Saturday, November 19, 2011

ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී...


ජීවිතාරක්ෂක සේවකයින්ට තවත් මළසිරුරක් විතරයි ඒක.
ඒ  භූමිකම්පාවෙන් බොහෝ ජීවිත පස් අතරේ වැලලී ගියා.
එක් කාන්තා මළසිරුරක් අනිත්වාට වෙනස් ආකාරයට තිබුණා.
හරියට වන්දනා කරනවා වගේ දණින් වැටිලා.
ඒ ඉරියවුව හරි වෙනස්, ඔවුන් හිතුවා සමහර විට ඇය තවමත් පණපිටින් කියලා,
ඒත් බිත්තියේ තිබුන පටු විවරයෙන් අත දාල ඒත්  ස්පර්ශ කරපු සහන කණ්ඩායමේ නායකයාට සීතල වෙලා දරදඬු වුන ඒ සිරුරෙ ජීවයක් නැති බව තේරුනා.
ඇයගේ හිසට සහ කොන්දට හානි වෙලා තිබුණා.

ඔවුන් ඊළඟ ගෙදරට යන්න සූදානම් වුනේ හිරවෙලා තියන ජීවිත  බේරාගන්න එක වඩා වැදගත් නිසා.
ඒත් ඔහුට නොදන්නා වූ හැඟීමක් ආවා..
ඒ නැවතත් එතන පරික්ෂා කරන්න ඕන කියලා.
ඔහු ආපහු ඇවිත් ඇයගේ මළසිරුර ළඟ දණ ගහලා ඇයගේ සිරුර යටට අත දාලා බැලුවා.
"දරුවෙක්!!! මෙතන දරුවෙක් ඉන්නවා"
ඔහු පුදුමයෙන් කෑගැහුවා....
සියලුදෙනාම එකතු වෙලා වැඩ කරා.
ඔවුන් එතන තිබුණ කැඩුණ බිඳුණ කණු ඉවත් කරා හරිම ප්‍රවේශමෙන්.
අන්තිමට ඔවුන් දරුවාව ඉවතට ගත්තා, මාස තුනක් වයස පුංචි කොලු පැටියා තවමත් සාමකාමීව සැපට නිදි.
                                                                 බේරාගත්ත දරුවා.
සහන සේවකයො වහාම දරුවව වෛද්‍යයවරයාට යොමු කළා,
ඔහු පොඩි එකාව ඔතල තිබුණ මල් රෙදි කෑල්ල දිග ඇරියා.
ඔහුට හම්බුනා ෆෝන් එකක්,
" පුතේ උඹට ජීවිතේ බේරගන්න ලැබුණොත්, උඹ මතක තියාගන්න ඕන මං උඹට ආදරෙයි කියලා"

ඒ තරුණ අම්මා කෙනෙක්ගේ ජීවිතේ අන්තිම කෙටි පණිවිඩය.
ෆෝන් එක අතින් අතට ගියා,හැම කෙනාගෙම ඇස් තෙමුණා.
අම්මෙක් තමන්ගේ එකම දරුවට කොච්චර ආදරේද, මිහි මව කම්පා වෙලා තමන්ගේ ගෙදර කඩා වැටෙනකොට, දරුවව ආරක්ෂා කරන්න ඔහුව වහගත්තෙ තමන් ඒකෙන් මැරෙනවා කියලා දැනගෙන.
එහෙමයි අම්මෙක්ගෙ ආදරේ.
මේ ඡායාරූපයට 2009 මාර්තුවේදි චීනයේ අන්තර්ජාතික පුවත්පත් ඡායාරූප තරඟයේදි රන් සම්මානයක් හිමි වුනා.
ඒ මේක ගත්ත Zou Sen  ට.
ඔහු මෙය නම් කරල තිබුණා " භූමිකම්පාව අහර මවු සෙනෙහස" කියලා.
මගේ අම්ම මේක කියවන්නෙ නැති වෙයි,
ඒත් අම්මට මං ගොඩාක් ආදරෙයි!!! 

මට මේකට වෙන කිසි දෙයක් එකතු කරන්න ඕන නෑ,
ඔබම හිතන්න.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්
-----------------------------------------------------------------
මේ ෆේස්බුක් ගිණුම වහනකොට කොපි කරගත්ත මගෙ නෝට් එකක්.
මේ ෆොටෝ එක සහ කතාව ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි.
බහුතරය ඒක දැකල ඇති.
කමක් නෑ මමත් දානවා බ්ලොගයට .


මේ හෙඩිම ලංකාවේ දක්ෂ කවියෙකුගෙ නිර්මාණයක්.
""ඔබා දෙදණ නිල් උඳු පියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට"


ඔහු මහගම සේකර.
මේ කොටස උපුටාගත්තෙ එතුමා වෙනුවෙන් සැදුණ නිල බ්ලොග් අඩවියෙන්.
(කියවලම බලන්න මේ බ්ලොගය... දුක්මුසුම තැනකුත් තිබුණා.)

ඒ අනුසාරයෙන් ගීතයක් නිමැවුනා.
ඇත්තම කියන්න මම ඒ ගීතයෙත් වැඩියෙන්ම ආස කොටස 
"ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී
ඔබා දණ බිම නැමී සිඹිනෙමි ඔබේ කිරි සුවඳයි අම්මේ"
මේක ගයන්නෙ අජිත් බණ්ඩාර.




ලීවෙ මහින්ද චන්ද්‍රසේකර සංගීතය මහේෂ දෙණිපිටියගේ.
ඒකත් පුදුමයි කවියේ සහ ගීතය යන දෙකම ලියල තියන්නෙ සේකරලා.
කොහොම වුනත් මේ කවිපෙළ සහ ගීතය යන දෙකම මගේ හිතට තදින්ම වැදුන එකක්.
මම මේ කවි පෙළ ඉස්සල්ලම දැක්කෙ ටි‍යුෂන් ක්ලාස් එකක පොතක.
මම ඒක දැකල ආයෙමත් හෙවුවා ගෙදර ඇවිත්.
පුදුම ලස්සනයි ඒක.


මට තව එකක් ලියන්න හිතුනා
ඒකත් ලියනවා...
ජෝතිපාල හොඳටම බීවා, මර්වින් පෙරේරත් බීවා,
ප්‍රේමකීර්තිත් බීවා,
මේ කලාකරුවො.
සමහර කලාකරුවෝ කියනවා "මධුවිත ගත්තම කලා සිතුවිලි පහල වෙනවා" කියලා.
මට නම් ඒක විස්වාස කොරන්ට බෑ.
පහළ වෙනව ඇති, ඒත් නිකං ඉන්නකොට ඊට වඩා පහල වෙන්න ඕන.
කොහොම වුනත් අපරාදෙ දක්ෂ මිනිස්සු නිකාන් බේබද්දෝ වෙනවා.
බීලම මැරිලත් යනවා සමහරු.
කලාකාරයෝ විතරක් නෙවේ සමහර ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා,
අපරාදෙ.



9 comments:

  1. හුගක් සංවේදී කතාවක්...

    ReplyDelete
  2. බොහොමත්ම සංවේදී කතාවක්‌.කවදාවත් කියලවත්,ලියලවත් ඉවරකර ගන්ට බැරි දෙයක්‌ තමයි මව් සෙනෙහස.මව් සෙනෙහස සමාන කරන්ට පුලුවන් මව් සෙනෙහසටම විතරයි.

    ReplyDelete
  3. රන් සම්මනය පිදිය යුත්තෙ ඒ මවු සෙනෙහෙබර අම්මාටයි !

    ReplyDelete
  4. ඔය මධුවිත නිසා වටිනා ජීවිත කොච්චර නැතිඋනාද...නැති වෙනවද..ඒත් ඔවුන් බිහිකරපු අමරනීය නිර්මාන අදත් යහමින් බැබලෙනවා....අපරාදේ කියලා අපිට හිතුනට මේක බොන අයට තේරෙන්නේ නැති හැටි...

    ReplyDelete
  5. හරිම සංවේදී කතාවක් මිහිරි. උතුම් කියන වචනෙට සමාන වචන්යක් හොයනකොට මගේ හිතට නිතැතින්ම එන්නේ අම්මා. අම්ම කෙනෙක් ලඟ අර ඔයා කියන විදියේ ආදරයක් තියනවා. ඔය කතාවේ ඉන්න අම්මා ඔප්පු කරලා තියෙන්නෙත් ඒක.

    ReplyDelete
  6. මව් සෙනෙහස ගැන කදිම සටහන. මවක් අවසාන මොහොත වෙනකම් තම දරුවන්ට ආරාක්ශාව දෙන බවට කදිම සාක්ෂියක්. මව් සෙනෙහස තරම් අපිට කොහෙද මිහීර තවත් සෙනෙහසක් .

    ReplyDelete
  7. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  8. hmmm..api loke dakinnath kalin apiwa as 2kta nodeka apita mulu loketath wada adare karana 2k innawa,e ammai thattai.einuth amma apita dakwana senehasa pudumakarai...me ammage adare maninna minumak ne..daraka snehaya idiriye age jiwithe ayata duwililak tharam wath nodenenna athi...

    ReplyDelete
  9. ඔක්කොටම බොහොම ස්තූතියි....
    මේ ගැන ඉතින් කියන්න දෙයක් නෑ.
    මට මේ කහාව දැක්ක ගමන් පුදුම සංවේගයක් ඇති වුනේ.

    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර අයියා:
    මොකද මේ අවිනිශ්චිතාර්තයෙන් හරි බොනවා කියල දාල තියන්නෙ? :P

    ReplyDelete