Tuesday, June 28, 2011

අපිට නළු නිළියො ක්‍රීඩකයෝ ගායකයෝ ඇත්තටම ආදරේද?


"මං මගේ රසිකයොන්ට ගොඩක් ආදරෙයි"
මේක ටීවී වල අපි දකින නළු නිළියො, ගායකයෝ, ක්‍රීඩකයෝ  ගොඩක් කියන දෙයක්.
ඒත් ඇත්තටම එයාල අපිට ආදරේද?
( එහෙම අය ඉන්නවද දන්නේ නෑ)
ඒත් ඒක එහෙම නෑ,
එහෙම වුනානම් අපිට බොහොම අහිතකර දේවල් වලට මඟ පෙන්නන්නේ නෑ,
එයාල අපිට කොකා කෝලා බොන්න කියනව,
ඒත් ඒක මහා පෝෂණීය පානයක් ද?
මෙන්න බලන්න
http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola

ඔය එකක් විතරයි.එයාල අපිට ඇත්තටම ආදරේ නම් "බ්‍රා" කියල අතපය බොරුවට විසිකරලා එක එක සමාගම් වලට කඩේ යන්නේ නෑ,
ඒ වගෙම තම නිළියොත් එයාලගේ සුන්දරත්වයේ රහස ගැන කියනව,
එක එක ඒව උලල පෙන්නනව,
ඒත් එයාල කියන ඒව අමු බොරු,
ඒයල උලල පෙන්නනන් ඒව එයාල ඉපදෙනකොට තිබිලත් නෑ,
ගොඩක් අය කීවට අපි මේව කරන්නේ ජනතාවට ආදරේට කියලා,
මම නම් ඒව පිළිගන්නේ නෑ,
මොකද මම නම් ඔය මිනිස්සු කරන දෙයක් කරන්නේ සල්ලි ටිකක් හොයාගන්න,
ඒ නිසා අනවශ්‍ය විදියට එයාලට කඩේ යන්නවත්, පිස්සු වැටෙන්නවත් එපා,
බුද්ධිමත්ව තීරණ ගන්න..
ඒ මිනිස්සුන්ගේ හොඳ කලා නිර්මාණ රසවිඳින්න,,
එතනින් නවතින්න,
කඩේ යන්න එපා!

2 comments:

  1. හරියට හරි..මම ඔබ සමඟ සියයට සීයක් එකඟයි..

    ReplyDelete
  2. ඔව්....කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ...

    ReplyDelete