Saturday, February 4, 2012

භයානක වැලන්ටයින් - Dangerous Valentine

ගිහින් කියවන්න
මගේ අනික් බ්ලොග් එක,
මං හිතන්නෙ ඒක සින්ඩි වල පබ්ලිෂ් වෙන්නෙ නෑ කාලෙකින් අප්ඩේට් නොකළ නිසා,
http://invasiveplants-srilanka.blogspot.com/2012/02/dangerous-valentine.html



මේකත් දාන්නම් ඔබ හිතල බලන්න ඔබේ බුද්ධිය පාවිච්චි කරල,
මේක අනුන්ගෙ වැදගත් ලිපියක් ඊයෙ සොරි ඊයෙ කියවපු අද දිවයිනේ ලිපියක්.


අඹ නොදකින් ඇපල් රකින්....
සැපයුම් දාම කළමනාකරණ විෂය පිළිබඳ හසල දැනුමක්‌ ඇති මගේ සුන්දර මිත්රකයෙක්‌ මට පසුගිය දිනෙක අඹ සහ ඇපල් පිළිබඳ අපූරු කතාවක්‌ කීවේය.


අප දෙදෙනාගේ එදින කතා බහට නිමිත්ත වූයේ ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ගැනයි. මංගල පස්‌ පිඩැල්ල කැපුවේ වැරදි නැකතකද කියා සිතෙන තරමට දුර දිග ගිය කූඩ ප්රසශ්නය සුපුරුදු පරිදි අවසානයේදී හමාර වූයේ රටේ ජනාධිපතිවරයා ඊට මැදිහත් වීමෙන් පසුවය.


දත්ත විශ්ලේෂණයට අනුව වසරකට අපතේ යන එළවළු හා පලතුරු ප්රතමාණය මුළු නිෂ්පාදිතයෙන් 40% ක්‌ යෑයි කියෑවේ. රුපියල් වලින් කියනවා නම් එහි වටිනාකම බිලියන ගණනකි.


මේ විනාශය වළකාගත හැකි ක්රමයක්‌ වී නම් පාරිභෝගිකයා මන්දපෝෂණයෙන් බේරා ගැනීමට ඊට එහා දෙයක්‌ තවත් නැත. අඩු මිලට එළවළු හෝ පලතුරු මල්ලක්‌ යනු පොඩි මිනිසාට තවමත් සිහිනයකි.


මගේ මිත්රයාගේ අඹ සහ ඇපල් කතාව එළියට ආවේ ඉහත කී ලෙසින් දිග් ගැස්‌සුන කූඩ මාතෘකාවේදීය.


එදා ඔහු මගෙන් ඇසුවේ "ඔබ යම්කිසි දිනෙක උදැසන පිටකොටුව මැනිං මාර්කැට්‌ටුව හරහා ඇවිදගෙන යන විට අඹ ගෙඩි කීයකට පයින් ගසා තිබේද?" කියාය. ඔහුගේ පැනය අපූරු එකකි.


මම ඒ ගැන සිතා බැලුවෙමි. හොඳට ඉදුන "කර්ත කොළොම්බු" අඹ සිය ගණනින් විසිකර ඉවත දමා ඇති අයුරු මැනිං වෙළෙඳ පොළේදී ඔබද ඕනෑ තරම් දැක තිබේ යෑයි මම විශ්වාස කරමි. ඒ අඹ සියල්ලම පාහේ ප්රතවාහනයේදී තැලී පොඩිවී ගිය ඒවාය. සාමාන්යමයෙන් ඉතා හොඳ තත්ත්වයේ කර්තකොලොම්බු අඹ ගෙඩියක්‌, රුපියල් හැටපහකට හෝ හැත්තෑවකට අලෙවි කෙරේ. මගේ මිත්ර යාගේ දෙවන පැනය වූයේ ඒ අයුරින්ම මා කිසියම් දිනෙක ඇපැල් ගෙඩි කීයකට පයින් ගසා තිබේද? කියාය. සැබැවින්ම ඒ පැනය මගේ "බොක්‌කටම" වැදුණේය. මේ දක්‌වා කිසිම දිනෙක මා මෙන්ම ඔබද ඇපල් ගෙඩියකට පයින් ගැසීමේ අවස්‌ථාව උදාකරගෙන නැති බව සත්යපයකි.


සම්පූර්ණයෙන්ම කියවන්න:
http://www.divaina.com/2012/02/05/feature07.html





Friday, February 3, 2012

වඩේ - Sympothy



පැහැදිළිය ඔහුගෙ ඇස් අතේ වෙයි වඩයක්...
සරසවිය තුල හමුව ඇසුවේය පැණයක්,
"කොහෙන්ද ගන්නෙ මේ කැම්පස් එකට ඇප්ලිකේෂන්"
විස්තර කරෙමි ඒවා මෙහි නැති වග,
හැකිය ගන්නට විජිත යාපාවෙන්,
"මොනවගෙන්ද A/L කරේ?"
"Arts, B3යි"
"කොහෙන්ද කරේ?"
"නුවරින්ම තමා"
ඔහු ගියා තුති පුදා,
සම ඇඳුම් ඇදි මිතුරා සමඟ
ලාබ කලිසම ද බටා ද පැළඳ
ගියෝය ඔවුන් වඩය කමින්
මම ද ගියෙමි පසෙකින් 
ගලහ හන්දියට.

මේ සිදුවීම ඇත්තටම අද වුන දෙයක්,
මට හරි දුක හිතුනා,
මේ තරුණයෝ දෙන්නා දෙමළ,
(මගේ දෙමළ ඉගෙන ගැනීමත් දැන් හරියට වෙන් නෑ වැඩිය කතා කරන්න වෙලාවක් නෑ අපරාදෙ හිතුනා)
මේ තරුණය අහපු එක පුදුමයි,
මොකද මේ ගැන නොදන්න ළමයි අඩුයි,
ඒත් හිතෙන්නෙ ඇත්ත කියල,
මොකද ඒ ළමයගෙ මූනේ බොරු කියන පාටක් තිබුන් නෑ,
මට හරි දුක හිතුනා,
මොකද කවදාවත් මේ වගේ අඩු රිසල්ට් එකකින් ආට් කරලා නුවරින් කැම්පස් යන්න බෑ නුවරින් තියා දුෂ්කර පළාතකින්වත් යන්න බැරි වෙයි,
මේ ළමයා ඒ ගැනවත් දන්නෙ නෑ (පුදුමයි!!!)
ඒත් ඉතින් පව්,
මං කීවා UGC එකේ පොත තාම ඇවිත් නැතුව ඇති,
විජිත යාපා එකෙන් ඕඩර් කරන්න කියල,
ම්කද මේ Z Score ප්‍රශ්නෙ නිසා තවම පොත් දාල නැතුව ඇති කියල,
ඒත් ඉතින් ගෙදර ඇවිත් අම්මට කීවම තමා දන්නෙ,
පොත් දාලා කියල විකුණන්ට,
රටේ හැටි තමා,
ඕවා ගැන කතා කරල වැඩක් නෑ ඉතින්,
මේ වගේ දුක හිතෙන ඒවා ගොඩක් වුනා මේ දවස් දෙකේ,

ඊයෙ මහ රෑ 12ට පැදුර ඉවරවෙලා යාළුවෙක්ගෙ බෝඩිමට යනකොට
පේරාදෙණියෙ ටවුන් එකේ RDA එකේ කම්කරුවො වැඩකරනවා,
මට පුදුම දුකයි,
ඇයි මේ අසාධාරණේ?
හරියට එළියක්වත් නැතුව වැඩ...
ලෝකෙ හැටි ඔහොමතමා කියල හිත හදාගන්න වෙන්නේ,
-----------------------------------------------------------------------------

දැන් නම් බරපතල වැඩ ඇති වසර පහේ සිර දඬුවමේ රස දැනීගෙන එනවා,
ඒ නිසා සොබාව ගැන ලියන්න නැති එක ගැන දුකයි,
මට ගොඩක් දේවල් ගැන දකින්න අහන්න ලැබෙනවා,
මගේ අළුත් අයිඩියා එකක් තියනවා,
බලමු ඒකට හොන්ද ජාදුවක් හෝ අයිපොඩ් වගේ එකක් ඕන,
ඒත් ඉතින් එහෙම එකක් සහ කාලය කියන දෙකම නෑ,
බලමු,


බ්ලොග් ප්‍රමෝ 
Green Movement Blog
The blog provides a platform to share and discuss events and issues related to environment and development of Sri Lanka. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
 මේක ගැන කලින් කියල තියනවා,
ඒත් ඉතින් මිනිස්සුන්ට මේක ෆලෝ කරන්න බෑ වගේ,
සමහරවිට හිතෙනවා ඇති,
"අපි මොනව කරන්නද මේ පරිසර ප්‍රශ්න වලට?" කියල.
කමක් නෑ,
මං ආය මතක් කරනවා,
ගොසිප් නිව්ස් බලන්න කාලය වැය කරනව නම් ඔබ..
නළු නිලියොන්ගෙ ඕපාදූප හොයනවනම්,
මේ වගේ දේකටත් ඔබේ වටිනා කාලයෙන් ටිකක් වෙන් කරන්න,
මොකද එතකොට ඔබටත් හිතෙයි සොබාව වෙනුවෙන් දෙයක් කරන්න,
මේක වටිනා ප්‍රවෘති සපයන බ්ලොග් එකක්.

Tuesday, January 31, 2012

Don't Read this --- මහන්සියි මහන්සියි - I'm tired...



මහන්සියි මහන්සියි
එහෙත් වැඩ  බොහෝමයි
ඇඟ පතත් දැන් රිදෙයි
දොයියන්ට තිබුනොත් ෂෝයි

අනේ ඇත්තට අපේ ගෙවී යන ජීවිතේ
උදේ ඇහැරී හනික දුවන් යන ජීවිතේ
පොත පතේ මාවතේ ගෙවී යන ජීවිතේ
කවදාක නම් සැපක් ලබන්නද ජීවිතේ

කනව බොනවා වැඩත් කරනවා විටින් විට
ඒ අතර අනුන් හා කියවන්නෙ නිතර කට
ඉගෙන ගෙන ඉවර වී යන කලට මෙයින් පිට
පරණ ජීවිතයේම පෙරළේවි අළුත් පිට


ආය බෑ ලියන්නට කොන්ද මගෙ රිදෙනවා
කම්මැලියි අප්ප මට ඇල වෙන්න හිතෙනවා
එහෙමනං ඔන්න මං ගියා ඇලවෙන්න
කීවානෙ කලින් මම එපා මෙය කියවන්න..


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Saturday, January 28, 2012

අතීතය සිහිවී මං තිරිහන් විය - Atmosphere makes me young.....





කාලෙකට පස්සෙ නුවර ගියා,
දැන් ඉතින් ටවුන් එකට යන්න වෙන්නෙ නෑනෙ වෙනද වගේ,
උදේ 8ට පටන් ගත්තම ලෙක්චර් ඉවරවෙන්නෙ 4.15ට,
ඉතින් ඉක්මනට දුවගෙන ගෙදර එන්න ඕන,
අද කාලෙකින් නුවර ගියා,
ඒ කැම්පස් එකේ පැදුරට ප්‍රැක්ටිස් කරන්න,
(ඒත් ඉතින් මම පුදුම බයෙන් ඉන්නේ ෆවුන්ඩේෂන් මොඩියුල් එක ගැන,
අප්‍රේල් 2 එක්සෑම්)
මොනව වුනත් මගේ සංසාර පුරුද්දක් ද කොහෙද මගෙ හිත ඉක්මනට ඇවිස්සෙනවා,
මගේ හිතේ වැරැද්දක් ද මංදා,
මේ සොබාව හරි පුදුමයි,
මගේ හිතට අතීතයේ මතක ගේනවා,
හිත අතීතයට දුවන් යනවා,
මගෙ ජීවිතේ තවම කොටයි,
ගොඩක් අත්දැකීම් නෑ,
මෙතෙක් කල් ගෙවපු ජීවිතේ වරදක් නෑ,
සුන්දර මතක ටිකක් තියනවා,
මට අද මතක් වුනා අපේ කෑම්ප් එක,
ඒ කියන්නෙ අපේ වාර්ෂික ගවේෂණ කඳවුර...
මම පොඩි එකා කාලෙ ඉඳලම ගියපු එකනෙ,
මම එතකොටත් හරි ආසාවෙන් හිටියෙ,
මට මතකයි මම කෑම්ප් ගිහින් ඇවිත් කියපු හැටි ගෙදර අයට ඒ අත්දැකීම,
පස්සෙ මමත් YES එකට සම්බන්ධ වුනාට පස්සෙ දිගටම කෑම්ප් ගියා,
අපි ඔක්කොටම කාලෙකට කැලෑ පිස්සුව තද වෙනවා,
අහස ලස්සන් වෙනකොට,
අව්ව සනීපෙට රස්නියට දැනෙනකොට,
ගස් වැල් කොලපාට වෙනකොට,
සංවහන ධාරා උඩනගිනකොට හිතට අමුතු ගතියක් එනවා,
"මචං කෑම්ප් එකක් කරන්න ආසයි!"
අපි එකිනෙකාට කියාගන්නවා,
මේ පාර කෑම්ප් එකක් කරොත් යන්න හමෙබ්යිද දන්නෙ නෑ මේ වැඩත් එක්ක,
අපෙ කෑම්ප් එක ගොඩක් වැදගත් දෙයක් වුනා කියල මට හිතෙනවා,
මොකද මමත් මේ වයිල්ඩ් ලයිෆ් ගැන දේවල් ඉගෙන ගත්තෙ ඒකෙන්,
දැනටත් කොහෙන් හරි වයිල්ඩ් ලයිෆ් වලට සම්බන්ධ මනුස්සයෙක් හම්බුනොත් කොහෙන් හරි YES එකට සම්බන්ධ වෙලා තියනවා ගොඩක් වෙලාවට.
ඉතින් මම ඒකට හැමදාම ස්තූති කරනවා එකට.
අපෙ බ්ලොග් ලෝකයෙස් ප්‍රසිද්ධ Buzz Radio ප්‍රියා අයියත් සර්පයො ගැන ලියල තිබ්බ මං දන්නෙ නෑ එයා අපේ සංගමයට සම්බන්ධයි කියල,
ඒත් නිකමට බැලුවම එයත් අපෙ සංගමේට සම්බන්ධ වෙලා ඉඳල තියනවා.
ඉතින් මං හිතුවා නිකමට මට මතක් වුන නිසා මේ ෆොටෝ ටිකක් දාන්න.ඊට අමතරව මේ ෆොටෝ ටිකත් දාන්නම්,
මේව හම්බුනේ අහම්බෙන් වෙබ් එකේ මොකක් හරි හොයනකොට,
ආහ් ගම්මිරිස් ගැන හොයනකොට,
මේ වගේ ෆොටෝ බලන්න මම හරිම කැමතියි,
අමුතු ගුප්ත බවක් දැනෙනවා,
ජීවිතේ කොච්චර පුදුම ද?
සමහරවිට මේවගෙ ඔබත් ඇති,
අහම්බෙන් හම්බුන මේ ෆොටෝ වල තවත් අහම්බයක් වුනා,
ඒ තමා මගේ ගිටාර් සර් මේ ෆොටෝ එකක හිටිය සර්ට පෙන්නන්න ඕන,
බලන්න ජීවිතේ හැටි,
සමහරවිට මේ ෆොටෝ වල ඉන්න මිනිස්සු මැරිලත් ඇති,
මේකෙ ඉන්න අළුත් බැඳපු ජෝඩුව දැන් බැඳලා අවුරුදු 16ක් වෙනවා,
ඒ වගේම මේකෙ ඉන්න පොඩි ළමයි දැන් ලොකු එවුං,
මේ පොල් ගස් මදින්න දැන් ඉන්නවද මංදා,
මේ ලව් කරන කපල් එක දැන් බැඳල ඇති,
ඉස්කෝලෙ ගිය ළමයි දැන් ලොකු ඇති,
මේ ගොයම් හිටවන ගෑනු කෙනා දැන් මොනව කරනව ඇත් ද?
සමහර විට මේ විදේශිකයා නුවර ආපු වෙලාවේ අපෙ මැරුණ ලොකු අම්මවත් දකින්න ඇති,
මේ අය නුවර ඉන්නකොට මම ගෙදරට වෙලා අම්ම ඉස්කෝලෙ ඇරිල එනකං ඉන්න බලාන ඉන්න ඇති,
ඔහොමයි ජීවිතේ හැටි...
මේ ෆොටෝ ඔක්කොම ටික බලන්න කැමති නම්,
මේවගෙ අයිතිකරුවා Konstantin Milenkovic මහත්මයා.
මම ඔහුට ස්තූති කරා මේ දේවල් එකතු කරගෙන ඉඳන් අන්තර්ජාලෙට එකතු කරාට.









Me:
Hello Mr Milenovic,
I'm from Sri Lanka,
I met with your photos suddenly in web,
They are so nice,
I love old pictures,
specially because I was born in 1990, it's a uncaught beauty of past,
I enjoyed your photos a lot....
Thanks for uploading them,
I'll write about them in my website,

Mr Konstantin Milenkovic : 
Great to hear from you. I did the fotos on a 3 weeks journey through your Island in 1994, which I enjoyed very much. Since that time a lot must have changed in your country. Isn't it that nice any more?
Best Regards
Konstantin

Me:
Do you remember Kandy?
I'm from Kandy,
Yes of course, it’s changed as rest of the world,
Now more urbanized,
More dirt, More Polythene & more plastic etc,
Life style is more complex,
That’s why I like old pics, when you were here I was just 4,
So it’s a curious and magical experience to me,
It’s also a new country to me which is never reachable again,
Thank you for sharing your pics with us, they are so valuable to us….
myideasgordoniaceylanica.blogspot.com/
This is my blog You can see two pics of kandy now,
Mountain Hanthana and Kandy lake.
Thanks,
May you live long…… (Ayubowan)

සොලොස් වසකට පෙර  නුවර
දුටුව විට මට
හැඟේ මායා බවද ගුප්තව,
නොදුටු ඒ රට
නොහැක මට එහි යෑමට,
මා සිඟිතිය එවිට,
කාලය ඉක්ම ඇත යලි එය යළි නොම හැරේ,
විදෙස් මිනිසා ගත් මලේ සේයා
තවම නොපරය
දිළේ රතුවන් ලෙසින් තාමත්
දිය නානා කතුන්ද
ජංගියක් ඇඳි සිඟිත්තිය
ඉරුණු කර ඇති ඇගේ අක්කා
මොවුන් අද නැත
කුමක් වුනිද ඔවුන් හට?
හිරුද ගිළුණා
දහස් ගණනින්
දිනද මාස ද ඉක්මුනා,
අහෝ අරුමෙකි ජීවිතය නම්
හැමදාම අතීතයට යයි....
---------------------------------------------------------------------------

The Mountain


මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ,
ඔයාලම බලන්න...
කොච්චර ලස්සන ද මේ ලොකේ?
ඒත් මිනිස්සු තණ්හාව නිසා මේ ලෝකෙ වනසනවා...
අපෙ රටත් දවසින් දවස විනාස වෙනවා,
ඔබට මතක නම් හිතල බලන්න දැන් ජීවිත සංකීර්ණ වෙලා තියන හැටි,
1994 ඉදන් අවුරුදු 16ක් ගෙවිල දැන්,
හිතන්න අපෙ රටේ සමාජයට සහ පරිසරයට වුන දේවල්,
ඔබටම වුන දේවල්,
සමහර විට ඒ ඔබේ සුන්දරම කාලෙ වෙන්න ඇති මගේ වගේ...
අපි මේ සුන්දර ලෝකය රැකගන්න බලමු...
ඉතින් පුළුවන් නම් ඔබේ වටිනා කාලයෙන් විනාඩි තුනක් වැය කරල මේ වීඩියෝව බලන්න...
ඒ වගේම බලන්න අර ෆොටෝ වල 1994 දි ලංකාවේ මාළු ඔතල දීලා තියන්නෙ මොනවගෙද කියල...
හිතන්න ගොඩක් දේවල් තියනව ඒ ෆොටෝ වල ජීවිතය ගැන...
සහ පරිසරය ගැන,
පොලිතින් ප්ලාස්ටික් ටොන් කීයක් නම් එකතු වෙන්න ඇති ද?
අනේ අපෙ රට දුකයි මට...
ඒත් ඉතින් ජීවිතේ කොහොමත් දුකයිනෙ... මේවා අමතර දුක්...

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Friday, January 20, 2012

...තේරුමක් තේරුම් ගන්න...

ළා නිල් පාටින් අඳුරු කළ බසයේ පිටුපස වීදුරුවෙන් ඈතින් වූ හන්තාන කඳුවැටිය පෙනෙයි,
A-9 මාර්ගයේ වූ ඝාතන දාමයෙන් බේරුන මාර ගස් පාරට ඉහලූ කුඩ වැනිය,
වාතලය පාළුය ඉහලින් වූ අහස ඈතට දිවෙයි,
වාහන ද වීදුරුවට උඩින් ඇති බට ද ලයිට් සහ ටෙලිපෝන් කම්බි ද මේ දසුනට බාධා කරයි.
මම හිටගෙන පාර දෙස බලා සිටිමි,
බසයේ පිටුපස වම් කොනේ කෙසඟ මිනිසෙකි,
ඔහු කළුයඔහුගේ ඔඩොක්කුවේ ලොකු ට්‍රැවලින් බෑගයකිඔහු ළඟ තව මල්ලක් ද වේ,
මේ සියල්ලට උඩින් වූ ඔහුගේ රළු අතැඟිලි ජංගම දුකෙහි යතුරු ඔබයි,
මම ජනේලයෙන් එළිය බලමි,
මා පිඟා ඔය පෙනේ මිනිස්සු බළළුන් වසුරු සඟවන්නාක් මෙන් සැඟවූ කුණු ද මාණා ද පසු කරමි මගේ දාර්ශන පථය ඉදිරියට යයි,
දොරෙන් පාර බැලූ විට මහ පාර ද පසු පස්සට දුවයි,
මම තවම ඉදිරියට යමි,
අර මිනිසා ජංගමයෙන් කාට දෝ කතා කරයි,
මිනිසා විසින් දූෂණය කළ පිඟා ඔයේ වූ උණ බම්බු පාලම් ළඟ එකතු වූ කුණු ගොඩවල් කොතරම් කැත ද?
අනේ මේ පරිසරය කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද ඉස්සර?

අයියාගේ යාළුවෙක් බස් එකට නැංගේය,
ඔහු ලස්සන කොල්ලෙකි,
හිත හොඳය ඒත් මත් වතුර දුම් ඔහුගේ ජීවිතය වෙනස් කර ඇත,
ඔහුගේ ගමේ වූ පණුවා ව ද මට මතක් විය,
පණුව මගේ කුඩා කළ මිතුරෙකි,
අනුරාධ නම් වූ ඔහුගේ නම පණුරාධ ද පසුව පණුවා බවටද පත් වුනේ මාගේ දක්ෂතාවෙනි,
ඔහුද ඉහත කී ලෙසම විනාස විය,
දැන් ඔහු කොහේදැයි ඔහු සමඟ එකට සිගරට් බිවු අයියාගේ යාළුවා ද නොදනී,
මට මහත් දුකක් උපදී,
"මචං මේ ෂර්ට් එක ලස්සනයි"
"උඹට ඕන දමං දෙන්නම්"
සති කිහිපයකට පසු වුව ඔහුගේ ගෙදර ගිය විට පිළිවලට නවා තිබූ ෂර්ට් එක මට ලැබෙයි,
"මං ආය ඇන්දෙ නෑ ඒකඋඹට දෙන්න ඕනනේ" 
මා ඉස්කෝලෙන් අස් වී ගිය පසු ඒ ඉස්කෝලේ මිතුරන් අතුරින් බේබද්දන් නොවී බේරුණේ දික්කුවා පමණි.
අද බස් හෝල්ට් එක දුටු දිනේෂ් ද බොනයෙක් වූ බව මා අසා ඇත්තෙමි,
ඔහුට මා හඳුනා ගත නොහැකි විය,
මමද ඔහුට කතා නොකළෙමි.
පණුවා ද දිනේෂ් ද ඉතා අහිංසක එවුන්ව සිටි කලක් තිබිණි,
අද ඔවුන් වෙනස් වී ඇත.
නාට්ටාද යම් කලක ඒ ඉස්කෝලයෙන් අස්වී උසස් පෙළ සමත්ව E-ෆැක් එකට විත් සිටී.

මම අත්තම්මා බැලීමට ගොස් ගෙදර එමින් සිටිමි,
ඇය දැන් වියපත්ය,
ඇයට මා කුමක් කරන්නේ දැයි එක්වරම මතකයට නො එයි,
යළිත් ඒමට පෙර ඇයව වැළඳ ගත් විට ඇයට එය මතක් වී තිබිණි,
එයද අප ඇයට කී නිසාය,
ඇය හඬයි, "මං මැරෙන්න කලින්  බෙහෙත් ටිකක්...."
මම ඊට කලින් වෙදෙක් වෙයි ද නොදනිමි,
මට කුඩා කළ සිහිවෙයි,
අත්තම්මා වැඩියෙන්ම ආදරේ කළ මුනුබුරා මම වෙමි, ඒ ඇයට පුළුවන් කාලේ ඈ සමග වැඩුන අන්තිම මුනුබුරා මා නිසාය,
මා කුඩා කාලේ ඈ සමග සිටි හැටිත්,
ඊට ලොකු කාලයේ මා ඉස්කෝලේ ඇරී එන විට ඈ මට කෑම දුන් හැටිත්,
මා අත්තම්ම ළඟ නිදා ගත් හැටිත් මට සිහිවෙයි,
තවම නැගිට තමන්ගේ වැඩ තනියම කරගත්ත ද ඈ දැන් වයසය,
මා ඇය අතැර ආවෙමි,
මගේ පාසල් කාලයෙන් එක් පරිච්ඡේදයක් ගෙවී ගියේ මෙහිය,
ඉස්කෝලේ ඇරී කොකා සහ සහන් සමග පයින් ආ හැටි,
පසුව කොකා මගේ හොඳ මිතුරෙක් වූ හැටි,
ඒ ගමේ තිබූ කන්දට නැග්ග හැටි,
එහිදී ලොකු ගිරවෙක් හම්බුන හැටි,
(මේ ගිරවා මගේ ද කොකා ගේද අත හැපූ අතර කොකාගේ පළපුරුද්ද නිසා ඌ නතර වුනේ කොකාගේ ගෙදරය)
මාළු ඇල්ලූ හැටි,
පැනි පෙරූ හැටි,
කොකාගේ පැනි උපදෙස්
අයියෝ කොයිතරම් විකාර ද?
මතක් වෙනකොට හිනා යයි,
ලිටරේචර් පන්තිය කියල වැඩක් නැත,
කොකාගේ තාත්තා මිය ගොස් ඇත මම එය දන්නේ බොහෝ කලකට පසුය,
ඒ මං දැන් ඒ පැත්තේ නොයන නිසාය,
කොකා ද බේබද්දෙක් නොවී බේරුනි,
මට ඔහු ගැන සතුටුය හොඳට ඉගෙන නොගත්තත් ඒ දේවල් වලට ඇබ්බැහි නොවූවෙකි ඔහු.
මම අත්තම්මා බලා එක් බසයක ඇවිත් අනිකට නැගීමට බස් හෝල්ට් එක දෙසට යමි.
මට ඉස්සර මතක් විය,
උදෑසන ද සන්ධ්‍යාව ද ඉතා සුන්දරය,
ඉර අහස වර්ණවත් කරයි,
උදේට ඉර ගිනි බෝලයක් ලෙස හුන්නස්ගිරිය ලඟ දිළෙයි.
බසය දිගටම ගමන් කරයි,කෙසඟ මිනිසා බැස යයි,
අයියාගේ යාළුවා බැස ගියේ ඊට කලින්ය,
මම දිගටම යමි.
පිඟා ඔය මිනිසා විසින් දූෂණය කර ඇති අයූරු තවත් හොඳට පෙනේ,
කුණු ඇති වතුර ගලන එය බෙහෙවින් නොගැඹුරුය,
අතීතයේ මේ හරියේ ද යක් එරබඳු මල් පිරි සුන්දර පෙදෙසක් වෙන්නට ඇත,
තවමත් පිඟා ඔය බේරා ගත හැක,
එහෙත් ඒ ගැන වද වෙන්නේ කවුද?
එහෙත් අද...

මම ගමනාන්තයට ළංවී සිටිමි,
පන්සලට හැරෙන තැන ගෙදර බල්ලෙක් ගැට ගසා සිටී,
ඌ දුක්ඛිත ලෙස බලා සිටී,
මිනිසා ද දම්වැලෙන් ගැට ගැසූ බල්ලෙක් මෙනි,
එක එක තැන් වලට ගොස් නැවත එයි,
එහෙට යයි මෙහෙට යයි,
එහෙත් කණුවෙන් මිදීමක් නැත,
බල්ලා අසල වූ සේපාලිකා ගසේ මල් නැත,
මම පාපූරුවට බැස බෙල් එක ගැසීමී,

අත්තම්මාගේ උඩම පින්තූරය ගත් මගේ ඥාතිසොයුරු ශංකර් වර්මාට මගේ ස්තූතිය.
-----------------------------------------------------------------

Heavenly Shades of Night are Falling as day is done....
මා මේ ගීතය ගැන වැඩිය දන්නේ නැත,
මෙයද ඇසූ වනම මා සිත් ගත් ගීතයකි,
පළමුව ඇසුවේ  X-ෆයිල්ස් එපිසෝඩ් එකකිනි,
එහි ඇත්තේ ඒ.අයි ගැනය,
මේ ගීතයේ හොඳින් ගැබ්ව ඇති ආදරය සහ ගොම්මන් කාලය ගැන හැඟීම ඒ කතාවට හොඳින් ගැලපේ,
ගීතය වොයිස් හාමනි වලින් ලස්සනට හැඩ වී ඇත ගායකයා ද ඉතා හැඟීම්බරව ගයයි.
එය ෆැන්ටසියක් වුවද මා ඒ එපිසෝඩයට තවමත් කැමති වීමට හේතුව මේ ගීතය වන්නට බැරි නැත,
මේ ගීතයට ඇති  කැමැත්ත කොතෙක් ද යත් මා බ්‍රෝඩ් බෑන්ඩ් ගත්තු අළුතම අන්තර්ජාලයෙන් සෙවූ ගීත අතර මෙය ඇත,

මෙය ඇමරිකානු ගීතයකි,
50-60 දශක වල එකක් වන්නට ඇත,
මම එය හරියට දන්නේ නැත,
දන්නේ "Twilight Time - Platters" කියා පමණි,
කෙසේ වුව ද සිංදුව සහ වචන ලස්සන නිසා මා මේ ගීතයට හරිම කැමතිය,
ඔබත අසා බලන්න,
Heavenly shades of night are falling
It's twilight time
Out of the mist your voice is calling
It's twilight time
When purple colored curtains
Mark the end of the day
I hear you my dear at twilight time

Deepening shadows gather splendor
As day is done
Fingers of night will soon surrender
The setting sun
I count the moments darling
Till you're here with me
Together at last at twilight time

Here in the after-glow of day
We keep our rendez-vous beneath the blue
Here in the sweet and same old way
I fall in love again as I did then

Deep in the dark your kiss will thrill me
Like days of old
Lighting the spark of love that fills me
With dreams untold
Each day I pray for evening just
To be with you
Together at last at twilight time
Together at last at twilight time
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Monday, January 16, 2012

ඔබා මාමාට උපහාරයක් - Tribute To Uncle Observer...


මට පේන්නෙ ළඟදි ලියන්න වෙන්නෙ නැති වෙයි වගේ සොබාසුමිතුරු ටැග් එක දාන්න වෙන පෝස්ට් එකක්.
මේකයි සීන් එක, සමහරු නම් දැකල ඇති මොකද්ද මේ කියල,
නිධාන කතාවෙන්ම පටන් ගමුකො.

ඔබා මාමා ඉස්සල්ලම කීවා 
"පුතා බැරිද වයිපරේ ඔන් කරන්න අපි වගේ නාකින්ට කියවන්ට අමාරුයි"කියල.
පස්සෙ කට්ටිය දෙතුන්දෙනා කීවා වයිපර් ඔන් කරන්න කියල,
අන්තිමේට මට ඇඳුම් මාරු කරල එපා වෙනකම් මාරු කරා.
ඒත් හරි ගියේ නෑ,
eg:ObserverOct 23, 2011 08:56 PM
අද නං පෝස්ට් එක කියෝල ඉවර වුනාට පස්සෙ, වතුර බිංදු මතු වුනේ
(මුලම එක හෙව්වා හම්බුන් නෑ )
අන්තිමට ටෙම්ප්ලේට් එකම වෙනස් කරා.
ඊට පස්සෙ සමහරු කීවා ඔච්චර දවස් කමෙන්ට් කරේ නැත්තෙ වතුර බින්දුත් එක්ක තියන තරහට කියල,
යන්තම් මම අර ගෑණු දෙන්නෙක් ඉන්න ගමරාලට වුන වැඩේ වගේ කරගන්නෙ නැතුව කොහොම හරි ජාමෙ බේරා ගත්ත.
දැන් තියන බැක්ග්‍රවුන්ඩ් එක නම් අවුලක් නෑ වගේ,
කට්ටියම හොඳයි කීවා,
ඔබා මාමත්  හොඳයි  කීවා.

ඔන්න ඒ කතාව ඉවරයි,
ඊළඟට අද උදේ වුන සීන් එක,
මට තියනවා උණක් මගේම ඒවා පාවිච්චි කරන්න,
ඔය වතුර බිංදු ප්‍රශ්නෙ වුනත් ඇති වුනේ ඒක නිසා,
මොකද මට ඕන කරේ බැක්ග්‍රවුන්ඩ් එකට කොහොම හරි මංම ගහපු ෆොටෝ එකක් දාන්න,
ඉතින් ඒක කරාට පස්සෙ තමා ඔය අවුල ආවේ,
ආයෙත් ට්‍රැක් පැන්න නේද...
කොහොම හරි අද උදේ මට හිතුන ක්‍රෝම් එකේ තීම් එක වෙනස් කරන්න,
මට හිතුනා "අඩේ අප්පා මේකටත් බැරි වෙයිද මගේම ෆොටෝ එකක් දාගන්න???" කියල.
ඉතින් ඒ ගැටළුවට උත්තර සෙවීමේ ප්‍රයත්නයේදී තමා මේක හම්බුනේ,
තීම් හදන වෙබ් සයිට් එකක්,
(කකා මාමගෙ බ්ලොග් එක දැනුම් සාගරේ වුනා වගේ මගේ එක ටෙක්නිකල් බ්ලොග් එකක් වෙයිද මංදා හෙහ් හෙහ්)
 ChromeTheme.net
මෙන්න සයිට් එක මේකට ගිහින් ඔයාලට පුළුවන් තමන් කැමති ෆොටෝ දාලා ක්‍රෝම් තීම් එකක් හදාගන්න,
හදාගෙන ඉවරවෙලා ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්,
එහෙම නැත්තං එතන්දිම දාගන්නත් පුළුවන්,
ඉතින් ඔහොම හදපු ඒවාගෙන් පලවෙනියටම හදල ඉවරකරපු එක තමා,
මුලින්ම හදන්න ට්‍රයි කරේ පෙරසේම වතුර බිංදු සහිත එකක් ඒත් ඒක ඉවර කරගන්න බැරි වුනා.
ඉතින් කොහොම හරි උඩ එක ඉවර කළාම යට එක හදාගත්ත,
ඒකට දාපු නම තමා
ග්‍රීන් තීම්; ට්‍රිබියුටෙ ටු ඕල්ඩ් අන්කල්; මිස්ටර් ඔබ්සවර්
ඔය උඩම ඉන්නෙ අන්කල් ඔබා හෙවත් ඔබා මාමා,
(ආහ් ඔබා මාමෙ කොහොමද ලංකාවෙ රෝස? මගෙ ජනේලෙ ගාවේ තියන්නෙ උඩ බලන්න)
දැකල නැත්තං බලාගන්න (ගෝඩෝනියා බ්ලොග් ප්‍රමෝ :))
නාකි වුනත් නිකං කොල්ලා වගේ,
මේ දවස් වල අමුතුම හීනයක් දකිනවා වගේ,
ලෙඩක් හදාගන්න,
චූටි ළමයි බලන්න එපා.

බයි ද වේ මට මේ ෆොටෝ එක දැක්කම මතක් වෙන්නෙ ලංකාවෙ පළවෙනි ටෙලි ඩ්‍රාමා එකේ හිටපු අර දෙමල සුපිරින්ටෙන්ඩන්ට්ගෙ මූණ (රාජා මහත්තයා?).
මම හරි ආසාවෙන් බලපු ටෙලියක්,
හරිම ලස්සනයි,
සංගීතය මර්වින් පෙරේරා ගෙ,
ලිව්වෙ සහ අධ්‍යක්ෂණය කරේ මං හිතන්නෙ දයා ද අල්විස්,
මේක ඒ කාලෙ ජාති අතර සුහදතාවය ඇහි කරන්නද කොහෙද හදපු එකක්,
මොකද දෙමල කැරක්ටර් වගේම දෙමල සබ් ටයිටල්ත් තිබුන,
මම මේකට ආස කරේ වැඩියෙන්ම මේකෙ තියන පරණ ගතියට,
අනික ඒකේ තිබුන ගැමි කමට,
අනික අර ජැකී චෑන්ගෙ මූවි වල වගේ මේකෙ අන්තිම පාට් එකේ හදනකොට වෙන අනතුරු දාල තිබුනා,
රාජා මහත්තයා (=ඔබා මාමා වගේ කෙනා) මේට් බයිසිකලයක් රූරූං ගාන්න ඇක්සලරේට් කරල විසි වෙන එකක්.
ඒකාලේ මේවා පෙන්නනකොට මැජික් වගේ තියෙන්න ඇති නේ ද?
කොහොමත් දැන් යන විකාර වලට වඩා මේක නියමයි.
විශේෂ දැනුම්දීම: මා මේ ටෙලිය බැලුවේ දැනට වසර කීපයකට කලින් රිපීට් ටෙලිකාස්ට් කළ නිසා බව කරුණාවෙන් සලකන්න.


ඉතින් අන්තිමට කියන්න තියන්නෙ කැමති අය මගේ තීම් එක දාගන්න.
කැමති නැත්තං එපා,
කැමති අය කැමති විදිහට අළුත් තීම් හදාගන්න,
මම තව දෙකක් තුනක් හදලා දාන්න ඕන :)
එසේ නම් මෙතැන් පටන් මේ නව ක්‍රෝම් තීම් මගේ බ්ලොගයේ පාඨක පාඨිකාවන්ට භාවිතය සඳහා ජනසතු කරන ලදි!

විශේෂයෙන්ම මට උදව් කළ නම නොදන්න දන්න සියළු පාඨක පාඨිකාවන්ට ද,
ඊටත් වඩා මේ බ්ලොගය කියවා වැදගත් යමක් ජීවිතයට එක් කරගත් සැම දෙනාටද මේ තීම් උපහාර වේවා!
(තනි කෙනෙකුට උපහාර දීමට වඩා බොහෝ දෙනෙකුට පිදුම බොහෝ විට සාර්ථකය! :))
ස්තූතියි.
Tribute To Uncle Observer
I Love Kandy

Save The Nature of Sri Lanka
මේ ඒක නෙවේ මොකද හිතන්නේ කට්ටිය මේ පිස්සු ඇනෝලා ගැන?

මම ඇනෝ බ්ලොක් කරපු එක ගැන?
ලොකු පුතා අයියා කියන එක ඇත්ත වග නම් දන්නවා මං.

[ඔබා මාමාට යම් අපහාසයක් වුනා නම් සමාවෙන්න,
මොකද මෝඩ ඇනෝලා නිසා අපිට විහිළුවක් වත් කරන්න බෑනෙ :)]
තව ඉතින් මේ තීම් එක බලල හොඳ නම් කියල යන්න. 
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com