ ද නොවේ. අතු පතර විහිදවූ මහා ඇහැළ ගසින් ගෙදර මුළු වහළම හෙවණ විය. අපේ ඉඩම කුඩා එකකි. එබැවින් විසල් ඇහැළ ගසට ගෙයත් ඉඩමෙන් විශාල කොටසකුත් අයිතිකර ගැනීමේ හැකියාවක්‌ තිබිණි.
වසරේ කවර නියං කලකදී වුවද ඇහැල ගහේ හෙවනැල්ල නිසා අපට නියඟේ අපහසුව දැනුණේ නැත.
එපමණක්‌ ද නොවේ.
ඇහැළ ගහ පුරා දළඹුවෝ සිටියහ. උන් අල්ලා කෑමට ගනු පිණිස නොයෙක්‌ වර්ගයේ කුරුල්ලෝ අපේ ඉඩම් කැබැල්ලට ආහ. ඒ අතරින් කහ කුරුල්ලා මට මහත් ආශ්වාදයක්‌ සැපයීය.
අපේ ගෙදරට යන එන අමුත්තෝ මේ මහා ඇහැළ ගහ දෙස බැලුවා නොව නිතැතින් ම ඔවුන්ගේ ඇස්‌ එදෙසට යෑවුණාහ.
"මේ ගහ නං මෙතෙන්ට හරි නෑ."
වැඩිහිටි ඥාතීන්ගෙන් කෙනකු ගස දෙස බලමින් කියයි.
ඔහුගේ අදහස්‌ දැක්‌වීම එතැනින් නවතින්නේ නැත.
"මේ ගහ නිසා වෙන මොකවත් පැළයක්‌ හැදෙන්නෙ නෑ නොව" වැඩිහිටි ඥාතියා නැවත එසේ කියයි.
"මේ ගහ හින්ද මේ කෙහෙල් ගස්‌ හැදෙන්නෙත් නෑ."
"මොකටද මෙච්චර ලොකු ගහක්‌."
ඔවුහු එසේ කියන්නේ ඉඩමේ ප්‍රමාණයත් සලකාගෙනය. පොඩි ඉඩමකට මෙපමණ විශාල ගසක්‌ අවශ්‍ය නැතැයි යන්න ඔවුන්ගේ අදහස විය.
සාමාන්‍යයෙන් ගෙදරට එන අමුත්තන් වූ (බොහෝ විට ගුරුවරු. ඔවුන්ගේ බිරින්දැවරු, කඩ හිමියන්, ගස්‌ කොළන් පිළිබඳ විශේෂඥ මහල්ලන් සහ නෑදැයන්) මේ සෑම දෙනාගේම අදහස මේ මහා විශාල ඇහැළ ගස කපා දැමීම කළ යුතුම බවය.
"වෙන කිසිම පැළයක්‌ ගහක්‌ හැදෙන්නෙ නෑ මේ ගහ හින්ද."
අනිත් අතට මෙසේ තර්ක කරන පිරිසක්‌ ද වූහ.
"ඇහැළ ගහක කඳෙන් ඇති වැඩකුත් නෑ. ඒ තරම් වටිනා කියන ලීයකුත් නෙමෙයි. කොස්‌ නං ජනෙල් උළුවහු දොරවල් වලටවත් ගත හැකි. දෙල් නං රීප්ප වලටවත් ගතහැකි. අඹ නං ලෑලිවලටවත් ගත හැකි. ඇහැළ කඳකින් මොනව කරන්නද?"
ඒ තවත් කෙනෙක්‌ පෑ අදහසය. මෙලෙස ඇහැළ ගහට එරෙහි චෝදනා බොහෝ විය.
අන්තිමේදී ඇහැළ ගහ කපන්නට අපි තීරණය කළෙමු.
ගස්‌ කපන්නා උදේ පැමිණියේය. ඔහු අත පොරවක්‌ තිබිණි. ගහේ ඉහළම අතු තිබෙන තැනට නැගුණු ඔහු ඉහළ මඩලේ අතු අත් පොරොවෙන් කපා දැම්මේය. ඒ අතු කඩා වැටුණේ පහළ තිබූ කෙසෙල් ගස්‌වල පිති මතටය.
ගස්‌ කපන්නා මුලින් ගස කපන්නට පොරොන්දු වූයේ පහසු මුදලකටය.
නමුත් ගස කැපීම ලෙහෙසි පහසු කරුණක්‌ නොවීය. වරෙක ඔහු ලොකු පොරව මුවහත් තියා ගෙන එනු පිණිස ළඟම තිබෙන කම්හලට ගියේය. දෙවනුව කෙටි පොරොව මුවහත් කරගන්නට පොරව ගලක්‌ හරහා උරච්චි කළේය.
එසේ බොහෝ මහන්සි වූ ගසෙහි සියලු අතු ඉති කපා සිද බිඳ දැමුවද. ගස කැපීම අවසන් කරන්නට ගස්‌ කපන්නාට පුළුවන් වූයේ නැත.
අතු ඉති එකින් එක සිඳ බිඳ හමාර කළායින් පසුව ද නොසිඳෙමි· තවමත් ප්‍රාණය ඇත්තෙමි යි" කියන්නාක්‌ සේ දැවැන්ත කඳ ස්‌ථම්භයක්‌ සේ නොසැලී සිටිනු දක්‌නට ලැබිණි.
ගස්‌ කපන්නා ගස මුල වටේට පොරෝ පහර දෙමින් සෑහෙන වෙහෙසක්‌ දැරුවද ගස මඳකට හෝ සැලෙන බවක්‌ නොපෙනිණි.
ගස්‌ කපන්නා ගෙදර ගොස්‌ වඩා හොඳ පොරොවක්‌ ගෙන ආවේය. දැන් ගස මුල වටා කැපේ. ගස්‌ කපන්නා වරින්වර බිම හිඳගෙන මහන්සි අරී.
ඔහු මුලින්ම සිතුවේ මේ ගස කැපීම ලෙහෙසි වැඩක්‌ විදියටය. නමුත් දැන් දැන් එය අමාරු වැඩකි.
කපා හෙලූ විශාල අතු ඉති නිසා මිදුල දැන් කුඩා කැලයක්‌ සේ දිස්‌වේ.
තවත් දීර්ඝ වේලාවක්‌ දහදිය හෙළමින් ඇල්දිය බොමින් ගස මුල කැපූ ගස්‌ කපන්නා ගසෙහි මුදුන් අත්තට කඹයක්‌ දමා අදින්නට වූයේය.
එහෙත් ගස නොවේ හෙලවෙන්නේ. ගස්‌ කපන්නා යළිදු මුලට පොරෝ පහර දෙන්නට විය.
ඉක්‌බිති යටින් කඹය ගස මුදුනේ අත්තක රඳවා අදින්නට විය. ගස මුල සිහින් හඬක්‌ නැංවීය. ගස්‌ කපන්නාගේ මුවෙහි මඳ හසරැල්ලක්‌ නැගිනි.
ඔහු වඩාත් වේගයෙන් කඹය සොලව සොලවා අදින්නට විය. ජර ජර හඬින් ගස කෙඳිරි ගෑවේය. ඊළඟ මොහොතේ දඩාස්‌ හඬින් ඇහැල ගස මිදුල හරහා ඇද වැඩුණේය.
ගස්‌ කපන්නා විශාල බරකින් නිදහස්‌ වූවා සේ වැටුණු කඳ මත හරිබරි ගැසී හිඳගෙන හති අරින්නට වූවේය. ඇහැළ ගස දැන් ඩයිනෝසිරයෙකු සේ මිදුල හරහා වැතිර සිටී. ස්‌වල්ප මොහොතක්‌ යත්ම නිරාවරණ අහස්‌ තලයෙන් කඩා හැලෙන චණ්‌ඩ අව් රශ්මිය මිදුලටද, මිදුලෙන් ඉස්‌තෝප්පුවට ද, වැටී එතැනින් ගෙතුළට ද ඇදී එන්නට වූවේය.
ඇහැල පැළය ඇහැළ ගසක්‌ බවට පත් වූයේ අවුරුදු හත අටක්‌ ඇවෑමෙන් ය. දිය, වතුර, පොහොර ඈ කිසිත් අපෙන් නොඉල්ලූ ඇහැළ ගස සොබාදහම දුන් වැස්‌සෙන් ද අව්වෙන් ද ජවය ලබා නිස්‌සරණාධ්‍යාශයෙන් හැදී වැඩී උස්‌ මහත් වූවෙකි.
එමතුදු නොවේ. කිසිවක්‌ නොපතන දූ පුතුන් සාදා සතුටු වන මවක පියකු පරිද්දෙන්, මේ ඇහැළ ගහ ද අපෙන් කිසිවක්‌ නොලබා ඉතා දිගු කලක්‌ අපට සිහිල් හෙවණ දුන්නේය.
ඇහැළ මහ ළංවන විට ලඹ දෙන කහ පැහැ මල් දමින් සැරසී ගෙන ඕ පෑ සුන්දරතාව ඉතා මනරම් විය. අපේ කුඩා ඉඩම් කැබැල්ලට ඕ ආභරණයක්‌ වූවාය.
ගස කැපූ විට එහි සෙවණැල්ල අතුරුදන් වෙයි.
වැඩියෙන්ම පහළට ඇද වැටෙන්නේ උසම ගස්‌ ය.
මහා ඕක්‌ ගස්‌ හැදෙන්නෙ කුඩා ඕක්‌ ගෙඩියෙනි.
ඇහැල ගසෙහි අගය දැනෙන්නට වූයේ ගස කැපූ පසුය. චණ්‌ඩ හිරු තාපය දැනෙන විටය. මහ වැස්‌සක හිරිකඩ දැනෙන විටය.
දැන් මිදුල තොවිලයක්‌ නටා අවසන් කළ තැනක්‌ වැන්න. කෝපයෙන් පහළට කඩා වැටුණු ඇහැළ අතු වැදීමෙන් කෙසෙල් ගස්‌ කිහිපයක්‌ ම බිඳී වැටී ඇත. කුඩා පැළ නොහැදෙන්නේ මේ මහ ගස නිසා යෑයි කීවද මහ ගසේ අතු කඩා වැටීමේදී අර කුඩා පැළ සියල්ලම මරණයට පත්ව ඇත.
හිස සිඳ ලූ ක්‌වන්ධයක්‌ බඳු ඇහැළ ගහ බිම වැතිරී අනේ නුඹ තරම් මෝඩයකු මෙලොව ඇත්දැයි සිනාපාන්නක්‌ සේ මදෙස බලා සිටී.
මිදුල කාන්තාරයක්‌ මෙනි
චණ්‌ඩ හිරු රැස්‌ ඉස්‌තෝප්පුව දවමින් සිටී


චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2011/11/06/nimna03.html
මෙය දුටු මට දිවයින නොකියවන්නන්ට කියවන්නට පළ කරන්න සිත්විය...

Saturday, December 10, 2011

ගෙම්බෝ මැඩියෝ සලමැන්දරයෝ සහ කුමාරිහාමි (final)

ගෙම්බො.....ඊයා....
මැඩියෝ චික් ඊයා..
අප්පිරියයි, සෙවලයි, මම නං බයයි.....
මේ ගෙම්බන් ගැන මිනිස්සු සාමාන්‍යයෙන් කියන කතා...
ඒත් අපෙ කුමාරිහාමි අක්කා ගෙම්බෙක්ව හොයනවලු කරකාර බඳින්න.

ගෙම්බො මැඩියො මොක්කුද මේ?
මේ ඔක්කොම උභයජීවියෝ,
අයිතිවෙන්නෙ කියන Amphibia වර්ගයට.
මේ වර්ගය යටතේ තියන Lissamphibia උප වර්ගය යටතේ
ගෝත්‍ර 3 ක් තියනවා
ඒ තමා 
 Anura - සලමැන්ඩරයන්
 Caudata -ගෙම්බන් සහ මැඩියන්
 Gymnophiona-පණුගෙම්බන් හෙවත් හිරිදණ්ඩන්
කොහොම වුනත් ලංකාවේ මේ උඩින්ම කියපු සලමැන්ඩරයො නම් හොයාගෙන නෑ.

අනික් උන් නම් ඉන්නවා,
ඉන්න විශේෂ 109ක් විතර ප්‍රමාණයෙන් 87ක් විතරම ලංකාවට ආවේණිකයි.
ඒ අනුව ලංකාව ආසියාවෙ ඉහලම උභයජීවී විවිධත්වයක් තියන රටක් වුනත් කරදරත් වැඩිම රටක්.
කෘෂි රසායනික වනාන්තර විනාශ කිරීම හරහ ඇති වෙන වාසස්ථාන අහිමි වීම
නාගරීකරණය නිසා මේ සතුන් වඳ වෙලා යනවා.
ඒ වගේම සුද්දන්ගේ වැඩ නිසා පසුගිය ශතවර්ෂයේ තේ වගාවට කඳුකරය හෙළිකිරීම නිසා බොහෝ උභයජීවීන් වඳ වුනා.
මීට අමතරව ලෝකයේ උභයජීවීන් සියලු දෙනාටම ගෝලීය උණුසුම වැඩි වීම තදින්ම දැනෙනවා,
මොකද මේ සතුන් බොහොම සංවේදී සතුන් වීම නිසා.
මේ නිසා මේ සතුන්ගෙ නොයෙක් විකෘති ඇති වෙනවා.
http://itthing.com/weird-and-wonderful-animals
මේ සතුන් ගැන මෑතකදී නිකුත් වුන හොඳම පොත තමා ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ කැලුම් මනමේන්ද්‍ර ආරච්චි කියන දෙදෙනා නිකුත් කරපු පොත.මේක ආවට පස්සේ ලංකාවේ උභයජීවීන් ගණන ගොඩක් වැඩි වුනා,
ඒත් මම නම් අලුත් විශේෂ නම් කරන එක ගැන ඒතරම් වැදගත් දෙයක් කියල හිතන්නෙ නෑ.
http://www.thesundayleader.lk/archive/20060625/arts.htm
මේ හිරිදණ්ඩො වර්ග තුනක් ඉන්නවා,එයින් එකෙක් වන කහ හිරිදණ්ඩා Icthyophis glutinosus නම් කරල තියන්නෙ අපෙ ලිනේයස් තමා මතකනෙ කතාව.

http://en.wikipedia.org/wiki/File:CaecilianNHM.png
මේ අපෙ ගෙදර ළඟදි හම්බුන සතෙක්,
ඒත් මේ සතා මැරුණා මම හිතුව වගේම මොකද මේ සතා ගැබිණි සතෙක්,
හම්බෙනකොට පොඩ්ඩක් තුවාල වෙලා හිටියේ,
ඒත් ගැබිණි නිසා මැරෙන්න ඒ ටික ඇති.
Icthyophis pseudoangularis?
ගෙම්බො සහ මැඩියො ගත්තම
ගෙම්බො කියන්නෙ ටිකක් රළු හමක් තියන වියලි ගතියට බර සතුන්
ඒත් මැඩියො කියන්නෙ සිනිදු හමක් තියන තෙතට පේන් සත්තු.
මුන් ඔක්කොගෙම හමේ ග්‍රන්ථි බහුලයි.
සමහර එවුන්ගෙ විෂ ග්‍රන්ති තියනවා.
ඒකයි බල්ලො ගෙම්බො අල්ලපුවම කෙල බේරෙන්නෙ.
ඒත් ලංකාවෙ මාරන්තික විෂ ගෙම්බො නෑ.
ඒත් ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතරටත් මේ ගෙම්බො යනවා,
ඒ දකුණු ඇමරිකාවේ ඉන්න මැඩියො වර්ග.
මේ සතුන්ගෙ විෂ ආදිවාසින් විෂ ඊතල වලට ගන්නවා.
http://www.casarioblanco.com/poison-dart-frog.html
                        Orange-blue Poison Dart Frog from Costa Rica
මේ ඉන්නේ ලංකාවෙ ඉන්න ගෙම්බො සහ මැඩියො ටිකක්.
කුමාරිහාමි අක්කට පුළුවන් මේතනින් එක්කනෙක් තෝරගන්න,
සමහර විට කියන්න් බෑ හාදුවක් දුන්නොත් කුමාරයෙක් වෙයි :)
හැබැයි උඩ ඉන්න එකාට හාදුවක් දුන්නොත් නම් ඉතින් පරලොව තමා,
ඒකනෙ මේ වගේ විෂ සත්තු අනතුරු හැඟවීමේ පාටවල් දාගෙන ඉන්නෙ.
Duttaphrynus melanostictus - ගේ ගෙම්බා

Pseudophilautus rus - මහනුවර පඳුරු මැඩියාමූ හොඳයි උඩරටනෙ .....මොකද කියන්නෙ කුමාරිහාමි අක්කෙ

Adenomus kelaartii - කෙලාටිගේ කුරුගෙම්බා

Hylarana temporalis තඹවන් දියමැඩියා

Euphlyctis cyanophlyctis

Pseudophilautus pleurotaenia

මේ කියන ගණයේ ඉන්න ඔක්කොම මැඩියො ටික ලංකාවට ආවේණිකයි.
මහනුවර එකා ගත්තේ අපෙ ගෙදරදි.
අනික් එකා මල්වත්තෙදි.
මහනුවර එකාගෙ වැඩේ රෑට කෙල්ලෙක් හොයාගන්න කෑ ගහන එකතමා.
කෙලාටිගේ කුරුගෙම්බා සහ තඹවන් දියමැඩියා මට හම්බුනේ මීමුරේ හරියෙදි.
මූත් ආවේණිකයි, ඒ වගේම දුර්ලබයි.
Euphlyctis cyanophlyctisහම්බුනෙත් නකල්ස් කලාපෙදි මූ නම් සුලබයි.

මගෙ ගෙඹි දැනුම දැන් හරිම අඩුයි (ඉස්සරත් අඩුයි සාපේක්ෂව )
ඒ නිසා ගොඩක් තොරතුරු ගත්තේ අන්තර්ජාලෙන්.
කොහොම වුනත් මේ සතුනුත් පරිසරයේ සමතුලිතතාවට වැදගත් නිසා ආරක්ෂා කරොත් හොඳයි.

ආ තව මට හිතුන ලංකාවෙ ඉන්න සත්තු ටිකක් හොයල දාන්න බලන්න ඔයාලට,
මගෙ ගාව පින්තූර නෑනෙ බාලා දාන්නම්,,, ඔහොම ඉන්න.
පිට රටවල් වල ගෙම්බොත් හුරතලේට ඇති කරනවනෙ.


P.singu


P.shramada
 1.http://www.iucn.org/about/union/secretariat/offices/asia/regional_activities/asian_amphibian_crisis/sri_lanka/

2.හොඳ වෙබ් අඩවියක් -https://sites.google.com/site/srilankaamphibians/Home/introduction

තවදෙයක් මෙන්න මේ බ්ලොගය ෆලෝ කරන්න හැමෝම,,,
අඩුගානෙ රටේ වෙන පරිසර හානි ටික දැනගන්නවත් පුලුවන් (මොකුත් කරන්න බැරි වුනාට)
Green Movement Blog

මේ ගෙම්බ ගැන දාන්න අමතක වුනානෙ Cane Toad ඒ කියන්නෙ උක් ගස් ගෙම්බා...

මූ නම් ඉන්නෙ ඕස්ත්‍රේලියාවෙම තමා...
අපෙ කුමාරිහාමි වගේම ඒ රටට ආගන්තුකයෙක්.
එත් දැන් රටටම මල ඇණයක් වෙලා.
මූ ගෙනල්ල තියන්නෙ උක් වගාවට කරදර කරන කුරුමිණියෙක්ගෙන් බේරෙන්න.
අන්තිමට ඌ කුරුමිණියා විතරක් නෙවේ රටේ ඉන්න කන්ට පුළුවන් හැම සතාම වගේ කන්න ගත්තා.
මේ ෆොටෝඅ එක බැලුවම තේරෙයි මුගෙ රඟේ.
ඔන්න කුමාරිහාමි අක්කෙ මුට එහෙම හාදු දුන්නොත් වධකයෙක් වගේ සුවාමියෙක් හම්බෙයි.
මූ විසයි...
ඒ නිසා අනික් සතුන්ගෙන් කරදරයක් නෑ..
ආණ්ඩුවෙන් දැන් මූව මරන්න හෙණ ගේමක් දෙනවලු.
හොඳ වැඩේ සොබා දහමට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න ගියාම ඔහොම වෙනවා..

http://www.convictcreations.com/animals/canetoad.html



පොඩ්ඩක් හොයල බලන්න...


Friday, December 2, 2011

කොළඹ කාක්කා සහ ගමේ කාක්කා

ලංකාවේ සිටින ලොකු කුඩා හැමදෙනාම හොඳින් හඳුනන සුලබ පක්ෂියෙකි කපුටා.
කොළඹ කාක්කා මිනී කාක්කා වැනි කපුටන් වර්ග හැරුණුකොට විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද කපුටන් වර්ග 2ක් ලංකාවෙන් හමුවේ.
මොවුන් නම් කොළඹ කපුටා ( House Crow - Corvus splendens) සහ ගම් කපුටා (Jungle Crow -Corvus macrorhynchos) යන වර්ග දෙකය.
මෙම වර්ග දෙක අතුරින් ගම් කපුටා නගරය ප්‍රිය නොකරන අතර කොළඹ කපුටා නාගරික පරිසරය ප්‍රිය කරයි.
මේ අතුරින් කොළඹ කාක්කා වඩා සුලබය.
ගම් කපුටා සහ කොළඹ කපුටා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක,
ගම් කපුටා කොළඹ කපුටාට වඩා විශාල වන අතර උට විශාල හොටයක් ඇත මේ නිසා උගේ විශේෂ නාමය නම් වේ මෙහි "macro"යන්නෙන් විශාල යන අරුතද "rhynchos"යන්නෙන් හොටය යන අරුත ද ලැබේ.
එසේම කොළඹ කපුටා තරමින් කුඩා වන අතර ගෙලස සහ පපු පෙදෙස අළු පැහැයක් ගනී.

කපුටන් සාමාන්‍යයෙන් කලු පාට වන අතර ජාන විකෘති ඇති වූ විට කලාතුරකින් සුදු කපුටන් බිහි වේ.
කෙසේ වුවද කපුටා කලු පාටයැයි කීවද ඌට ඇත්තේ දිළිසෙන නිල් මුසු කලු පාටකි.
(ලංකාවේ කාවන්තිස්ස රජු කලු පාට නිසා කාක වණ්ණ තිස්ස යන නම ලැබී ඇත)
ගම් කපුටා

කොළඹ කපුටා
ලංකාව වැනි ආසියානු රටවල මෙන්ම වෙනත් රට වලද කලු කපුටන් ඇත.
(සමහරක් කපුටන් කලු පාට නැත)
මේ කලු පාට කපුටන් අසුභ සතුන් ලෙස විශ්වාස කරන අතර ලංකාවේ දී කපුටන් සෙනසුරුගේ වාහනය ලෙස හඳුන්වයි.
මේ නිසාසෙනසුරු අපල වලට කපුටු දාන දෙනු ලැබේ.
කෙසේ වෙතත් කපුටා පරිසරයේ තුල්‍යතාවය රැකගැනීමට ඉතා වැදගත් පක්ෂියෙකි.
කසල මෙන්ම අල්ලා ගත හැකි ඕනෑම සතෙක් කෑමටද කපුටා සමත්ය.
විශේෂයෙන්ම ගම් කපුටා ලේනුන්, දෙමලිච්චන්, මීයන්, ගෙම්බන් ඇතුළු කුඩා සතුන් ද බිත්තර සහ කුරුළු පැටවුන් ද ආහාරයට ගනී.
එසේම මියගිය සතුන් සහ ඉදුණු පලතුරුද කපුටාගේ ආහාර වේ.
කුඩා පක්ෂීන්ට පමනක් නොව ගොදුරු පක්ෂීන් වන උකුස්සන්ට සහ රාජාලියන්ට ද කපුටාගෙන් හිරිහැර සිදු වේ,
කොළඹ කපුට සහ ගම් කපුටා යන වර්ග දෙකම මෙවන් පක්ෂීන් පසුපස සාමූහිකව හඹා යයි.
මේ අයුරින් කපුටන් බොහෝ සතුන්ට හිරිහැරයක් වුවද කපුටාට සිටින සොබාවික සතුරන් අඩුය.
මා නිරීක්ෂණය කර ඇති පරිදි නම් මහනුවර අවට නම් කුරුළුගොයා කපුටාගේ බිත්තර සහ පැටවුන් ආහාරයට ගනී.
එසේම සියලුදෙනා දන්න පරිදි ඉන්දියානු කොහා (Indian Koel - Eudynamys scolopaceus )කපුටු කූඩු තුල බිත්තර දමන අතර කොවුල් පැටවුන් කපුටු බිත්තර එළියට දමයි.
ඉන්දියානු කොහා
කෙසේ වුවද කොළබ කපුටාගේ ගහණය විශාල වූවද ගම් කපුටන් ගහණය අප ප්‍රදේශයේ නම් අඩුය.
කපුටන් කෑගසන හඬ අතීතයේ සුලබ වුවද දැන් නම් එය ඇසීමට පවා අපහසුය.
මා පසුගියදාක මාරතුගොඩ ප්‍රදේයට ගිය විට ඒ ප්‍රදේෂයේ ගැමියන් කීවේ එම ප්‍රදේශයේද කපුටන් ඉතා අඩු බවත් ඊට හේතුව දඬු ලේනන් 
(Grizzled Giant Squirrel - 
Ratufa macroura) කපුටන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් යන බවය.
(එසේම දඬු ලේනා මිනිසුන්ටද කරදරයකි, ඌ පොල් ඇඹරැල්ලා පැපොල් රඹුටන් ආදී බෝග වලට හානි කරයි)
මේ අනුව පෙනී යන්නේ පරිසර තුල්‍යතාව රැකගැනීමට දායක වන කපුටා දැන් දැන් ගම්බද පෙදෙස් වලින් අඩුවීගෙන යන බවය.
කෙසේවුවද මිනිසාගෙන් කපුටාට හානි වනවා අඩුය, කපුටා මැරීම නීතියෙන් තහනම් නැත.
එසේ වුවද ඌ ඇති කිරීමද තහනම්ය, ඒ ඌ සොරකමට පුරුදු කළ හැකි නිසාය.
කපුටා ගැන තවත් කතා ගොඩක් ඇත එහෙත් ඒ සියල්ල කීමට උගහටය.
අවසානයෙන් කිව යුත්තේ සොබාවික පරිසරයෙ සිටින සතුන් සියලුදෙනා පරිසරයට ඉතා වැදගත් හෙයින් ඔවුන් සියල්ල රැක ගැනීම වැදගත් වන බවය.
එසේම මට මේ ලිපියෙන් තවත් පණිවිඩයක් දීමට අවශ්‍යය විය,
එනම් හොඳ පරිසර නිරීක්ෂකයෙකු වීමට බොහෝ දුර බැහැර ගෙවාගෙන යාලට හෝ සිංහරාජයට යෑමට පෙර තන් වෙසෙන පරිසරය නිරීක්ෂණය කිරීමේන් බොහෝ වැදගත් හා සුන්දර දේවල් ඉගෙන ගත හැකි බවය.
එහෙයින් එවන් තැන් වලට යෑමට නොහැකි නම් දුක් නොවී අවට පරිසරය නිරීක්ෂණය කර හොඳ පාරිසරික ඇසක් සාදා ගැනීමට උත්සුඅක වන්න.
(මේ මං වගේ මාත් ඔය දෙකටම ගිහින් නෑනෙ :( :))
ගෝඩෝනියා සිලැනිකා විසින් ලියන ලදුව යොමුව පාරිසරික සඟරාවේ පලකරන ලද්දකි.

Friday, November 25, 2011

බල්ලොත් එක්ක බෑ! I don't feed stray dogs - 02


කලින් ලිපිය වූ I do NOT feed STRAY DOGS!!!! X 7 කෙරෙහි ප්‍රතිචාර දැක්වූ සමහර නමක් නැති පාඨකයන් කීවේ මෙහෙමය.
1.Anonymous said...
සහෝදරයා අර්ධ පරිසර වේදියෙක් වගේ ගස්වලට විතරයි වගේ කරුණාවන්ත කම.අනාගතයේදී ඔබ මිනිසුන් වත් වර්ග කරලා තෝරාගත් අයට පමණක් ප්‍රතිකාර කරනවද ?අපි දන්නා විදිහට සැබෑ පරිසවේදියා ශාක හා සතුන්ට ආදරය කරුණාව දක්වන්නෙක්.කුසගින්නේ සිටින සතෙකුට කෑම ටිකක් නොදෙන ලෙස බ්ලොග් අඩවි වලින් පවා ප්‍රචාරය කරන ඔබ වැන්නෝ අනාගතය්දී මිනිසුන්ට කෙලෙස සලකවිදැයි සිතා ගත හැකිය. ඔබ කාඩ්බෝඩ් පරිසර වේදියෙකි.

2.Anonymous said...
පළමු ඇනෝවා වෙමි.සතුන් නිදැල්ලේ යැවීම,නිසිකලට එන්නත් නොදීම, කුඩා පැටවුන් තැන් තැන් වල අතරමන් කිරීම සම්බන්දව ඔබ කියා ඇති කරුණු සමග එකගවෙමි මගේ විරෝදය වුවේ බල්ලන්ට කෑම නොදී සිටීම සම්බන්දව ඔබ හිපොක්‍රටීස් දිව්රීම්ද සම්බන්ද කරගෙන කර ඇති ප්‍රකාශයටය.එය බෙහෙවින් අකාරුණික දෙයක් ලෙස සිතමි.ඒගැන මගේ මතය මෙයයි.ගල් යුගයේ ජීවත් වූ ඔබෙත් මගෙත් සහ අපි සැමගේම මී මුත්තන් විසින් බල්ලන් ගෘහ ආශ්‍රිත සතෙක් බවට පත් කරන ලදී.එදා සිට ඒ ගල් යුගයේ මිනිසාගේ ජීවිතය වෙනදට වඩා පහසු වෙන්නට ඇත.එසේම මිනිස් වර්ගයාගේ සීග්‍ර දියුණුව සහ ලොව පුරා මිනිස් වර්ගයාගේ පැතිරීමටද බල්ලාගේ දායකත්වය ලැබෙන්නට ඇත.මෙසේ වෙත්දී බල්ලාට උගේ සොභාවික පුරුදු අමතකව ගියේය.ප්‍රධාන වශයෙන්ම තමාගේ ආහාර දඩයමින් හෝ සපයා ගැනීමේ හැකියාව උගෙන් ඉවත් විය.අද අපි දකින්නේ මිනිසාගේ යහපත පිණිස තමාගේ සොභාවික හැකියාවන් ඉවත් කර ගත් බලු පරපුරේ වත්මන් සාමාජිකයන්ය.ඔවුනට තමන්ගේ වනගත සගයන්ට මෙන් තනිවම අහර සපයා ගත නොහැකිය.ඒ සදහා ඔවුනට මිනිසාගේ පිහිට පැතීම හැර අන් යමක් කල නොහැකිය.අතීතයේදී අපේ පුර්වගාමින්ට අමිල සේවයක් කල මේ සතුන්ට කරුණාව දයාව දැක්වීම අපට පැවරී ඇති වගකීමකි.ඔබ සිංහරාජ වනයේ ගස් ගෙම්බන් වඳව යාම ගැන සමනලුන් වඳව යාම ගැන කරදර වෙන බව දනිමි. එසේ නම් බල්ලන් වැඩිවීම සම්බන්දවද ඔබ කරදර වීම කුහක කමක් නොවේද?මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය.අවසන් වශෙයෙන් අකාරුනිකත්වයේ පාඩම ඉගැන්වූ ඔබගේ ගුරුවරයා පිළිබඳව කණගාටු වෙමි
මුලින්ම කිව යුත්තේ මම මේ ලිපිය ලිවීමේදී බරපතල අඩුපාඩුවක් කර ඇති බවය.
එනම් අපේ ගුරුතුමා අපට කීවේ අපේ පීඨයේ සිටින දඩාවතේ යන බල්ලන්ට කෑම දෙන්න එපා යැයි කියලා පමණි.
ඔහු අපට පාරේ හෝ ගෙදරට එන දඩාවතේ යන බල්ලන්ට කන්න දෙන්න එපා යැයි නොකීවේය.
මෙයට හිපොක්‍රටීස්ගේ ප්‍රතිඥාව ගාවා ගැනීමද මා කළ තවත් වරදකි.
එය යෙදුවේ අප කියූ දෙය මහා බරපතල දෙයක් නොවූවද එය ද වැදගත් නිසාය.
එනිසා ඇනෝවා කියූ දෙයෙහි යම් සාධාරණත්වයක් ඇත, මක් නිසාද යත් ඔහුට මා කීවේ දත්ත වලින් අඩක් පමණක් වන නිසාය.
මේ වූ අඩුපාඩුවට මගේ ගුරුවරයාගෙන් මට සමාව ලැබේවා.

පළමුව අපේ පීඨයේ බල්ලන්ගෙන් මිනිසුන්ට වන කරදර ගනිමු.
1.අපට වාඩි වීමට ඇති විවෘත ශාලාව බල්ලන් ඔවුන්ගේ මූලස්ථානය කරගෙන ඇත.
ඔවුන් එහි අප කෑම කන පාඩම් කරන මේස මතත්,
අප වාඩි වෙන පුටු වලත් නිදාගනී.
මොවුන් පිරිසිදු බල්ලන් නොවන බව තේරුම් ගන්න.
2.බල්ලන් මේ ස්ථානය ඇතුළු අනෙක් සියළු ස්ථාන වල සිටිමින් පොරකන විට එය මහත් කරදරයකි
ඔවුන් දේශන ශාලා අසල පොරකන විට අපට එය බාධාවකි.
3.බල්ලන් අනවසරයෙන් දේශන ශාලා වලට ඇතුල් වීමද කරදරයකි.
4.තවද වෙලාවකට ඔවුන් එලවන විට ඔවුන් තම අයිතිය පෙන්වීමට බිරීමද ගෙරවීමද කරන අතර,
එයින් පසුව ඔවුන් අපව හැපීමට ද ඉඩ ඇ.
5.බල්ලන් පමණක් නොව පූසන් නිසාද පණු රෝග, ජලභීතිකාව, දද කුෂ්ට වැනි බොහෝ රෝග ඇති විය හැක.
6.පිළිවෙලකට තිබිය යුතු වැදගත් දෙයක් සිද්ධ වන පරිසරයක මෙවන් අපිරිසිදු හොරි හැදුන පොරකන බල්ලන් සිටීම අශෝබනය.
ඔවුන්ගේ මළ මෙන්ම ඔවුන්ද පරිසරය අපවිත්‍ර කරයි. 


මේ නිසා මේ බල්ලන් අපගේ පීඨයෙන් ඉබේටම ඉවත් කිරීමට හැරීම අප සැමගේ වගකීමකි.
බල්ලන් මැරීම, ඔවුන්ට පහරදීම හෝ වෙනත් පීඩාවක් නොකර ඔවුන්ට ආහාර නොදී ඔවුන් විසින්ම අප පීඨය හැරයෑමට ඉඩ හැරීම ඉතා සුදුසුය.
මෙහි වරදක් නැත.
ඇත්තෙන්ම මෙය ඉතා සොබාසුමිතුරු සත්ත්ව - මිනිස් ගැටළු විසඳුමකි.
නමක් නැති පාඨකයාණනි..
මම ඔබේ අදහස් වලින් සමහරකට පමණක් එකඟ නොවෙමි.
එකඟ වෙන ඒව වැඩි නිසා එකඟ නොවෙන ටික පමනක් දමමි.


"සහෝදරයා අර්ධ පරිසර වේදියෙක් වගේ ගස්වලට විතරයි වගේ කරුණාවන්ත කම.අනාගතයේදී ඔබ මිනිසුන් වත් වර්ග කරලා තෝරාගත් අයට පමණක් ප්‍රතිකාර කරනවද ?
සතෙකුට කෑම ටිකක් නොදෙන ලෙස බ්ලොග් අඩවි වලින් පවා ප්‍රචාරය කරන ඔබ වැන්නෝ අනාගතය්දී මිනිසුන්ට කෙලෙස සලකවිදැයි සිතා ගත හැකිය. ඔබ කාඩ්බෝඩ් පරිසර වේදියෙකි.
ඔබ සිංහරාජ වනයේ ගස් ගෙම්බන් වඳව යාම ගැන සමනලුන් වඳව යාම ගැන කරදර වෙන බව දනිමි. එසේ නම් බල්ලන් වැඩිවීම සම්බන්දවද ඔබ කරදර වීම කුහක කමක් නොවේද?මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය.අවසන් වශෙයෙන් අකාරුනිකත්වයේ පාඩම ඉගැන්වූ ඔබගේ ගුරුවරයා පිළිබඳව කණගාටු වෙමි"


කෙසේ වුවද මේ අදහස දත්ත අඩු වීම නිසාම වූවකැයි මම සිතමි.
ඔබගෙ නිර්භය විවේචනය මම අගය කරමි.
ඔබ සම්බන්ධ වූ ලිවීම මම මෙයින් නවතමි.
ඔබට බොහොම ස්තූතියි.

මින් ඉදිරි ලිපියට ඔබ දැක්වූ යහපත් කරුණුද ප්‍රයෝජනයට ගනිමි.
මේ අදහස් ටික මා කලින්ම ලිවීමට සිටි දෙයකි.
ඔබ කී පරිදිම බහුතරයක්ම පාරිසරික ප්‍රශ්න ඇති වී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියා නිසාය.
මේ සතුන්ට මිනිසුන් කර ඇත්තේ අපරාධයකි.
ඔවුන් ඇති කර ඔවුන් පැටවුන් දැමූ විට හන්දියක හෝ පන්සලක දමා යෑම කැත වැඩකි.
මේවා සියල්ල සමහර මිනිසුන්ගේ මෝඩ නැහැදුනු ක්‍රියා නිසා සිදුවේ.
මෙය නතර කිරීම මිනිසාගේ වගකීමකි.
බල්ලන් පමණක් නොව වෙනත් සතුන් ගැන කීමට ඇත්තේද එයමය.


දැන් බල්ලන්ට වූ අසාධාරණය පැත්තකින් තබමි.
මගේ අතේ මදුරුවෙක් කයි, ඌ ඩෙංගු රෝගය පතුරන එකෙක් බව මම හොඳින්ම දනිමි.
එහෙත් මම ඌ නොමරමි,
ඒ සතුන් මැරීම පවක් නිසාය.
එහෙත් මම "මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය."
යන මතයට මෙතැනදී විරුද්ධ වෙමි.
මදුරුවා ද සතෙකි ඌද  බෝවීමට කැමති නිසා අපි උට බෝ වීම පිණිස ගේ වටේට වතුර බාල්දි පුරවා තැබීම නොකළ යුතුය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති දේ නිසි පරිදි බැහැර කිරීම මගින් මා මෙන් සතුන් මැරීම පවක් යැයි නොසිතන කෙනෙක්ට වුව අනාගතයේ මදුරුවෙක් තැලී පොඩි වෙන ලෙස පහර දීම හෝ මදුරු කීටයන් පිරි පොල් කටුවක් පෙරලා උන් ටික මැරීමට සිදු වීමෙන් වැලකිය හැක.
මදුරුවාද බඩගින්නේ සිටින සතෙකු යැයි කියා රෑට මදුරු දැලක් නැතුව නිදා ගැනීමද මට කළ නොහැක.


දැන් මදුරුවාගේ කතාවෙන් බලු කතාවට ගත හැකි සබැඳිය බලමු.
බල්ලාට ද කෑම දීම පිනකි.
එහෙත් උට කෑම දීමට සුදුසු තැන් ඇත.
ගෙදරට හෝ අප ඉන්න ආයතනයට ඔවුන්ගෙන් කරදර නම් එතැන කෑම දීම නුසුදුසුය.
එසේ නම් මහින්ද මාමා ගේ ගෙදර ද, ගල්කිස්ස මහ හෝටලයේ ද, අම්බුළුවාවේ රජගෙදර ද,තානාපති කාර්යාල වලද, ඉස්පිරිතාල වලද උන්ට කෑම දීම කිරීම කළ හැක,
එහෙත් එය නුසුදුසුය,
ඒ නිසා එය සිදු නොකරයි.
මේ ලෙස පරිසරට එරෙහිව සමහර දේවල් කිරීමට සිදු වේ,
සතුන් ගැන පමණක් නොව ගස් ගැන ද එසේය.
සමහර තැනක ගසක් කපා පාරක් හෝ පොදු යහපතක් වෙන දෙයක් සැදීම හෝ ගෙදරක් තැනීම කිරීමේ වරදක් නැත.
(එහෙත් ඒ ගස නොකපා පුළුවන් නම් හොඳය )
එහෙත් මම අපේ රටේ හයි වේ සෑදීම, නුවර එළියේ සහ නුවර ගුවන් තොටුපල සෑදීම, වැව් වලට ප්ලේන් බෑම ආදිය අනුමත නොකරමි.
ලිපිය ලිවීමට ගෙදර ආගමන් වෙලාව වැය කළ නිසා මට මහන්සිය ඒ නිසා මම මෙය කෙටියෙන් අවසන් කරමි.
පසුව යමක් ඇත්නම් යළි ලියමි.
කෙටියෙන් මට කීමට ඇත්තේ සියළු දේ නිසි අවබෝධයකින් කළ යුතු බවය.
පරිසරය ගැන ද එසේමය,
එසේ නොකළ විට වෙන්නේ පරිසර අන්තවාදීන් හෝ පරිසර පිස්සන් බිහි වීමය.
පරිසර හානි වලට විරුද්ධ වීම ද අවබෝධයෙන් පිළිවෙලට කළ යුතුය, නැත්නම් වෙන්නේ පහත  සිදුවීම වැනි ඒවා සිදු වීමය.
මම මීට වඩා විස්තර නොකරමි.
http://latimesblogs.latimes.com/gossip/2010/09/lady-gaga-meat-dress-made-of-real-meat.html
http://www.tonic.com/p/a-brief-history-of-naked-protests/
අන්තර්ජාලයේ මඳක් සොයා බලන්න මේ මම ගැසූ සෙවුම් පදය.
Lady Gaga Beef
Green Peace Naked

මෙවන් විකාර අපේ රටට තවම ඇවිත් නැත,
ඒ ගැන සතුටුය,
බඩතඩියෙකුගේ චීන පිළිම අවබෝධයකින් තොරව තබාගෙන ලොව අසාහය පුද්ගලයෙකුට ගරහා පවු පුරවාගන්න මිනිසුන් සිටින දහමින්ම පෝෂණය වූ රටක් වූ අප රටේ මෝඪ මිනිසුන්ට මෙවන් විකාරවත් හිතට නො ඒවා!
සොබාසුමිතුරු යෝජනා:
මම ද බල්ලා පමණක් නොව වෙනත් සතුන් පවා බඩගින්නේ සිටින විට කෑම දී ඇත්තෙමි.
එමෙන්ම මම ද සතුන්ට කෑම දීම ප්‍රිය කරමි.
ඒ නිසා මම ලේනුන්ට සහ කුරුල්ලන්ට බත් කන්න ලෑල්ලක් සාදා ඇත්තෙමි.
බල්ලන්ට පූසන්ට නම් ගෙදර කෑම දීමක් සිදු නොකරමි,
එහෙත් පාරකදී හෝ වෙන තැන් වල නම් දී ඇත.
මම කූඹියන්ට පවා කෑම දීම ප්‍රිය කරමි.
මම උන්ට කෑම කෑල්ලක් දී ඔවුන් එය උස්සාගෙන යන හැටි බලා සිටීමට ප්‍රිය කරමි.
ඔබලාත් එය කර බලන්න,
එය මහත් ආශ්වාදජනක දෙයකි.

අවසාන වශයෙන් ඇනෝවාට කිසි අපහාසය කෙරුමට නොසිතූ බවත් කිසි අමනාපයක් නැති බවත් ලියා තබමි.


Top Picture: Link


Speacial Comment:
Gimhani said...
වෙදනා සමග එකඟයි. ඔහුට කියන්න උවමනා කල දේ මමනම් අවබෝද කරගත්ත කලින් ලිපියෙන්ම. ඒත් විවේචන ඕන.. පරේ ගිය බලු පැටියෙකුට කන්න දෙන්න ගිහින් උන අනුවේදනීය කතාවක් මටත් තියෙනවා. එකම බලු පැටියට මාත් ඔහුත් කන්න දුන්න. ඒත් ඔහු අද ජීවතුන් අතර නැ .. රේබීස් රෝගයෙන් මිය ගියා.. මම කන්න දාලා දුවල එනව නිතරම . ඒත් ඔහුව හපල තියනව . පොඩි බලු පැටිය කියල ගනන් අරගෙන නැ. කාටවත් කියලත් නැ.

Saturday, November 19, 2011

ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී...


ජීවිතාරක්ෂක සේවකයින්ට තවත් මළසිරුරක් විතරයි ඒක.
ඒ  භූමිකම්පාවෙන් බොහෝ ජීවිත පස් අතරේ වැලලී ගියා.
එක් කාන්තා මළසිරුරක් අනිත්වාට වෙනස් ආකාරයට තිබුණා.
හරියට වන්දනා කරනවා වගේ දණින් වැටිලා.
ඒ ඉරියවුව හරි වෙනස්, ඔවුන් හිතුවා සමහර විට ඇය තවමත් පණපිටින් කියලා,
ඒත් බිත්තියේ තිබුන පටු විවරයෙන් අත දාල ඒත්  ස්පර්ශ කරපු සහන කණ්ඩායමේ නායකයාට සීතල වෙලා දරදඬු වුන ඒ සිරුරෙ ජීවයක් නැති බව තේරුනා.
ඇයගේ හිසට සහ කොන්දට හානි වෙලා තිබුණා.

ඔවුන් ඊළඟ ගෙදරට යන්න සූදානම් වුනේ හිරවෙලා තියන ජීවිත  බේරාගන්න එක වඩා වැදගත් නිසා.
ඒත් ඔහුට නොදන්නා වූ හැඟීමක් ආවා..
ඒ නැවතත් එතන පරික්ෂා කරන්න ඕන කියලා.
ඔහු ආපහු ඇවිත් ඇයගේ මළසිරුර ළඟ දණ ගහලා ඇයගේ සිරුර යටට අත දාලා බැලුවා.
"දරුවෙක්!!! මෙතන දරුවෙක් ඉන්නවා"
ඔහු පුදුමයෙන් කෑගැහුවා....
සියලුදෙනාම එකතු වෙලා වැඩ කරා.
ඔවුන් එතන තිබුණ කැඩුණ බිඳුණ කණු ඉවත් කරා හරිම ප්‍රවේශමෙන්.
අන්තිමට ඔවුන් දරුවාව ඉවතට ගත්තා, මාස තුනක් වයස පුංචි කොලු පැටියා තවමත් සාමකාමීව සැපට නිදි.
                                                                 බේරාගත්ත දරුවා.
සහන සේවකයො වහාම දරුවව වෛද්‍යයවරයාට යොමු කළා,
ඔහු පොඩි එකාව ඔතල තිබුණ මල් රෙදි කෑල්ල දිග ඇරියා.
ඔහුට හම්බුනා ෆෝන් එකක්,
" පුතේ උඹට ජීවිතේ බේරගන්න ලැබුණොත්, උඹ මතක තියාගන්න ඕන මං උඹට ආදරෙයි කියලා"

ඒ තරුණ අම්මා කෙනෙක්ගේ ජීවිතේ අන්තිම කෙටි පණිවිඩය.
ෆෝන් එක අතින් අතට ගියා,හැම කෙනාගෙම ඇස් තෙමුණා.
අම්මෙක් තමන්ගේ එකම දරුවට කොච්චර ආදරේද, මිහි මව කම්පා වෙලා තමන්ගේ ගෙදර කඩා වැටෙනකොට, දරුවව ආරක්ෂා කරන්න ඔහුව වහගත්තෙ තමන් ඒකෙන් මැරෙනවා කියලා දැනගෙන.
එහෙමයි අම්මෙක්ගෙ ආදරේ.
මේ ඡායාරූපයට 2009 මාර්තුවේදි චීනයේ අන්තර්ජාතික පුවත්පත් ඡායාරූප තරඟයේදි රන් සම්මානයක් හිමි වුනා.
ඒ මේක ගත්ත Zou Sen  ට.
ඔහු මෙය නම් කරල තිබුණා " භූමිකම්පාව අහර මවු සෙනෙහස" කියලා.
මගේ අම්ම මේක කියවන්නෙ නැති වෙයි,
ඒත් අම්මට මං ගොඩාක් ආදරෙයි!!! 

මට මේකට වෙන කිසි දෙයක් එකතු කරන්න ඕන නෑ,
ඔබම හිතන්න.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්
-----------------------------------------------------------------
මේ ෆේස්බුක් ගිණුම වහනකොට කොපි කරගත්ත මගෙ නෝට් එකක්.
මේ ෆොටෝ එක සහ කතාව ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි.
බහුතරය ඒක දැකල ඇති.
කමක් නෑ මමත් දානවා බ්ලොගයට .


මේ හෙඩිම ලංකාවේ දක්ෂ කවියෙකුගෙ නිර්මාණයක්.
""ඔබා දෙදණ නිල් උඳු පියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට"


ඔහු මහගම සේකර.
මේ කොටස උපුටාගත්තෙ එතුමා වෙනුවෙන් සැදුණ නිල බ්ලොග් අඩවියෙන්.
(කියවලම බලන්න මේ බ්ලොගය... දුක්මුසුම තැනකුත් තිබුණා.)

ඒ අනුසාරයෙන් ගීතයක් නිමැවුනා.
ඇත්තම කියන්න මම ඒ ගීතයෙත් වැඩියෙන්ම ආස කොටස 
"ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී
ඔබා දණ බිම නැමී සිඹිනෙමි ඔබේ කිරි සුවඳයි අම්මේ"
මේක ගයන්නෙ අජිත් බණ්ඩාර.




ලීවෙ මහින්ද චන්ද්‍රසේකර සංගීතය මහේෂ දෙණිපිටියගේ.
ඒකත් පුදුමයි කවියේ සහ ගීතය යන දෙකම ලියල තියන්නෙ සේකරලා.
කොහොම වුනත් මේ කවිපෙළ සහ ගීතය යන දෙකම මගේ හිතට තදින්ම වැදුන එකක්.
මම මේ කවි පෙළ ඉස්සල්ලම දැක්කෙ ටි‍යුෂන් ක්ලාස් එකක පොතක.
මම ඒක දැකල ආයෙමත් හෙවුවා ගෙදර ඇවිත්.
පුදුම ලස්සනයි ඒක.


මට තව එකක් ලියන්න හිතුනා
ඒකත් ලියනවා...
ජෝතිපාල හොඳටම බීවා, මර්වින් පෙරේරත් බීවා,
ප්‍රේමකීර්තිත් බීවා,
මේ කලාකරුවො.
සමහර කලාකරුවෝ කියනවා "මධුවිත ගත්තම කලා සිතුවිලි පහල වෙනවා" කියලා.
මට නම් ඒක විස්වාස කොරන්ට බෑ.
පහළ වෙනව ඇති, ඒත් නිකං ඉන්නකොට ඊට වඩා පහල වෙන්න ඕන.
කොහොම වුනත් අපරාදෙ දක්ෂ මිනිස්සු නිකාන් බේබද්දෝ වෙනවා.
බීලම මැරිලත් යනවා සමහරු.
කලාකාරයෝ විතරක් නෙවේ සමහර ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා,
අපරාදෙ.



Monday, November 14, 2011

සුන්දර හග්ගල


වර්ණවත් මල් සුපිපුන මල් ගොමු දෙකකි, ඒ මැදින් සුන්දර අඩිපාරක් විහිදෙයි, මල් ගොමු හා පාර අතර හරිතවන් තණ පලසෙන් හෙබියේ වෙයි. පසෙකින් පෙනෙන  මිහිදුමින් වැසි කඳුවැටිය පිසගෙන එන සිසිල් මඳ නල ගත සිත පොබයමින් ඇදී යන්නීය.


අඩි පාර තුරු ගොමුවක් තුලින් විහිදී සුන්දර පෙදෙසකට ඇතුළු වෙයි,
එහි පර්ණාංග පිරී ඇත.

ගස් පර්ණාංග ලැගුම් ගත් කණ්ඩි ඇති සුන්දර පිවිතුරු සීතල දිය හෙමි හෙමින් ගලා යයි.
දිය පාරට උඩින් ආරුක්කු හැඩය ගත් කෙටි පාලමකි.
ඒ හරහා මීවන ගොමු මැදින් දිවෙන අඩි පාර දිවේ.

වතුරපාරේ හඬ සීතල නිසල පරිසරය හා මුහු වූ විට අතිශයින් සිත් නිවී යන පරිසරයක් බිහි වේ.
තැනින් තැන වූ ලී කොටන් මත වාඩි වී ඉසිඹු ලන විට ජිවිතය හරිම සැහැල්ලුය.
හිටිවනම හොඳින් හැඳගත් ජෝඩුවක් එතැනට පැමිණියහ,
සුන්දර යුවතිය අතේ වූ බිස්කට් පැකට්ටුවේ වූ අන්තිම එක සිය පෙම්වතාට කවා පැකට් එක විසි කළේ සුන්දර මල් පාත්තියටයි.
ඉන් පසු තණ බිස්සේ වාඩිගත් ඔවුන් ෆ්‍රයිඩ් රයිස් කෑවේ ඉතා සතුටිනි.
කෑමෙන් පසු එහි පෙට්ටිය සහ ඒවා රැගත් පොලිතින් මල්ල දමා ඔවුන් නැවතත් ඇවිද ගියෝය.
දිය පාරට උඩින් ගිය මෙවන්ම තවත් පිරිසක් දිය පාර අසල කෑම කා කෑම එකේ වූ ලන්ච් ෂීට් ටික දිය පාරට දමා අත ද එයින්ම සෝදාගෙන එතනටම වී කයියක් ගසා ගියෝය.
මුලින් කී යුවලගේ මිත්‍ර යුවල තමන්ගේ ආදරය මේ සුන්දර දිනය මතක නොවනු වස් සුන්දර ගසක හැකි උපරිම සුන්දර විදිහට ඔවුන්ගේ නම් කෙටූහ.
පසුගියදා මම විස්සවිද්දියාලයේ මිතුරන් සමග ගිය පළමු චාරිකාවෙන් නුවර එළියේ හග්ගල උද්භිද උද්‍යානය වෙත ගියෙමි.
මේ එහිදී මා දුටු සමහර දේවල් වලින් උත්තේජනය වී ලියන ලිපියකි.


මේ මා නිරීක්ෂණය කළ දෙයක් නොවේ,
එහෙත්මෙය නොවිය හැක්කක් නොවන බව මා හොඳාකාරවම දනිමි,
මක් නිසාද යත් මම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වසර 7ක් පමණ දිගු කලක් ඇසුරු කළ නිසාය.
ඇත්තෙන්ම මට හිතෙන හැටියට අපේ රටේ සමහරක් මිනිස්සුන්ට ආචාර ධර්ම කියන ජාතිය හරිම ආගන්තුකය.
දෙයක සුන්දරත්වය රසවිඳ අඩු ගානේ එය විනාස නොකර සිටීමටවත් හිත හදා ගැනීමට ඔවුන්ට නොහැක.
මට නම් මේ මිනිසුන්ගේ සිතේ සොබාවය වටහාගැනීම අපහසුය.
මේ තරම් සුන්දර තැනක් කැත කිරීමට මනුස්සයෙක්ගේ හිත යොමු වෙන්නේ කෙසේද?
මෙතන ඇත්තේ හුදෙක්ම කැත ගතියකි.


පොලිතීන් පමණක් නොව දිරාපත් වෙන දෙයක් හෝ සුන්දර පරිසරයකට ආගන්තුක ලෙස දැමූ විට එය කැතය.
උදාහරණයකට ලස්සනට පිළිවෙලට පවත්වාගෙන යන තණබිස්සකට ඔබ කෑ අඹ ගෙඩියක ඇටය දැමුවොත් හෝ එයට කෙල ගැසුවොත් එය සුන්දර දෙයක් නොවේ.


දිරා යන දෙයද බැහැර කරන නිසි පිළිවෙලක් ඇත,
නිසි තැනක් ඇත.
ලවු කිරීමට, පවුලේ උදවිය සමග ඇවිදීමට හෝ මිතුරන් සමග ඇවිදීමට මෙවන් තැනකට යාමේ කිසිදු වරදක් නොමැත.


මේ තැන් වලට ගිහින් කෑමේද වරදක් නැත.
එහෙත් මේ වගේ කැත වැඩ කිරීම වැරදිය.
මේ දේවල් වෙනවා ඔබ දුටුවහොත් එසේ කරන කෙනාට එය පහදා දෙන්න.
එය අසන්නේ නැත්නම් එහි ආරක්ෂක අංශයට දැණුම් දෙන්න.
මේ දේවල් තව තවත් වැඩි වෙන්නේ මෙවන් වැරදි වලට කටපියාගෙන සිටින නිසාය.
ඒ නිසා හැකි සෑම විටම මෙවන් දේවලට එරෙහි වන්න...
ඔබද ආදර්ශමත් වෙන්න,
උදාහරණයකට ඔබ නුවර එළියට ගොස් කෑම පර්සලයක් ගත් විට එය බහා දෙන පොලිතින් මල්ල ළඟ තබාගන්න,
කරන්නට වෙන දෙයක් නැති නිසා කෑම කා ලන්ච් ෂීට් එක කසල බඳුනකට දමන්න.
ඉන් පසුව ඔබ රෝස පැල දෙකක් ගත්තේ යැයි සිතන්න.
ඔබට සිලි බෑග් දෙකක් අවශ්‍යය, එහෙත් ඔබ සතුව දැනටමත් එකක් ඇත.
එහෙයින් ඔබට අළුතින් ගැනීමට වන්නේ එකක් පමණි.
මේ අයුරින් බලන කල ඔබ කළ ඒ පොඩි දෙයින් ඔබගේ පොලිතීන් භාවිතය 50%කින් අඩු වී ඇත.
ඔබ සමග යන මිතුරන් පස් දෙනෙකු වේ යැයි සිතන්න.
ඔවුන් පස් දෙනාද ඔබගේ කීම අසා එකඟ වී මේ දෙයම කළහොත්?
ඔබත් ඇතුළුව හය දෙනෙකු පොලිතින් මළු හයක් භාවිතා වීම වලකා ඇත.
ඔබගේ මිතුරන් පස් දෙනාත් මෙසේ කළහොත්?
සිතා බලන්න අපිට වෙනසක් කළ නොහැකිමද?
හැකි තරම් මේ පණිවිඩය මිතුරන් අතර බෙදා ගන්න.
ෆේස්බුක් ඇත්තේ ඔබ කැමති සිංදු,විහිළු කතා, පින්තූර බෙදා ගැනුමට පමණක් නොවේ,
මෙවන් පණිවිඩ ද ඔබේ මිතුරන් අතරේ බෙදා හදා ගන්න.

රටේ ලොකු ලොකු අය වැරදි කරන විට අපි මේ කරන චූටි ඒවා මොනවද?
කොහෙදැම්මත් ඕවා දිරන්නෙ නෑනෙ,
කියා සිතුවොත් මේ රට කිසිදා වෙනස් වෙන්නේ නැත.
ටික ටික හරි මේ දේවල් අපේ ජීවිත වලට බද්ධ කරගත්තොත් යම් දිනෙක බොහෝ දෙනෙකුට මේ පරිසරය රැකගත යුතු බවත්, මේ මේ වැරදි වන බවත් බඩු මිල පමණක් නොව ඒවාද අපි සිතනවාට වඩා වැදගත් බවත් තේරෙණු ඇත.
එවිට මිනිසුන් යම් දිනෙක් ඒ දේවල් ඉල්ලා හඬ නගනු ඇත.
එවිට වඩාත් සුන්දර හෙට දවසක් උදා වේවි.
මීළඟට
"I Do NOT feed STRAY DOGS X 7"
 බලාපොරොත්තු වන්න

තිරයෙන් පිටුපස කතා:
මට මේ දවස් වල පට්ට ලෙසම එපා වී ඇත්තේ කැමරාවක් නැතිකමිනි.
මම වෙබ් එකෙන් ෆොටෝ ගෙන පෝස්ට් වලට දැමීමට කැමති නැත්තේ වෙමි.
යාළුවන්ගේ සහ මගේ පැරණි ෆොටෝ භාවිතා කර මේ ලිපිය සැදුවෙමි.
එහෙත් කපල් එකක් සොයාගත් නොහැකි නිසා වෙබ් එකෙන් එකක් දැම්මෙමි.
හග්ගල ගියද මට අවශ්‍යය සමහර ෆොටෝ ගත නොහැකි විය,
මේ කතාවට අවැසි කැත වැඩ වල ෆොටෝ එසේ ගැනීමට නොහැකිව මිස්
වූ ඒවාය.
එහෙයින් මෙතන තිබෙන ෆොටෝ බහුතරයක් හග්ගල ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න.
ඉක්මනින් කැමක් ගත යුතුය.
තවද මේ සියල්ල පෙම්වතුන් කරන වැරදි ලෙස දැක්වීමට නොව කතාවේ ගලායෑම පිණිස පෙම්වතුන් දෙදෙනෙක් යොදාගත් බව කිව යුතුය.

හා ගිම්හානි අක්කා:
මගේ ඊමේල් එක
gloriosa90@gmail.com


Lovers Download Location:


පර්ණාංග = Ferns  ගස් පර්ණාංග = Tree Ferns.
ලංකාවේ ඇති සියළු ගස් පර්ණාංග "Cyathea" යන ගණයට අයත්වන අතර,විශේෂ ක් පමණ ලංකාවෙන් වාර්තා වේ.
(කියවන්න මේ ලිපිය)
ලෝකයේ ඇති එකම සරල පත්‍ර දරන ගස් පර්ණාංගය වන
Cyathea sinuata එයින් විශේෂය.
මෙය කන්නෙලිය ප්‍රදේශයේ හමු වේ.
සාමාන්‍යයෙන් සුළබම ගස් පර්ණාංගය Cyathea walkerae ය මෙය මහ ගිනිහොට ලෙස ද හඳුන්වයි.
මෙය සෑහෙන තරම් ලොකුවට එනම් 2-2.5m පමණ උසට වර්ධනය වේ,

එසේම C.crinita  නුවරඑළියේ සැලකිය යුත් ලෙස ඇත.
හග්ගල  පර්ණාංග උයනේ C.crinita C.walkerae යන දෙක පරිබාහිර සංරක්ෂණයට ලක් කර ඇත.
මාගේ දැනුමට අනුව මේවා ආයුර්වේදයේ භාවිතා වේ.
එසේම විසිතුරු ශාකයක් ලෙස ද ඕකිඩ් වගාවට ධාරකයක් ලෙස මෙහි කඳ ද භාවිතා කරයි.
මා මෙය සැකසීමට දැනුම යාවත්කාලීන කිරීමට අන්තර්ජාලය පිරික්සන විට සතුටුදායක දෙයක් හමු විය.
එනම් ආචාර්ය රනිල් රාජපක්ෂ මහතා විසින් Cyathea srilankansis ලෙස නව ගස් පර්ණාංගයක් ලංකාවෙන් හඳුනාගෙන ඇති බවය.
එවිට එයත් සමඟ ලංකාවේ මුළු ගස් පර්නාංග විශේෂ ගණන 8 දක්වාද ආවේණික ගණන 6 දක්වාද ඉහල නගී.
ගස් පර්ණාංග ලෝකයේ දැන් රජයන මල්පිපෙන ශාක වලට වඩා පරිණාමයෙන් පහළය.
එහෙත් මීට වසර ලක්ෂ ගණනකට මිලියන ගණනකට පෙර ලෝකයේ රජ කළේ මෙම ශාකයි.
මේවා ඒ කාලයේ පැවති ලෙසම දැනුදු පවතින් හෙයින් සජීවී පොසිල (Living Fossils) ලෙස හඳුන්වයි. 


තොරතුරු ගත් ලිපි


විශේෂ ස්තූතිය
නාමල් සොහොයුරාට සහ තිසර සොහොයුරාට